01/05/2026
Behind every great achievement is the silent strength and dedication of a hardworking workforce. Today, we celebrate the unsung heroes who make it all possible.
Happy Labour Day❤!
14/04/2026
Wishing all our valued clients, partners, and friends a prosperous Sinhala & Hindu New Year! 🌸
ලබන්නා වූ මේ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරුණු වාසනාවන්ත වසරක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු. Let’s welcome this new beginning with fresh ideas and bold steps toward success!
Have a wonderful Avurudu season! ❤
— Team Smart Solutions (Pvt) Ltd.
30/03/2026
Tech Blog - 38 - කවුද මේ මධුර කුලතුංග ?
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ඉතිහාසය සහ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන කතා කරන විට අමතක කළ නොහැකි නමක් වන්නේ මධුර කුලතුංග සහ ඔහුගේ මධුර ශබ්දකෝෂය (Madura Dictionary) ය. මෑත කාලීනව සමාජ මාධ්‍ය හරහා ඔහු පළ කරන පෝස්ට් සහ Ads නිසා බොහෝ දෙනා ඔහුව Troll කිරීමට උත්සාහ කළද, ඔහුගේ සේවය සැබවින්ම ඇගයිය යුත්තකි.
අද අපි කතාකරමු මධුර කුලතුංග සහ මධුර ශබ්දකෝෂයේ ඉතිහාසය, තාක්ෂණික පසුබිම සහ එහි ඇති වැදගත්කම පිළිබඳව.
⭕️ඩිජිටල් යුගයේ සිංහල සන්නිවේදනයේ නිහඬ විප්ලවය
අද අපිට ඕනෑම ඉංග්‍රීසි වචනයක තේරුම Google හරහා තත්පරයකින් සොයාගත හැකිය. නමුත් මීට වසර 20කට පෙර තත්ත්වය මෙයට වඩා හාත්පසින්ම වෙනස් විය. එදා අන්තර්ජාලය සහ පරිගණකය ලංකාවට ආගන්තුක යුගයක, අපට සහායට සිටි එකම "ඩිජිටල් මිතුරා" වූයේ Madura English-Sinhala Dictionary මෘදුකාංගයයි.
📜 පරිගණක PC ලංකාව තුළ ජනප්‍රිය වෙන්නට පටන් ගත් 2000 දශකයේ මුල් භාගයේදී, එනම් 2002 වසරේදී මධුර කුලතුංග විසින් මෙම ශබ්දකෝෂය නිර්මාණය කරන ලදී.
එකල සිංහල Unicode තාක්ෂණය ලංකාවට පැමිණ තිබුණේ නැත. අන්තර්ජාලය භාවිතා කළේ Dial-up කනෙක්ෂන් හරහාය. වෙබ් අඩවියක සිංහල අකුරු කියවීමට නම් අදාළ Font එක පරිගණකයේ තිබිය යුතුම විය. එවන් දුෂ්කර යුගයක, ඉතාම සරල User Interface සහිතව, ඕනෑම පරිගණකයක ක්‍රියා කරන මෘදුකාංගයක් ලෙස මධුර ශබ්දකෝෂය අප අතට පත් විය.
💻 මධුර ශබ්දකෝෂය හුදෙක් වචන ලැයිස්තුවක් පමණක් නොවීය. එය එකල පැවති තාක්ෂණික සීමාවන් ජයගත් නිර්මාණයකි:
Offline Access: එකල අන්තර්ජාලය මිල අධික වූ බැවින්, අන්තර්ජාලය නොමැතිව ක්‍රියා කිරීම මෙහි ඇති ලොකුම වාසිය විය.
ප්‍රමාණයෙන් කුඩා වීම: ඉතාමත් අඩු ඉඩ ප්‍රමාණයකින් යුක්ත වූ නිසා ඕනෑම දුර්වල පරිගණකයක පවා මෙය වේගයෙන් ක්‍රියාත්මක විය.
