Lahiru Sankalpa

Lahiru Sankalpa

Share

ගණිත අංශයෙන් ඉදිරියට යන්නට වෙර දරණ සුවහසක් දිරිය දරුවන්ට ආදරයෙන්

09/05/2026
28/09/2024

ඔබ සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න හිතන කෙනෙක් ද ? මේ ඔබට.

දුලාංජලී ප්‍රේමදාස කුරුඳුවත්තෙ එක්තරා බැංකුවකට එනව රුපියල් මිලියන දෙකක් තැන්පත් කරන්න.බැංකුව අඳුනගන්නව ඒ මුදල් හොර සල්ලි බව.සියල්ල CCTV වල සටහන් වෙනව..පැමිණිල්ල කුරුඳුවත්ත පොලීසියට යනව..
එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක හිටිය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඒ මිලියන දෙකේ සල්ලි මිටි දෙක මාධ්‍යට පෙන්වමින් අදාල සිදුවීම විස්තර කරනව.

සජිත් ප්‍රේමදාස එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට කතා කරනව..ඒ අනුව දුලාංජලී අත්අඩංගුවට ගන්නෙ නෑ..කටඋත්තරයක් විතරක් සටහන් කර ගන්නව..

මහින්ද සජිත් එක්ක මළ පැනපු වෙලාවක ඔහු කියනව රණසිංහ ප්‍රේමදාසට ගරු කිරීමක් හැටියට එදා සජිත්ගෙ නංගි බේරුව බව..ඒකත් මාධ්‍යයෙ යනව..සජිත් ඒ ගැන කට හොල්ලන්නෙ නෑ...

විශාල මූල්‍ය වංචාවකට අහුවෙලා හිටපු තමන්ගෙ නංගි හොර පාරෙන් බේරගත්ත සජිත් ප්‍රේමදාස අද රටේ ජනාධිපති වෙන්න ඡන්දය ඉල්ලනව..

ඔබ තේරෙනවද මේ රටට මොකද උනේ කියල ?

නීතිය උන්ගෙ...උන්ට ඕන අපරාධයක් කරන්නත් පුලුවන්.. ඒවයින් බේරෙන්නත් පුලුවන්..උන් ඒව එළිය කියන්න පවා බය නෑ..ලැජ්ජත් නෑ...

ඒ මූල්‍ය වංචාවට සම්බන්ධ සජිත්ගෙ නංගි අද සජිත් දිනවන කැම්පේන් එකේ..ඒ අපරාධයෙන් සජිත්ගෙ නංගි බේරපු මහින්ද රාජපක්ෂ තමන්ගෙ පුතා ජනාධිපති කරන කැම්පේන් එකේ.තවම උන් පසුපස යන ජනතාවකුත් ඉන්නව.

මේක මොනතරම් දූෂිත දේශපාලන ක්‍රමයක් ද ?

තීරණය ඔබ අතේ 🥹

27/09/2024

මෙවරවත් උත්තරීතර පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පුරවමු

අප විවිධ දේශපාලන මත දරන පුද්ගලයන් වෙමු.

එය අපගේ පුද්ගලික අයිතියකි.

නිල් කහ රතු කොල සුදු තැබිලි එකී මෙකී නොකී වර්ණයන්ගෙන් සැදුනු පක්ෂ සඳහා තම ශ්‍රමය මුදල වැයකර පක්ෂ ජයග්‍රහණය සඳහා වැඩකල මිනිසුන් වෙමු.

නමුත්

වසර ගණනාවක සිටම වරින්වර ජනතාව මුලා කරමින් චන්ද මනාප ලබාගනිමින් කාලකන්නි මජර දේශපාලුවන් අපේ ලක් මාතාව බිල්ලට තබා තම පුද්ගලික මඩි තරකර ගත්තේ පරම් පරා ගණනාවකට මුදල් දේපල රැස්කරගනිමිනි

නීතිය තම තමන්ගේ වාසියට හරවාගනිමින් අහිංසක මිනිසුන් සිරගෙවල් වල දමමින් මිනී මරුවන් ස්ත්‍රී දූෂකයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ට ආරක්ෂාව සලසමින් වටිනා සම්පත් විකුනමින් ඔවුන් ඔවුන්ගේ මඩි තරකරගනියි

මදක් සිතන්න
මේ ගෙවෙන්නේ අසීරුම කාලයකි ලක් මාතාව දැඩි ලෙස ඔත්පලව ඇත නමුත් තවමත් ගොඩ ගැනීමට කාලය ඇත

සුවහසක් ශ්‍රී ලාංකික ආදරණීය අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ

විශේෂයෙන් ම ආච්චියෙ සීයේ

දේශපාලකයන් ඔබට ටකරමක් වැසිකිලි උපකරණයක් සිමෙන්ති කොට්ටයක් ලබා දුන්නේ ඔවුන්ගේ පුද්ගලික මුදලින් නොව ඔබේම බදු මුදලින් බව සිහියට ගන්න
දේශපාලුවන් අද සුරසැප විඳින අතර ඔබ අද සිටිනා තැන කල්පනා කර බලන්න

