12/12/2020
Business Class - Business Studies 34 වන කොටස
එකමත් එක කාලෙක ඈත ඈත යටගිය දවසක.....
නෑ නෑ මේ ප්‍රාග් ඓතිහාසික යුගයක් ගැන කතා කරන්නේ නැහැ ...
මේ කතා කරන්නේ මීට අවුරුදු දහයකට එහා තිබ්බ ප්‍රචාරණ මාධ්‍ය ගැනයි
ව්‍යාපාර ප්‍රචාරණය කරන්න විවිධ මාධ්‍ය අවුරුදු 10-20කට උඩදී යොදාගත්තා...
විශාල ප්‍රචාරක campaign එකකට බොහොම ප්‍රකට මාධ්‍යයක් උනේ රූපවාහිනියයි, මේකට අමතරව ගුවන් විදුලිය, පත්තර, මැගසීන් බැනර්, බිල්බෝඩ් විශාල ප්‍රචාරක මාධ්‍යය බවට ව්‍යාපාර තෝරගත්තා...
ඔන්න ඉතිං අන්තර්ජාලයේ වේගයෙන් වර්ධනය වෙනකොට වෙබ් සයිට් පටන් ගත්තා, ඒත් internet එකේ gaming site, search engine, chat room ඇරෙන්න හැමදාම රසිකයෝ online ඉන්න කාල සීමාව වැඩිකරගන්න මේ දේවල් වලට බැරිවුනා..
Facebook එකට කලින් චුටි චුටි සමාජ මාධ්‍ය බිහිවුණාට මාර්ක් මලයා(Mark Zuckerburg) කරපු වික්‍රමය කාටත් කරන්න බැරි වුණා.
Mark මලයා අමුතුම දෙයක් කලා, සමාජ මාධ්‍ය නිදහසේ පාවිච්චි කරන්න දුන්නා, මේකේ ප්‍රධාන අරමුණ වුණේ ඔයාලගේ පින්තූර , සිතුම් පැතුම්, ඔයාලා අත්විඳපු දේවල්, game, විහිළු තහළු, එදිනෙදා ඔයාලා කරන දේවල් සේරම මුහුණු පොතේ දාන එක.
හැබැයි මේ ඔක්කොම දත්ත. ඔයාලගේ කැමැත්ත අකමැත්ත , ඔයාලා ශෙයා කරන විඩියෝ, ඔයාලා කැමති භාණ්ඩ, ඔයාලා හොයන්න දේවල් මේ ඔක්කොම දත්ත එයාලා අලෙවිකරනවා.
කාටද?
දැන් අනිත් පැත්තෙන් මර්ක් මලයා, ව්‍යාපාර , ආයතන, මාධ්‍ය වලටත් facebook එකේ ලියාපදිංචි වෙන්න උදව් කලා. දැන් ඒගොල්ලො ගේ ව්‍යාපාර ලොකු ප්‍රේක්ෂක ජනග්‍රහණයකට ප්‍රචාරය කරනවට වඩා, algorythem එකකට තමන්ගේ භාණ්ඩ හෝ සේවා ලබාගැනීමට කැමති පාරිභෝගියන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ උවමනා , දමන post අනුව පෙන්වීමට සැලැස්වීම කරන හින්දා මේක ඉතාමත් සාර්ථක ප්‍රචාරක මාධ්‍යක් වුණා , දැන්ම ඔන්න youtube, instagram එකේ අපි කාලය ගත කරන ප්‍රමාණය වැඩි වෙනවාත් එක්කම සමාජ මාධ්‍ය අලෙවිකරණය සාම්ප්‍රදායික අලෙවිකරණයට පහර ගහන්න පටන් ගත්තා.
ලෝකේ වටේම රූපවාහිනියට යන ප්‍රචාරක ආදායම , එන්න එන්නම අඩු වෙනවා, ගොඩක් වෙලාවට මිනිත්තුවකට මිලියනයක් වගේ ගෙවන්න වුන දැන්වීම් වල ගණන් බහින්න පටන්ගත්තා
ඇමරිකාව, යුරෝපය වගේ තැන්වල ප්‍රචාරක ආදායම 11%-20% දක්වා වසරක අඩු වීමට පටන් ගෙන තිබෙනවා. දැන් බොහෝ දුරට ක්‍රීඩා උත්සව , වෙනත් සැණකෙලි විකාශය අතරතුර දැන්වීම් තිබුණත් ලොකු ව්‍යාපාරවල දැන්වීම් වැඩසටහන් අතරතුර හමුවන ආවකාශ කාලය (air time) අඩු වෙලා තියෙනවා.