Compatibility: Windows 98, XP වැනි පැරණි මෙහෙයුම් පද්ධතිවල පවා සිංහල font ප්‍රශ්නයකින් තොරව සිංහල අකුරු පෙන්වීමට මධුර සමත් විය.
විශාල වචන සංඛ්‍යාව: සාමාන්‍ය ව්‍යවහාරයේ වචනවලට අමතරව විද්‍යාත්මක, තාක්ෂණික සහ නීතිමය වචන 230,000 කට අධික ප්‍රමාණයක් මෙයට ඇතුළත් විය.
🎓 ඩික්ෂනරියක් කියවන්නේ කෙසේදැයි නොදැන සිටි පරම්පරාවකට, වචනයක් ටයිප් කළ සැණින් තේරුම ලබා දීම මගින් මධුර කුලතුංග ඉංග්‍රීසි ඉගෙනීම විනෝදාංශයක් බවට පත් කළේය. අද ලංකාවේ සිටින බොහෝ වෘත්තිකයන්, ඉංජිනේරුවන් සහ තොරතුරු තාක්ෂණ ශිල්පීන් තමන්ගේ පාසල් සහ විශ්වවිද්‍යාල අවධියේදී ඉංග්‍රීසි වචන සොයා ගැනීමට භාවිතා කළේ මෙම මෘදුකාංගයයි.
📣 මෑතකදී මධුර කුලතුංග මහතා සිය මුදලින් Facebook හරහා ප්‍රචාරය කරන දැන්වීම් සහ ඒවායේ ඇති කැප්ෂන් නිසා ඔහු 'Troll' වලට ලක් විය. ඇතැමුන් එය 'Cringe' වැඩක් ලෙස හැඳින්වූහ.
නමුත් එහි අනෙක් පැත්ත වන්නේ, ඔහු වසර 20කට අධික කාලයක් තිස්සේ මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමයි. ඔහුට අවශ්‍ය නම් මෙයට ගාස්තුවක් අය කිරීමට හෝ වෙළඳ දැන්වීම් පෙන්වා විශාල මුදලක් ඉපයීමට තිබුණි. එසේ නොකර, රටේ දරුවන්ට නොමිලේ දැනුම ලබා දුන් මිනිසෙකුට, තමන්ගේම සල්ලිවලින් තමන් ගැන ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සම්පූර්ණ අයිතියක් ඇත.
🌟 අවසාන වශයෙන් මධුර කුලතුංග යනු ලංකාවේ IT ක්ෂේත්‍රයේ "නිහඬ වීරයෙකි". තාක්ෂණය දියුණු නැති කාලෙක ඔහු දැමූ අඩිතාලම අදටත් දහස් ගණනක් පිරිසට සෙවන ලබා දෙයි. අද අප භාවිතා කරන දියුණු App වලට වඩා "මධුර ඩික්ෂනරිය" අපිට සමීප වන්නේ එහි ඇති සරල බව සහ එදා අපිට තිබූ අවශ්‍යතාවය එයින් මැනවින් ඉටු වූ බැවිනි.
ඉතින්, මධුර කුලතුංග මහතා තමන්ගේ නම ප්‍රසිද්ධ කර ගැනීමට දරන උත්සාහය ගැන සිනාසෙනවා වෙනුවට, ඔහු එදා කළ සේවයට "ස්තූතියි" කීම අපගේ යුතුකමකි.
ඒ වගේම මේ blog ඕගොල්ලන්ට අපේ main website එක වෙන https://smartsolutionslk.com/ මගින් කියවන්නත් පුළුවන්. එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. නැවුම් දේවල් රැසකින් හමුවෙමු.
🖋Thilina Sandaruwan
(All Rights Received - 2026)
25/03/2026
Stop struggling and start growing.
Many businesses have a great product but lack the digital visibility to reach their full potential. At Smart Solutions, we specialize in bridging that gap. From building a consistent online presence to managing your social media growth, we help you move from "Zero" to "Fully Booked".
Ready to see your business transform? Let’s make it happen.
