08/06/2022
75 වැනි සැමරුම් උලෙළ
We are 53rd central college in Sri Lanka which was started by Dr.C.W.W.Kanangara .It is situated twenty two Kilometers away from Rathnapura .
Our Vision -
To become one of the best schools which is able to face the challenges of 21st Century. Our Mission -
To produce perfect citizens, creating a learning society in school which leads students to be the best in education enrich with high morals.
08/06/2022
75 වැනි සැමරුම් උලෙළ
01/06/2022
02/12/2014
20/11/2013
PENA NADA ROO SARA SITHUWAM DEKMA
18/11/2013
Coming Soon......!
නැළවිලි ගී
අතීත ගැමි කාන්තාවන්ගේ ජිවිතය කාර්ය බහුල එකක් විය’ ගෙදර දොරේ ඉවුම් පිහුම් කටයුතු අවසානයේදි හේනේ දී න=ඹුරේදී ස්වාමියාගේ වැඩට සහාය වීමටද ඇයට සිදුවිය’ ර් අතරතුර ඇය දරුවන් රැක බලා ගැනීම කළේ අපරිමිත දරු සෙනෙහසකිනි’ දරුවන් නැළවීමෙzදී ඇගේ මුවින් ඇද හැලුන ආදරණිය වදන් කවි බවට පත් වූයේ නිතැතිනි’ වචනවල අර්ථ නොතේරුණත් නාද රටාවේ ඇති මිහිරියාවට දරුවා නැළවේ ඇතැම් අවස්ථාවක මව වෙනත් කටයුත්තක නියැලෙන විට දරුවා බලා ගන්නේ නිවසේ ඥාතිවරිය විසිනි’
මෙම සරු නැළවිලි ගී ජන සාහිත්‍යට එකතුවු සාදාතනික වටිනාකමකින් යුත් සාහිත්‍ය අංගයකි’ බොහෝ විට ඒවායින් ප්‍රකාශ වූයේ ඔවුන්ගේ ජීවන ප්‍රවෘත්තින් හා ඔවුන් ජීවත් වු පරිසරය සමzබන්ධ දේවල්ය’ අද මෙවැනි නැළවිලි ගී වලින් දරුවන් නලවන මවුවරුන් දක්නට ලැඛෙන්නේ ඈත එපිට ගමzබද ප්‍රදේශවල පමණකි’
වැනේලු කලු වැනේලු
ගොඩ හුළගට වැනෙලු
කලුවට බඩ ගිනිලු
කලු අල කොළ ලිපේලු
දෑතේ වළලුත් නැතිකෝ
දෙපයේ ගිගිරිත් නැතිකෝ
අම්මා දැන් එය හනිකෝ
නාඩන් සුරතල් මැණිකේ
ඔන්න බබෝ ඇතින්නියා
තල් අරෙඕ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා
අතට වෙරථ ඇහිද ගෙනේ
ඉණට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගස කිනේ
ටීකා සිවුපද
විවිධ සමාන පද ප්‍රබන්ධකර දිගින් දිගට නොනවත්වා ගායනා කරන කවි ටීකා සිවුපද නමින් හැඳින්වේ’ ගැමි කාන්තාවන් හා පිරිමින් නොයෙක් ආකාරයේ වැඩ කටයුතු වල යෙදුන අවස්ථාවන් හිදි මෙම කවි ගායනා කල අතර අර්ථ රසයට වඩා ශබzද රසය මෙහි පැහැදිලිව දැක්ක හැකිය ඒ නිසා ගායනා කරන විට කනට මිහිරක් දැනේ’
කජු වාරයක්ද කොස් වාරයනක්ද දෙල් වාරයක්ද
අඹ රඹුටන් මොර හිඹුටු විරයක්ද මොන හත්වලාමක
වාරයක්ද කියන්ඩ මම දන්නේ නැ
වාරේ කුරුඳු අරගෙන මම යන කලට අලි ගිය පාරක්ද කොටින් ගිය පාරක්ද
මුවන් ගිය පාරක්ද ගොනුන් ගිය පාරක් ද නයි පොළගුන් ගිය පාරක්ද
මොන විදියේ පාරක්ද කියන්ඩ මම දන්නේ නෑ
පාර වැරදිලා ගියේ කටුගස්තොටට
රත්රන් මාලයක්ද රිදී මාලයක් ද තඹ මාලයක්ද පිත්තල මාලයන්ද මුතු මැනික් වයිරෝඩි බැඳපු මාලයක්ද
මොන කෙහෙල්මල් මාලයක්ද කියන්න මම දන්නේ නැ
History of Our School
Dr.C.W.W.Kannangara' s great contribution to education was his scheme of free education and the most important step taken was the establishment of central schools. As a result on 3rd June 1947 R/Karawita Central College (Madya Maha Vidyalaya ) was started at Uda Karawita in Nivithigala zone which comes under Rathnapura distrcct in Sabaragamuwa province. The first principal was Mr. M.D.A.Perera and the school consisted of two teachers Mr.A.Nivithigala Mayadunne and Miss A.Saparamadu and 13 students in grade six and seven. At the end of the year the number was increased up to 35.With the admission of students who had passed grade 5 scholarship examination gradually the number was highly increased. To fulfill the necessity of a hostel for scholars one of the donators Mr.Mangalasiri donated a building. In 1950, 5 students sat for the senior examination for the first time and three have passed.Being the first student of the school M.P.S.D.Ariyasena was also lucky enough to get through this examination.