දැන් Netflix වැනින් streaming services වල satellite tv වල ප්‍රචාරණය සිදුවන අතර අළුත් ම trend එකක් ප්‍රචාරණ ලෝකයේ සිද්ධවෙනවා. මේ තමයි youtubers ගෙන් වෙන ප්‍රචාරක වැඩපිළිවල
ඔන්න අපි අද කතා කරන්න යන්නේ සමහර ඔයාලගේ හිතේ තියෙන මේ අසාව හරියට කරන්නේ කොහොමද කියලා. හොද youtuber කෙනෙක් වෙන්නේ කොහොමද?
අනිත් ළමයින්ට මේක වැදගත් වෙන්නේ ප්‍රචාරක මාධ්‍යයක් විදිහට youtube වලින් ප්‍රචාරය කරන කොට සාර්ථක චැනලයක් කරන්නේ කොහොමද කියලා.
දැන් ඔන්න youtube වල ජනප්‍රිය වෙන චැනල බොහොමයක් තියනවා මේවා එක එක රටවල් වලට වෙනස් වෙනවා හැබැයි subscribers මිලියනය පනින චැනල් හුගක් වෙලාවට වෙන්නේ
විනෝදාත්මක (හාස්‍ය රසය තියෙන චැනල්)
අපේ ලංකාවේ නම් රැට්ටා, ලෝචි, block and dino, ජනයි ප්‍රියයි වගේ කට්ටිය ඉන්නවා
ක්‍රීඩා චැනල (ක්‍රිකට්, බාස්කට්බෝල්, බේස්බෝල්)
චිත්‍රපට ගැන කතාකරන channel
සංගීතය කරන හා කතාකරන channel
Reaction චැනල
Gaming ගැන කතාකරන චැනල
විද්‍යාත්මක ගවේෂණ ගැන කතාකරන චැනල
තාක්ෂණික උපදෙස්, ඉවුම් පිහුම් චැනල
Vlogger, සංචාරක චැනල්
(ලංකාවට ආපු nas daily, harald, budgeteers වගේ අය)
රූපවාහිනී වැඩසටහන්, talk show වැඩසටහන් පිළිබඳ චැනල්
අළුත් gadget ගැන හඳුන්වාදෙන channel
Car ගැන චැනල්
දේශපාලනික channel
ආගමික channel
මේවා තමයි ජනප්‍රිය වෙන්නේ, මේ චැනල්වලට ගොඩක් ව්‍යාපාර ආයතන කතා කරලා ඒගොල්ලොන්ගෙ target audience එක (ඒ කියන්නේ ඕගොල්ලෝ අලෙවිකරණයේ ඉගෙන ගත්ත target market - ඉලක්කගත වෙළඳපොළ ඛණ්ඩනයට ) කෙලින්ම ආමන්ත්‍රණය කරන්න තමන්ගේ නිෂ්පාදන මේ youtuber ලා හරහා අදුන්වලා දෙනවා
ඔන්න දැන් අපි වැදගත්ම කාරණය ට යමු, හොද youtuber කෙනෙක් වෙන්නේ කොහොමද කියලා,
1. ඔයාලා advertising
බලාපොරොත්තු වෙනවානම්
මුලින්ම මම කියපු ඉහළ
මාතෘකාවක් තෝරාගෙන
තමන්ගේ දක්ෂතාවය අනුව
චැනලයක් පටන්ගන්න ඕන
ලංකාවේනම් ඉතින්
විනෝදාස්වාදය
තාක්ෂණික දැනුම
Gadget
ඉවුම් පිහුම්
ක්‍රිකට්
සංගීතය
ටෙලිනාට්‍ය
නොයෙකුත් ජිවිත කතා තමයි
trend වෙන්නේ
2. ඔබ ආමන්ත්‍රණය කරන
ප්‍රේක්ෂකයන් හා ඔවුන්ගේ
ප්‍රජා සංයුතිය, බහුතර
කැමැත්ත හා අකමැත්ත මත
Content සෑදිය යුතුය.
3. තමන් ආමන්ත්‍රණය කරන
ප්‍රේක්ෂකයන් හා කාලෙන්
කාලෙට පවතින ප්‍රවනතාවයන්
අනුව තම වීඩියෝවේ
අන්තර්ගතය (content) වෙනස්
කිරීම සිද කල යුතුය.
