06/02/2023
Micro Learning (සූක්ෂම ඉගෙනුම) පිළිබඳ එක් දින වැඩමුළුව
Micro Learning යනු විවේචනාත්මක පුහුණුව හෝ ඉගෙනුම් අන්තර්ගතය කුඩා, කෙටි පාඩම් වලට කැඩීමේ ආකාරයකි. එය කෙටි කාලයක් තුළ රැකියා සම්බන්ධ නව කුසලතා හෝ තොරතුරු සෘජුවම ඉගෙන ගැනීමට ඉක්මන් සහ පහසු මාර්ගයක් ඉගෙන ගන්නන්ට සපයයි. එබැවින් මෙම ක්‍රමවේදය ආයතනික පුහුණුකරුවන්ට, පාඨමාලා නිර්මාණය කරන වෘත්තිකයන්ට සහ ගුරුවරුන්ට තම කාර්යය ඉතාමත් පහසු කරයි.
මෙම ක්‍රමවේදය හැට දශකයේ සිට ආරම්භ වූ අද වන විට ලොව පුරා ව්‍යාපාරික සහ අධ්‍යාපනික ක්ෂෙත්‍රයන්හි ඉතා බහුලව භාවිතා වන සාර්ථක ක්‍රමවේදයකි.
මෙහි ඇති ලොකුම වාසිය නම් අද ඉගෙන ගන්නන්ට අවශ්‍යව ඇති කෙටි කාලීන අවධානයේ අභියෝගයට මුහුණ දීමේ හැකියාවයි. ඔබ කොපමණ රසවත්ව අන්තර්ගතය නිර්මාණය කළත්, ඔබේ ඉගෙන ගන්නන් පැය කිහිපයකට වඩා දිගු පාඩම් වෙත අවධානය යොමු කිරීම අපහසුවේ.
සමස්තයක් වශයෙන්, සූක්ෂම ඉගෙනීම තුලින් පුහුණු අන්තර්ගතය පුද්ගලබද්ධ ලෙස සකස් කර පහසුවෙන් මතකයේ තැන්පත්කරයි, ඉගෙනුම් ක්‍රියාවලිය සරල කරයි සහ ඉගෙන ගන්නන් සඳහා එය නම්‍යශීලී කරයි.
එමෙන්ම මෙය ජංගම දුරකතන හිතකාමී කිරීම මඟින් සේවකයින්ට පහසු වන පරිදි ගමනේ දී ඉගෙනීම ද සක්‍රීය කරයි.
මෙය වාග් නියුරෝන ක්‍රමවේදයේ එන ශිල්ප ක්‍රම හා මුසු කිරීමෙන් සාර්ථක හා නවමු ලෙස සකසා ඇති අතර ඔබගේ පුහුණුවලදී හෝ අධ්‍යයන කටයුතු වලදී යොදා ගත හැකි ක්‍රියාකාරකම් රැසකින්ද යුක්ත වේ.
මෙම වැඩසටහන අවසානයේ වටිිනා සහභාගිත්ව සහතික පත්‍රයක්ද හිමිවේ.
ලියාපදිංචිය සඳහා 0724404485 අංකයට ඔබගේ නම සමග ML හෝ micro යන වචනය වට්ස්ඇප් හෝ SMS කරන්න.
මාර්ගගත පුහුණු සැසි ද පැවැත්වෙන බැවින් ඒ සඳහා ද කාලවේලාව වෙන් කරගත හැක.
මෙහෙයවීම
ගයනා පියසේන
අධ්‍යාපන හා පරිගණක ක්ෂෙත්‍රයේ සුදුසුකම්ලත් පුහුණු ක්ෂෙත්‍රයේ සහ වෘත්තීය මාර්ගෝපදේශන ක්ෂෙත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද සහිත උපදේශිකාවකි.