දුප්පත් අහිංසක දුගී ජනතාව කියකියා ඔවුන් ඔබව මුල් කරගෙන ඔබව භාවිතා කරමින් බලය ලබාගනිමින් රිසි සේ සැප විඳින බව ඔබලාට නොවැටහීම කනගාටුවට කරුණකි

පක්ෂ පාට ආගම් කුල බේද මදකට පසෙකින් තබා
මේ රට සංවර්ධනය කිරීම සඳහා ඔබගේ වටිනා චන්දය එකම එක වතාවකට මාන්නය පසෙක තබා 🧭 මාලිමාව ලකුණට ඔබගේ වටිනා චන්දය ලබා දී 🇱🇰 මේ රට මේ ආර්ථිකය වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට සහය වෙන්න

සුභ නැකතට රටට ජය

✍ Buddika

27/09/2024

#රත්නපුරේ_ජනතාවට_පමණයි.

මොන දේශපාලන විවේචන තිබුනත් බර්ටි අනුරාධපුරේ හැදුවා. අලුත් බස්ටෑන්ඩ් එක හදලා පාරවල් ටික හදල කැත නැතුව යන්න පුලුවන් නගරක් හැදුවා..

නිමල් සිරිපාල මහින්දගෙ කාලෙ බදුල්ල හැදුවා. හොද රෝහලක් හදලා, ලස්සන නගරයක් හැදුවා..

මංගල මාතර ගොඩක් ඒව ගොඩ නැගුවා. දේශපාලනික වශයෙන් පරස්පර උනාට ඒක පිලිගන්න ඕනි.

මහින්ද මහත්තය මදි නොකියන්න හම්බන්තොට හැදුවා. ඒ සංවර්ධය ගැන විවාදයක් තියෙන්න පුලුවන්. හැබැයි ලස්සන නගරයක් බවට පත් කලා. .

ලංකාවෙ හැම දිස්ත්‍රික්කෙකම උප නගර ටික හතරැස් කරල, කොන්ක්‍රීට් කරලා ඉරි ඇදල පිලිවෙලකට හැදුනා.
නාරම්මල, තඹුත්තේගම, බෙලිඅත්ත වගේ නගර බැලුවොත් ඒක පේනවා. .

මන් මේ ප්‍රශ්නෙ අහන්නෙ රත්නපුරේ මිනිස්සුන්ගෙන්....

මහ මැතිවරණයක් අත ලග, හැමදාම වගෙ මේ පාරත් රත්නපුර යට වුණා..
පාර්ලිමේන්තුවේ 225න් 13ක්ම රත්නපුරේ.එයිනුත් කැබිනට් මණ්ඩලය සහ සෞඛ්‍ය ,අධිකරණ ,විදුලි බල ,රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,විදේශ කටයුතු වගේ ප්‍රධාන අමාත්‍යාංශ වල ඇමතිකම් දැරුවෙ රත්නපුරේ නියෝජිතයන් තමයි

ඒත් මොන ඇමතිකම් තිබුණත්, ඡන්දෙට විතරක් පොරොන්දු දීපු හොර නායකයින් අපිටත් හිටියා
රත්නපුරේ කිසිම නගර සැලසුමක් නැහැ ,හැමදාම ටවුම යටවෙනවා ,විකල්ප මාර්ග නැහැ ස්කූල් ටයිම් වලට පාරවල් ඔක්කොම බ්ලොක් වෙලා..ඩිපෝහංදියෙ ඉදං මොරගහ යටට යන්ඩ පැය බාගයක් වත් යනවා
ලංකාවේ වැඩිම දිය ඇලි පිහිටා තියෙන්නේ රත්නපුරේ ..ඒත් සංචාරක කර්මාණ්තය අන්තිමයි..හරිහමන් හොටෙල් එකක් වත් නැහැ ..
සුද්දා හදපු කෝච්චි පාරත් නැහැ ...(බස් වල කොළඹ යනකොට බොහෝවිට අවිස්සාවේල්ලට(40km) විතර යනකං හිටගෙන යන්න ඕනි)

රත්නපුරේ බස්ටෑන්ඩ් එක එක පාරක් හැදුවා. උස මදි වෙලා වහලෙ කපලා, GI බට දාල උස්සලා හැදුවා. දැන් ඒ වහලෙ හෙවන වැටෙන්නෙ හෝල්ට් එකෙන් අඩි 10 විතර එහායින්. වැස්සකට හතර දිග්බාගෙම තෙමෙනවා.

