10/01/2026
2026 නව වර්ෂයේ දහම් පාසල් ආරම්භ කිරීම. 2026/01/04
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සිරි සඟරුවන් දහම් පාසල, Public School, Samadhi Buddhist Center, Ratmalana.
10/01/2026
2026 නව වර්ෂයේ දහම් පාසල් ආරම්භ කිරීම. 2026/01/04
30/12/2025
14/10/2025
Maha Paritta Chanting (මහ පිරිත් දේශනාව) Maha Paritta Chanting (මහ පිරිත් දේශනාව)Venerable Mapalagama Buddhasiri Nayaka Thera (පූජ්‍ය මාපලගම බුද්ධසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ )Matara Poorwarama ...
09/10/2025
සිරි සඟරුවන් දහම් පාසල මගින් ගුරු දිනය සහ ළමා දිනය නිමිත්තෙන් පවත්වනු ලැබූ සැමරුම් උත්සවයේ විශේෂ අවස්ථා ....
07/09/2025
💢🍃බිනර පුන් පොහොය දිනයේ ඇති වැදගත්කම 🍃💢
කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබුෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. පසුව ආනන්ද හිමියන්කේ මැදිහත්වීමෙන් අවසරය ලබාගැනීමට හැකි විය. මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි සස්නට ඇතුළු වූයේ බිනර පොහොය දිනයේදීය. ඒ සමඟම උපසම්පදාවද මෙහෙණින් වහන්සේට උරුම විය. තවද අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදුවූයේද බිනර පුන් පොහෝ දිනමය.
පුරුෂ පක්ෂයට පමණක් සසුන් දොර විවර වීම නිසා ඔවුන්ගේ බිරින්දෑවරුන් වැන්දඹු තත්ත්වයකට පත්වීම නිසාද පුරුෂ පක්ෂය හා සමාන බුද්ධියක් කාන්තාවට ඇතැයි යන මතය බුද්ධ ධර්මය පිළිගත් නිසාද කාන්තාවන්ට පැවිද්ද නොලැබීම බුදු සමයේ සමානාත්මතාවයට කැළලක් වීම නිසාද කාන්තාවනට සසුන් දොර විවර විය. මෙම පොහොය ද අයත් වන්නේ වස් කාලයටය. බිනර පොහොය දිනයේදී බොහෝ විහාරස්ථානවලට වස් පින්කම් සිදුවේ.
බෞද්ධ ජනයා හට මෙම උතුම් පොහොය දිනය වැදගත් වන තවත් කාරණයක් වන්නේ, “තපස්සු – භල්ලුක” වෙළඳ දෙබෑයන් විසින් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ “කේශ ධාතු” තැන්පත් කරනලද “ගිරිහඩු සෑය” ඉදිකිරීමේ කටයුතු ද, බුදු පියාණන් වහන්සේගේ “ලාලාට ධාතු” තැන්පත් කර ඇති “සේරුවාවිල මංගල මහා සෑය” ඉදිකිරීමේ කටයුතු ද හා එහි වාර්ෂික පින්කමත් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමය.
💢බිනර පෝදා පැනවූ අෂ්ට ගුරු ධර්ම💢
1.උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුවද එදිනම උපසම්පදාව වූ භික්ෂුවකට වැඳුම් පිදුම් කළ යුතුය.
2. භික්ෂුන් නැති පෙදෙසක භික්ෂුණිය වස් නොවැසිය යුතුය.
3. භික්ෂුණිය අඩ මසකට වරක් භික්ෂූන් වහන්සේ වෙත පැමිණ අවවාද ලබාගත යුතුය.
4. වස් අවසානයේදී භික්ෂු - භික්ෂුණි උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.
5. යම් වරදක් සිදුකළ භික්ෂුණියක් වෙතොත් ඇය සය මසක් භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට ආවතේව කළ යුතුය.
6. වසරක් සාමණේර තත්ත්වය හික්මවීමෙන් පසු භික්ෂු පිරිසක් ඉදිරියේදී උපසම්පදා ලැබිය යුතුය.
7. කිසිම දෙයකට භික්ෂුණිය භික්ෂුවකට බැන නොවැදිය යුතුය.
8. භික්ෂුවකට භික්ෂුණිය කිසිවිටකත් අවවාද නොකළ යුතුය.
උපුටා ගැනීම
https://www.facebook.com/profile.php?id=100071013785712
01/09/2025
සිරි සඟරුවන් දහම් පාසලේ දරුවන්ගේ පෝෂණ වැඩසටහන සදහා දායකත්ව ලබාදුන් අශේන් කුමාරසිරි පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා පූර්වකව ස්තුතිය පුදකරමි.
විශේෂයෙන් අශේන් පුතාට සුභ උපන්දිනයක් වේවා. නිදුක් නීරෝගී සම්පත් ලැබේවා.ඉදිරි අනාගත ජීවිතය තව තවත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...
පරලොව සැපත් සියලු මිය ගිය ඥාතීන්ට ද මේ පින් අනුමෝදන් වි උතුම් නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කර සිටිමි.
තෙරුවන් සරණයි .
19/08/2025
19/08/2025
රත්මලාන ශාසනාරක්ෂක බල මණ්ඩලය මගින් සංවිධානය කළ දහම් පාසල් දරුවන්ගේ සාම පාගමන සදහා අප සිරි සඟරුවන් දහම් පාසලේ සහභාගීත්වය...