19/06/2026
🇯🇵 ජපානයට යන්න හීන දකින සහ දැනටමත් ජපානයේ ජීවත් වන ලාංකිකයන්ට වැදගත් පුවතක්
2026 වසරේ ජපාන රජය විසින් ආගමන හා වීසා සම්බන්ධ ගාස්තු සංශෝධනය කිරීමට අදාළ නීති සංශෝධනයක් සම්මත කර තිබෙනවා. මේ අනුව ඉදිරියේදී වීසා, Residence Extension, Status Change සහ Permanent Residency සම්බන්ධ ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව වාර්තා වෙනවා.
දැනට සාකච්ඡාවට ලක්ව ඇති සංඛ්‍යා අනුව,
🔹 Single Entry Visa – ¥3,000 සිට ¥15,000 දක්වා
🔹 Multiple Entry Visa – ¥6,000 සිට ¥30,000 දක්වා
🔹 Status Change of Residence – ¥6,000 සිට ¥30,000 – ¥40,000 දක්වා
🔹 Period of Stay Extension – ¥6,000 සිට ¥30,000 – ¥40,000 දක්වා
🔹 Permanent Residency Application – ¥10,000 සිට ¥100,000 – ¥200,000 හෝ ඊට වැඩි මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, මේ සංඛ්‍යා බොහෝ දුරට යෝජිත අගයන් වන අතර අවසාන ගාස්තු ජපාන රජය විසින් පසුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
📌 වැදගත් සටහනක්:
ඉහත සඳහන් කර ඇති Permanent Residency Application වගේ සමහර ගාස්තු එක්වරම “one-time payment” එකක් ලෙස බලද්දී, සාමාන්‍ය අයදුම්කරුවන්ට එය ඉතා වැඩි (too much) ලෙස දැනෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේදී නිල ගාස්තු ප්‍රකාශයට පත් වීමත් සමඟ සැලසුම් කරලා ක්‍රියා කිරීම වැදගත්.
මේ අතර පසුගිය මාස කිහිපය තුළ ජපාන ආගමන සේවා කාර්යාලවල වීසා හා Residence සම්බන්ධ අයදුම්පත් විශාල ප්‍රමාණයක් ගොඩගැසීම හේතුවෙන් ප්‍රතිඵල නිකුත් වීමේ ප්‍රමාදයන් දක්නට ලැබෙනවා.
සමහර අයදුම්පත් මාස 6කට වැඩි කාලයක් ගතවන අතර, විශේෂ අවස්ථාවලදී මාස 10 සිට වසරකට ආසන්න කාලයක්ද ගත වී ඇති බව විවිධ ආගමන උපදේශකයන් සහ අයදුම්කරුවන් වාර්තා කරනවා.
ආගමන බලධාරීන් පවසන්නේ,
📌 අයදුම්පත් පිළිබඳ නිතර දුරකථන ඇමතුම් ලබා දීමෙන් ප්‍රතිඵල වේගවත් නොවන බවයි.
📌 අමතර ලේඛන අවශ්‍ය නම් හෝ තීරණයක් ගත් පසු විද්‍යුත් තැපෑල (Email) හෝ ලිපිය මගින් දැනුම් දෙන බවයි.
📌 බොහෝ අයදුම්පත් "Under Review" තත්ත්වයේ දිගු කාලයක් පවතින එක සාමාන්‍ය තත්ත්වයක් බවද සඳහන් කරනවා.
ජපානයේ විදේශික ජනගහනය වාර්තාගත ලෙස ඉහළ යාමත්, නව රැකියා සහ අධ්‍යාපනික වීසා අයදුම්පත් වැඩිවීමත් හේතුවෙන් ආගමන පද්ධතියට විශාල පීඩනයක් එල්ල වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ඒ නිසා ජපානයට යාමට සැලසුම් කරන අය මෙන්ම දැනට ජපානයේ සිටින අයද, ඉදිරියේදී නිකුත් වන නිල නිවේදන පිළිබඳ අවධානයෙන් සිටීම ඉතා වැදගත්.
Explore new opportunities in Japan with our expert visa services. Your journey to success begins here!
0777807619