13/06/2022
පොසොන් සැමරුවට පොසොන් පොහොය ගැන නොදන්න අයත් ඉන්නවා.මේ ඒ අයට සහ දන්න අයටත් නොදන්න තවත් දේ දැනගන්න වීඩියෝවක්😊පහත ලින්ක් එක මත ක්ලික් කරන්න 👇
පොසොන් අසිරිය ලක්දිවට කියාපාන මිහින්තලය,මහින්දාගමනය | Some facts about Mihintale and Mahindagamana
විඩියෝවෙහි අන්තර්ගතය _ බෞද්ධ හැමෝම ඉහළින්ම සමරණ උතුම්ම පොහෝ දිනයක් තමයි මේ පොසොන් පොහොය කියන්නේ. පොසොන් පෝය කියප.....
03/10/2021
දරදඩු පාලකයෙක් උන ඇඩෝල්ෆ් හිට්ලර් පිලිබදව ඔබ නොදත් කරුණු 06ක්.
හිට්ලර් මැරුණද?
ප්‍රංශයේ කැසිනෝ හලක වැඩ කරේ හිට්ලර්ද?
ඇඩොල්ෆ් හිට්ලර් ගැන ඔබ කිසිදා නොඇසූ කරුණු 06ක් | 06 Things You Never Heard About Adolf Hi**er
අද විඩියෝවෙහි අන්තර්ගතය _ ඇඩොල්ෆ් හිට්ලර් ගැන ඔබ කිසිදා නොඇසූ කරුණු 06ක් | 06 Things You Never Heard About Adolf Hi**er මේ ගැනයි යාලුවනේ මම අද ව.....
30/09/2021
ක්‍රිකට් ක්‍රීඩාවේදී තරගකරුවන් මෙල්ල කිරීමට භාවිතාකරපු සුපිරිම ක්‍රමය.ස්ලෙජින්❤️. ස්ලෙජින් කරල තරගය වෙනස් කරපු සුපිරිම ස්ලෙජින් 05 හ. මෙහි අංක එක රැදී ඇත්තෙ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු මෙන්ම ලොව හොදම කඩුලු රකින්න වන කුමාර් සංගක්කාර මහත්මයාය.
ලින්ක් -
වැඩිය හිතට ගත්තොත් වරදින ක්‍රිකට් ලොවේ ස්ලෙජින්|Moments when the world's cricketers were embarrassed
විඩියෝවෙහි අන්තර්ගතය _ ක්‍රිකට් කිවුවම ජීවිතේම ක්‍රිකට් වුන පිරිසක් අපේ රටෙත් ඉන්නවා. ඉතින් මම අද විඩියෝ එකෙන් ඔ.....
13/09/2021
Gd morning! everyone
🚢 ලොව විශාලතම බහාලුම් වරාය වන චීනයේ ෂැංහයි වරාය. විශාලත්වය අතින් සහ කාර්‍ය බහුලම බහාලුම් වරායන් දහයෙන්, නවයක්ම පිහිටා තිබෙන්නේ ආසියාවේ .. 🙂🙂
.lk
13/09/2021
මේ තමයි ස්භාදහම ..
මුන් ඔක්කොම යළුවෝ....
13/09/2021
රාවනා ස ගේ දඩුමොණරේ සමහර විට අර Spellbinder එකේ වගේ පැරලල් World එකකට දොරක් ව්ෘර්ත වෙලා වෙන ලෝකයක හිරවෙලා තියෙනවා වෙන්නත් පුළුවන්, නේත. 🥴🥴
12/09/2021
ලෝකය පුරා තියෙන අරුම පුදුම ඩිස්නිලන්ත
මායාකාරී ඩිස්නිලන්තය ගැන රසබර වැදගත් තොරතුරු
ඩිස්නිලන්තයක් කියන්නෙ ලංකාවෙ අපිට ටිකක් අලුත් මාතෘකාවක්. එනිසා ඔන්න ඒ ගැන නොදන්න අයට පුළුවන් ඩිස්නිලන්තය ගැන අදහසක් ගන්න මේ ලිපිය කියවලා. සරලවම කිව්වොත් ඩිස්නිලන්තයක් කියන්නෙ ඇත්තටම පුංචි ලෝකයක් වගේ. සංචාරක ආකර්ෂණය දිනාගන්න ඉහළම ස්ථානයක්. ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටලා තියෙන The Walt Disney ආයතනය යටතේ තමයි මේ The Happiest Place on Earth එහෙමත් නැත්තම් ලෝකයේ සතුටුදායකම ස්ථානය විදිහට හැඳින්වෙන Disney World කියන Theme Parks ක්‍රියාත්මක වෙන්නෙ.
