23/08/2025
බිස්නස් පටන් ගන්න ඉන්න, කරගෙන යන අයට වැඩගත් දේවල් ඉගෙන ගන්න තියෙන උද්යෝගිමත් වෙන්න පුළුවන් විදිහේ විශේෂාංගයක් Biz Academy අපි අද ඉඳන් ආරම්භ කරනවා.
ඒ තමයි Braincast.
🌟 ලංකාවේ නමගිය, සාර්ථක ව්‍යාපාර හිමි ව්‍යවසායකයින්ගේ සහ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින්ගේ අත්දැකීම්, උපායමාර්ග සහ දැක්ම ගැන අදහස් හුවමාරු කරගන්න විශේෂාංගයක් තමයි මේ.
🎙️ මෙහි ආරම්භක වැඩසටහනට අපි ආරාධනා කළා අපේ රටේ මගී ප්‍රවාහනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරපු ඉතාමත් සාර්ථක ගමනක් යන තරුණ ව්‍යවසායකයෙකුට.
👤 ඒ තමයි නිඛිත ග්‍රේරෝ. Lyceum Global Holdings හි සමූහ අධ්‍යක්ෂ ධූරය හොබවන ඔහු මේ දිනවල වැඩිපුර නම කියැවෙන NCG Express හි නිර්මාතෘවරයායි.
ව්‍යාපාරිකයෙක් විදිහට නිඛිතගෙ දකින විශේෂතා කිහිපයක් මේ කතාබහේ දී පේනවා තියෙනවා. මේ මොහොතේ ලංකාවේ ලොකුම මගී ප්‍රවාහන සමාගම් දෙක තුන අතර ඉන්න සමාගමක ප්‍රධානියා වුවත් ඔහු තවම උත්සාහ කරන්නෙ නැහැ බස් කර්මාන්තයේ opinion leader වෙන්න. ඔහුගේ මතය අනූව මේ industry එකේ Opinion leader කෙනෙක් වීමට ඔහු තව බොහෝ කාරණා සපුරන්න ඕන. ඒ වගේම කර්මාන්තයේ අඩුපාඩු ගැන කතාකරන්න ඔහු හරි පරිස්සම්. අවුරුදු 20ක් ලේලන්ඩ් වල ඉඳල Youtong දක්වා මහා පරිමාණ අත්දැකීම් එකතු කරගත්ත මනුස්සයෙක් විදිහට ඔහු දන්නවා මේ මොහොතේ බස් කරමාන්තයේ තියෙන practical අවුල් ටික එක්ක ඉමෝශනලි මේ අඩුපාඩු ගැන කතා කරල තේරුමක් නෑ කියලා.
මොහාන් ලාල් ග්‍රේරෝ ගෙ පුතා තාත්‍තගෙ කීමට පිටින් බස් කොම්පැනියක් දාගෙන ගහපු ගේම් එකේ කතාවට අමතරව මේ විශේෂතා ටික නිසා තරුණ බිස්නස්කාරයෙක් විදිහට නිකිතගෙ හැදිලා තියෙන qualities ටික මේ program එක බලමින් පෙරා ගන්න.
🌐 ඉදිරියටත් විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්, විශේෂඥයන් සමඟ සම්බන්ධ වෙමින් ඔබව දැනුමින් පෝෂණය කරන්නට Biz Brain Academy අපි සූදානම්.
📩 වැඩසටහන සමඟින් සම්බන්ධ වී ඒ ගැන ඔබේ වටිනා අදහස්, යෝජනා අප වෙත ඉදිරිපත් කරන මෙන් ඔබ සැමට ආරාධනා කරනවා.