In 1952 Mr.Cyril Ariyaratna was appointed as the principal. He had started with great enthusiasm and done a numerous service to school. M.P.S.D.Ariyasena became the first student who received the English medium senior certificate. Several buildings were constructed .First inter-house sportmeet was held at Pahala Maha Welyaya (a paddy field) .Later he was able to obtain a playground for the school. The school crest including the Motto-"Asawa,Darawa,Hasirewa" was also his wonderful creation which means Listen,Concentrate,Practice.It was considered this period was the golden era of the past.
In 1955 the first school magazine was published under the guidance of the teachers Mr.Nivithigala Mayadunne ,Mr.H.G.R.Fonseka,Mr.Arther Jayasinghe, Mr.T.Weerakoon editing was done by Mr.D.C.Thennakoon, Mrs.Leelawathie,Mr.Jayarathna and Mr.G.P.M.Chandrasena.
In 1962 the school was named as R/Karawita Pannananda Madya Maha Vidyalaya .Two students who had got through the A.L.Examination entered the university. By 1965 there were 669 students and 27 teachers.
In 1964 a building for Chemistry laboratory was constructed. It had been developed through the year and by 1977 a new hostel,Agriculture laboratory and a library were added. Students were fortunate enough that there were so many new streams for the students to follow such as wood work, metal work and needle work. On the other hand students could engage in so many co-curricular activities such as literary associations, Buddhist associations, Aesthetic, Sports, Technical field , Scouting and Girl guiding.
ලගිත් සිඟන්නෝ ඉස්තෝප්පුවෙහි
වහල යට කොටුවේ ස්ටේසමෙහි
මූණ ලා බිත්තියට
පත්තර කඩදාසි මත
ගුලි ගැසී කඩමාලු වැරහැලි තුල
තබාගෙන තම අතම තම හිසට.
සිහින් අත්ගොබ තියුණු නෙත් යුග
රැළි වැටුනු දෙකොපුල් නළල් තල;
උස්ය ඉදු කය;
ළය රෝඹු සුදුවන්ය;
තැනින් තැන ඉරී ගිය
පෙරෙවි දළ කඩ දුඹුරුය.
පැසුණු රැළි රැළි ගැසුණු දැලි රැවුල
ඉස බැඳුණු කෙහෙමඩුලු
උපසාන්තය
මුහුණ සන්සුන්ය.
‘නිදුකාණෙනි! කියනු මැනව!
ඔබ කවුරු ද?
ඔබ බුදුබව ලද කෙනෙක්ද?
ඔබගේ වැනි තැන්පත් සුවපත් බව
කවදා කෙලෙසක මට ලැබිය හැකිද?’
සිඟන්නා සිනා සිණ,
මද සිනා සඳ රැසින් පෙරී එන.
‘කතා කරන්නෝ නො දනිති.
දන්නෝ කතා නොකරති.
එසේ වූ පසේ බුදු කෙනෙකි ඔබ,
සිතමි මම..
ප්රබුද්ධ පිට 75
පොසොන් පසළොස්වක පොහොය
අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පනිවිඩය මූර්ථිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් ලංකාකවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.
බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.
ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.
වෙසක් උත්සවය
වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයයි. වෙසක් දිනය බුදුන්ගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි.
