SFT with Bhanuka Welivitiya

SFT with Bhanuka Welivitiya

Share

SFT for A/L student "හොදම දේ දරුවන්ට"

10/11/2025
01/10/2025

Happy Children's Day

සියලුම දරුවන්ට නිදුක් නීරෝගී සුභම සුභ
ලෝක ළමා දිනයක් වේවා......❤️

28/06/2025

ඉගෙනීම තරම් ජීවිත උඩු යටිකුරු කරන්න පුලුවන් බර අවියක් තවත් නෑ.
ඉගෙනගන්න..!!!

17/03/2025

දරුවෙක් ඉගනගත්තොත් ගොඩයන්නෙ දරුවෙක් නෙමේ පවුලක්

15/03/2025

"ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම්"

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා.

1. ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (Sri Lanka Qualifications Framework - SLQF)

2. ජාතික වෘත්තීය පුහුණු යෝග්‍යතා මාර්ගෝපදේශය (National Vocational Qualifications Framework - NVQF)

SLQF ස්ථර 12 කටත්, NVQF ස්ථර 7 කටත් බෙදෙනවා.

මේ සටහනේ තියෙන්නේ ඒ ස්ථර ටික.

එක් එක් SLQF ස්ථරයට අනුරූප වන NVQF ස්ථරය මොකක්ද කියන එකත් සඳහන් කරලා තියෙනවා.

මේකෙන් බලලා හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

උපුටා ගැනීම - විකුම් හර්ෂණ -

Photos from SFT with Bhanuka Welivitiya 's post 05/02/2025

"පනාමුරේ ඇත් රාජා" - නායකත්වයේ පරමාදර්ශය
සිය අලි පරපුර නිදහස් කර ගැනීමේ උදාර චේතනාවෙන් යුතුව දින 4ක් පුරාවට එඩිතරව සටන් වදිමින් පනාමුරේ ඇත් රාජා තම ජීවිතය පූජා කළේ අදින් හරියටම වසර 70කට කලින් එනම් 1950 වසරේ අගෝස්තු මස 09වන දාකය. එදවස අවුරුද්දකට දෙකකට වරක් ඇත්ගාලක් පවත්වා වල් අලින් අල්වාගෙන පසුව ඔවුන් විකිණීම සිදු කරනු ලැබීය. ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප‍්‍රථම කථානායක වරයා වූ ශ‍්‍රීමත් ෆ‍්‍රැන්සිස් මොලමුරේ මහතා වසර කිහිපයක් තිස්සේම ඇත් ගාල් පවත්වා ඇත. 1950 වසරේදී පවත්වනු ලැබූ පනාමුරේ ඇත්ගාල ශ‍්‍රී ලංකාවේ අවසාන ඇත්ගාල වශයෙන් ඉතිහාස ගතවී තිබේ. එය නැරඹීම සදහා පැමිණ සිට පිරිසේ ප‍්‍රධාන අමුත්තා වූයේ අග‍්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි ය. හමුදාපති රෝස් මහතා හා කීර්තිමත් ඉංගි‍්‍රසි ලේඛක දොස්තර ආර්.එල්.ස්පිටල් මහතා ඇතුලූ සුදු නිළධරයෝ රැසක් රාජකීයයන්ගේ කුටියෙහි අසුන්ගෙන සිටියහ. එම වසරේ මාර්තු මස 5වන දා රාති‍්‍ර පනාමුරේ ඇත් ගාලට 27 දෙනෙකුගෙන් යුතු වල් අලි රංචුවක් කොටු කරගෙන ඇත. පැටවු දෙදෙනෙක්ද එ් අතර වූහ. රංචුවේ නායකයා වූයේ අඩි 9ක් පමණ උසින් හා අඩි 13ක් පමණ දිගින් වූ හස්තියෙකි. අවුරුදු 25ක් තරම් වයස ඇති යැයි කිවහැකි ඌ අනෙක් 24 දෙනාටම වඩා උසින් වැඩිය. පනාමුරේ ඇත් රාජා යනුවෙන් පසු කාලයේ ගීයට නැගුනද ඌ ඇතෙකු නොව සද්දන්ත අලියෙකි. ඇතුන් ලෙස හැඳින්වෙන්නේ දළ සහිත අලින්ටය. එහෙත් මෙම අලියාගේ දත් දෙක පනු දළ යැයි සදහන් කරන ඉතා කුඩා දළ දෙකක් ආකාරයෙන් තරමක් ඉදිරියට නෙරා විත් තිබුණි. (ජීවමාන හස්තියාගේ අනුරුවේ එය පැහැදිලිව දක්නට ලැබේ.)

