03/10/2021
පරිගණක Monitor එකක් මිලදී ගැනීමේදී දැනගත යුතු දේවල් ගැනයි මේ පෝස්ට් එක. මෙහි සමහර කරුණු TV වලටත් අදාලයි.
පරිගණක තිරය කියන්නේ ඔයාගේ පරිගණකයේ වැදගත්ම උපාංගයක්. ඒ ඇයි කියනවනම් ඔයා කරන හැම දෙයක්ම කරන්නේ මේ තිරය දිහා බලාගෙන නේද? ඉතින් ඔයා Film එකක් බැලුවත්, Game එකක් Play කළත්, ලස්සන Selfie එකක් එඩිට් කළත් එහෙම නැත්නම් මේ ලිපිය වගේ Text එකක් හරි Document එකක් හරි කියෙව්වත් මේ හැම දේම කරන්නේ Monitor එක ආධාරයෙන්. ඉතින් ඔයාගෙ Monitor එක හරියට නැත්නම් ඔයාගෙ Experience එක ඒ තරම් ගුණාත්මක වෙන එකක් නැහැ නේද?
ඉතින් ඔයා අළුතින් මිලදී ගන්නවනම් මේ Device එක ගැන හරියට දැනගෙන ගියොත් ඔයාගෙ අවශ්‍යතාවයට ගැලපෙන Quality Monitor එකක් තෝරගන්න පුළුවන්.
ඔයා Monitor එකක් මිලදීගන්න ගියාම Market එකේ විවිධ නිශ්පාදකයන්ගේ විවිධ මාදිලි වල Monitors දකීවි. ඇත්තටම ඒවා සන්සන්දනය කරලා හොඳ Monitor එකක් තෝරගන්නේ කොහොමද? ඒවායේ දැක්වෙන 4K, 1440p, 1080p, HD Resolution මේ සංකේත වලින් අදහස් කරන්නේ මොනවද? ඒවාගේ වෙනස්කම් මොනවද? මේ ගැන අපි කතා කරමු.
01. ඔයා මේ Monitor එක මිලදී ගන්නා කාරණය ගැන හිතන්න. Game එකක් Play කරන්න, වෘත්තීයමය කාරණා සඳහා හෝ සාමාන්‍ය භාවිතයට වගේ ඔයාගේ අවශ්‍යතාවය හරියටම තීරණය කරන්න.
02. Resolution : මේක Monitor එකක් මිලදී ගනිද්දි බලන්නම ඕන දෙයක්. මේකෙන් අදහස් වෙන්නේ Monitor එකේ කොතරම් Pixel ප්‍රමාණයක් උස x පළල කියන format එකට තියනවද කියන එකයි. ඔයා දැකලා ඇති 1920 x 1080 කියලා දක්වලා තියනවා. (1080p, Full HD (FHD) හා HD කියන්නෙත් මේකටමයි) කොහොම නමුත් ඉහළ Resolution සහිත Monitor එකක් ඉහළ ගුණාත්මකභාවයකින් යුක්තයි. (QHD හා 4K වගේ) ඉතින් Resolution ප්‍රමාණය ඉහළ යනවත් එක්කම මිලත් ඉහළ යනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
03. Screen Size : තිරයේ විශාලත්වයත් Resolution වගේම වැදගත්.ඒක Inches වලින් මනිනවා. අඟල් 17, 19,24, 32 වගේ විවිධ ප්‍රමාණයන්ගෙන් තියනවා දකින්න පුළුවන්. මේ අඟල් ප්‍රමාණය මනින්නේ diagonal විදියට. ඒ කියන්නේ මුල්ලෙන් මුල්ලට. ඒත් විශාල තිරයක අඩු Resolution ප්‍රමාණයක් තියනවනම් Quality එක අඩු වෙනවා. මේකෙ ගුණාත්මකභාවය ගැන තේරුම්ගන්න ppi (Pixel per Inch) අගය ගැන සලකා බලන්න. ppi අගය වැඩි නම් Picture Quality එකත් වැඩියි.
04. Refresh Rate : මේකෙත් විශාල අගයක් තියනවනම් හොඳයි. මේක හර්ට්ස් වලින් මනිනවා. (Hz) මේකෙන් ඔයාගේ Monitor එක තත්පරයට කොච්චර ප්‍රමාණයක් Refresh වෙනවද කියන එක දක්වනවා වගේම වැඩි අගනක් ගන්නවනම් හරිම Smooth experience එකක් ලැබෙනවා. විශේෂයෙන් ඔයා Die-hard Gaming fan කෙනෙක් නම් ඔයාගේ Monitor එකේ refresh rate එක 75 Hz ක් හෝ120 Hz වගේ අගයක් ගන්නවනම් හොඳයි.
