13/05/2024
පොඩි දරුවෙක් ළඟින් ඉඳගෙන අඬන්න....!
ඔබ පොඩි දරුවෙක් ළඟ ඉඳගෙන අඬන්න පටන් ගත්තොත්, ඒ
දරුවා කිසිදාක ඔබට "අඬන්න එපා" කියමින් කම්මුලට ගහන්නෙ නැහැ. එහෙමත් නැත්තම් "බොරුවට නහයෙන් අඬන්න එපා" කියමින් කෑ ගහන්නෙ නැහැ.
ඔබ අඬන්න පටන්ගත්තම බොහෝ විට ඒ දරුවා ඔබව එයාගෙ පොඩි අත්වලින් අල්ලගෙන තුරුල් කර ගනීවි. ඉන්පස්සෙ එයාගෙ ආසම සෙල්ලම්බඩුව එයා ඔයාට දෙයි. එයාට වැදගත්ම දේ වුණු සෙල්ලම් බඩුව ඔයාගෙ අතේ තියලා එයා ඔයාව තුරුල් කරගෙනම ඉඳීවි.
ඒ තමයි වේදනාවෙන් ඉන්න කෙනෙක්ට දරුවෙක් ප්‍රතිචාර දක්වන විදිහ.
අපිට දරුවොන්ගෙන් ඉගෙනගන්න කොච්චර දේවල් තියෙනවද?
Copied....
මම කරන්නේ ලෝකේ තියෙන හොඳම රස්සාව..ඒ පෙර පාසල් ගුරුතුමිය ♥️ U my Blue Stars