හීලෑ අලි 14 දෙනෙකු පමණ යොදා මෙම ගාලේ සිටින වල් අලින්ව ගස් බැඳීම සිදු කිරීම සාමාන්‍ය කි‍්‍රයාවලියක් වුවත් වා ගැබ දෙදරවන හඬින් ගොරවා එළවාගෙන එන රැළේ නායක අලියා නිසා දෙවන දිනය අවසාන වන විටත් ගස් බැඳගත හැකි වී තිබෙන්නේ 9 දෙනෙකු පමණි. පිරිවර අලි 9 දෙනෙකු අත්අඩංගුවට පත්වීම නායක අලියාට ඉවසිය නොහැකි විය. එබැවින් නායකයාගේ හැසිරීම එන්න එන්නම බියකරු අතට පත් විණි. හිටි හැටියේම පොළොව ගිඟුම් දෙන තරමට අඩි ඔබා හඹා එන නායකයා හීලෑ අලියකුට පහර දී තවත් එකෙකු පසුපස එලවා යයි. කැලේ අක්කර ගණනාවක විශාල කොටසක් මැදිවන සේ ඇත්ගාල් සාදා ඇති බැවින් අලියෙකුට එහි සිතු සේ සැඟවී සිටිය හැක.

3වන දිනයේ දහවල වන විට අලියාගේ ප‍්‍රචන්ඩ භාවය තවත් වැඩි වෙමින් පැවතිණි. පසුව ඉතා අසීරුවෙන් නායකයා හැර පිරිසේ සිටි 26 දෙනාම ගස් බැඳි සේවකයෝ මොලගොඩ මහතාගෙන් ඉදිරි උපදෙස් පැතීය. කෙසේ හෝ නායක හස්තියා විලංගුවට අසුකර ගන්නා ලෙස එ් මහතා සේවකයින්ට අණ කළේය. එ් අනුව හීලෑ අලි 14 දෙනෙකු, ඇත් ගොව්වන් 28 දෙනෙක් හා අලින්ගේ පාද වලට තොණ්ඩු දමන පනිත්තලයින් පිරිසක් ද නායකයා කොටුකර ගන්නට වලිකන්නට වූහ. තමා කොටු කිරීමට පැමිණි හීලෑ අලි තිදෙනෙකුට පහර දී පළායන නායක හස්තියා අනෙක් උන්ටද පහර දීමට පැනගෙන ආවේය. හරියටම එය වල් අලියාගේ හා හීලෑ අලි 14 දෙනෙකුගේ විවෘත සටනක් වීය. මෙලෙස පැය ගණනාවක් වෙහෙස වූවත් නායකයාට විලංගු දැමිය නොහැකි බව වටහා ගත් මොලමුරේ මහතා නායකයාට නිදහස් වී යාමට ඉඩදිය යුතු යැයි කල්පනා කළේය. ගාලේ දොර ඇරිණි. නායකයාට පළා යාමට ඕනෑ තරම් ඉඩකඩ සැලසිනි. එහෙත් නායක හස්තියාට පළායාමේ කිසිදු උවමනාවක් නොවීය. පිරිවර පිරිස අතහැර පළායාමට නායකයා සූදානම් නැති බව කාටත් පැහැදිලි විය. ගාලේ දොර ළ`ගට ගියද ඉන් පිට නොවී ආපසු හැරුනු හස්තියා යලිත් සටන් බිමට පිවිසියේය.

