ජයග්‍රහණයේ අභිමානවත් මතකයන්! 🌟
ජාතික තරුණ සේවා සභාවේ බස්නාහිර පළාත් සහතික පත්‍ර ප්‍රදානෝත්සවය කොළඹ BMICH හිදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය. 🎓🏆
අද දින සහතික පත්‍ර ලබාගත් LAVTC අපගේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සැමට උණුසුම් සුභපැතුම්! 💐✨
LAVTC
LAVTC - Sri Lanka Youth
16/05/2026
🎓 ජාතික තරුණ සේවා සභාව - බස්නාහිර පළාත් සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2026 🎓
වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිමානවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජාතික තරුණ සේවා සභාවේ බස්නාහිර පළාත් සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2026 මැයි 14 වන දින කොළඹ BMICH ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණා. ✨
රටේ හෙට දවස භාරගන්නට වෘත්තීය මට්ටමෙන් සන්නද්ධ වූ, රත්මලාන සහ පාණදුර මධ්‍යස්ථානවල ඩිප්ලෝමා (Diploma & NVQ Level 5 | 4) සාර්ථකව නිමකළ තරුණ තරුණියන් 530 දෙනෙකු මෙහිදී අභිමානවත් ලෙස සහතික පත්‍ර ලබාගන්නා ලදී. 🏆
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමිය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මැතිණිය සහභාගී වූ අතර, ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති/අධ්‍යක්ෂ ජනරාල් සුපුන් වීරරත්න මැතිතුමා විසින් උත්සවය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් සභාව ඇමතීය.
බස්නාහිර පළාත් අධ්‍යක්ෂිකා කුමුදුනී දිසානායක මහත්මියගේ ආරාධනයෙන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එන්. ඩබ්ලිව්. කේ. ඩී. කේ. දයාරත්න මැතිතුමා විසින් මෙහිදී විශේෂ ආරාධිත දේශනය පවත්වන ලදී.
එසේම අධ්‍යක්ෂ (පුහුණු/පාලන) මනුල චමල් පෙරේරා මැතිතුමා, අධ්‍යක්ෂ (මුදල්) ඩී. එම්. සිසිර කුමාර මැතිතුමා ඇතුළු ආයතනයේ උසස් නිලධාරීන් රැසක් මේ සඳහා එක්විය.
LAVTC අප ආයතනයෙන් වෘත්තීය ලෝකය ජයගන්නට අද දින සහතික පත්‍ර ලැබූ අපේම ආදරණීය දුවා දරුවන් සැමට අපගේ උණුසුම් සුභපැතුම්! 🌟💐 ඔබේ අනාගත සිහින සැබෑ වේවා!
28/04/2026
අපගේ පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීම් දැන් ඇරඹුනා. ජීවිතය ජය ගන්න අදම අපත් සමඟ එකතු වෙන්න. වැඩි විස්තර සහ අයැදුම්පත් සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
https://www.lavtc.lk/apply-online
සියළු විමසීම් : 0112636910
ලලිත් ඇතුලත් මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය - රත්මලාන
08/04/2026
සූර්ය උදානය 2026 - සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙල 🌸☀️
ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවේ සිසුවියන් විසින් සංවිධානය කරනු ලබන "සූර්ය උදානය 2026" අවුරුදු උළෙල මෙවර ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත!
සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, විනෝදජනක ජන ක්‍රීඩා සහ වර්ණවත් සංස්කෘතික අංග රැසකින් මෙම අවුරුදු උළෙල හැඩගැන්වෙනු ඇත.
📅 දිනය: 2026 අප්‍රේල් මස 08 වන දින
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට
📍 ස්ථානය: favorite city පරිශ්‍රයේදී
වැඩසටහන් පෙළගැස්ම:
කිරි ඉතිරවීම සහ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීම 🥣
සාම්ප්‍රදායික ජන ක්‍රීඩා (කණා මුට්ටිය බිඳීම, අලියාට ඇස තැබීම, කොට්ට පොර සහ තවත් බොහෝ දේ...) 🏹
අවුරුදු කුමරිය තේරීම 👑
සංස්කෘතික නර්තන අංග 💃
එම්. ඒ. ඒ. ආර්. එම්. ආරච්චි ගුරුමෑණියන්ගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන මෙම සොඳුරු අවුරුදු සැමරුමට අප හා එක්වන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු!
