26/06/2024
අනුන්ගේ දරුවන් තමන්ගේ කරගෙන
ආදරයෙන් අකුරු කෙරූ...
ඔවුන්ගේ දියුණුව දැක
සතුටු කදුළු සැලූ...
හැමදා ඔවුනට
හොද නරක කියා දුන්...
ගුරු දෙවිදුවක් වූ ඔබ...
ගුරු දිවිය නිමා කරන අද දින
දැනෙයි පන්තියේ කිසිදා නොමැති පාළුවක්...
සුපුරුදු ලෙස හිමිදිරි උදෑසන
නැවත ඔබ පැමිණෙනවා නම් සිතෙන විට
නැගේ කදුලක් අපේ හදවත් තුල
හැගේ ඔබ යලි නොපැමිණෙන වග...
වැලිකන්ද විදු පියසින් අද දින විශ්‍රාම දිවියට පා තබන
මාරපන ගුරු මවුනි
ස්තූති ඔබට...
නිදුක් නිරෝගී සුවබර විශ්‍රාම දිවියකට සුභාසිරි ...!!!