හීලෑ අලින්ට පහර පිට පහර දී උන් පසුබසිත්ම විලංගුවේ වැටී සිටි සිය පිරිවර මුදාගැනීම සදහා උන් බැ`දි ගස්වලට පා පහර එල්ල කළේය. පිරිවර එකෙකු හෝ රඳවා පළා යාම ඌ ප‍්‍රතික්ෂේප කරන බව පැහැදිලි විය. සැබෑ නායකත්වයේ අරුමය තිරිසනෙකු වූ මෙම හස්තියා තුළ වීය. පෞද්ගලික නිදහස ලබා ගැනීම නොව පොදු නිදහස දිනා ගැනීම උගේ අරමුණ වීය. සුලූ වාසියක් වෙනුවෙන් ජාතියම පාවා දීමට පසුබට නොවන නායකයන්ගෙන් යුත් මිනිස් පරපුරට පනාමුරේ හස්තියාගේ උදාර නායකත්වය අතුල් පහරක් නොවන්නේද? පිරිසටම එකෙකු සේ සැලකීම නායකත්වයේ විශිෂ්ට ගුණය විය යුතුය යන්න පෙන්වමින් ඌ කළ සටන එන්න එන්නම දරුණු වූයේය. එදා මෙම සිද්ධිය ඇසින් දුටු සිංගප්පුලි ලියනගේ අප්පුහාමි හමු වූ මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතාට ඔහු පවසා ඇත්තේ (2014.08.24 සිළුමිණ 10 පිටුව) උපන්තේකට මං එ් වගේ සිද්ධියක් දෑහින් දැකලා නෑ මහත්තයෝ. මේ ගමේ පුංචි රාළහාමි එක්ක මාත් එදා ඇත් ගාලේ නොයෙක් වැඩ කළා.... එයාව මෙල්ල කරන්න මොලමුරේ හාන්දුරුවෝ දාපු ඇතාටත් මෙයා පහර දුන්නේ තුන්මුණින් වැටෙන්න. මං හිතන්නෙ අන්තිම දවස් වල දවස් 4ක් විතර අපි දුන්න කෑම බීමත් ඌ ගත්තෙ නෑ...” නායකයා වරින් වර පැමිණ හීලෑ අලින්ට පහර දී පළා යාම පසුබැසීමක් නොව සටන් උපක‍්‍රමයක් බව පැහැදිලි වූයෙන් ඇත් ගොව්වන් සහ තොණ්ඩු දමන්නන් ඇතුළු සේවකයෝ නායක අලියා කොටු කිරීමේ අදහස අතහැර දිවි රැක ගැනීමට උත්සුක වූහ.

ගාල් කරන ලද සතෙකු නියමිත කාල සීමාවක් තුළ ගාලෙන් ඉවතට ගත යුතු බවට ලංකා රජයේ වන සත්වාරක්ෂක නීතියේ සටහන් වී තිබේ. එවැනි නීතියක් පවතිද්දී පාර්ලිමේන්තුවේ කථානායක ෆ‍්‍රැන්සිස් මොලමුරේ මහතාට අයත් පනාමුරේ ඇත් ගාලේ අලි 26 දෙනෙකු දින කීපයක් තිස්සේ බැ`දගෙන සිටින්නේය යන පුවත ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම් පෙරේරා මහතාට ආරංචි වී එ් පිළිබඳ රටපුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළේය. අලියෙකුගේ වටිනාකම දත් මොලමුරේ මහතාට එ් සද්දන්තයා මැරවීමට තීරණය ගැනුම ලේසි පහසු නැත. ගස්බැඳි අලි රළ ලිහා හැරීමටද නොහැකිය. පුරා රැයක් නිදි වර්ජිතව පහන් කළ හෙතෙම දස අතේ කල්පනාකොට අවසන් තීරණයකට බැස්සේය. නායකයා මරා දමා සෙසු අලි 26 දෙනාගේ අයිතිය සහතික කර ගැනීම එකී තීරණය විය. හස්තියා මරා දැමීමට තීන්දුකර ඇති බව දැනගත් ඇත්ගාලේම සේවය කළ මඩුවන්වෙල පුංචිකෝරාල දෑසින් රූරා වැටෙන කඳුළු පිස දමමින් මොලමුරේ මහතා ඉදිරියට ගොස් දණගසා වැඳ වැටී ” අනේ අප්පො මේ හස්තිරාජයා මරන්ඩ එපා” යි බැගෑපත් ඉල්ලීමක් කළත් මොලමුරේ මහතා පරුෂ වචනයෙන් බැන වැදී ඔහුව එළවා ගත්තේය.

මේ වන විට රත්නපුර පොලිසියේ සිට 6 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් රයිෆල් 6ක්ද සමගින් එහි පැමිණ සිටියේ කථානායකතුමාගේ ඉල්ලීමක් අනුවය. ඔවුන් සියලූදෙනාම දක්ෂ වෙඩික්කරුවන්ය. එකම වෙඩි පහරකින් අලියා බිම හෙළන ලෙස මොලමුරේ මහතා එහි නායකයාට නියෝග දුන්නත් එය එසේ කළ නොහැකි බවත් උණ්ඩ කීපයකින් අලියාගේ මරණය සිදුකළ හැකි බවත් ඔහුගේ පිළිතුර වීය. ”ගෙටවුට් යු බගර්ස්” යනුවෙන් ගෝරනාඩු කළ මොලමුරේ මහතා පොලිස් කණ්ඩායම පළවා හැරියේය.