අද මේ කියන්න යන්නෙ ලෝකය පුරා තැන් තැන්වල පිහිටලා තියෙන ඩිස්නිලන්ත ගැන තොරතුරු. කලින් ලිපිය කියවල බලලා යන්න ආස හිතුනොතින් මේ ඩිස්නිලන්ත තියෙන තැන් ගැනත් දැනගෙනම ඉන්න එපායැ නේද? කොහොමහරි ලෝකය පුරා විවිධ රටවල මේ ඩිස්නිලන්ත 6ක් පිහිටලා තියෙනව. ඒවා ගැන විස්තර වගේම හරිම ඩිස්නිලන්තයක් නොවුණත් නුදුරේදීම ලංකාවේ හදන්න යන දකුණු ආසියාවේ මුල්ම ඩිස්නිලන්තයත් එක්ක ඔන්න ඔක්කොම ඩිස්නිලන්ත 7ක් ගැන තොරතුරු මේ ලිපියෙන් කියවන්න ඔයාලට පුළුවන්.
1. Walt Disney World Resort
මේක අනිත් ඩිස්නිලන්ඩ්ස් වගේ Disneyland Resort එකක් නොවුණට මේ Disney World Resort එකෙත් සම්පූර්ණ හිමිකාරීත්වය දරන්නෙ Walt Disney ආයතනය. Disney theme parks අතරින් ප්‍රසිද්ධම පාර්ක් එකක් වෙන මේ Disney World එක පිහිටල තියෙන්නෙ ඇමරිකාවේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඕර්ලන්ඩෝ කියන නගරයේ. මේ පාර්ක් එක විවෘත කරල තියෙන්නෙ 1971 ඔක්තෝම්බර් පළමුවෙනිදා. මේ ඩිස්නිවර්ල්ඩ් රිසෝර්ට් එක Magic Kingdom, Animal Kingdom, Epcot, Disney Hollywood Studio සහ Water Parks විදිහට කොටස් 5කින් සමන්විත වෙනවා. ඒ වගේම පාර්ක් එකේ විනෝදයෙන් දවස ගතකරලා අවසානයේ සැහැල්ලුවෙන් විවේක ගන්න පුළුවන් සුපිරි පහසුකම් සහිත හෝටල් කිහිපයකුත් මේ Disney World එක ඇතුළේ දකින්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ රස කෑම වර්ග රස බලන්න පුළුවන් භෝජනශාලා එහෙමත් අඩුවක් නැතුව මේ ඩිස්නි වර්ල්ඩ් එක ඇතුළේ දකින්න පුළුවන්.
2. Disneyland Resort
මේක තමා සියළුම Disneylands අතරේ ප්‍රධානම ඒ කියන්නෙ original ම ඩිස්නිලන්තය. ඒ වගේම ඉතාම පැරණිම සහ විශාලතම ඩිස්නිලන්තයක් විදිහටත් මේ Disneyland Resort එක සැළකෙනවා. පිහිටල තියෙන්නෙ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ. විනෝදාංග වගේම මේ ඩිස්නිලන්තය ඇතුළෙත් විවිධ හෝටල් සහ භෝජනශාලාත් ඇතුළත් වෙනවා. සංචාරකයො වැඩි වශයෙන් එන, සෙනඟ වැඩි කාලයන් මඟඇරලා ගියෝතින් මේ ඩිස්නිලන්තය පුරා නිදහසේ ඇවිදලා විනෝදවෙන ගමන් විශ්මලන්තයේ ඇලිස් වගේ අපේ පුංචිකාලය ලස්සන කරපු පොත්පත්වල ලස්සන චරිත මුණගැහෙන්නත් ඔවුන් එක්ක නිදහසේ ලස්සන පින්තූර ගන්නත් පුළුවන්.