🔗 Visit us: smartsolutionslk.com
📞 Call: 0701 111 150 / 0742 111 150
📱 Message us on WhatsApp: wa.me/+94742111150
Let’s turn your dreams into reality! 💡
21/03/2026
May the spirit of Ramadan stay in our hearts and light up our path. Eid Mubarak to everyone!
Happy Eid !! 💚
18/03/2026
Empowering your business for the digital age. 🚀
From custom web development to seamless e-commerce and SEO, we provide the tools you need to reach more customers and scale effectively. Let’s turn your vision into a digital reality.
✨ Our Expertise:
Modern Web Development
Complete E-Commerce Solutions
Result-Driven SEO Optimization
🔗 Visit us: smartsolutionslk.com
📞 Call: 0701 111 150 / 0742 111 150
📱 Message us on WhatsApp: wa.me/+94742111150
Let’s turn your dreams into reality! 💡
17/03/2026
Tech Blog - 37 - වර්තමාන ලෝක දේශපාලනික තත්ත්වය හා බලශක්ති අර්බුදය හමුවේ විදුලි වාහන භාවිතයේ ජන ජීවිතයට කෙසේ බලපායිද ?
2026 මාර්තු මාසය ආරම්භවත්ම මැදපෙරදිග කලාපයේ ඇති වූ යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක බොරතෙල් වෙළඳපල දැඩි බලපෑමකට ලක් වුණා. විශේෂයෙන්ම ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත කටයුතු නිසා බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ද 2026 මාර්තු 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කළේය.
ඉන්ධන මිල ඉහළ යන මෙවන් වකවානුවක විදුලි වාහනයක් භාවිතා කිර්‍රිම අපට ලබාදෙන වාසි බොහොමයි.
පෙට්‍රල් හෝ ඩීසල් වලට සාපේක්ෂව විදුලියෙන් වාහනයක් ආරෝපණය කිරීම ඉතා ලාභදායී වන අතර පවතින තත්ත්වය හමුවේ ඉන්ධනහල් සඳහා පෝලිමේ සිටීමද අවශ්‍ය නොවේ.
විදුලි වාහනයක එන්ජින් ඔයිල් මාරු කිරීම හෝ සංකීර්ණ යාන්ත්‍රික කොටස් නොමැති බැවින් වාර්ෂික නඩත්තු පිරිවැය රුපියල් 15,000 - 25,000 අතර මට්ටමක පවතී. සාමාන්‍ය ඉන්ධන වාහනයක මෙය රුපියල් 80,000 ඉක්මවිය හැක.
දුම් පරීක්ෂාවන් අවශ්‍ය නොවන අතර පරිසර දූෂණය අවම කිරීමට මෙය සෘජුවම දායක වේ.
⚠️ කෙසේ නමුත් මේ දිනවල ලංකාවේ විදුලි වාහන (EV) භාවිතයේ අවාසි සහ අභියෝග (Cons)
අලුත් විදුලි වාහනයක් මිලදී ගැනීම සඳහා අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 25,000 (රුපියල් මිලියන 7-10 ට වැඩි) පමණ මුදලක් වැය කිරීමට සිදු වේ.
පොදු ආරෝපණ පද්ධති (Public charging stations) තවමත් කොළඹ සහ ප්‍රධාන නගරවලට පමණක් වැඩි වශයෙන් ඇති අතර, අනෙක් ප්‍රදේශ වල සීමා සහිතයි, ඒවායේ ආරෝපණ ගාස්තුව නිවසේ ගාස්තුවට වඩා වැඩිය.
ලංකාවේ විදුලියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ දිනවල නිපදවන්නේ ගල් අඟුරු සහ ඩීසල් ආධාරයෙනි. එබැවින් විදුලි වාහන භාවිතය සම්පූර්ණයෙන්ම විසඳුමක් ලෙස හැඳින්විය නොහැක. එමෙන්ම ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වුවහොත් එය විදුලි වාහන වලටද බලපානු ඇත.
