සුදර්ශි - Sudarshi Education Institute

සුදර්ශි - Sudarshi Education Institute නව ලොවක් දකින දරු පරපුරක්

සහෘද සුදර්ශි - Sudarshi Education Institute - මඩල - ආචාර්‍ය මණ්ඩලය විසින් දරුවන්ගේ සංස්කෘතික දැනුම පුළුල් කරණු පිණිසත්, ...
16/04/2023

සහෘද සුදර්ශි - Sudarshi Education Institute - මඩල - ආචාර්‍ය මණ්ඩලය විසින් දරුවන්ගේ සංස්කෘතික දැනුම පුළුල් කරණු පිණිසත්, දරුවන්ගේ මුවඟට සිනහවක් එක් කරනු පිණිසත් පළමු වරට සංවිධානය කරන්නට යෙදුණු බක් මහ උළෙල සාර්ථකව සමාප්ත විය,

මෙකී කර්තව්‍ය සාර්ථක කරගැනුම සඳහා සහයෝගය ලබා දුන් කුමාර අයියා ඇතුලු සම්පත් දායකයින් සැම සිහි කරනුයේ තුති සිතිනි.

එසේම මීට සහයෝගය දැක් වූ ආචාර්‍ය මණ්ඩලය, දුවා දරුවන්, දෙමාපිය, ආදි සිසුන් වෙතද තුති පැසසුම් එක් කරමු.

2024 වසරෙහි අති උත්කර්ෂවත් අයුරින් බක් මහ උළෙලක් සංවිධානය කිරීමේ බලාපොරොත්තු පෙරදැරිව නැවත වරක් සහායෝගය දුන් සැමට තුති කුසුම් පුදමු.

සංවිධායක මණ්ඩලය.

ජනප්‍රියත්වය හඹා යන බොහෝ දෙමාපියන් හා දරුවන් අතර දක්ෂතාවය ගැන පූර්ණ විශ්වාසය ඇතිව අනෝමා ගුරුතුමිය සොයා ආ ගමේ දරුවන්.
12/02/2023

ජනප්‍රියත්වය හඹා යන බොහෝ දෙමාපියන් හා දරුවන් අතර දක්ෂතාවය ගැන පූර්ණ විශ්වාසය ඇතිව අනෝමා ගුරුතුමිය සොයා ආ ගමේ දරුවන්.

පළපුරුද්ද යනු කිසිවෙකුට යම් ක්‍රියාවක නිරත වීමෙන් තොරව කිසිසේත් ලබාගත හැක්කක් නොවන බව පසක් කරමින් මෙවරත් රත්නපුර ප්‍රදේශ...
28/01/2023

පළපුරුද්ද යනු කිසිවෙකුට යම් ක්‍රියාවක නිරත වීමෙන් තොරව කිසිසේත් ලබාගත හැක්කක් නොවන බව පසක් කරමින් මෙවරත් රත්නපුර ප්‍රදේශයේ ඇය උගන්වන පාසලේ වැඩිම දරුවන් ගණනක් පොඩ්ඩන්ගේ විභාගය සමත් කර වූ ගුරු තරුව ඇයයි.

එසේම රත්නපුර සිග්මා ආයතනයේ පන්ති පැමිණි දරුවන් අතරින් වැඩිම පිරිසක් සමත්කර වූ ඇය එයින් නොනැවතී ගමෙහි දුෂ්කරයැයි සම්මත පාසල්වල පොඩි පැටවුන්ට ගුරුහරුකම් දී ඔවුන් ද කඩඉම සමත් කරවූයේ සෙනෙහෙබර සිතිනි.

මීළඟ වසරේත් පොඩ්ඩන්ට සවියක් වන්නට ඔබට සවි ලැබේවා!

ආදරණීය ගුරු පෞරුෂය,
අනෝමා මිස්.
සුදර්ශි ඇදුරු මඩුල්ලේ
හද පිරි සුබ පැතුම් එක් කර සිටිමු.
Anoma Priyanthi

31/12/2022

Address

Madala
Ratnapura

Telephone

+94452265612

Website

Alerts

Be the first to know and let us send you an email when සුදර්ශි - Sudarshi Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share