23/05/2026
පරිසර දිනයට සමගාමීව පැවැත්වු "සීවලි පරිසර මාතා සුරකිමු " යන මාතෘකාව මුල්කොට ගෙන 2026.05.12 වන දින අප පාසල් නියමුවානන්ගේ ප්‍රධානත්වයෙන් පා ගමනක් හා "පරිසරයෙන් පණිවිඩයක් " යන සංකල්පය මුල් කරගෙන විදී නාට්‍යයක් ද පාසල තුළ පැවැත්වුණි.
@2026-05-15
23/05/2026
සීවලී ඉතිහාසය සංගමය විසින් දිවයිනේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ඉතිහාස දිනය 2026 මැයි මස 15 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි. මෙය පිරමිඩ තේමාව යටතේ EXODIUS'26 ලෙස නම් කර තිබූ අතර එහිදි අන්තර් පාසල් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්ද ඉතා සාර්ථක ලෙස සංවිධානය කර තිබුණි.
@2026-05-19
23/05/2026
ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන උත්සවය 2026 මැයි 17 වන දින කොළඹ මහානාම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ පවත්වනු ලැබූ අතර එහි දී 4වන රත්නපුර, සීවලී බාලදක්ෂ සමූහය නියෝජනය කරමින්
1) එච්.තරුෂි සංජානි සරණසිංහ
2) ඩී. සතිර සත්නිදු
3) ජනුත්මා හසන්දි වරුසවිතාරණ
4) එම්.ඒ. ෂෙනාල් බ්‍රයන් පෙරේරා
යන ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය දිනා ගන්නා ලදී.
ඔවුන් සියලු දෙනාට විදුහල්පතිතුමා ඇතුළු සීවලි පවුලේ උණුසුම් සුබ පැතුම් !
@2026-05-19
23/05/2026
ස්ලිට් විශ්ව විද්‍යාලය මගින් දීප ව්‍යාප්ත ලෙස 2026.05.16: දින පවත්වනු ලැබූ 2026 මෘදු කුසලතා දැනුම මිනුම තරගයට, සීවලි දැනුම මිනුම සංගමය මගින් ඉදිරිපත් කළ කණ්ඩායම ක් සමස්ත ලංකා දෙවැනි ස්ථානය ජයග්‍රහණය කර සීවලී මධ්‍ය විද්‍යාලයට කීර්තියක් සහ ගෞරවයක් ලබා දී තිබේ .
දෙවන ස්ථානය ජයග්‍රහණය කළ
කණ්ඩායම,
1)ජී. වයි.එන්.ජයවර්ධන
2)එම්. එම්. එස්. ජයවීර
3)කේ. ඩී. එන්. කරුණාරත්න
4).ජී. ජී. එස්. ගොරෝකගොඩගේ
මෙයට අමතරව ,ඉහත තරගයේ
අවසන් පාසල් කණ්ඩායම් පනහ අතරට තේරී පත්වූ අනෙකුත් ජයග්‍රාහක පිරිස,
1) ජී.සි. ජී.පෙරේරා
2)මොහොමඩ් . රෙහාන්
3)එම්. ආර්. කොඩිතුවක්කු
4)වයි. ඒ. ගුණරත්න
5) ඩබ්. එල්. ඒ. ඩි.එන්. කේ බණ්ඩාර
6)බී. කේ. අමායා
7)ඩි. එච්. එස්. විහංගි
8)ඒ. පි. අයි. ජයමිණි
මේ දරුවන් අතරින් තමාට ත්‍යාග ලෙස ලැබුණු පාසල් පොත් බැ ගය තවත් සහෝදර සිසුවෙකුට පිරිනැමීමට එම්. රෙහාන් සිසුවා ඉදිරිපත්වීම ද විශේෂත්වයකි.
මේ සියලු කටයුතු සදහා සිසුන්ට මග පෙන්වීම සීවලී දැනුම මිනුම සංගමය භාර ආචාර්ය. මානෙල් කේ සොයිසා ගුරුතුමිය සිදුකර තිබේ. මේ සදහා
සීවලි මධ්‍ය විද්‍යාලයිය විදුහල්පති කපිතාන්. නීල් ධම්මික වතුකාරාවත්ත මැතිතුමාගේ අධීක්ෂණය සිදු වී තිබේ.
මේ සියලු ජයග්‍රහණයන් සදහා , විදුහල්පතිතුමා ඇතුළු,සීවලී පාසල් පවුලේ උණුසුම් සුබ පැතුම්.!.
Congratulations!..For the Winners who won the second place from Soft Skills Quiz Competition 2026, and winners who selected grand final round, which was organized by SLIIT Campas on 16.05.2026. Members of Sivali Quiz Club has won those victories. students have been succeeded under the guidance of MIC of Sivali Quiz club Miss. Manel K Soysa and under supervision of Principal Cpt. Mr. N. D. Wathukarawaththa.
