R/Royal College

R/Royal College

Share

This is the official page of Ratnapura Royal College.Join us and Stay with us.

09/08/2026

Good luck for your G.C.E A/L Examination...!


Photos from R/Royal College's post 08/08/2026

මෙවර අපොස උසස් පෙළ විභාගයට සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිිටින රාජකීය දරුවන් වෙනුවෙන් සුදානම් කළ පිරිත්පිංකම සහ ආශිර්වාදාත්මක පුජාවයි මේ. අපොස උසස් පෙළ විභාගයට පෙනි සිිටින දරුවන්ට සහ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින අපගේ දරුවන් සියලු දෙනාටම ජයම ලැබේවායි රාජකීය අප සියලු දෙන ගේ පැතුමයි.

R/Royal College Old Boys And Girls Association Nishanthi Wanigasekara Damith Piyaruwan #ශිෂත්වය #උසස්_පෙළ #පිරිත්_පිංකම

Photos from R/Royal College's post 02/08/2026

ශිෂ්‍යත්ව විභාගයට ලොකු කාලයක් නැහැ. ඒක නිසාවෙන් අප විද්‍යාලයේ ප්‍රාථමික අංශය බොහොම අපුරු වැඩසටහනක් ශිෂ්‍යත්ව විභාගයට මෙවර පෙනි සිටින දරුවන් වෙනුවෙන් සුදානම් කරලා තිබුණා.2026.07.26 දින පැවත්වු මෙම වැඩසටහන නම් කරලා තිබුණේ පහේ හපනුන්ට අත්වැලක් - වැඩබිම නමින්. බොහෝ විෂය කරණු වඩාත් පැහැදිලිව ප්‍රයෝගිකව නිදහසේ දරුවන් දවස පුරාවටම ඉගෙන ගන්නවා දක්නට ලැබිම රාජකීය අපට මහත් සතුටක්. ඔව් අපේ රාජකීය දරුවන් දිනක සමතුන් හපනුන් වෙනවාමයි

Nishanthi Wanigasekara Damith Piyaruwan R/Royal College R/Royal College Old Boys And Girls Association #පහේ_හපනුන්ට_අත්වැලක් #ශිෂත්වය

28/07/2026

අද ඇසළ පසළොස්වක පුන් පොහොය දිනයයි..!

~ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම.

~ සිදුහත් බෝසතාණන්ගේ මහාභිනිෂ්ක්‍රමනය කිරීමත්,
රාහුල කුමරුන්ගේ ඉපදීම.

~ බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීම.

~ පස්වග තවුසන් මහණ බවට පත්වීමත් සමග උතුම් වූ බුදු සසුන ආරම්භ වීම.

~ බුදුහිමියන් දෙව්ලොවට වැඩමකර මාතෘ දිව්‍යපුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම.

~ සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.

~ වස්කාලය ආරම්භවීම.

ඔබ සැමට සුපින්බර ඇසළ පුන් පොහොය දිනයක් වේවා!






28/07/2026

ඔබ සැමට ආරාධනා....!
R/Royal College Old Boys And Girls Association

ඇසළ පොහෝ දින මහා අයිස්ක්‍රීම් දන්සල

​විද්‍යාලයේ 94 O/L ආදී ශිෂ්‍ය කණ්ඩායම මගින් සංවිධානය කරනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සල එළඹෙන ඇසළ පොහෝ දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

​දිනය: ජූලි 29 වන දින
​වේලාව: පස්වරු 2.00 සිට
​ස්ථානය: රාජකීය විද්‍යාලය ඉදිරිපිටදී

​ඔබ සැමට ආරාධනා.....!

TopFan

Photos from R/Royal College's post 27/07/2026

අද 2026.07.20. උසස් පෙළ 2028 නම්නීකරණ වැඩසටහන අවසන් කරන්න හිටියේ ගිය සතියේ සිකුරාදා උනත් අපි හිතුවා අපේ දරුවන් ගේ දෙම්පියන් එක්ක නම්නිකරණ වැඩසටහනේ කිසියම් බලපෑමක් තියෙනවද නැද්කිද යලා අහලා බලන්න. මොකද ඒ සාකච්චාවෙන් පස්සේ අපේ දරුවන්ව උසස් පෙළට නිසිපරිදි සුදානම් කරන්න සැලසුම් සකස් කරන්න අපිට හැකිනිසාවෙන්. ඉතින් අපේ උසස් පෙළ අංශය එකාවන්ව මේ වැඩේට සුදානම් වෙලා හිටියා. දෙමාපියන් එක්ක විතරක් නෙවෙයි නම්නීකරන වැඩසටහනට මුහුණ දුන් සියලු දරුවන් එක්කත් ගරු විදුහල්පතිතුමිය නිෂාන්ති වනිගසේකර මහත්මිය ,නියෝජ්‍ය විදුහල්පතිතුමා දමිත් පියරුවන් මහතා ( අධ්‍යපන පරිපාලන ) සහ නියෝජ්‍ය විදුහල්පතිතුමිය මානෙල් කොඩිතුවක්කු මහතා (අධ්‍යපන සංවර්ධන ) ඉතාම සුහදශිලිව කතාබහ කලේ ඇත්තෙන්ම දරුවන් මේ සතිය පුරාවට අත්වින්දේ කුමක්ද ඔවුන් වෙනුවෙන් පාසලක් ලෙස සිදු කළ යුතු වන්නේ කුමක්ද යන්න පිලිබදව. දරුවන් සමගින් මේ සාකච්චාව සිද්ධ වෙද්දි දෙමාපිය සාකච්චාව උසස් පෙළ අංශ ප්‍රධාන සුජාතා රංජනි ගුරු මහත්මියගේ ප්‍රධානාත්වයෙන් ඉතාම සුහද ශිලිව සිද්ධ වුණා. මේ සියලු සාකච්චාවල අවසන් ප්‍රතිපලය අපේ දරුවන්ගේ හෙට දවස පිලිබදව යහපත් වු බලාපෙරොත්තුවක්. අරමුණුගත යහපත් වු ඉලක්කයක්. ඔව් අපේ රාජකීය දරුවන් හෙට දවසේ සත්තකින්ම ලෝකය දිනාවි.