31/03/2026
🏏 LAVTC CHAMPIONSHIP CUP - 2026 🏆
ක්‍රිකට් වසන්තයේ සමාරම්භය! 💥
ක්‍රීඩාවේ ජීවගුණයත්, තියුණු තරඟකාරීත්වයත් කැටි කරගත් LAVTC CHAMPIONSHIP CUP ක්‍රිකට් තරඟාවලියේ අභිමානවත් ආරම්භක අවස්ථාව අද දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
ශක්තිමත් කණ්ඩායම් කිහිපයක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය පුරාම ලකුණු අතර සටනත්, පන්දු රකින්නන්ගේ දක්ෂතාවයත් අපට දැකගත හැකි වනු නොඅනුමානයි.
📍 ස්ථානය: රත්මලාන කොතලාවල පුර දුම්රිය ක්‍රීඩාංගණය
📅 දිනය: 2026 මාර්තු 31
අපි ආරාධනා කරනවා සියලුම ක්‍රිකට් ලෝලීන්ට, එන්න අපේ ක්‍රීඩකයින් දිරිමත් කරන්න! ජයග්‍රාහී කුසලානය කා සතු වේවිද? 🏆🔥
16/03/2026
සමගියේ සහ සහෝදරත්වයේ රොද බැඳි සැඳෑවක්.. ✨🌙
රත්මලාන, ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ (LAVTC) ප්‍රථම "ඉෆ්තාර්" උත්සවය (1st Ifthar Ceremony) පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. විවිධ ජාතීන් සහ ආගම් අතර සහජීවනය සහ සුහදත්වය වර්ධනය කරමින් සියලු දෙනා එකම පවුලක් මෙන් මෙලෙස එක්වීම සැබවින්ම අගනා අවස්ථාවක්.
මෙම සත්කාර්යය සංවිධානය කිරීමට කැප වූ සහ සහභාගී වූ සැමට අපගේ ගෞරව පූර්වක ස්තූතිය! ❤️🤝
16/03/2026
🌪️ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් පන්නල පුහුණු මධ්‍යස්ථානය යළිත් යථා තත්ත්වයට! 🛠️💧(CSR Programme - LAVTC)
මෑතකදී බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පන්නල ගොවිපල හා පුහුණු මධ්‍යස්ථානයේ ජල නල පද්ධතියට විශාල හානියක් සිදුවී තිබුණා. නමුත් අපගේ උපදේශකවරුන් සහ සිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය හා සාමූහික කැපවීම මත එය නැවතත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට අපට හැකි වුණා! 💪✨
🔍 අපේ ගමන...
සිදු වූ හානිය නිරීක්ෂණය කිරීමෙන් පසු, අක්‍රිය වී තිබූ ජල පොම්ප (Water pumps) සහ අනෙකුත් උපකරණ රත්මලාන පුහුණු මධ්‍යස්ථානය වෙත ගෙනවිත් සාර්ථකව අලුත්වැඩියා කරනු ලැබුවා.
🔧 සාමූහික මෙහෙයුම...