Best wishes for all winners from Sivali School family.
23/05/2026
පාසලේ ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ගුරු මෑණිවරුන් පියවරුන්ගේ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ඔප්නැංවීම සඳහා විශේෂ තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් 2026 මැයි මස 15 වන දින පාසලේ ප්‍රධාන ශාලාවේ පැවැත්විණි.
@2026-05-18
18/05/2026
2026 මැයි 12 වැනිදා බුදු මැදුර අසළ විශේෂ උදෑසන රැස්වීමක් විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
එහි දී පසුගියදා පැවති ආරක්ෂක ශිෂ්‍යභට බලඇණි ඇගයීම් කඳවුර - අදියර 1 හී දී සමස්ත කඳවුරේ අනුශූරතාව දිනාගත් සීවලී ශිෂ්‍යභට කණ්ඩයේ සාමාජිකයන්ට සහ පසුගිය දා පැවති ටයිකොන්ඩෝ තරගමාලාවේ ජයග්‍රාහකයන්ට හිමි සහතිකපත්‍ර ප්‍රදානය කිරීම සිදුකෙරුණි.
@2026-05-12
14/05/2026
මැයි මස 04 වන දින සිට 10 වන දින දක්වා රංටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ 08 වන, 03 වන හා 23 වන බලඇණි වල ශිෂ්‍යභට කණ්ඩ 56 ක සහභාගීත්වයෙන් ආරක්ෂක ශිෂ්‍යභට බලඇණි ඇගයීම් කඳවුර - අදියර 1 පැවැත් වූ අතර එහි දී,
අධ්‍යක්ෂ පරීක්ෂණ ප්‍රථම ස්ථානයත්,
ඉදිරිපත් කිරීමේ පරීක්ෂණ ප්‍රථම ස්ථානයත්,
විවිධ ප්‍රසංග පරීක්ෂණ ප්‍රථම ස්ථානයත්,
භට නිවාස පරීක්ෂණ ප්‍රථම ස්ථානයත්,
ඝණ සරඹ පරීක්ෂණ දෙවන ස්ථානයත්,
ශාරීරික අභ්‍යාස පරීක්ෂණ දෙවන ස්ථානයත්,
යන ජයග්‍රහණ සතුකරගනිමින් 8 වන බලඇණියට අයත් ශිෂ්‍යභට ඛණ්ඩ 28ක් අතුරින් බලඇණි ශුරතාවය හිමිකර ගනිමින් ද,
03 වන සහ 23 වන බලඇණියහි ප්‍රධාන පාසල් විශාල ප්‍රමාණයක් අභිබවමින් සමස්ත කඳවුරේ අනුශුරතාවය දිනාගැනීමට සීවලී මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩයට හැකියාව ලැබුණි.
මෙම කඳවුරු ජයග්‍රහණය සමගින් සීවලි මධ්‍ය විද්‍යාලය හර්මන්ලෝස් ජාතික කඳවුර සඳහා ඉහලින් ම සුදුසුකම් ලබයි. පාසලට මෙම කීර්තිය අත්කර දුන් සීවලී ශිෂ්‍ය භට කණ්ඩයට විදුහල්පතිතුමා ඇතුළු සීවලී පවුලේ උණුසුම් සුභ පැතුම් 💐🔰
@2026-05-14
13/05/2026
ර/ සීවලි මධ්‍ය විද්‍යාලයේ විද්‍යා අංශය මගින් 2026 වර්ෂයට අදාළ විද්‍යා සංගමයේ ඉදිරි වැඩ කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද සාංඝික දානමය පිංකම මැයි මස 13 වන දින විදුහල්පතිතුමන් ඇතුළු විද්‍යා අංශයේ ගුරුභවතුන්ගේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මූලිකත්වයෙන් යුතුව විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
@2026-05-13
10/05/2026
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ මෝටර් යාන්ත්‍රික තාක්ෂණය විෂයට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය උපකරණ කට්ටල, පසුගියදා සතොස මෝටර්ස් PLC සමාගම විසින් පාසලට ප්‍රදානය කරනු ලැබුණි.
@2026-05-10
09/05/2026
6 ශ්‍රේණියේ සිසුන්ට විද්‍යාව විෂයට අදාළව ශරීරයේ කොටස් පිළිබඳ අධ්‍යනය පහසු කිරීම උදෙසා සීවලී කනිෂ්ඨ විද්‍යා සංගමය මගින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
@2026-05-09
09/05/2026
2026 වර්ෂයේ ප්‍රථම වාර පරීක්ෂනයට අදාල 12 ශ්‍රේණියේ විද්‍යා, වාණිජ, කලා හා තාක්ෂණ යන අංශවල සිසුන්ගේ ප්‍රගති වාර්තා ලබා දීම මැයි මස 08 වන දින ඒ. සී. ආටිගල අනුස්මරණ ශාලාවේදී සිදු කෙරුණි.
@2026-05-08