වසර 3-8 කට පසු බැටරිය මාරු කිරීමට සිදු වන අතර ඒ සඳහා විශාල මුදලක් වැය වේ. එමෙන්ම පැරණි බැටරි බැහැර කිරීමේ විධිමත් ක්‍රමවේදයක් තවමත් මෙරට ස්ථාපිත වී නොමැත.
අපි ඊළඟට ඉන්ධන වාහනයකට සාපේක්ෂව විදුලි වාහනයක ඇති තාක්ෂණික පසුබිම ගැන සරලව බලමු.
🔋 1. බැටරි පද්ධතිය :විදුලි වාහනයක මිලෙන් 40%ක්ම වැය වෙන්නේ එහි බැටරියටයි. වර්තමානයේ බොහෝ වාහනවල භාවිතා වෙන්නේ Lithium-ion (Li-ion) බැටරි තාක්ෂණයයි.
Cells, Modules සහ Packs: දහස් ගණනක් වූ කුඩා බැටරි සෛල (Cells) එකතු කර මොඩියුල සාදා, එම මොඩියුල එකතු කර සම්පූර්ණ බැටරි පැක් එක (Battery Pack) නිර්මාණය කරයි.
Energy Density: බැටරියක් කුඩා වන තරමට වැඩි ශක්තියක් ගබඩා කර ගැනීමේ හැකියාව (High Energy Density) මත වාහනයක් තනි ආරෝපණයකින් යා හැකි දුර (Range) තීරණය වේ.
⚙️ 2. විදුලි මෝටරය: ඉන්ධන වාහනයක මෙන් පිස්ටන් හෝ සිලින්ඩර මෙහි නැත. සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ AC Induction Motors හෝ Permanent Magnet Synchronous Motors ය.
Instant Torque: විදුලි මෝටරයක ඇති ප්‍රධානම වාසිය වන්නේ ඔබ 'Pedal' එක පෑගූ සැණින්, බලා සිටීමකින් තොරව උපරිම බලය (Maximum Torque) රෝද වෙත ලබා දීමයි.
ශබ්දයක් නැතිකම: ඝර්ෂණය අවම නිසා මෙහි ශබ්දය සහ කම්පනය (Vibration) අතිශය අඩුය.
🧠 3. පාලන පද්ධතිය සහ ඉන්වර්ටරය : බැටරියෙන් ලැබෙන්නේ සෘජු ධාරාව (DC) වුවත්, මෝටරය ක්‍රියා කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් (AC) නම්, ඒ මැදට Inverter එකක් අවශ්‍ය වේ.
Speed Control: ඔබ වේගය වැඩි කරන විට මෝටරයට යන විදුලියේ සංඛ්‍යාතය (Frequency) සහ වෝල්ටීයතාවය පාලනය කරන්නේ මෙම ඒකකය මගිනි.
BMS (Battery Management System): මෙය බැටරියේ ආරක්ෂකයා වැනිය. සෑම සෛලයකම උෂ්ණත්වය සහ වෝල්ටීයතාවය නිරීක්ෂණය කරමින් බැටරිය අධික ලෙස රත් වීම හෝ හානි වීම වළක්වයි.
🔄 4. ප්‍රතිජනන තිරිංග පද්ධතිය: මෙය විදුලි වාහනවල ඇති ඉතාම 'Smart' විශේෂාංගයකි.
බලශක්ති ප්‍රතිසාධනය: ඔබ වාහනයේ බ්‍රේක් තද කරන විට හෝ වේගය අඩු කරන විට, වාහනයේ චලිත ශක්තිය (Kinetic Energy) නැවත විදුලිය බවට පත් කර බැටරිය ආරෝපණය කරයි.
වාසිය: මෙහිදී මෝටරය 'Generator' එකක් ලෙස ක්‍රියා කරමින් බැටරියට ශක්තිය ලබා දෙන නිසා වාහනයේ පරාසය (Range) තවත් වැඩි වේ.
