ET Panthiya - Dulanja Rusiru

ET Panthiya - Dulanja Rusiru

Share

කෝඩුකාර තාරුණ්‍යයේ හිතුවක්කාර ET පංතිය ...

21/04/2026
21/04/2026

🔴දවසට පැය 5ක් වැඩ කරමු ET වලට,

🔴මාස 2න් පාඩම් 17ම සම්පූර්ණ තියරිත් ඉගෙනගෙන පාඩම් 17 Lesson Paper 34ත් කරලා,
Mind Map Tutes 17ත් කරලා,
Workbook 34ත් කරන්න පුලුවන්.

🔴ඊලඟ මාස 2 Full Papers 25 කරලා Final Cut එකත් දෙපාරක් බැලුවනම් A එක Easy Game එකක් පුතා 😘

🔰2026 ET කරන ඔයාට මේක නිධානයක්🔰
අන්තිම මාස 4 වැඩ කරන්න ඕනි මෙන්න මෙහෙම.
ඔයා දැන් 0 හිටියත් මාස 4 A එකකට හොඳටම ඇති.

Contact -:

https://wa.link/lnsypq පුතේ Join වෙන්න ඕන අය මේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න , normal calls වලින් නිතරම සම්බන්ධ වෙන්න අපහසු නිසා අනිවාර්යෙන්ම WhatsApp කරන්න .

WhatsApp:-

076 410 4803 ( Hasitha )

074 394 6332 (Customer Support)

0774542552 (දුලංජ සර්)

https://www.youtube.com/


02/04/2026

සුබ උපන්දිනක් වේවා Dulanja Rusiru සර්..💐😍
සියලු වැඩ කටයුතු සිතන පතන ආකාරයටම සාර්ථක වේවා..💐


21/03/2026

සීලිං ෆෑන් එකක අපි කවුරුත් නොදකින පැත්ත...see more

21/03/2026

හාඩ්වෙයාර් එකට ගියේ ඉදිකිරීම් වැඩකට වැලි එකක් ගන්න.
මිස්ල තුන්දෙනෙක් පේලියට ඉන්නවා පරිගණක තුනක් තියාගෙන A.C. කාමරේක.

"වැලි එකක් ගන්න පුළුවන්ද මිස් ?"

"පුළුවන්. සර්ට මොන වගේ වැඩකටද ?"

"කොන්ක්‍රීට් එකකට."

"එහෙනම් ගොරෝසු වැල්ලෙන් දෙන්නම්."

"කොහොමද ගණන් ?"

"ලොරි ලෝඩ් එකක් නම් 22000/= යි , කියුබ් එකක් නම් 26000/= යි."

"මට කියුබ් එකක් එවන්න."

කියුබ් එකකට සල්ලි බැඳලා මම ගියා. පැය එක හමාරකින් විතර වැලි එක ආවා.

ලෝඩ් එක බාන්න කලින් කම්බි කූරක් ගහල උස මැන්නා. බෑවට පස්සෙ ලොරියෙ තට්ටුව මැන්නා. ගණන් හදල බැලුවම තියෙන්නෙ ඝන අඩි 80 යි.

"ඩ්‍රයිවර් උන්නැහේ මෙතන කියුබ් එකක් නැහැනෙ."

"මං දන්නෑ සර් , ලොකු මහත්තයා කියපු ප්‍රමාණෙ තමයි පටවගෙන ආවෙ."

"ලොකු මහත්තයගෙ ටෙලිෆෝන් අංකෙ මට දෙන්න."

"077 # # # # # # #"

ගත්තා කෝල් එකක් මුදලාලිට.

"මහත්මයා දැන් ගෙනාපු වැලි ලෝඩ් එකේ කියුබ් එකක් නැහැනෙ."

"ඔයා කොහොමද එහෙම කියන්නෙ ?"

"මම Quantity Surveyor කෙනෙක්. මං මැනලයි කියන්නෙ."

"ඔයාට වැලි එක එපා නම් හරවල එවන්න."

"වැලි එක බාල ඉවරනෙ. මගේ සල්ලි දීලා ඔයා
වැලි එක පටවගෙන යන්න. නැත්නම් මගෙන් වැඩියෙන් ගනිපු 5200/= දීලා ලොරිය අරගෙන යන්න. මම ගේට්ටුව ලොක් කරල තියෙන්නෙ. දෙකෙන් එකක් කරනකල් ගේට්ටුව අරින්නෙ නෑ."

මුදලාලි කියනවා "මම පොලීසියට යනවා."

"ඕන පොලීසියකට යන්න." මම කිව්වා.

ටික වෙලාවකින් ඩ්‍රයිවර්ගෙ ෆෝන් එකට ඇමතුමක් ආවා මුදලාලිගෙන්.

ඩ්‍රයිවර් , "මෙන්න සර් 5200/= . ගේට්ටුව අරින්න මට ලොරිය අරන් යන්න."

"බොහොම හොඳයි ඩ්‍රයිවර් උන්නැහේ."

මෙවැනි හොරකම් වංචාවල් අද රටේ කොතෙක් සිදුවෙනවා ඇද්ද ?

🤔🤔🤔

පසුව ලියමි.

වැලි මැණගන්නා ක්‍රමය.
===================

වැලි එක බාන්න කලින් කම්බිකූරක් ගසා වැලි ප්‍රමාණයේ උස මැණගන්න. තුන් හතර පලකින් උස අරන් එහි සාමාන්‍ය අගය ගන්න පුළුවන් නම් වඩාත් සාධාරණයි. වැලි ලෝඩ් එක බෑවට පස්සෙ තට්ටුවේ ඇතුලත දිග සහ පළල මණින්න. දිග x පළල x උස = ඝන අඩි ප්‍රමාණය. ( ඝන අඩි 100ක් කියුබ් එකයි.)

අඩි සහ අඟල් දශම වලින් ගණනය කිරීම අපහසු නම් අඟල් වලින් මැණ , එය ගුණ කිරීමෙන් පසු 1728 න් බෙදන්න. එවිට ඝන අඩි ප්‍රමාණය ලැබේ.

උපුටාගැනීමකි..

Want your school to be the top-listed School/college in Ruwanwella?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Anguruwella
Ruwanwella
71300