ඉක්බිති හෙතෙම වහා ගොස් තවත් පුද්ගලයෙකුට දුරකතනයෙන් ඇමතුමක්් දුන්නේය. ඔහු ලංකා නාවික හමුදාවේ කොමදෝරු නිලයක් හෙබවූ අධිනීතිඥවරයෙකි. එවකට ශ‍්‍රී ලංකාවේ විසූ ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයා වූ මේ ද්‍රවිඩ ජාතිකයා නමින් සෑම් කදිරගාමර් විය. හිටපු ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ වැඩිමහල් සොහොයුරා ය. කැ`දවීමෙන් පසු ඇත්ගාල වෙත පැමිණ සිටි වෙඩික්කාරයාට, අලියා එකම වෙඩි පහරින් බිම හෙළන ලෙස මොලමුරේ මහතා නියෝග කළේය. ”YES SIR” (හො`දමයි මහත්මයාණෙනි*) යනුවෙන් කී හෙතෙම නියෝගය පිළි ගත්තේය.

රයිෆලය අතින් ගත් කදිරගාමර් මහතා ගාලේ වැටෙන් ඇතුළු වී බඹ කිහිපයක් ඉදිරියට යන විට හතුරාට පහර දීමට හස්ති රාජයා ඉදිරියට දිව ආවේය. නොසැලී සිටි වෙඩික්කාරයා අලියා තමාට අඩි 100ක් තරම් ළං වන විට තම දකුණු දණහිස බිමට තබා අනෙක් පාදය ඉදිරියට තබා රයිෆලය එල්ල කර ඉලක්කය ගත්තේය. අලියා තවත් අඩි කීපයක් ඉදිරියට එත්ම පනාමුරේ පමණක් නොව මුළු දිවයිනම කම්පා කළ වෙඩි හඬ ගුවනට මුසු විය. රයිෆල් සිදුරෙන් රිංගාගත් ගිනි ගුලිය හස්ති රාජයාගේ නළල සිදුරු කරමින් හිස තුළට කිඳා බැස තිබුණි. ඇත් රාජාගේ කාලවර්ණ හිස රත් පැහැ ගැන්වී රුධිර ධාරා වගුරුවමින් තව දුරටත් තම වරිගය වෙනුවෙන් සටන් කළ නොහැකිව අඩපන වූ හස්තියාගේ පසු පා නැමී පස්ස බිම ඇනෙත්ම ඉදිරි දෙපා නැමී ගොස් දැවැන්ත සිරුර මිහිකත බදා ගත්තේය. එතෙක් ඌ දිවි නොතකා සටන් කළේ සිය පරපුරේ නිදහස උදෙසා ය. නිදහස උදෙසා සටන් කිරීම වීරකමකි. එහෙයින් තිරිසනෙකු වුවද පනාමුරේ හස්තියා මියැදුනේ වීරයෙකු ලෙසිනි. වරිගය වෙනුවෙන් සටන් කොට දිවි දුන් පනාමුරේ ඇත් රාජාගේ එඩිතර භාවය සදානුස්මරණීය ලෙස ගෙන් ගෙට දෝංකාරය දෙන ”පනාමුරේ ඇත් රාජා” ගීතය නිර්මාණය වූයේ මෙම දුක්මුසු දසුන සියැසින් දැක කම්පනයට පත් වූ සුගතපාල මලලසේකර කලාකරුවා අතිනි. මේ සිද්ධිය පිළිබඳව ලැව් ගින්නක් මෙන් පැතිරී ගිය මහජන විරෝධය නිසා එදිනෙන් පසු ශ‍්‍රී ලංකාව තුළ ඇත්ගාල් පැවැත්වීම රජයෙන් තහනම් කරන ලදී.