Nishanthi Wanigasekara Damith Piyaruwan Maduranga Weerasinghe Sugath Rohana Thusara Namal
#නම්ණීකරන_වැඩසටහන ්_පෙළ

Photos from R/Royal College's post 26/07/2026

අද 2026.07.17 .නම්නීකරණ වැඩසටහනේ අන්තිම දවස. උසස් පෙළ දරුවන්ට ක්‍රීඩාව වගේම උසස් පෙළ දරුවන්ට බලපෑ හැකි සෞඛ්‍යමත් ගැටලු පිලිබදවත් එසේම මෙතෙක් වැඩමුළු තුලින් උගත් දේ භාවිත කරන්නේ කෙසේද ඇත්තටම දරුවන්ව තුළ කිසියම් අධ්‍යපනික වෙනසක් සිදුවෙලාද එසේ නොමැති නම් ඒ ඇයිද යන්නත් අද දවස පුරාම සාකච්චා කරනු ලැබුවා‍. එම දේශයනයන් සදහා විද්‍යාලයීය ක්‍රිඩා භාර ආචාරිනි රුචිනි රුද්‍රිරුගෝ මහත්මිය, ක්‍රීඩා පුහුණුකරු ශාලුක ගමගේ මහතා, චිත්‍ර විශයභාර ආචාරිනි ඔජානි චන්ද්‍රසේන මහත්මිය සහ නාට්‍ය හා රංග කලා විෂයභාර ආචාර් ය මධුරංග විරසිංහ මහතා සම්බන්ධ වුවා.

Ojani Chandrasena Ruchini Rodrigo Maduranga Weerasinghe
#නම්ණීකරන_වැඩසටහන ්_පෙළ

Photos from R/Royal College's post 22/07/2026

අද වෙනදාට වැඩිය නම්නීකරණ වැඩසටහන වෙනස්. එක හමාරෙන් පසුවත් අපි දරුවන් එක්ක වැඩ කරන්න තීරණය කළා. 4.30 වෙනකන් කියලා හිතුවත් දරුවන් 6 වෙනකන්ම මේ වැඩසටහනත් එක්ක එකතු උනා. වැඩ සටහන තමයි කැමරාව පිලබදව ඉගෙන ගැනීම. පැය හතරක් පුරවාට දරුවන්ව රදවා තබා ගනිමින් හරි අපුරුවට දේශනය සිදු කරනු ලැබුයේ වින්සද කුලරතන්න. සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ,තිරපිටපත් රචකයෙකු ආදී ලෙසින් කේෂත්‍ර ගණනාවක කටයුතු කරන වින්සද කුලරත්න ගේ පැමිණිම දරුවන්ට මහත් වු ආලෝකයක්.

Win Kularathne
#නම්ණීකරන_වැඩසටහන ්_පෙළ

Photos from R/Royal College's post 21/07/2026

උසස් පෙළ කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒකට මනස හදාගෙන එක ඉල්ලකය ගමන් කරන එකත් ලෙහසි පහසු දෙයක් නෙවෙයි. ජිවිතය විදිමින් තමන්ගේ ඉලක්ක ලගා කර ගන්නේ කෙසේද? මේ ගැන දරුවන්ට කියා දුන්නේ රත්නපුර කුමර විද්‍යාලයේ ආචාර්ය ධනුෂ්ක ගොඩගෙදර මහතා. දරුවන්ගේ මුවග සිනහවාමින් පුරවමින් දරුවන්ව නිදහසේම තබමින් දරුවන්ට තිබුණ ගැටලු එකිනෙක එකිනෙක සාකච්චා කළ අයුරු අපුරුයි. ස්තුතියි කුමර විද්‍යාලයේ ආචාර්ය ධනුෂ්ක ගොඩගෙදර මහතාට අපුරු පැය දෙකක් අපේ දරුවන්ට උරුම කර දුන්නාට.


#නම්ණීකරන_වැඩසටහන ්_පෙළ

Photos from R/Royal College's post 20/07/2026

අද 2026.07.16. උසස් පෙළ කරන්නේ ඇයි? විශ්ව විද්‍යාලයට යන්න ඕනි ඇයි. ඒ වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ..විශ්ව විද්‍යාලයක් කියන්නේ මොකක්ද ? ඇත්මේතටම මම කවුද ? මම ගැන දන්නවද ? මේ ගැන අපේ දරුවන් දැන කියා ගත්තේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අනුපම කෝකිල මහතාගෙන්. ඒ නම්නීකරණ වැඩසටහනේ හතරවෙනි දවසේදි. ඉතාම සුහදශිලිව පැවති මේ දේශනය දරුවන් මහත් උනන්දුවෙන් සහභාගි වුණා. උසස් පෙළ දරුවන් ල්ට, උසස් පෙළ සම්බන්ධයෙන් තිබුණ ගැටලු ද සාකච්චාකොට නිරාකාරණය කර ගන්නට ලැබිම දරුවන්ට ලොකු නිදහසක්‍. තමන් කවුද හොයා ගන්නට මග පෙන්වු කථිකාචාර් ය අනුපම කෝකිල මහතාට රාජකීය අපගේ ආචාරය.

Anupama Kokila
#නම්ණීකරන_වැඩසටහන ්_පෙළ

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Gatangamama Ratnpaura
Ratnapura
70000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30