30/07/2026
ළමයෙක්ට ඉස්කෝලේ යන්න කලින් අකුරු කියවන්න පුරුදු කරනවාට වඩා...
මෙන්න මේ වාක්‍ය 10 💬 හරියට කියන්න පුරුදු කරමු
❤️
අකුරු, ඉලක්කම්, පොත්පත් කියවන එක ඇත්තටම ගොඩක් වටිනවා. 📚🔢
ඒත්,
👉🏼 "ළමයෙක්ට ඉස්කෝලේ යන්න කලින් ඔක්කොම අකුරු පුළුවන් වුණත්, තමන්ට ඕන උදව්වක් ඉල්ලගන්න, තමන්ගේ සීමාවන් පෙන්වන්න, නැත්නම් යාලුවෙක් එක්ක එකතු වෙන්න තේරෙන්නේ නැත්නම්... ඒ දරුවා පන්තිය ඇතුළේ අසරණ වෙනවා."
ඉස්කෝලේ කියන්නේ අකුරු අඳුරගන්න එකට විතරක් නෙවෙයි...
තවත් ළමයි ගොඩක් ඉන්න තැනකට එකතු වෙන එකට,
බලන් ඉන්න, බෙදාගන්න,
වැරදි හදාගන්න,
සමහර වෙලාවට තනිවෙන්න,
තමන්ගේ ළඟ අම්මා හරි තාත්තා හරි නැති වෙලාවට තනියම අදහස් හුවමාරු කරගන්න එකට 🤝✨
ඒ නිසා, ළමයාට අකුරු කියවන්න පුළුවන්ද කියලා විතරක් වද නොවී... ඉස්කෝලේ යන්න කලින් මෙන්න මේ වාක්‍ය 10 එදිනෙදා ගෙදරදී පුරුදු කරමු
1️⃣. "ඔයා සෙල්ලම් කරලා ඉවර වුණාම මටත් දෙන්න පුළුවන්ද?" 🧸
උදුරගන්නේ නැතුව, තල්ලු කරන්නේ නැතුව, නැත්නම් කවුරුහරි දකිනකම් අසරණව බලන් ඉන්නේ නැතුව ඉවසන්න පුරුදු කරනවා.
2️⃣. "කරුණාකරලා ඕක නවත්තන්න, මම ඒකට කැමති නැහැ." 🛑
තමන්ට කරදරයක් වෙද්දී "එපා" කියන්න ළමයින්ට අයිතියක් තියෙනවා. ඒක කෑගහලා කියන්න ඕන නැහැ... සන්සුන්ව, පැහැදිලිව කියන්න පුරුදු කරමු.
3️⃣. "මම උත්සාහ කළා, ඒත් මට උදව්වක් ඕනේ." 🙋♂️
සමහර ළමයි වැඩක් කරගන්න බැරි වුණාම අතහරිනවා, නැත්නම් කේන්ති ගන්නවා. උදව් ඉල්ලන එක පැරදීමක් නෙවෙයි.
👉🏼 මුලින්ම උත්සාහ කරන එක දක්ශ කමක්.
👉🏼 ඊළඟට උදව් ඉල්ලන එක බුද්ධිමත් කමක්.
4️⃣. "හායි, මාත් එක්ක සෙල්ලම් කරන්න කැමතිද?" 👫
තවත් ළමයි පිරිසක් ඉන්න තැනකට යන එක පොඩි ළමයෙක්ට ලොකු අභියෝගයක්. ඉස්කෝලේ යන්න කලින් මේ පුංචි වාක්‍යය පුරුදු කරන්න. ළමයින්ගේ විශ්වාසය හැදෙන්නේ කතා කරන්න ඕන දේ දැනගත්තාමයි.
5️⃣. "මට දැනට පොඩ්ඩක් තනියම ඉන්න ඕනේ."
ළමයින්ට තමන්ගේ තරහ හරි මහන්සිය හරි පෙන්නන්න සැර වෙන්න ඕන නැහැ. සන්සුන් වෙන්න පොඩි ඉඩක් ඉල්ලන්න එයාලටත් පුළුවන් වෙන්න ඕනේ.
6️⃣. "සමාවෙන්න, මටත් දෙයක් කියන්න තියෙනවා." 🙋♀️
වැඩිහිටියෙක්ගේ අවධානය ගෞරවයෙන් ලබාගන්න දන්න ළමයෙක්, තමන්ට යම් අපහසුවක්, අසාධාරණයක් හෝ බයක් දැනුණාම ඒක කෙලින්ම කියන්න බය වෙන්නේ නැහැ.