ඉන්දියාවේ මහායාන බෞද්ධ සම්ප්‍රදායයන් තුල එම දිනය වෙසක් යන්නට සමාන සංස්කෘත වචනයක් වූ වෛශාඛ යනුවෙන් හැඳන්වේ. වෙසක් යන වචනයද පාලි “විසාඛ” (Visakha) යන වචනයේම සිංහල ස්වරූපයයි. හින්දු චන්ද්‍ර දින දර්ශණයේ දෙවැනි මාසය හැඳන්වෙන්නේ “වෛශාඛ” යනුවෙනි. වෙසක් යන්න හැඳින්වෙන තවත් නම් රාශියකි. ඒවා විශාකා පූජා, බුද්ධ පූර්නිම නැතහොත් බුද්ධ ජයන්ති යනුවෙන් ඉන්දියාවේ, බංගලාදේශයේ සහ නේපාලයේ හැඳින්වෙන අතර තායිලන්තයේ විසාඛ බුචා යනුවෙන්ද වියට්නාමයේ ඵට් ඩාන් (Phat Dan) යනුවෙන්ද හැඳින්වේ. ඉන්දුනිසියාවේ වෛශාඛ්, ශ්‍රී ලංකාවේ සහ මැලෙසියාවේ වෙසක් යනුවෙනි. චීන භාෂාව කථා කරන රටවල ෆො ඩාන් (Fo dan) ටිබෙට් හි “සගා ඩාවා” ද වශයෙනි. මේ හා සමාන උත්සවයක් ලාඕස් හි වික්ශාඛා බුක්ෂා (Vixakha bouxa) නමින් පැවැත්වේ. මියන්මාරයේ එය ක - සොනෙ - ලා - ප්යාඒ (Ka – sone – la – pyae තේරුම කසොනෙ පසළොස්වක යන්නයි) යනුවෙන් නම් කොට ඇත. කසානෙ යනුද මියන්මාර් දින දර්ශනයේ දෙවැනි මාසයයි. ශ්‍රී ලංකාව, මැලේසියාව, මියැන්මාරය, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, ඉන්දුනිසියාව, හොං කොං සහ තායිවානය වැනි බොහෝ ආසියානු රටවල් වල වෙසක් දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයකි.
පටුන
1 දිනය
2 ඉතිහාසය
3 වෙසක් උත්සව සම්ප්‍රදායන්
3.1 ශ්‍රී ලංකාව
4 මූලාශ්‍ර
දිනය
විවිධ සාම්ප්‍රදායයන් තුළ භාවිතා වන චන්ද්‍ර මාසානූකූල දින දර්ශනයට අනුව නියම වෙසක් දිනය එකිනෙකට වෙනස් වේ. බෞද්ධ දින දර්ශනය අනුගමනය කරන ථෙරවාදි බෞද්ධ රටවල එය නියම වන්නේ පසළොස්වක පොහොය දිනයටයි. (සිරිතක් වශයෙන් පස් වැනි හෝ හය වැනි චන්ද්‍ර මාසය) චීනයේ එය යෙදෙන්නේ චීන චන්ද්‍ර දින දර්ශනයේ හතර වැනි මාසයේ පළමු පසළොස්වක දිනයටයි. බටහිර ග්‍රෙගරියන් දින දර්ශනයට අනුව එම දිනය වසරින් වසර වෙනස් වන නමුත් සාමාන්‍යයෙන් අප්‍රේල් හෝ මැයි මාසයට යෙදේ.
ඉතිහාසය
බෞද්ධ ලෝකයේ මෙම කාලයේදී උත්සව පැවැත්වීම සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායයකි. වෙසක් දිනයෙහි ලෝකය පුරා සිටින විවිධ සම්ප්‍රදායයන්ට අයත් බෞද්ධ ජනතාව, ගෞතම බුදු හිමියන්ගේ උපත, බුදු වීම හා පරිනිර්වානය වැනි වැදගත් සිද්ධින් අනුස්මරණය කරති. බුද්ධාගම ඉන්දියාවෙන් පිටස්තර ලෝකයට ව්‍යප්ත වුවද ඒ ඒ රටවල් වල සංස්කෘතින් සමග බද්ධ විය. මෙහි ප්‍රථිපලයක් ලෙස වෙසක් උත්සවය ලෝකයේ විවිධ රටවල් විවිධාකාරයෙන් සමරනු ලැබේ.