මාර්තු 12 වැනිදා, සිසුන් හා උපදේශකවරුන් 17 දෙනෙකුගෙන් යුත් අපේ කණ්ඩායම පන්නල මධ්‍යස්ථානයට ගොස් ප්‍රධාන ජල සැපයුම් පද්ධතියේ සියලුම අලුත්වැඩියා කටයුතු, නල ප්‍රතිස්ථාපනය කිරීම් හා දෝෂ නිරාකරණය කිරීම් සාර්ථකව අවසන් කළා. ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ පැවති අභියෝගයන් පවා සාර්ථකව ජයගනිමින් අවශ්‍ය නව නල යොදා පද්ධතිය යාවත්කාලීන කිරීමට අපට හැකි වුණා. 🌊
මේ වන විට පන්නල මධ්‍යස්ථානයේ ජල සැපයුම 100% ක් සාමාන්‍ය පරිදි සිදුවෙනවා! ✅
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට උපදෙස් හා සහාය ලබා දුන් අධ්‍යක්ෂතුමා (පාලන හා පුහුණු), පළාත් අධ්‍යක්ෂ (වයඹ), සහකාර අධ්‍යක්ෂ (ඉදිකිරීම්) ඇතුළු සියලු දෙනාටත්, දිවා රෑ නොබලා මහන්සි වී වැඩ කළ අපගේ ආදරණීය සිසුන් සහ උපදේශක මණ්ඩලයටත් අපගේ හදපිරි ස්තූතිය! 🙏
ඉදිරියටත් පද්ධතියේ හඳුනාගත් අඩුපාඩු සකසමින් මධ්‍යස්ථානයේ කටයුතු වඩාත් සුරක්ෂිත හා කාර්යක්ෂම කිරීමට අපි සූදානම්. 🚀
14/02/2026
2026 පෙබරවාරි 11 දින
Carnival Maritime, AIDA Cruises සහ Mercantile Marine Management Ltd
ආයතන නියෝජිතයන් සමඟ පැවති නිල හමුව අප මධ්‍යස්ථානයේදි පවත්වන ලදි.
මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ විදේශ රැකියා අවස්ථා ප්‍රවර්ධනය සහ තාක්ෂණ හුවමාරුව වන අතර, විශේෂ අවධානය යොමු වූයේ AC & Refrigeration සහ Plumbing පාඨමාලා පිළිබඳවය.
14/02/2026
2026-02-10 වන දින අප ආයතනයට විශේෂ අමුත්තන් ලෙස එක් වූ එක්සත් අරාබි එමීරේට්ස්හි ප්‍රමුඛතම ආයතනයක් වන *Emrill Services LLC* හි විදේශීය නියෝජිතයන් වන *Mr. Thomas Friswell* සහ *Mr. David Kaleta* මහත්වරුන් උණුසුම්ව පිළිගැනීමට ලැබීම අපට මහත් ගෞරවයකි.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ අපගේ පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම්, පුහුණු ක්‍රමවේද සහ පාඨමාලා අධ්‍යයනය කිරීම මෙන්ම ඉදිරියේදී වෘත්තීය සහයෝගිතාවක් ඇති කරගැනීමේ හැකියාවන් පිළිබඳ සාකච්ඡා කිරීමයි.
*Emrill Services LLC* යනු Emaar Group සහ Al Futtaim Group යටතේ ක්‍රියාත්මක වන, සේවකයන් 12,000 කට අධික පිරිසක් සේවය කරන, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, පංච තරු හෝටල් සහ ප්‍රමුඛතම වාණිජ ස්ථාන සඳහා සේවා සපයන ඉහළම මට්ටමේ පහසුකම් කළමනාකරණ ආයතනයකි.
මෙම හමුව තුළින් අපගේ සිසුන්ට සෘජු, වෘත්තීයමය සහ ආචාරධර්ම සම්පන්න විදේශ රැකියා අවස්ථා උදාකර දීමේ වැදගත් පියවරක් තැබීමට හැකිවීම අපගේ ආයතනයට මහත් ආඩම්බරයකි.
අප ආයතනය කෙරෙහි දැක්වූ විශ්වාසයටත්, වටිනා කාලය වෙන් කරමින් සිදු කළ මෙම සංචාරයටත් Emrill Services නියෝජිත මණ්ඩලයට අපගේ හෘදයාංගම ස්තුතිය පළ කරමු.
රත්මලාන ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් 2026.01.19 දින දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේදී අති සාර්ථකව නිම විය.
නවක සිසුන්ට අපගේ උණුසුම් සුභාසිංසන!
www.lavtc.lk
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Ratmalana
10350
Opening Hours
| Monday | 08:30 - 16:30 |
| Tuesday | 08:30 - 16:30 |
| Wednesday | 08:30 - 16:30 |
| Thursday | 08:30 - 16:30 |
| Friday | 08:30 - 16:30 |
| Saturday | 08:30 - 16:30 |
| Sunday | 08:30 - 16:30 |