පනාමුරේ ගීතය

පනාමුරේ පනාමුරේ
පනාමුරේ ඇත් රාජා //

අභීත නද පා හස්ති රාජා එ් //
කළේ සටන් පා තේජා
පනාමුරේ ඇත් රාජා

සොහොයුරු කැල සොයනා වූ නිදහස
සඳහා පණ දුන් ආලේනී //
ජාතිය උදෙසා ජීවේ පුදලා
සිහි වේ සිහි වේ නාමෙ ඔබගේ
කළේ සටන් පා තේජා

තිරිසන් භවයේ උපනත් ඔබ ගේ හෝ.....
සැම දා සිහිවේ එඩිතර භාවේ //
රුදු මිනිසා ගේ එ් වෙඩි පහරින්
එඩි පා ළය දී ගියේ ද සුරලෝ
පනාමුරේ කැළයේ දී //
පනාමුරේ ඇත් රාජා......

පද මාලාව සහ ගායනය
සුගතපාල මලලසේකර

කතාව මෙතෙකින් අවසන් වන්නේ නැත. පනාමුරේ හස්ති රාජයා වෙඩි තබා මරා දැමීමෙන් පසුව මොලමුරේ මහතාට ජීවත් වීමට ඉඩ ලැබී ඇත්තේ දින 164ක් පමණි. එනම් 1951 වසරේ ජනවාරි මස 21වන දින පාර්ලිමේන්තුවේ සිටියදීම හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් එතුමා සිහි විසඥව කථානායක අසුනේම ඇදගෙන වැටීමෙන් පසු වහාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළත් සිහිය නොලබාම පසුදා මියගොස් ඇත. ඔහු හෘදයාබාධය වැළඳී කථානායක පුටුවේ වැටී සිටියේ, වෙඩි වැදී වැටී සිටිය පනාමුරේ ඇත් රාජාට සමාන ආකාරයකින් බව ඔහුගේ විරුද්ධවාදී මන්තී‍්‍රවරු ප‍්‍රචාරය කර ඇති බවක්ද දැනගන්නට ඇත. අනුකම්පා විරහිත ලෙස හස්තියා ඝාතනය කළ ශාපය ඔහු පසු පස හඹා ආ බව පිළිගන්නා තවත් පිරිසක්ද මේ අතර සිටී.

වසර කීපයකට කලින් මාධ්‍යවේදී උපාලි සමරසිංහ නම් මහතෙක් සෑම් කදිරගාමර් මහතාගේ බිරිඳ සමග කරන ලද සාකච්ඡුාවකදී (2014.08.24 - සිළුමිණ*) එතුමිය පවසා ඇත්තේ .... 1990 වසරේදී කදිරගාමර් මහතා මිය යන තෙක්ම හස්තියාගේ ඝාතනය පිළිබඳ ඔහු බෙහෙවින්ම කනගාටු වී ඇති බවයි. එදා වෙඩි තැබූ රයිෆලය පෙනෙනවාටත් අකමැති වී තිබෙනවා. පසුව දැනගැනීමට ලැබී ඇත්තේ එය ඉතා අඩු මුදලකට විකුණා දමා ඇති බවය.
ලිපියේ සඳහන් බොහොමයක් කොටස් උපුටාගෙන ඇත්තේ දිවංගත පියසේන කහඳගමගේ මහතාගේ කෘතියක් වූ ”පනාමුරේ ඇත්රාජා” ග‍්‍රන්ථයෙනි. එබැවින් මේ හා සම්බන්ධ සියළු ගෞරවය හා ස්තූතිය එතුමාට හිමි විය යුතුය. පොතේ ප‍්‍රථම මුද්‍රණය 1994 වසරේ මැයි මාසයේ සිදු කර ඇත්තේ වරකාපොළ ආරිය ප‍්‍රකාශකයෝ මඟිනි. උපාලි සමරසිංහ සහ උපුල් නන්දික බෙද්දේගම මහතාට ද ස්තූති වන්ත වන අතර සේයා රූ අනුග‍්‍රහය ඩබ්.විජේසෝම, අජිත් ජයවර්ධන සහ හිටපු පොලිස් අධිකාරී සමන් රත්නායක මහත්වරුන්ගෙනි.

මෙම ලිපිය සකස් කිරීම සදහා අන් කවරෙකුටත් වඩා මට සුදුසුකම් ඇතැයි කියා සිතෙන්නේ මෙම සිද්ධිය සිදු වූ 1950 වසරේදී ම මාගේ උපත ද සිදු වී ඇති බැවිනි !