3. Disneyland Resort Paris
ප්‍රංශයේ පැරිස් නුවර කියන්නෙ ආදරයේ නගරයනේ. පැරීසිය කිව්වම අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ ප්‍රසිද්ධ අයිෆල් කුළුණ. හැබැයි පැරීසිය ප්‍රසිද්ධ අයිෆල් කුළුණටම විතරක් නෙමෙයි. පැරීසියේ ඩිස්නිලන්තය කියන්නෙත් සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනාගත්ත ස්ථානයක්. අනිත් ඩිස්නිලන්ත වගේම විනෝදවෙන අතරේ Cinderella, Snow White වගේ ලස්සන ඩිස්නි චරිත මුණගැහිලා පින්තූර ගන්නත් එයාල එක්ක සතුටුවෙන්නත් ඒ වගේම හොඳ ආහාරපාන රසවිඳින්නත් මේ පැරීසියේ ඩිස්නිලන්තයේදිත් පුළුවන්.
4. Tokyo Disneyland Resort and Disney Sea
මේ ඩිස්නිලන්තය පිහිටල තියෙන්නෙ ජපානයේ ටෝකියෝ නගරයේ. ලෝකයේ තුන්වෙනියට වැඩිපුරම සෙනඟ යන එන ඩිස්නි පාර්ක් එක විදිහට සැලකෙන්නෙත් මේ Tokyo Disneyland එක තමයි. ඒ වගේම 1983 වර්ෂයේ විවෘත කරපු මේ ඩිස්නිලන්තය කැලිෆෝර්නියාවේ original ඩිස්නිලන්තයටත් වඩා ප්‍රමාණයෙන් විශාලයි. ඩිස්නිලන්තයට අමතරව ඩිස්නි මුහුදත් එක්ක විවිධ විදිහට සකස් කරපු වරායන් නිසා මේ ඩිස්නි මුහුද විනෝදාත්මක වගේම අධ්‍යාපනික වටිනාකමකිනුත් යුක්තයි. ඒ වගේම ජපානයට ආවේණික කැරෝකි සංදර්ශන වගේම විවිධ අහාරපානත් මේ ටෝකියෝ ඩිස්නිලන්තයේදී දකින්න පුළුවන්.
5. Hong Kong Disneyland
මේ ඩිස්නිලන්තය ආරම්භ කෙරෙන්නෙ 2005 වර්ෂයේදී. මේ ඩිස්නිලන්තයේ විශේෂත්වය තමා චීනයේ සම්ප්‍රදායික අංග එක්කම චීන ෆෙන්ශුයි අංගයනුත් යොදාගෙන සකස්කර තිබීම. ධනාත්මක ශක්තිය නිර්මාණය කරන්න සම්ප්‍රදායික ෆෙන්ශුයි ශාස්ත්‍රික ක්‍රම උපයෝගී කරගෙන තියෙනවා දකින්න පුළුවන්. ඉතින් මේ අරුම පුදුම චීන සම්ප්‍රදායික ශාස්ත්‍රයන්ට සම්බන්ධ කාරණා දැකගන්න වගේම පරිපූර්ණ ඩිස්නිලන්ත අත්දැකීමක් විඳගන්නත් අපූරු තැනක් තමයි චීනයේ පිහිටලා තියෙන මේ හොංකොං ඩිස්නිලන්තය.
6. Shanghai Disneyland Resort
2015 වර්ෂයේදී 6 වෙනි ඩිස්නිලන්තය විදිහට තමයි මේ ශැන්ග්හයි ඩිස්නිලන්තය ආරම්භ වෙන්නෙ. මේ ශැන්ග්හයි ඩිස්නිලන්තයේත් චීනයට ආවේණික බොහෝ දේවල් දකින්න පුළුවන්. ප්‍රංශයේ ඩිස්නිලන්තය ආරම්භ කරපු අවස්ථාවේ ප්‍රංශයට ආවේණික කරුණු එයට ඇතුළත් නොකිරීම යන චෝදනාව එල්ලවුණ නිසා ඉන්පසුව ආරම්භ කරපු Tokyo, Hong Kong සහ Shanghai කියන ඩිස්නිලන්ත වලදී ඒ ඒ රටවලට ආවේණික කරුණු මේ උද්‍යාන වලට ඇතුළත් කරන්න The Walt Disney ආයතනය කටයුතු කරල තියෙනවා.