7️⃣. "මගෙන් වැරැද්දක් වුණා, මට ආයෙත් උත්සාහ කරන්න පුළුවන්ද?" 🔄
මේක ගොඩක්ම වටිනවා!
වැරදීම කියන්නේ ලැජ්ජාවට කරුණක් නෙවෙයි, ඒක ඉගෙනීමේ කොටසක් කියලා දකින ළමයි වැරදුණත් ආයෙ ආයෙත් උත්සාහ කරනවා.
8️⃣. "මට මේ කියපු දේ තේරුණේ නැහැ." ❓
නොතේරුණත් තේරුණා වගේ අනිත් අය කරන දේ බලාගෙන කරනවාට වඩා, "මට තේරුණේ නැහැ" කියලා පිළිගන්න එක කොච්චර වටිනවද
9️⃣. "අපි මේක එකතු වෙලා කරමුද?" 🤝
එකමුතුකම කියන්නේ පුරුදු කරන්න ඕන දෙයක්. මේ වාක්‍යයෙන් අනිත් අය ලවා වැඩ කරගන්නේ නැතුව, අනිත් අයව සම්බන්ධ කරගන්න දරුවා ඉගෙන ගන්නවා.
🔟. "මට දුකයි / තරහයි / පාළුයි වගේ දැනෙනවා, මොකද..." ❤️🩹
ළමයින්ට තමන්ගේ හැඟීම් වචනයෙන් කියන්න තේරෙන්නේ නැති වුණාම තමයි එයාලා කෑගහන්නේ, ගහන්නේ නැත්නම් අඬන්නේ. හැඟීම් වචන වලට පෙරලන්න පුරුදු කරමු.
🔴 මට එක අම්මා කෙනෙක් කියපු කතාවක් මතක් වෙනවා...
ඇය මාස ගාණක් තිස්සේ බබාට ඉස්කෝලේ යන්න කලින් අකුරු, පාට මතක තියාගන්න පාඩම් කරෙව්වලු.
ඒත් ඉස්කෝලේ ගිය මුල් සතියෙම ඒ දුව ගෙදර ආවේ අඬාගෙන! 🥺
හේතුව... එයාට අනිත් ළමයි එක්ක සෙල්ලම් කරන්න ඕන වුණත් ඒක කියාගන්න තේරිලා නැහැ.
එදා රෑ අම්මා දුවට එකම එක වාක්‍යයක් පුරුදු කළා
👉🏼 "මාත් එක්කත් සෙල්ලම් කරනවද?"
ඔයාට හිතෙන්න පුලුවන් අයියෝ මේක කියන්න දන්නෙ නැද්ද කියලා. නැහැ මේ අපි කතා කරන්නේ අවුරුදු 3-4 පොඩි පැටව් ගැන. එයාලට අපි වගේ හැගීම් වචන කරන්න තේරෙන්නෙ නෑ. අනික එයාල මෙච්චර කල් ගෙදරදි අම්මා එක්ක හරි සහෝදරයෙක් එක්ක හරිනෙ සෙල්ලම් කරේ. එයාල දැන් මේ යන්නේ අලුත් පරිසරයකට
ඊළඟ දවසේ ඒ දුව ඉස්කෝලේ ඉවර වෙලා ආවේ මූණ පිරෙන්න හිනාවෙලා 😊
එයා ඒ වාක්‍යය කියලා... අනිත් යාලුවොත් "හා" කියලා!
අකුරු, ඉලක්කම් ළමයින්ට ඉගෙනගන්න උදව් වෙයි. 📚
ඒත් හොඳ සන්නිවේදනය තමයි එයාලට සමාජයට මුහුණ දෙන්න, යාලුවෝ හදාගන්න, උදව් ඉල්ලන්න සහ වැටුණු තැනින් නැගිටින්න උදව් කරන්නේ💪✨
අකුරු කියවමු...
පොත් පත් දෙමු...
ඒත් එක්කම, අපි ළඟ නැති වෙලාවට එයාලට කතා කරන්න ඕන මේ පුංචි වාක්‍ය ටිකත් අනිවාර්යයෙන්ම පුරුදු කරමු! ❤️
✍️Pink Baby
❗️උපුටා ගැනීම තහනම් ⚠️ Share කිරීමට පමණයි 🙏
©️Pink Baby - All Rights Reserved
තවත් ලිපි කියවන්න Pink Baby page එක follow කරලා තියාගන්න 🙏🤗