පනාමුරේ ඇත් රාජා - Sugathapala Malalasekara
https://www.youtube.com/watch?v=6mbdtyujg6I

27/01/2025

පෘථිවියේ පවතින සියලුම බීජ තබා ඇති ලෝකාන්තයේ සුරක්ෂිතාගාරය වන්නේ මෙයයි. එය උතුරු ධ්‍රැවයේ සිට කිලෝමීටර් 1,300 ක් පමණ දුරින් නෝර්වේහි ස්වල්බාර්ඩ් දූපත් සමූහයේ පිහිටා ඇත. 2008 දී විවෘත කරන ලද මෙම භූගත ගබඩාව ස්වභාවික විපත්, ගැටුම් සහ දේශගුණික විපර්යාස නිසා ඇතිවන ජානමය ජෛව විවිධත්වය අහිමි වීම සඳහා රක්ෂණයක් ලෙස ක්‍රියා කරමින් ලොව පුරා බෝග පැල බීජ මිලියන 4.5 ක් සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇත. ඉතින්, ලෝකය කවදා හෝ විනාශ වී ඇත්නම් සහ ඉතිරිව සිටින එකම පුද්ගලයා ඔබ නම්, යා යුත්තේ කොතැනටදැයි ඔයාලා දැන් දන්නවා.😱❤️

15/12/2024

මහවැලි ගඟ වැඩිම උසකින් හිර කරන් ඉන්න යෝධයො 8 දෙනා ගැන අහල තියෙනවද....🤔😳
....වික්ටෝරියා වාන් දෙරටු පෙල.....

වාන් දොරටු ගැන කතා කලොත් එක වාන් දොරක ඉදිරිපස කොටසේ බර ටොන් 25 ක් වෙන අතර පසුපස කොටසේ බර ටොන් 26 යි..
අමතර ටොන් 1 බර හයිඩ්‍රොලික් ජැක් එකක් අධාරයෙන් බාර් 45-60 අතර ප්‍රමාණයක පීඩනයක් යොදා ගෙන බලෙන් තියාගෙන රඳවාගනී..
මේ වාන් දොරටු 8 ම ඉහත කී මට්ටමට හිර කරන් ඉන්න අවශ්‍ය හයිඩ්‍රොලික් ඔයිල් ප්‍රමාණය ලීටර් 9000 ක්.

මුහුදු මට්ටමේ සිට අඩි 438 ට ආවොත් වාන් දෙරටු අංක 1-2 දොරටු 70cm ස්වයංක්‍රීයව ඇරෙන අතර.
තව සෙන්ටි මීටර් 4ක් water level එක වැඩි වුනොත් 3-4 වාන් දොරටු සෙන්ටි මීටර් 70ක් විවෘත වේ...
ඒ ආකාරයට වතුර මට්ටම වැඩි වෙන ආකාරය අනුව පිලිවෙලින් වාන් දොරටු 8 ටම සෙන්ටි මීටර් 70 බැගින් විවෘත වූ නමුත් ජලාශ වතුර මට්ටම වැඩි වෙමින් පවතී නම් නැවත 1-2 වාන් දොරටු පිලිවෙලින් සෙන්ටි මීටර් 70-250-470-900 දක්වා වාන් දොරටු 8 ම විවෘත වේ.

මේ උපරිමයට වාන් දොරටු විවෘත වූ පසු තත්පරයට ඝණ මීටර් 5000 ක අති විශාල ජල ප්‍රමාණයක් මහවැලි ගඟට මුදා හරියි.

24/11/2024

" හෙටින් ආරම්භ වන අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දෙන හැමෝටම හදවතින්ම සුභ පැතුම්.! "💗✨️💪

01/11/2024

අයින්ස්ටයින්ගේ රියදුරා වරක් අයින්ස්ටයින්ට මෙහෙම කිව්වා, "සර්, ඔබ සෑම රැස්වීමකදීම කළ සෑම කථාවක්ම මට හොඳටම කටපාඩම්"

අයින්ස්ටයින් පුදුමයට පත් වුණා! ඔහු රියදුරාට මෙහෙම කිව්වා, "හරි, අපිට තියෙන ඊළඟ රැස්වීමෙ සංවිධායකතුමා මාව දන්නේ නැහැ. ඔයා මගේ තැන අරන් ඒ රැස්වීමෙදි කතාව කරන්න, මම රියදුරු වෙන්නම්." 😊

ඒක එහෙමම වුනා, පහුවදා රැස්වීමෙදි රියදුරා වේදිකාවට නැගලා කතාවක් කියන්න පටන් ගත්තා. එතන හිටපු විද්වතුන් මහ හඬින් අත්පුඩි ගැසුවා. ඒ වෙලාවේ එක්තරා මහාචාර්යවරයෙක් රියදුරාගෙන් ඇහුවා "සර්, සාපේක්ෂතාවාදයේ අර නිර්වචනය නැවත පැහැදිලි කරන්න පුළුවන්ද?" කියලා.

ඇත්ත අයින්ස්ටයින්ට තේරුණා ලොකු අනතුරක් වෙන්න යන්නේ කියලා! මේ පාර නම් බොරු අයින්ස්ටයින් හෙවත් රියදුරා මාට්ටු වෙනවා. ඒත් ඇත්තටම රියදුරා ඒ මහාචාර්යවරයාට දුන් පිළිතුර ඇසීමෙන් ඔවුන් පුදුමයට පත් වුණා.

රියදුරු පිළිතුරු දුන්නේ මෙහෙම, "මෙච්චර සරල දෙයක්වත් ඔබේ ඔලුවට යන්නෙ නැද්ද? මගේ රියදුරුගෙන් ඇහුවා නම් ඒ මනුස්සයත් ඔබට ඕක ලස්සනට පැහැදිලි කරලා දෙයි"

ඔබ ප්‍රඥාවන්තයන් සමඟ ඇවිද ගියොත්, ඔබ හිතන විදියත් වෙනස් වෙයි! 😌❤️

- උපුටා ගැනීමක් -

Welcome to AICPA & CIMA Sri Lanka 24/10/2024

ඉතින් සමහරු හිතනවා,
තමන් බලාපොරොත්තු වුණ degree එකට select නොවුණ ම,එහෙමත් නැත්නම් job market එකක් රැකියාවක් ලැබුණේ නැතත් මොකාක් හරි උපාධියක් කරන්න රජයේ විශ්වවිද්‍යාලයට යන්න නොලැබීම එයාලගේ ජීවිතේ ලොකු ම ලොකු කඩාවැටීමක් කියලා.ලොකු අභාග්‍යක් කියලා.
මේ ලිපිය ඒ අයට.

උසස් පෙළින් පසු රජයේ සරසවි වරම් හිමිවුණේ නැති,එහෙමත් නැතිනම්.. රජයේ විශ්වවිද්‍යාලයකට යන්න අකමැති අයට උසස් අධ්‍යාපනයට තෝරාගන්න පුළුවන් රාජ්‍ය වගේම අර්ධ රාජ්‍ය,පුද්ගලික ආයතන කිහිපයක් තමයි මේවා .මේ සියල්ලකට ම රැකියා වෙළදපළ තුළ ඇත්තේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්.විශ්වවිද්‍යාලකට ගියත් ඔන්න ඒ යන ගමන්ම මෙහි අන්තර්ගත කරලා තියන වෘත්තිමය විභාග සම්පූර්ණ කරන්නත් පුළුවන්.ඔයාලා විශ්වවිද්‍යාල යනගමන් මේ විභාග සම්පූර්ණ කළොත්,අධ්‍යාපන වගේ ම වෘත්තීය සුදුසුකම් යන දෙඅංශයේම වැඩ්ඩෙක් වෙලා රැකියා වෙළදපළට පිවිසෙන්න පුළුවන්.

වෘත්තීය සුදුසුකම් සදහා වන ආයතන 👇
1.CIMA – Chartered Institute of Management Accountants
https://www.cimaglobal.com/Our-locations/SriLanka/

2.CIM – Chartered Institute of Marketing
https://srilanka.cim.co.uk/

3.SLIM – Sri Lanka Institute of Marketing
https://slim.lk/

4.ACCA – Association of Chartered Certified Accountants
https://www.accaglobal.com/lk/en.html

5.ICAS – Institute of Chartered Accountants of Sri Lanka
https://www.casrilanka.com/casl/

6. CIPM – Chartered Institute of Personnel Management
https://www.cipmlk.org/

බැංකු කරුවන්ගේ ආයතනය
https://www.ibsl.lk/

අධ්‍යාපන සුදුසුකම් සදහා 👇

1.NIBM – National Institute of Business Management
https://www.nibm.lk/

2.NSBM හරිත සරසවිය
https://www.nsbm.ac.lk/

3.SLIIT- Sri Lanka Institute of Information Technology
https://www.sliit.lk/

4.BIT- Bachelor of Information Technology
BIT- UCSC
http://www.bit.lk/

BIT-Moratuw
https://uom.lk/itfac/education/undergraduate/bachelor-it

5. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය
http://www.ou.ac.lk/home/

6. ශ්‍රී ලංකා නීති විද්‍යාලය
http://www.sllc.ac.lk/

7. වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලය
http://www.univotec.ac.lk/

8. කාර්මික විද්‍යාල
http://dtet.gov.lk/en/

9. උසස් තාක්ෂණ ආයතන
http://www.sliate.ac.lk/

10. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල
https://doa.gov.lk/etc-services-agricultural-education-si/

11. ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය
http://www.cgtti.lk/

12. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
http://www.kdu.ac.lk/

13. ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය
http://www.ichemc.edu.lk

14. කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ මානව සම්පත් අභිවර්ධන ආයතනය
http://www.ihra.cmb.ac.lk/

15. ගුරු විද්‍යාල
http://mgncoe.sch.lk/

16. ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය
https://www.slithm.edu.lk/

17. හෙද විදුහල්
http://www.health.gov.lk/moh_final/english/others.php?pid=99

18. British Computer Society (BCS)
https://www.bcs.org/

17. Australian Computer Society (ACS)
https://www.acs.org.au/

18. City & Guilds Exams
http://www.cityandguilds.com/

19. Ocean University of Sri Lanka
http://ocu.ac.lk/

20. Sri Lanka Aviation College
https://www.srilankanaviationcollege.com

21. ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය
https://www.slita.lk

22. බ්‍රිටිශ් කවුසෙල් ආයතනය-වෘතීමය ඉංග්‍රීසි අධ්‍යාපනය
https://www.britishcouncil.lk/?gad=1&gclid=EAIaIQobChMI0dKf6smX_wIVQ1YrCh1yoga0EAAYASAAEgKmgfD_BwE

23. විදේශ රැකියා නියුක්ති කාර්‍යංශය.- විදේශ රැකියා විදෙස්ගතවීමට පෙර දැනගතයුතු තොරතුරු වෙනුවෙන්
http://www.slbfe.lk/

24.ආගමන විගමන දෙපර්තුමෙන්තුව-වීසා අවශ්‍යතා තොරතුරු.
https://www.immigration.gov.lk/pages_s.php?id=38

25.පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාතුමෙන්තුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම
https://drp.gov.lk/

26.මෝටර් රට ප්‍රවාහන දෙපාර්තුමෙන්තුව-රියදුරු බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන්
https://dmt.gov.lk/?lang=si

27.විදේශ කටයුතු අමත්‍යංශය-විදෙස් ගමන්
https://mfa.gov.lk/sin/

28.විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව- විශ්ව විද්‍යාල සම්බන්ධව
https://www.mohe.gov.lk/index.php?option=com_content&view=article&id=111&Itemid=200&lang=si

29.රැකියා අවස්ථා සහ ඇබෑර්තු
top jobs- https://www.topjobs.lk/

30- කම්කරු දෙපාර්තුමෙන්තුව- රැකියා, කම්කරු හා සේවක ගැටලු
https://labourdept.gov.lk/index.php?lang=si

31.ඔයාලගෙ mobile phone නැති උනොතින් පොලිසීයේ මෙම වෙබ් සයිට් එක ට ද තොරතුරු ලබාදෙන්න පුලුවන්-(මොනව උනත් මතක ඇතුව ලගම පොලිස් ස්තානයට පැමිනිලි කිරීමට අමතක නොකරන්න),
https://www.ineed.police.lk/

** රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය-
ඕනැම තොරතුරක් ගැන දැනගෙනීමට-රාජය සේවාවන්, දුරකතන අංක, සහ ඒ හා සම්බන්ධ තොරතුරු. වෙනුවෙන්
https://gic.gov.lk/gic/

ස්තූතී,,
මේවාට ගිහින් බලන්න.නිකන් ඉන්න වෙලාවට හැම දේම ඉගෙනගන්න.හදිසියක් උනාම එතකොට බයවෙන්න දෙයක් නැහැ.ඔයාගේ නංගිට මල්ලිට මේ දේවල් කියන්න

මේවා ඔයාලට ජිවිතයට ගොඩාක් වැදගත් වේවි,

ශෙයා කරල තියාගන්න.

Welcome to AICPA & CIMA Sri Lanka Welcome to AICPA & CIMA Sri Lanka

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Ratnapura

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00