🔌 5. ආරෝපණ තාක්ෂණය : විදුලි වාහනයක් ආරෝපණය කිරීමට ක්‍රම තුනක් ප්‍රධාන වේ:
Level 1 (Slow): සාමාන්‍ය නිවසේ පේනුවකින් (AC) ආරෝපණය කිරීම. (පැය 12-24ක් ගතවේ).
Level 2 (Fast): නිවසේ සවිකළ විශේෂ 'Wallbox' එකකින් ආරෝපණය කිරීම. (පැය 4-8ක් ගතවේ).
Level 3 (DC Fast Charging): Charging Station මගින් සෘජුවම බැටරියට විදුලිය ලබා දීම. (විනාඩි 30කින් 80%ක් දක්වා ආරෝපණය කළ හැක).
විදුලි වාහනයක් (EV) කියන්නේ නිකන්ම බැටරියකට මෝටරයක් හයි කරපු රදවනයක් නෙවෙයි. එය අතිශය දියුණු මෘදුකාංග සහ දෘඩාංග එකිනෙකා සමඟ ඉතා සියුම්ව සම්බන්ධ වුණු ඉංජිනේරු විද්‍යාවේ අපූර්ව නිර්මාණයක්.
ලෝක බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම නොවැලැක්විය හැක. එබැවින් දිගුකාලීන ලාභය සහ පහසුව සලකා බලන විට විදුලි වාහනයකට මාරු වීම බුද්ධිමත් තීරණයක් විය හැකිය. කෙසේ වෙතත්, ඔබේ දෛනික ධාවන දුර සහ ආරෝපණ පහසුකම් පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.
ඒ වගේම මේ blog ඕගොල්ලන්ට අපේ main website එක වෙන https://smartsolutionslk.com/ මගින් කියවන්නත් පුළුවන්. එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. නැවුම් දේවල් රැසකින් හමුවෙමු.
🖋Thilina Sandaruwan
(All Rights Received - 2026)
15/03/2026
ඔබට අවශ්‍ය සියලුම Digital Marketing සේවාවන් සඳහා QR එක දැන්ම ස්කෑන් කරන්න. 😁😉
🌍 පිවිසෙන්න: https://smartsolutionslk.com/
10/03/2026
Tech Blog - 36 - මේ දවස් වල හැමෝම කතාවෙන Smart නිවසක් කියන්නෙ මොකක්ද?
මේ දවස් වල හැමෝම කතාවෙන, හැමෝම පුදුමයෙන් හොයන Smart නිවසක් කියන්නෙ මොකක්ද කියලා අද අපි කතා කරමු. අද කාලයේ තාක්ෂණය කොතරම් දියුණු වී ඇත්ද යත්, අපගේ නිවස පවා Smart බවට පත්කිරීමේ හැකියාව දැන් අප සතුව පවතිනවා. Smart Home සංකල්පය යනු ලෝකයේ ඉතාම වේගයෙන් ජනප්‍රිය වන තාක්ෂණික අංගයක්. එහෙනම් අපි කතා කරමු ඔබේ සාමාන්‍ය නිවස ස්මාර්ට් නිවසක් බවට පත් කරගන්නේ කොහොමද සහ ඒ සඳහා අවශ්‍ය වන උපාංග මොනවාද කියලා.
🏠සරලවම මොකක්ද මේ "Smart Home" කියන්නේ?
Smart Home එකක් කියන්නේ නිවසේ ඇති විදුලි පහන්, දොරවල්, විදුලි උපකරණ සහ ආරක්ෂක පද්ධති වැනි දෑ අන්තර්ජාලය හරහා සම්බන්ධ කර, ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය මගින් ඕනෑම තැනක සිට පාලනය කළ හැකි නිවසකටයි.
නිවසක් ස්මාර්ට් කිරීමේදී ඔබට එකතු කරගත හැකි මූලික උපාංග කිහිපයක් මෙන්න:
1. Smart Door Locks - මෙය ඔබේ නිවසේ ආරක්ෂාව සම්බන්ධ වැදගත්ම උපාංගයයි.
සාම්ප්‍රදායික යතුරු වෙනුවට Fingerprint, Passcode, හෝ ජංගම දුරකථනය භාවිතයෙන් දොර විවෘත කළ හැකියි.