05. තිරය : IPS Display … මේ වචනය අහල ඇති නේද? මේ කියන්නේ තිරය ගැන. මේකෙ විවිධ වර්ග තියනවා TN , IPS, VA කියලා. මේකෙන් TN කියන වර්ගය වේගවත් වගේම මිලෙන් අඩුයි.හැබැයි ඔයා පැත්තෙන් බලද්දි මේකෙ තියන රූප නම් ඔයාට හරියට පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ Vieving Angle එක හරි නැහැ. IPS වල වර්ණ හොඳින් පෙන්වනවා.මිලෙන් වැඩියි. VA panel වල ගුණාත්මකභාවය හොඳයි. මේකෙ තාක්ෂණික කරුණු අඩු කලේ Post එක දිග වැඩි වෙන නිසා.
06. Curved Monitor : ඔයාලා දැකලා ඇති සමහර Monitors තියනවා වක්‍රාකාර ස්වභාවයක් ගත්ත. මේවා තරමක් මිලෙන් වැඩියි හැබැයි User experience එක හරිම හොඳයි.ඒ වගේම අපේ ඇස වෙහෙසට පත් කරවන ස්වභාවය අඩුයි.
07. Response Time : මේකේ නම් අගය අඩුවෙන තරමට හොඳ User experience එකක් ලැබෙනවා. හැබැයි මේක ගොඩාක් වැදගත් වෙන්නේ Games සඳහාම Monitor එකක් ගන්නවනම් තමයි.
08. LCD ද LED ද ? : LCD Monitors වල තිරය සඳහා ආලෝකය දෙන පසුපස light එක fluorescent, බලශක්තිය වැඩියෙන් භාවිතා කරනවා LED කියන වර්ගයට වඩා. LED වර්ගයේ මේ සඳහා භාවිතා වෙන්නේ Light Emitting Diode කියන තාක්ෂණය.මේකෙත් වර්ග දෙකක් තියනවා edge lighting and full array lighting කියලා. දැනගන්න ඕනි දේ සරලව කිව්වොත් LED හොඳයි LCD වලට වඩා.
09. මීට අමතරව ඔයාගේ Graphic Processor එක වගේ වැදගත් කරුණුත් Quality එකට බලපානවා. කොහොම උනත් අපි අද කතා කරන්නේ Monitors ගැන නිසා ඒවා වෙන දවසක බලමු. ආ තව ඔයා ගන්න යන Monitor එකේ උස අඩු වැඩි කර ගන්න පුළුවන්ද? Screen එක දෙපැත්තට, උඩට පහළට හරවන්න පුළුවන්ද? තිරය මතුපිට Glossy ඒ කියන්නේ දිලිසෙනවද නැතිනම් Mat ද කියන ඒවා ගැනත් (දිලිසෙද්දි රූප ලස්සනට පෙනුනත් බාරිහ ආලෝකය වැඩි තැන් වලදි පසුපස තියන දේවල් වල ප්‍රතිබිම්බ තිරයේ පේන්න ඉඩ තියනවා) Power Consumption එක ඒ කියන්නේ බලශක්ති පරිභෝජනය (Energy Stars වලින් නිශ්පාදකයා මේක දක්වනවා. Stars වැඩි ඒව හොඳයි) ගැනත් සැළකිළිමත් වෙන්න. තව මේක පරිගණකයට සම්බන්ධ කරන Port එක HDMI හා VGA Support කරනවද ඔයාගෙ පරිගණකයේ ඊට අදාල Ports තියනවද කියලත් බලන්න. සමහර Monitors වල speakers පවා තියනවා.
මේක ගොඩාක් තාක්ෂණික පැතිකඩකින් බලන්න පුළුවන් කාරණා සහිත උණත් මම මෙතන උපරිම උත්සාහ කළේ සරලව ඔයා දැන ගත යුතුම කරුණු කෙටියෙන් ඉදිරිපත් කරන්න එහෙමත් නැත්නම් Quick Monitor Shopping Tips ගැන.
තාක්ෂණික කරුණු සම්බන්ධව ඔයාලට යම් ගැටළු තියනවනම් හරි මීට අමතරව ඔයාලට මතක්වෙන කරුණු තියනවනම් ඒවා පහළින් Comment කරන්න. මේ ලිපි පෙළ වටිනවනම් තවත් කෙනෙකුට දකින්න Like කරන්න Share කරන්න අමතක කරන්න එපා !