05/08/2025
AI නිසා ජොබ් නැතිවෙන කාලෙ 😆😆 මේ ඉන්නෙ ඩොලර් බිලියන 1ක $1Billion offer එකක් එපා කියපු ගෑනු කෙනෙක්.
නම මීරා මොරාටි.1988 ඇල්බේනියාවෙ ඉපදිලා කැනඩාවෙ අධ්‍යාපනය ලබාගෙන ටෙස්ලා එකේ වැඩ කරලා අන්තිමට ලෝකෙම දන්න Open AI සමාගමේ Chat GPT, DALL-E වගේ ලෝකෙම භාවිතා කරන AI මොඩියුල හදුන්වාදෙන්න නායකත්වය දීපු කාන්තාවක්. දැනට එතනින් අයින් වෙලා තමන්ගේම සමාගමක් පවත්වාගෙන යනව Thinking Machines Lab. එතකොට මේ 1 බිලියන් Offer එක එන්නෙ මේ මෙයා මුල් වෙලා කරගෙන යන thinking machine lab එකට. ඔෆර් එක දෙන්නෙ අපි කවුරුත් දන්න මාර්ක් සකර්බර්ග් . හැබැයි දැනටමත් බිලියන 2 ක ආයෝජන ලැබිල තියෙන සහ බිලියන 12ක් දක්වා ආයෝජන වර්ධනයක් දැනටමත් පෙන්වන ආයතනයක් මේ ඔෆර් එකට අකමැති වෙන එක පුදුමයක් නෙමෙයි.
වැදගත්ම දේ තමයි මෙයාලගෙ ඉන්නෙ 30 ක වගේ පොඩි ටීම් එකක්. ගොඩක් අය open Ai වලම වැඩ කරපු කට්ටීය. මේ 30 දෙනා මාස 5ක් 6ක් වගේ කාලයකදි ඩොලර් බිලියන 2 කට වඩා එකතු කර ගන්නව. ඔව් ඩොලර් බිලියන දෙකක් . අපේ රටේ දැනට තියෙන සංචිත ප්‍රමාණයෙන් භාගයක් විතර මං හිතන්නෙ. මේ ඔක්කොම ආයෝජන මිනිස්සුන්ගෙ දැනුම, හැකියාව සහ නිර්මානශීලිත්වයට. තෙල්, රත්‍රං, මැණික්, දියමන්ති වලින් නෙමෙයි.