ඔබ නිවසින් බැහැරව සිටින විට කවුරුන් හෝ දොර විවෘත කළහොත් ඒ මොහොතේම දුරකථනයට දැනුම්දීමක් (Notification) ලැබෙන අතර, අවශ්‍ය නම් දුරස්ථව සිට දොර ඇරීමට හෝ වසා දැමීමටද හැකියි.
2. Smart Lighting - නිවසේ විදුලි පහන් වල වර්ණය සහ දීප්තිය දුරකථනයෙන් වෙනස් කළ හැකියි.
ඔබ නිවසට පැමිණෙන විට ඉබේම විදුලි පහන් දැල්වීමට හෝ නිවසින් පිටවන විට නිවී යාමට සැකසිය හැකියි.
3. Smart Plugs සහ Switches - ඕනෑම සාමාන්‍ය විදුලි උපකරණයක් ස්මාර්ට් උපකරණයක් බවට පත් කිරීමට මේවා උදවු වෙනවා.
අයන් එක, fan එක නිවා දමා ආවාද යන්න සැක නම්, කාර්යාලයේ සිටම දුරකථනය හරහා එය පරීක්ෂා කර නිවා දැමීමට මේවා මගින් හැකියාව ලැබෙනවා.
4. Security Cameras & Sensors - Motion Sensors හරහා යම් සොරකමක් හෝ අසාමාන්‍ය චලනයක් හඳුනාගත් සැණින් එලාම් එකක් නාද කරවීමට හෝ දුරකථනයට පණිවිඩයක් එවීමට හැකියි.
මීට අමතරව, වතුර වැල්ව, රිමෝට් ගේට්ටුව, කර්ටන් ඇතුලු ඕනෑම දෙයක් පාලනය කරන්න උපාංග දැන් තියන්වා.
මුළු ගෙදරම දුරකථනයෙන් පාලනය කරන්නේ කොහොමද?
Smart Home Hub/Apps: Google Home, Amazon Alexa හෝ Apple HomeKit වැනි මෘදුකාංග හරහා මේ සියලුම උපාංග එකම තැනකට සම්බන්ධ කළ හැකියි.
"Hey Google, turn on the bedroom lights" වැනි සරල හඬ විධානයකින් නිවසේ උපකරණ පාලනය කළ හැකියි.
අවසාන වශයෙන් හැමෝටම දැන් මේවා විශ්වාසවන්තව වගකීමක් සහිතව ගන්න තැන් තියනවා කියලා ඔයාලා දන්නවද ?
ඒ අතරින් වසර ගණනාවක සිට පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනාගත් Smart Home LK ආයතනය විශේෂයි. ඔයාලටත් බය නැතිව ඕනෑම Smart උපකරණයක් මේ ආයතනයෙන් ඇනවුම් කරගන්නත්, ඔයාගෙ නිවස Smart කරගන්නත් පුලුවන්.
ස්මාර්ට් හෝම් තාක්ෂණය කියන්නේ දැන් තවදුරටත් අනාගත හීනයක් නෙවෙයි. ඔබට අවශ්‍ය නම් සරල ස්මාර්ට් බල්බයකින් හෝ ස්මාර්ට් ප්ලග් එකකින් අදම ඔබේ ගමන ආරම්භ කරන්න පුළුවන්.
ඒ වගේම මේ blog ඕගොල්ලන්ට අපේ main website එක වෙන https://smartsolutionslk.com/ මගින් කියවන්නත් පුළුවන්. එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. නැවුම් දේවල් රැසකින් හමුවෙමු.
🖋Thilina Sandaruwan
(All Rights Received - 2026)
08/03/2026
To the women who build, lead, and love: your strength is our foundation. May you always choose your own light.
Happy Women's Day 💖