නගරයට ඇතුල් වෙන ප්‍රධාන පාලම් දෙකම අබලං. නගරය වටේ තියෙන පාරවල් එකක්වත් සංවර්ධනය කරලා නෑ.(විජේතුංග උන්නැහේ මේ පාර පාරවල් ටිකක් හැදුවා) ගොඩවෙල පාර වගේ රත්නපුරේ තදබදයට තියෙන හොදම විකල්ප පාරත් යටින් හාරලා පතල් දාල.

සමහර වෙලාවල් වලට ෆර්ගසන් එක ලග ඉදලා ඩිපෝ හන්දිය ලගට තියෙන 1.4km යන්න විනාඩි 20 කට එහානම් යනවාමයි. වාහනයක් පාර්ක් කරගන්න තැනක් නෑ. වෙලාවකට කුඩුගල්වත්තෙ BOC එකට යන්න තැපැල් කන්තෝරුව ලග වාහනේ නවත්වලා ත්‍රීවීල් එකක් ගියපු අවස්තා තියෙනවා.

මෑත කාලයේ හදපු එකම ගොඩනැගිල්ල සුපර් මාකට් එක. (පොල) ඒකෙ යට වාහන පාක් එක අපචාර ගුහාවක්. වැසිකිලියක් නෑ. වාහනයක් දාන්න කාන්තාවක් එක්ක යන්න බෑ. තාප්පෙ අයිනෙ හැම වෙලේම එකෙක් දෙන්නෙක් ඉන්නවා එලියෙ දාගෙන. නහයක් තියන් ඉන්න බෑ. හුජ්ජ ගද.

නල්ලමලේ one way ධාවන සැලැස්මක් හදල තියෙන්නෙ. නගරෙටම තියෙන්නෙ පාරවල් දෙකයි. පාරවල් දෙකක් තියාගෙන one way කරනව කියන්නෙ විකාරයක්. මීටර් 500 දුර තියෙන තැනට යන්න 1.5 km යන්න ඕනි. පයින් යන කෙනෙක්ට මේ පාරවල් දෙක යා කරන මාර්ග වැදගත්. එහෙම පාරවල් දෙකක් තියෙනවා. එකක් ධර්මපාලෙ ලගින් යන අඩි පාර. ඒකට කියන්නෙම බොග ලේන් එක කියලා. ඒ මීටර් 200 ඇතුලෙ ගූ ගොඩවල් හය හතක් තියෙනවාමයි. සමහර විට පාසල් සිසුවියන් පාසැල් ඇරිල ටියුෂන් යන්න ඔය පාර පාවිච්චි කරනවා. කෙල්ලො ටික යනකොට අසහන කාරයො පාර මැද්දෙ මලපහ කරනවා. එක්කො සරම ගලවල දාල නිදා ගන්නවා.

අනික් පාර ෆර්ගසන් ප්‍රයිමරිය ලගින් යන පාර. ඒකෙ තමයි කපල්ස් බදාගෙන ඉන්නෙ.

ඒක මානුෂීය අවශ්‍යතාවයක්. ඒ වයසෙ කොල්ලො කෙල්ලොන්ට ආදරේ කරන්න පාර්ක් එකක් රත්නපුරේ නෑ. ඒ නිසා කොල්ලො කෙල්ලො කැලෑබද පාරවල් වල කුඩ ඉහලගෙන හිටගෙන ඉන්නවා. එක්කො පොම්පකැලේ රිංගලා ලොකු ප්‍රශ්න ඇතිකරගන්නවා.

නිවාඩු දවසක ලමයෙක් එක්ක යන්න පාර්ක් එකක් රත්නපුර්රෙ නෑ. .

පාර්ලිමේන්තුවේ ඇමතිකම්, මන්ත්‍රීකම් දරන ඔය ඉන්න 13 දෙනා එක වැඩ ගානෙ රත්නපුරට කලා නම් මෙච්චර ප්‍රශ්න තියෙන්නෙ විදිහක් නැහැ

ඡන්ද අරං පාර්ලිමේන්තුව ගිහින් එයාලගෙ බල පුළුවංකාරකම් වලින් පතල් හාරපු එක, ෂෙඩ් දාපු එක, අවුරුදු 99ට රජයේ වතු බදු ගත්ත එක ඇරෙන්න මොනාද කලේ?

සිලෝන් බ්ලැක් ටී හදන්න විශාල දායකත්වයක් ලබා දෙන්නෙ රත්නපුරෙන්, ලෝකයේ හොදම නිල් මැණික් ඇතුළු මිණිකැට තියෙන්නෙත් රත්නපුරේ, ඒත් ඒවා නගා සිටවන්න, ආයෝජන කරන්න , දියුණු කරන්න , ව්‍යාපෘතිය කරන්නෙ නැත්තෙ ඇයි?

ඇයි උබලා මුන්ට තවත් ඡන්දෙ දෙන්නෙ?
හොරුන් එළවමු... දක්ෂයින්ට තැනදෙමු... අලුත් රටක් හදමු...

~Copied ~

25/09/2024
Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


D 1/15, Kottagangoda, Nivitigala
Ratnapura
70400