7. Disneyland Sri Lanka
ඔන්න මේක ලංකාවේ අපිට නියම ආරංචියක්. හැබැයි ඉතින් අවාසනාවට මේක Original Walt Disney Disneyland එකක්නම් නෙමෙයි දැනට ලැබිල තියෙන තොරතුරු අනුව. ඒත් ලංකාවේ අපේ සංචාරක කර්මාන්තයට විශාල වාසියක් වෙන්න පුළුවන් මේ ඩිස්නිලන්තය ගැනත් නොකියාම බැහැ. මේ ඩිස්නිලන්තය දකුණු ආසියාවේ ආරම්භ කෙරෙන පළමුවෙනි ඩිස්නිලන්තය කියල තමයි තොරතුරුවල සඳහන් වෙන්නෙ. දකුණු කොරියාවේ සහ මැලේසියාවේ මැදිහත්වීමෙන් ගොඩනැගෙන මේ ඩිස්නිලන්තය මැලේසියාවේ Genting Highlands උද්‍යානයට බොහෝසෙයින් සමානවෙන බව තමයි කියන්නෙ.
Grahanaya අපේ යූ_ටියුබ් නාළිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න...
02/09/2021
ටැටූ එකක් ගහන්න කලින් ඒ ටැටූ එකේ තේරුම දැනගෙන ගහන්න.අනිවාරෙන්ම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි.
ගහන්න කලින් දෙපාරක් හිතන්න ඕනි ලොව භයානකම ටැටූ වර්ග කිහිපයක් | The most dangerous types of tattoos
අද විඩියෝවෙහි අන්තර්ගතය _ගහන්න කලින් දෙපාරක් හිතන්න ඕනි ලොව භයානකම ටැටූ වර්ග කිහිපයක් ගැන තමයි යාලුවනේ මම අද විඩ.....
01/09/2021
යාලුවනේ අපි කව්රුත් ආසයි ලස්සන ගෙයක් හදාගෙන සතුටින් ඉන්න.ඒකත් ගොඩක් ලස්සන තැනක ඉන්න තියෙනවනම් කියල හිතෙන තැනක්.ඉස්සර මැටියෙන් තිබුණ ගෙවල් වල තිබ්බ සැප සනීපෙනම් අද ගෙවල් වල නෑ.එහෙමයි කියල අපිට මැටි ගෙවල් වල ඉන්නත් බෑනේ.දියුණු වෙමින් යන නවීණ ලෝකයට අපි හැඩගැස්වෙන්න ඕනි.ඒවගේම තමයි අපි ඕනෑ තරම් දැකල තියෙනවා කෘතිම විශාල නිවාස සංකීර්ණ . එහෙමත් නැත්තන් අපි දන්න විදිහට බිල්ඩින්. මේ බිල්ඩින්නම් සීයට 50ක් වත් ලස්සනක්නම් නෑ.ඒ කියන්නෙ දැක්ක ගමන් ආයෙත් බලන්න නෙවෙයි එහෙම දෙයක් දැක්කද කියල අමතක වන තරමේ බිල්ඩින් තමයි දැන් තියෙන්නෙ.ඉතින් යාලුවනේ අද මම මේ වීඩියෝ එකෙන් මම කියන්නේ යාලුවනේ ලෝකයේ තියෙන ඇස පිනවා යන ඉතාම අලංකාර ආකාරයෙන් තැනූ බිල්ඩින් 05 ක් ගැන. පහල වීඩියෝවා ක්ලික් කරල වීඩියො එක බලන්න. අපගේ යූටියුබ් නාළිකාව ඔබටත් වැදගත් කියල හිතෙනවනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.ඒවගේම වීඩියෝවක් පළ කල සැනින් නැරබීමට සබ්ස්ක්‍රයිබ් අයිකන් එක ලගම තියෙන බෙල් සළකුණ මත ක්ලික් කරල ඕල් නොටිෆිකේශන් දාගන්න.
ලොව වඩාත්ම විස්මිත ගොඩනැගිලි පහක් | Five of the most amazing buildings in the world
ආයුබෝවන් ඔයාලා හැමෝටම.අදත් ග්‍රහණය යූ ටියුබ් නාළිකාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා.අද විඩියෝවෙහි අන්තර්ගතය ...