24/05/2026
ශ්‍රී ලංකාවේ වාහන අංක කියවන්න ගිය විදේශිකයෙක්ගේ අවුල 🤣
“CAT-2150” 😺
“CAW-1205” 🐄
“DOG-4850” 🐶
අයියෝ… මේක වාහන අංකද නැත්තම් සත්වෝද්‍යානයක්ද කියලා හිතාගන්න බැරි වෙලා 😂🇱🇰
ශ්‍රී ලංකාවේ number plates ටික foreigners ලාට full confusion එකක් 😆
😂
23/05/2026
🇱🇰 කුඩා දූපතක ලෝකය හොල්ලන තේ වික්‍රමය! ☕️🌍
යුරෝපා සංගමය (EU) 2025 වසරේදී ලෝකයෙන්ම ආනයනය කරපු සමස්ත තේ ප්‍රමාණයෙන් 15%ක්ම අරන් තියෙන්නේ අපේ පුංචි ශ්‍රී ලංකාවෙන් කියලා Eurostat අලුත්ම වාර්තා පෙන්වනවා! 📊✨ (ඒ කියන්නේ තේ ටොන් 19,100 ක්! 🤯)
චීනය, කෙන්යාව, ඉන්දියාව වගේ භූමියෙන් ඉතාමත් විශාල රටවල් එක්ක කරට කර සටනක් දෙමින්, අපේ පුංචි ලංකාව මේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නවා. 🏆💪
ඇයි ලංකාවේ තේ මෙච්චර විශේෂ? 🤔👇
⛰️ අද්විතීය රසය සහ සුවඳ: අපේ රටේ තියෙන දේශගුණය සහ කඳුකර පරිසරය නිසා "Ceylon Tea" වලට ලැබෙන්නේ ලෝකයේ වෙන කොහේවත් නැති සුපිරිම රසක් සහ සුවඳක්!
🌿 උසස් ප්‍රමිතිය: අතින් නෙලන අලුත්ම දලු වලින් හැදෙන නිසා ලෝකයේ පිරිසිදුම සහ ගුණාත්මකම තේ විදිහට Ceylon Tea හැමදාමත් ප්‍රසිද්ධයි.
භූමියෙන් කුඩා වුණත්, ගෝලීය වෙළඳපොළේ (Global Market) සිංහයෙක් වගේ නැගී සිටින අපේ රට ගැන ඇත්තටම ආඩම්බරයි! 🦁❤️🇱🇰
23/05/2026
👋 ආයුබෝවන් මගේ ෆේස්බුක් මිතුරනි! 🇫🇮❤️🇱🇰
අද දවස මට ඉතාමත් විශේෂ දවසක් වුණා! පසුගිය වසරේ රතු කුරුස සංවිධානයේ (Red Cross) සාර්ථක වැඩකටයුතු නිමාවට පත් කරමින් පැවැත්වුණු විශේෂ ඇගයීම් උත්සවයකට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණා. එහිදී පසුගිය වසර පුරා අපට විවිධ අයුරින් උදව් උපකාර කළ, අප සමඟ අත්වැල් බැඳගත් අපූරු මිනිසුන් පිරිසක් නැවත හමුවී අදහස් හුවමාරු කර ගැනීමට ලැබීම ලොකු සතුටක්. පසුගිය වසර සාර්ථක කර ගැනීමට දායක වූ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය! 🙏✨
දැන් අප සූදානම් වන්නේ නව බලාපොරොත්තු රැසක් සමඟින්, උදාවූ නව වසරේ වැඩකටයුතු සාර්ථකව ආරම්භ කිරීමටයි! 🚀🌟
මෙම අවස්ථාවට සහභාගී වෙද්දී මට මගේ අතීතය සිහිපත් වුණා. මම ශ්‍රී ලංකාවේ ඉන්න කාලේ ලයන්ස් ක්ලබ් (Lions Club) හරහා විවිධ රැස්වීම්, සේවා වැඩසටහන් සහ ප්‍රජා සත්කාරක ක්‍රියාකාරකම් රැසකට ඉතා සක්‍රීයව දායක වුණා. දැන් ෆින්ලන්තයේ ජීවත් වෙද්දී මට වැටහෙනවා, රටවල් වෙනස් වුණත් මිනිසුන්ට උපකාර කිරීමේ සහ සේවා සැපයීමේ පරමාර්ථය හැමතැනම එක හා සමානයි කියලා! 🌍🤝
අන් අයට උපකාර කිරීමේ උතුම් මානුෂීය හැඟීමට දේශසීමා නැහැ. එදා ශ්‍රී ලංකාවේදී ලයන්ස් සමාජය හරහා මා කළ ඒ සමාජ සේවය, අද ෆින්ලන්තයේදීත් මේ අයුරින්ම ඉදිරියට කරගෙන යන්න ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා.
නව වසරේ නව ඇරඹුමකට සහ සහෝදරත්වයෙන් පිරි සාර්ථක සමාජ සේවාවකට මගෙන් උණුසුම් සුබපැතුම්! 🥂❤️
22/05/2026
FINLAND සමර් එකේ අදුරු යථාර්තය! අවාසනාවට ඇත්ත කතාවක් | Sri Lankan in Sinhala finlandexamhelp
Video link in first comment 👇
22/05/2026
කහට රස කැපුචිනෝ උගුරක් බොන ගමන්, මගේ ෆින්ලන්ත යාළුවා එක්ක අතීත ආවර්ජනයක.. ☕️🌍
අද උදෑසන ආහාරය ඇත්තටම හරිම සුවිශේෂී වුණා. හදවතට දැනුන සුන්දර උදෑසනක්! ❤️🥪
Comment එක දාද්දි ඔයාගේ යාළුවාව Tag කරන්නත් අමතක කරන්න එපා! 😉