වෙසක් උත්සව සම්ප්‍රදායන්
වෙසක් දිනයේ සියලු සැදැහවත් බෞද්ධයින් හිමිදිරි උදෑසන ඔවුන්ගේ විහාරස්ථාන වෙත පැමිණ බෞද්ධ කොඩි ඔසවා බුදුන්, දහම් සඟුන් ගුණ ගායනා කිරිම් වස් ගාථා සජ්ජායනා කළ යුතුය. බැතිමතුන් මල්, හඳුන් කූරු, ඉටිපන්දම් යනාදිය බුදුන් පුදට රැගෙන ආ යුතුය. මෙසේ පූජා කරන ලස්සන මල් මඳ වේලාවකින් වියලි පරවී යයි. ඉටින්දම්, හඳුන්කූරු දැවි අවසානවේ. එසේම ජිවිතයද ජරාවට පත් වී අවසාන වන බව සංකේතවත් කිරීම සඳහා මෙම පූජාවන් පවත්වනු ලැබේ. බැතිමතුන්ට ප්‍රාණ ඝාතයෙන් වැලකි සිටිමටද එදින නිර්මාංශ ආහාර ගැනීමටද නියම කෙරේ. සමහර රටවල් වල විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසක් සැමරිම සඳහා දින දෙකක් වෙන් කර තිබේ. එහි සියලු මත් පැන් අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, මස් වෙළඳ සැල් යනාදිය රජයේ නියෝගයකින් එම දින දෙක තුල වසා තැබේ. කූඩු වල සිර කර ගෙන සිටින කරුල්ලන් වෙනත් සතුන් හා කෘමින් දහස් ගණනින් මුදා හරිනු ලබන්නේ නිදහස සංකේතවත් කිරීම පිණිසයි. සමහර බෞද්ධ බැතිමත්හු සුදු වස්ත්‍රයෙන් සැරසි අටසිල් සමාදන් වී ඒවා ආරක්ෂා කරමින් මුලු දවස පුරා විහාරස්තානයන්ගේ ගත කරති.
වෙසක් දින තරුණ සාමනේරවරු
ඇතැම් බැතිමත්හු බෞද්ධ ඉගැන්වීම් වලට අනුව අටසිල් සමාදන්ව දෛනිකව ඒවා සුරකිමින් ධාර්මිකව කල් ගත කිරීමට කැප වෙති. කෙසේ වෙතත් ඔව්හු පසළොස්වක සහ අමාවක දිනයන් වැනි විශේෂ දිනයන්හි අතිරේක ශික්ෂාවන් සමාදන් වෙමින් නිහතමානි බව, අල්පේච්ඡතාවය, සදාචාරය සුරැකීම සඳහා ශික්ෂණයක් ලබති.
සමහර පන්සල්වල ළදරු බුදුරුවක් පූජාසනය ඉදිරියෙහි තැබු වතුර බේසමක් මත තබා බැතිමතුන්ට එම ප්‍රතිමාව වැසෙන සේ ජලය පිරවීමට ඉඩ දෙනු ලැබේ. මෙය බුදුන්ගේ උපතින් පසු දෙවියන් පැමිණ දිව්‍යයමය පූජෝපහාර පැවැත්වීම සංකේතවත් කරන්නකි.
අටසිල් යනු
01. පර පණ නොනැසීම 02. සොරකම් නොකිරීම 03. කාම මිථ්‍යාචාරයෙන් වැළකිම 04. මුසාවාදයෙන් වැලකීම 05. මත් පැන් පානයෙන් වැළකීම 06. අවේලාවේ අහාර ගැනීමෙන්වැලකීම. 07. නැටුම් ගැයුම්, වැයුම් සහ ශරීරය විභූෂණයෙන් වැලකීම 08. උස් ආසන, මහා ආසන, සුව පහසු ආසන වලින් වැලකීම යනාදී ශික්ෂාවන් සමාදම් වීමයි.
භික්ෂුණ් වහන්සේලා විසින් දේශනා කරන ලබන බණ දහම්වලට බැතිමතුන් සවන් දීම අපේක්ෂා කෙරේ. මෙදින බෞද්ධ භික්ෂුණ් වහන්සේලා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය රජය සහ ජනතාවගේ සිත් සතන් පුබුදු කිරීම අරභයා දේශනා කරති. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලදී කියා ඇති පරිදි සමගියෙන් ජීවත් වීමටත් අනෙකුත් ආගම් වලට සහ විශ්වාසයන්ට ගරු කිරීමටත් බෞද්ධයින්ට කියා දෙනු ලැබේ.
