Sri Somananda Dharma Vidyalaya

Sri Somananda Dharma Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Somananda Dharma Vidyalaya, Religious school, Sri Somananda Dharma Vidyalaya, Siddamulla.

දැනට ළමුන් දහසකට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබන සිද්දමුල්ල ශ්‍රී සෝමානන්ද ධර්ම විද්‍යාලය ප්‍රදේශයේ කීර්තිමත් ධර්ම ආයතනයකි. අපේ දහම් පාසලේ වර්ෂ 1971 අවුරුද්දේ ජනවාරි 01 වන දින ශ්‍රී සංඝාරාම දහම් පාසල නමින් ගමේ නම යොදා විශ්‍රාමලත් විදුහල්පති, ධර්මාචාර්‍ය ටී.ඩී.ඇම් ගුණරත්න මහතා විසින් මෙම දහම් පාසල විහාරස්ථානයට යාබදව ඇති මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලයේ ආරම්භ කරන ලදී. ධර්මාචාර්‍ය ටී.ඩී.ඇම් ගුණරත්න මහතා එ

වකට විදුහල්පති විය. උප විදුහල්පති ලෙස කටයුතු කලේ කේ.ඩී.සිරිපාල මහතාය. ගමේ ළමයින් විශාල පිරිසක් දහම් දැනුම ලබාගත් මෙම පාසල රට තුල පැවති අර්බුදකාරී තත්වයන් නිසා සිසු දරුවන්ගේ පැමිණීම අඩු වුණි. ඉන් පසු පාසලේ තිබුණු දහම්පාසල යාබදව පිහිට තිබෙන ශ්‍රී සංඝාරාම විහාරස්ථානයේ බණ මඩුවේ පිහිටුවා නැවත ආරම්භ කරන ලදී. එයට මුල් වී ඇත්තේ අප ගුරු දේව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධම්ම මහා සංඝ සභාවේ අනු නායක පදවියෙන් පිදුම් ලැබූ ගරු කටයුතු කිරැලපනේ ශ්‍රී සෝමානන්ද අනු නාහිමියන් සහ ගමේ වැඩිහිටි දායක දායිකාවන්ය.
ශිෂ්‍ය පිරිස දිනෙන් දින අධික වූ බැවින් නව ගොඩනැගිල්ලක අවශ්‍යතාව මතු වුයෙන් සංඝාරාම පුරාණ විහාරස්ථානය ඉදිරියේ පන්සලට අයත් ඉඩම් කැබැල්ලක රුපියල් ලක්ෂ පනස් අටක් පමණ වැය කර දෙමහල් ගොඩනැගිල්ලක් සකස් කරන ලදී. දහම් පාසලට කිරුලපනේ ශ්‍රී සෝමානන්ද දහම් පාසල නමින් නම් කර 2006 ජනවාරි මස විවෘත කරන ලදී. ඉන්පසු ක්‍රමවත්ව මෙන්ම විධිමත්ව මෙම පාසල පවත්වාගෙන යන ලදී.
අනු නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු එහි විදුහල්පති තනතුර සඳහා ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පුජ්‍ය සිද්දමුල්ලේ විමල ස්වාමින්වහන්සේ තෝරා පත් කෙරුනි. ඉන් අනතුරුව නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස එන්.සී.එම්.ඒ අත්තනායක මහත්මිය පත්කරන ලදී. සිද්දමුල්ලේ ශ්‍රී සංඝාරාම පුරාණ විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරන රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පුජ්‍ය බ්‍රාහ්මණගම මුදිත ස්වාමින්වහන්සේගේ පුර්ණ අනුශාසකත්වයෙන් මෙන්ම ගුරුභවතුන් හා දෙමාපියන්ගේ සහයෝගයෙන් දැනට මෙම දහම් පාසල පවත්වාගෙන යනු ලැබේ.

ඔබ සැමට ආරාධනා !
22/06/2024

ඔබ සැමට ආරාධනා !

2020 වර්ෂය ආරම්භ කරමින් අප ධර්ම විද්‍යාලයේ පවත්වන ලද පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන්වහන්සේගේ සජීවී ධර්ම දේශනාව බෞද්ධයා ගුව...
12/01/2020

2020 වර්ෂය ආරම්භ කරමින් අප ධර්ම විද්‍යාලයේ පවත්වන ලද පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන්වහන්සේගේ සජීවී ධර්ම දේශනාව බෞද්ධයා ගුවන්විදුලිය වෙනුවෙන් පටිගත කිරීම 2020/01/12 දින පැවැත්විය.......

සෝමානන්ද ධර්ම විද්‍යාලයේ දුවා දරුවන් සදහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සදහා 2019.11.02 දින පැවැත්වූ වන්දනා ගී දැහැන ප්‍ර...
02/11/2019

සෝමානන්ද ධර්ම විද්‍යාලයේ දුවා දරුවන් සදහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සදහා 2019.11.02 දින පැවැත්වූ වන්දනා ගී දැහැන ප්‍රසංගයේ විශේෂ අවස්ථා....

මෙම අවස්ථාව අති සාර්ථක කර ගැනීම සදහා වෙහෙස මහන්සි වූ සියලුම දෙනාට හා ටිකට්පතක් ලබා ගැනීමේ සිට උදව් උපකාර කල සියලුම දෙනාට ධර්ම විද්‍යාලය වෙනුවෙන් පුන්‍යයානුමොදනා සිදුකරන අතර මේ සදහා සහභාගි වූ විශාරද චන්දන මධුරසිංහ මහතා ප්‍රමුඛ වාද්‍ය වෘන්දයත් ජේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතාටමත් විශාරද නිර්මලා රණතුංග මහත්මියත් විශාරද දයාන් විතරණ මහතාත් ගෞරවනීයව සිහිපත් කරමු.

කොළඹ ඔරියන්ට් සිංහ සමාජයේ මග පෙන්වීමෙන් ආචාර්ය විජේකෝන් මහතාගේ සම්බන්ධීකරණයෙන් දේව් කුමාර් මහතාගේ සම්පූර්ණ මූල්‍ය අනුග්‍...
29/09/2019

කොළඹ ඔරියන්ට් සිංහ සමාජයේ මග පෙන්වීමෙන් ආචාර්ය විජේකෝන් මහතාගේ සම්බන්ධීකරණයෙන් දේව් කුමාර් මහතාගේ සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය යටතේ සෝමානන්ද ධර්ම විද්‍යාලයේ සියලු පහසුකම් වලින් සමන්විත කරන ලද පලමු මහලේ අංග සම්පූර්ණ කරණ ලද සිවිලිම 2019.09.29 වන දින සිසු අයිතියට පත්කරන ලදී.
මේ සදහා රැපියල් ලක්ෂ 6ක පමණ සම්පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරමින් මෙම අඩුපාඩුවක්ව පැවැති මෙය අප වෙත තිළිණ කල දේව් කුමාර් මහතාට අපගේ ගෞරවනීය ආචාරය හා පුන්‍යයානුමොදනා කරමු.

27/05/2018

ශ්‍රී සෝමානන්ද ධර්ම විද්‍යාලය මඟින් සංවිධානය කල මව්පිය වන්දනා 2018 වැඩ සටහනේ විශේෂ අවස්ථා.

Address

Sri Somananda Dharma Vidyalaya
Siddamulla

Opening Hours

07:30 - 12:00

Telephone

0113034220

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Somananda Dharma Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share