08/09/2020
දුම්රිය දෙපාර්තමේන්තුව හට දැනුම ඇති ශිල්පීන් යෙදවිම සදහා ජර්මන් රජය විසින්
ශ්‍රි ලාංකා ජර්මානු දුම්රිය කාර්මික අභ්‍යාස අයතනය යනුවෙන් අයතනයක් ජර්මානු රජයේ තාක්ෂණික හා මූල්‍ය ආධාර ඇතිව 1985 දී ආරම්භ කරන ලදී
ඒ දුම්රිය දෙපාර්තුමේන්තුවේ උන්නතිය සදහා පුහුණු ශ්‍රමිකයන් දෙපාර්තුමේන්තුවට ලබාදීමේ අරමුණ ඇතිවය.
මුල් කාලයේදී ජර්මානු උපදේශක මහත්වරුන් යටතේ අධුනිකයින් පුහුනු කරන ලදී. ඒ කාලය තුලදී හා ඉන් පසුව යම් කාලයක් දක්වා පුහුණු මධ්‍යස්ථානයෙන් පුහුණුව අවසන් කර පිටවන සියළු ආධුනිකයින්
දෙපාර්තමේන්තුවට බදවා ගනු ලැබුවත් පසු කාලීනව දේශපාලන බලපෑම් මත මෙම බදවාගැනීම් සීමා කිරීම හා කල්යැවීම සිදු කරන ලදී.
මෙහි නිපුණතා අවශ්‍යතා සපුරාලීම සඳහා ජර්මනියේ ෆෙඩරල් ජනරජයේ සැලසුම් අනුව පූර්ණකාලීන තාක්ෂණික පාඨමාලා හතරක් හදුන්වා දී ඇත.
මේ පාඨමාලා දුම්රිය දෙපාර්තුමේන්තුවේ සියළු නඩත්තු අංශ ආවරණය වන පරිදි පවත්වාගෙන යයි
ීසල් එන්ජින් කාර්මික ශිල්පය
යාන්තික කාර්මික ශිල්පය
විදුලි කාර්මික ශිල්පය
පෑස්සුම් ශිල්පය
මීට අමතරව මෙම සියළුම ආධුනිකයින් සදහා මූලික වෑද්දුම් පාඨමාලාවක් මුල් අදියර තුලදී සම්පූර්ණ කරනු ලැබේ.
මෙම පාඨමාලා වල තාක්ෂණික ප්‍රමිතීන් ජාතික වෘත්තීය සුදුසුකම් ආතනය (NVQ) හා ජාතික ආධුනිකත්ව පුහුණු අධිකාරියේ(NITA) නිර්දේශ හා පමිතීන් මත ව්‍යුහගත කර ඇත.
ඒවා අධීක්ෂණය සදහා මෙම ආයතන නිරතුරු අප පුහුණු මධ්‍යස්ථානය හා සම්භන්ධ වේ. මෙහි දී න්‍යායාත්මක හා ප්‍රායෝගික සැසි සමඟ සුදුසුකම් සපුරාලනු ලබයි .
ඒ සදහා අප පුහුණු මධ්‍යස්ථානයේ පායෝගික න්‍යායාත්මක හා රසායනාගාර පුහුණුවන් ඉතා ඉහල මට්ටමකින් ලබාදේ.
එබැවින් SLGRTTC පිහිටුවීමේ පරමාර්ථය වූයේ නිපුණත්වයට පත්වූ කාර්මික ශිල්පීන් බිහිකිරීමයි. ඒ අය දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ක්ෂේත්‍රවල විශේෂයෙන් පුහුණුව ලබා ඇති අය පුහුණු ශිල්පීන් වීමටයි.
මෙම අධ්‍යන කාලය තුල අධුනිකයින් කර්මාන්තශාලා පුහුණුව (Implant Traning) ලබාගනුයේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ වැඩ බිම් තුලින් පමණි.
මෙය නිසා පුහුණු වන තරුණ ආධුණිකයින් හට දුම්රිය දෙපාර්තුමේන්තුව තම අධ්‍යන පාසලක් බදු වේ.
ඒම නිසා ඔව්න් ඉතා ගෞරවයකින් හා වැඩි කැපවීමකින් යුතුව තම කාර්යය ඉටු කිරීමට පෙලබේ. අ
ද වන විටත් දුම්රිය දෙපාර්තුමේන්තුවේ කර්මාන්තශාලා වල බොහෝ වගකීම් හා කාර්යයන් අප පුහුණු මධ්‍යස්ථානයේ ආධුනිකයන් විසින් නොපිරිහෙලා ඉටු කරනු ලබයි.
නමුත් වර්තමාන තත්වය අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ පුර්ප්පාඩු සංඛ්‍යාව 70% මට්ටමට පැමිනි ඇති අතර තවත් එක් අවුරුදක් තුල එය 85% මට්ටමක පැමිනේ .එ අවස්ථාවෙදි දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මට්ටමෙන් රැදි සිටින්නේ ශ්‍රි ලාංකා ජර්මානු දුම්රිය කාර්මික අභ්‍යාස අයතනය
මගින් ඉගෙනුම ලැබු පුද්ගලයින් වීම විශේශත්වයකි .නමුදු ගැටලුව වන්නෙ ශ්‍රි ලාංකා ජර්මානු දුම්රිය කාර්මික අභ්‍යාස අයතනය අභාවයට යවා දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කිරිම සදහා දේශපාලන හස්තය මාන බලාගෙන සිටි.
මාද්‍ය වගකීම තේරුම් ගත් දෙරනට ප්‍රනාමය.
සේවකයෝ 14000යි - වෘත්තීය සමිති 103යි - පාඩුව රු බි 7යි - මේ ශ්‍රී ලංකා දුම්රිය සේවයයි
වැඩි විස්තර-http://ow.ly/QvgD50Bjk7h