අනුනට සතුට උදා කිරීම
වැඩි හිටියන්ට, ආබාධිත පුද්ගලයින්ට සහ රෝගින්ටද සතුට ගෙන දීම සඳහා උත්සාහ කිරීමද වෙසක් සැමරුමෙන් අදහස් වේ. මෙදින මුලු රට පුරා තිබෙන පුණ්‍යායතන වලට බෞද්ධයෝ මුදල් තෑගි පිරිනමති. කෙනෙකුගේ බල කිරීමකින් තොරව සියලු දෙනා කැමැත්තෙන් කරනු ලබන වෙහෙර විහාර පන්සල් භූමි ආලෝකමත් කිරීම, තීන්ත ආලේප කිරීම, බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් නිර්මාණය කර වර්ණ ගැන්වීම ආදි කටයුතු කෙරෙන වෙසක් සමය ඇත්තෙන්ම ප්‍රීති ප්‍රමෝදයෙන් පිරුණු කාලයකි. බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට විහාරස්ථාන වලට පැමිණෙන සැදැහැවතුන්ට නිර්මාංශ ආහාර සහ පානය සඳහා බීම වර්ග සැපයීමට සැදැහැවත් බෞද්ධයෝ එකිනෙකා තරඟ වදිති.
බුදුනට උපහාර දැක්වීම
බුදුන් පිරිනිවන් පාන්නට සූදානම් වන මොහොතේදී ආනන්ද හිමියන් හඬා වැලපෙනු උන්වහන්සේ දුටුවෝය. එසේ හඬා වැලපීම නොකළ යුතු බවත්, ලෝක ස්භාවය තේරුම් ගත යුතු බවත් සියලු පවතින දේවල් නැසෙන සුලු බවත් බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට පහදා දුන්හ. මෙම වියැකි යන තමාගේ සිරුර ගැන සිතා කණගාටු නොවන ලෙසත් මින් පසු ඔවුන්ගේ ගුරුවරයා වන බුදුන්ගේ දහම ගැන සිත යොමු කරන ලෙසත් බුදුන් වහන්සේ රැස්ව සිටි භික්ෂු පිරිසට අවවාද කළහ. ලොව පවතින සෑම දෙයක්ම වෙනස් වීමේ දහමට අනුව වැනසෙන බවත් ධර්මය සදාකාලික බවත් පහදා දුන්හ. තවදුරටත් බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින්, සුවඳින්, පහනෙන් පමණක් නොවන බවත් තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බවත්ය. කෙනෙකු නැවත උතුම් ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගැනීමත්, මනස සංවර්ධනය කර ගැනීමටත් ආදරය කරුණාව පතුරවමින් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සහජීවනය සහ මනුෂ්‍යත්වය දැක්වීමත් යනාදි කරුණු කිරීම වෙසක් සැමරුවා නම් වෙයි.
ශ්‍රී ලංකාව
වෙසක් මස පසළොස්වක දිනයේ අාගමික හා සංස්කෟතික උත්සවයක් ෙලස ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය සමරනු ලැබේ. මෙය සතියක පමණ කාලයකි. මෙම සැමරුමට දාන මය කටයුතු හා ආගමික කටයුතු බොහොමයක් ඇතුලත්වේ. විදුලි ආලෝකයෙන් ප්‍රභාවත් වුනු තොරණ කොළඹ හා අවට ප්‍රදේශ වල ඉදි කෙරෙති. මේවාට අනුග්‍රහ දක්වන්නේ දානපතියන්, ආගමික සංවිධාන සහ සුභ සාධක සමිති විසිනි. සෑම තොරණකටම පන්සිය පනස් ජාතක කථා වල කථා වස්තු පාදක වේ. මීට අමතරව නිවෙස් ඉදිරිපිට හා පාර දෙපස වෙසක් පහන් (වෙසක් කූඩු) එල්ලා තැබේ. ඒවායින් බුද්ධ, ධම්ම සහ සංඝ යන උතුම් ත්‍රිත්වයේ ආලෝකය සංකේතවත් වේ. දානපතියන් විසින් නොමිලේ ආහාර පාන සපයන දන්සැල් පිහිටවනු ලැබේ. මෙම සතිය තුළ කොළඹට රටේ සෑම ප්‍රෙද්ශයකින්ම පාහේ විශාල ජනකායක් රැස්වෙති.