18/12/2025
දහසක් අභියෝග බාධක මැදින් යලිත් සුපිපෙන අපේ මල් කැකුළු......🌸🌸🌸🌸🌸🌸🌸🌸
2025.12.16 නැවත පාසල් ආරම්භය......
We are warmly welcome you to the official page of the Pethangoda Kanishta Vidyalaya
18/12/2025
දහසක් අභියෝග බාධක මැදින් යලිත් සුපිපෙන අපේ මල් කැකුළු......🌸🌸🌸🌸🌸🌸🌸🌸
2025.12.16 නැවත පාසල් ආරම්භය......
09/11/2025
ඉල්පුර පසළොස්වක පොහෝ දිනය මූලික කරගනිමින් පැවැත්වූ පසු පෝය ධර්ම දේශනාමය වැඩසටහන....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
08/11/2025
අභිනවයෙන් ඉදිවන පෙතන්ගොඩ කනිටු විද්‍යාලයේ බුද්ධ මන්දිරය සඳහා මුල් ගල තැබීම, පසුගිය නොවැ. 03 වන සුභ දින සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ විදුහල්පතිතුමාගේ සුරතින්, ගුරුමණ්ඩලයේ, සිසුන්ගේ සහ දෙමාපියන්ගේ සහයෝගයෙන් හා මූලිකත්වයෙන් කරන ලදි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
02/11/2025
ඔක්. 30 වනදාට යෙදී තිබූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, පෙතන්ගොඩ විදුහලේදී පැවැත්වූ අයුරු....
මෙහී දී විද්‍යාලීය ගුරු මඩුල්ල විසින් සිසුන් දැනුවත් කිරීමේ දේශනයක් මෙන් ම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ දිවුරුම ද සිසුන් හට ලබා දුනි.
"මත් රකුසාගෙන් අනාගත පරපුර හා සමාජය ආරාක්ශා කරගනු වස්...... රටම එකට...."
14/10/2025
C.W.W. කන්නන්ගර දින සැමරුම
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ඔක්.13 වන දිනට යෙදී තිබු, නිදහස් අධ්‍යාපනයේ පියා වන C. W. W. කන්නන්ගර මැතිඳුන්ගේ ජන්ම දිනය මූලික කරගෙන ඇරඹෙන කන්නන්ගර සතියේ ආරම්භය.......
පෙතන්ගොඩ සිසුන් විසින් මෙහිදි කන්නන්ගර මැතිතුමා හට ගෞරව කිරීමෙන් පසු, විද්‍යාලිය ප්‍රධාන ශාලාව එනමින් නම් කරන ලදී.. ඒ හා සමගාමිව සිසුන්ගේ අදහස් හා දක්ශතා කැටුව විද්‍යාලිය බිත්ති පුවත්පතද විදුහල්පතිතුමා සුරතින් විවෘත කරන ලදි..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
12/10/2025
"නිමක් නොවන ජීවන ගමනේ
තෙරක් නොමැති බාධක හමුවේ
පිපෙන්නට වෙර දරණ
පුංචි මල් කැකුළකට
පිපෙන්නට....
සොදුරු ළමාවිය යහපතින් ගත කරන්නට
විටෙක...
යහළුවකු යෙහෙළියක ලෙසින්ද
මවක පියෙකු ලෙසින්ද
නිබඳවම ජීවිතය ජයගන්න
ගුරුහරුකම් කියාදුන්නේ
ඔබයි මගේ ගුරු මැණියනි,පියාණනි,
ඔබට අපේ ගුරු උපහාර...! "
ගුරු මා පිය වන්දනා...... 🙏🙏🙏🙏
ලෝක ගුරු දිනයට සමගාමීව පෙතන්ගොඩ විද්‍යාලීය සිසුන් විසින් සංවිධානය කල ගුරු දින සැමරුම..........
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
06/10/2025
ජීවිතය හදපු,
වෙනස් කරපු,
පාර පෙන්නපු,
ගොඩනගපු,
හැඩ කරපු,
මේ තාක් මුණගැහුණු,
හැම ගුරුවරයෙක්ටම..
Happy Teacher's Day....
🌸🌸🌸🌸🌸🌸🌸🌸
-Copied from "Earth's Diary"-
04/10/2025
ආදරයෙන් සුරකින්න....අපිට ලොව දිනන්න.......
- NARTURE WITH LOVE... TO LEAD THE WORLD -
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
දරුවන්ගේ දවස.......... ♥️🤍🩷🧡💛💚💙🩵💜️
ඔක්තෝබර් 01 වෙනිදාට යෙදී තිබු ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම, පෙතන්ගොඩ විද්‍යාලයේ ආදරණීය විදුහල්පතිතුමා ඇතුළුව ගුරු මව්වරු පියවරු එකතුව දරුවන් වෙනුවෙන් සැමරීය...
මෙහිදි, පෙතන්ගොඩ විද්‍යාලයේ හිටපු විශ්‍රාමලත් කීර්තිමත් විදුහල්පතිතුමා වන ප්‍රේමලාල් ගුරු පියාණන්ගේ සහභාගීත්වයෙන් වැඩිහිටි දින සැමරුම ද සාර්ථකව සිදු කෙරුණි.
13/09/2025
"අසිරිමත් යෞවනය අදිටනින් ජය ගනිමු......"
යෞවනය වෙත පියනගන පෙතන්ගොඩ විද්‍යාලිය සිසුන් සඳහා දැනුවත් කිරීමේ, මඟ පෙන්වීමේ වැඩසටහන් මාලාවක්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යංශයත්, මනෝවිද්‍යා උපදේශකවරයෙකුගේ මූලිකත්වයෙන් ඊයේ දින විද්‍යාලිය පරිශ්‍රය තුල සාර්ථකව පැවැත්විය..
ඉන් අනතුරුව සිසුන් සඳහා සංගීත රසවින්දන වැඩසටහනක් ද පැවැත්විය...
🌸🌸🌸🌸🌸🌸🌸
22/07/2025
සිසු අභිසෙස් අබිමන් 2025.
👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑👑️👑️
"හෙට ලොව පෙරගමන්කරුවන් සන්නද්ධ කිරීම වස්......"
2025 වර්ෂයට අදාලව කෑ/දෙහි/පෙතන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ අභිනව ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිලලාංජන පැළඳවීමේ උත්සවය 2025.07.18 දින අති උත්කර්ෂවත් ලෙස විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වීය.
10/06/2025
පොසොන් පොහොය නිමිතිකොට ගෙන අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වූ පෙතංගොඩ දරුවන්.....
🙏☸️🙏☸️🙏
07/06/2025
Think green, Live clean! 🍃
ලෝක පරිසර දිනය සමගාමීව පාසල් ළමුන් සඳහා පැළ බෙදාදීමේ වැඩසටන, කෑ/දෙහි/පෙතන්ගොඩ කණිශ්ඨ විද්‍යාලය කේන්ද්‍රව සාර්තකව පැවැත්විණි...
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |