Ven. Aparekke Pagngnasara Thero

Ven. Aparekke Pagngnasara Thero

Share

"Whatever has the nature of arising, all that has the nature of ceasing"

Photos from Minipura Amashanthi Thapowanaya's post 09/04/2026
10/03/2026
02/02/2026

අපගේ ගුරුදේවෝත්තම, අතිපූජණීය, තපෝවනයේ රතන නායක මා හිමිපාණන් වහන්සේ 43 වන විය සම්පූර්ණ කරන, පින්බර ජන්ම දිනය 2026/02/02 වැනි අද දිනට යෙදී ඇත.

අපගේ නායක ස්වාමින් වහන්සේ,
උපන් ගම:- මහනුවර, කුණ්ඩසාලේ, පිලවල නම් රමණීය ග්‍රාමය අප නාහිමි පාණන් වහන්සේ ගේ උපන් ගමයි.
උපන් දිනය:- 1983 / 02 / 02 වැනි දින මහනුවර මහ රෝහලේදී.
පිංබර මවුපියන් : අප්පුහාමි උපාසක මහතා සහ ජයන්ති මැණිකේ වීරසේකර උපාසිකා මාතාව
සහෝදර සහෝදරියන් :- දරුවන් පස් දෙනෙකුගෙන් යුත්ත පවුලේ සතර වැනියා ය.
ගිහි කළ නම:- නෙරංජන් වීරසේකර.
පැවිදි වීමට ගිය දිනය 1993 අගෝස්තු මාසයේ 08 වැනි දින
පැවිදි වූ ස්ථානය:- කොළඹ, කළපළුවාව ගෝතම තපෝවනය
ආචාර්‍ය්‍ය උපාධ්‍යායන් වහන්සේ :- අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත, අභිධජ මහා රට්ඨගුරු අතිපූජණීය දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නායක, මහානායක මහා හිමිපාණන් වහන්සේ.
පැවිදි වූ දිනය :- මූලික පුහුණුව ලබා දී 1994 නොවැම්බර් මස 23 වැනි දින පැවිදි කළේය.

අද වන විට ආයතන රාශියක් සහ දේශීය විදේශීය ශිෂ්‍ය පිරිස විශාල ප්‍රමාණයක් මෙහෙයවන ගුරු ස්වාමින් වහන්සේ නමක් බවට අපගේ ගුරුදේවෝත්තම නාහිමිපාණන් වහන්සේ පත්ව තිබේ.
අප නාහිමිපාණන් වහන්සේ අතින් රචනා වී ඇති ග්‍රන්ථ ප්‍රමාණයද විශාලය.
සිංහල, පාලි, සංස්කෘත භාෂාවන්හී ප්‍රවීනයෙක් වෙමින් ප්‍රාචීන විභාග කරන අවධියේ, ශ්‍රී සෝමින්ද දහම් පාසලේ අභිධර්ම ගුරුවරයා ලෙසත්, ප්‍රධානාචාර්‍ය්‍ය වරයා ලෙසත් ආරම්භ කළ අභිධර්ම පන්තිය මේ වන විටත් වසර විස්සකට අධික කාලයක් දෙස් විදෙස් බොහෝ දෙනාට අභිධර්මය ඉගැන් වූ වටිනාම අභිධර්ම පන්ති මාලාව විය.
අප නා හිමි පාණන් වහන්සේගෙන් සූත්‍ර, විනය, අභිධර්මය යන ත්‍රිපිටකයමත්, අටුවා, ටීකා, පරිවාර ග්‍රන්ථ ආදියත්, භාවනාත් ඉගෙන ගත් ශිෂ්‍ය පිරිසත් අතිවිශාලය.

රත්නපුර පදිංචි බෝසත් ගුණැති ව්‍යාපාරික සුපින්වත්, ජයලාල් ප්‍රේමසිංහ මැතිතුමා සහ එම මැතිණිය විසින් අති විශාල ධනයක් වියදම් කර අප නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන්ම අක්කර පනස් දෙකකට අධික භූමි භාගයක් මිලදී ගෙන, අංග සම්පූර්ණ විහාර අංග ඉදි කර පූජා කළ රත්නපුර මිණිපුර අමා ශාන්ති තපෝවනයේ අප නාහිමිපාණන් වහන්සේ වැඩ වාසය කරයි. වර්තමානයේ එම ආරණ්‍ය අක්කර 60 කට අධික භූමි භාගයක් පුරා විහිදී පවතී.
තවත් ආරණ්‍ය සේනාසන රාශියක් නිර්මාණය කර ඒවායෙහි විහාරාධිපතීත්වය හොබවමින් ඉතාමත් සුවිශාල ශාසනික මෙහෙවරක් සිදු කරමින් වැඩ වාසය කරයි.

රත්නපුර මිණිපුර අමා ශාන්ති තපෝවනය ආදී තදීය ශාඛා මධ්‍යස්ථානයන්හි විහාරාධිපති, ත්‍රිපිටක වාගීශ්වර සද්ධර්ම ශිරෝමණී, විපස්සනා කම්මට්ඨානාචාර්ය, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත, නම කියන්නට අවසරයි. අපගේ ගුරුදේවෝත්තම, අතිපූජණීය, තපෝවනයේ රතන ගෞරවනීය නායක නා හිමි පාණන් වහන්සේට චිරාත් කාලයක් සම්බුදු සසුන බබලවන්නට,
නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා!
පින්බර ජන්ම දිනයක් වේවා!
තෙරුවන් සරණයි!

මෙයට,
මිණිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසන ජාලයේ ගිහි පැවිදි ශිෂ්‍ය පිරිස.

Photos from Ven. Aparekke Pagngnasara Thero's post 21/01/2026

අපගේ ගුරුදේවෝත්තම නම කියන්න අවසරයි,
අතිපූජණීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ විසින් 2026 මාර්තු මස 7 වන දින සවස 6 සිට පසුදා පහන් වනතුරු දේශනා කිරීමට නියමිත,
මහා සතිපට්ඨාන ධර්ම දේශනයෙහි ප්‍රචාරක කටයුතු සඳහා සහය දෙමින් පිංකමට සම්බන්ධ විය හැකි පින්වතුන් තමන්ගේ ප්‍රදේශයන්හි ප්‍රචාරය කිරීමට අවශ්‍ය පෝස්ටර්, ස්ටිකර්, බැනර් ගෙන්වා ගැනීම සඳහා පහත දුරකථන අංකයට කතා කරන්න.

0717190489
හෝ වට්සැප් මගින් සම්බන්ධ වන්න.

පිරිස් වශෙයෙන් හෝ තනි තනිව පිංකම සංවිධානය කිරීමට නොයෙක් අයුරින් උපකාර කිරීමට සම්බන්ධ විය හැකි පින්වතුන් ඒ බව දැනුවත් කරන්න.

තෙරුවන් සරණයි!

10/01/2026

2026 මාර්තු මස 07 වැනි සෙනසුරාදා දින

අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස දී,

ඒ අසිරිමත් "සර්වරාත්‍රික මහා සතිපට්ඨාන ධර්ම දේශනාව" පවත්වනු ලැබේ.

2026 මාර්තු 07 සවස 3.00 සිට පසුදා පහන්වනතුරු

සංවිධානය
මිණිපුර අමාශාන්ති තපෝවනය

විමසීම්
(+94) 07171 90 489 - පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
(+94) 07776 16930 - දිල්මිණි මහත්මිය
(+94) 04522 29458 - සංවිධායක මණ්ඩලය
(+94) 07737 37976 - සමන්ති මහත්මිය

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Address


Minipura Amashanthi Thapowanaya
Ratnapura
70000