4. තමන්ගේ ප්‍රේක්ෂක කාණ්ඩයට
ඔබ හා සමාන විඩියෝ සකසන
Youtubers අතුරින් ජනප්‍රිය
තරගකරුවන් සිදු කරන්නේ
කුමක්ද යන්න නිරීක්ෂණය කර
(මාතෘකා දාන්නේ කොහොමද?,
මුල් පින්තුර(thumbnails),
වීඩියෝ අන්තර්ගතය
නිර්මාණය වෙන්නේ
කොහොමද?)
5. සැමවිටම ප්‍රේක්ෂක අවධානය
(Audience Engagement) හා
ප්‍රේක්ෂක නැරඹීමේ වේලාව
(watch time) ගන්නේ
කොහොමද කියලා බලන්න
ඕන.
මෙහිදී විඩියෝ අතුරතුර සිනහ
මුසු තැන්, ජනප්‍රිය
ප්‍රවණතාවයක් සහිත තැන්
(trending memes, pop culture
references) හා අතරමැද වෙනත්
වීඩියෝ, ග්‍රැෆික් නිර්මාණ, video
effects, පසුතල වීඩියෝ හා
Copyright නොවන සංගීතයන්
(audio clips) යන සම්මිශ්‍රණයක්
පවත්වාගෙන යාම ප්‍රේක්ෂක
අවධානය හා ජනප්‍රියතාවය වැඩි
කරගැනීමට හැකි වේ.
6. තම විඩියෝ චැනලය ජනප්‍රිය
කිරීමට ගෙවීම තුළින් හෝ
සමාජ මාධ්‍ය තුළින් හෝ
යහළුවන් හතරේ ජනප්‍රිය
කිරීමෙන් තම ප්‍රේක්ෂකයන්
වර්ධනය කරගත හැක.
7. තමන් තෝරාගන්නා
මාතෘකාවට අදාලව කතා කිරීම
8. පැහැදිලිව තමන්ගේ
ප්‍රේක්ෂකයන්ට තමන් ප්‍රකාශ
කරන අදහස ලබාදීම.
9. ප්‍රති පෝෂණය හා ඒවාට
පිළිතුරු ලබාදීම පිළිබඳ උනන්දු
වීම.
10. අනවශ්‍ය ලෙස දීර්ඝ නොකොට
තොරතුරු සංක්ෂිප්ත කිරීම
11. තම ප්‍රේක්ෂකයාට ආචාරශීලි
වීම
12. තම වීඩියෝව දත්ත ප්‍රමාණය
(size එක) පුළුවන් තරම් අවම
කර ගැනීම. Hand brake වැනි
මෘදුකාංග මෙයට භාවිතා කළ
හැක.
13. පැහැදිලි ශබ්ද හා රූප
තත්ත්වයන් වීඩියෝව තුළ
පැවතීම
14. එක්තරා ජාතියකට ආගමක
එරෙහිව මතවාදයක් ඇතිකර
හෝ එය සම්බන්ධයෙන්
වීඩියෝ content ඉදිරිපත්
නොකිරීම.
15. මේකට අමතරව වීඩියෝ චැනලයක් කරගෙන
යනකොට අනෙක් තරඟකරුවන් ගෙන්
සුවිශේෂත්වයක් ඔබේ චැනලයට තිබිය යුතුය.
(Originality) තිබීම ඉතාමත් වැදගත්ය.
ඔතන සඳහන් සදහන් කරලා තියෙන මුලම එක ඒ කියන්නේ
ජනප්‍රිය විෂය පථයක් තෝරා නොගෙන විඩියෝ චැනල් පටන් ගත්තොත් ඔය ඉතිරි මං කියපු කාරණා කිසි දෙයක් වැඩක් වෙන්නෙ නෑ
බිස්නස් ක්ලාස් සමග ප්‍රශ්න 100 වැඩසටහන දෙසැම්බර් මාසයේ කොටස් 35න් අවසන් වෙනවා..(ඒ කියන්නේ තව එකයි දාන්නේ). හැබැයි නිවාඩු කාලේ විශේෂාංග youtube චැනලයේ, අපි බිස්නස් ක්ලාස් page එකේ දානවා. මේකේ සරාංශ ගත විඩීයෝවක් තියනවා youtube එකේ
එහෙනම් තවත් එක් වැඩසටහනකින් අපි නැවත හමුවෙමු..