Hewavitharana Maha Vidyalaya

Hewavitharana Maha Vidyalaya This is the official page of Hewavitharana Maha Vidyalaya

 රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ය.

 වර්ෂ 1898 නොවැම්බර් මස 05 වන දින තාවකාලික ඉදිකළ ගොඩනැගිල්ලක හේවාවිතාරණ විද්‍යාලය ආරම්භ වන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දොළොස් දෙනෙකුගෙනි.

 රාජගිරිය හේවාවිතාරණ ස්වභාෂා බෞද්ධ ම්‍ශ්‍ර පාඨශාලාව නමින් විද්‍යාලය ආරම්භ කෙරුණු අතර, ධර්මපාලතුමාගේ මුලික අරමුණු වී තිබුණේ මෙරට බ්‍රිතානයන්ට යටත් විජිතයක්ව පැවති සමයේ මිෂනාරින් විසින් කතෝලික පාසල් ආරම්භ කරමින්,කතෝලික ධර්මය රටපුරා ව්‍යාප්ත කිරිම හමුවේ සිංහල බෞද්ධ දරුවන්ට අහිමි වු අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම යි.


 ස්ථීර ගොඩනැගිල්ලක හේවාවිතාරණ විද්‍යාලය ස්ථාපිත වන්නේ වර්ෂ 1906 ඔක්තෝම්බර් මස 28 වැනි දින වන අතර,කොළඹ විද්‍යෝදය පරිවෙනාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපානන් විසින් එය
ල් විවෘත කර ඇත.

 හේවාවිතාරණයේ මුල්ම ප්‍රධානාචර්යතුමා ලෙස ඩබ්.ජේ.ටී.ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇති අතර, 1906 දි බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමන් ද ,එතුමාගෙන් පසුව ධර්මපාලතුමන් විසින් ආරම්භ කරන ලද මහාබෝධී සමාගම යටතේ ද පාසල පාලනය වී ඇත.

 ධර්මපාලතුමන් විසින් ලංකාවේ මුල්ම පේෂකර්ම විද්‍යාලය ලෙස 1906 වසරේදී ම හේවාවිතාරණ පේෂකර්ම විද්‍යාලය එහි ස්ථාපිත කරන ලදි .

 පාසල් රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙල යටතේ 1960 වසරේ දි රජයට පවරා ගත් අතර, 1964 ජනවාරි 01 දින සිට හේවාවිතාරණය මහා විද්‍යාලයක් බවට පත් විය.

***

25/09/2026






162 වැනි ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණ සමරු දිනය සහ 128 වන හේවාවිතාරණ පාසල් මාතා දින සැමරුම“ලෞකික දේ පිළිබඳව මා තුළ කිසිද...
20/09/2026

162 වැනි ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණ සමරු දිනය සහ
128 වන හේවාවිතාරණ පාසල් මාතා දින සැමරුම

“ලෞකික දේ පිළිබඳව මා තුළ කිසිදු ආශාවක් නොතිබුණි. සරල බව මම බොහෝ සේ අගය කළෙමි.”

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ ජාතික මෙහෙවර, උදාර චින්තනය හා සදාචාරාත්මක දැක්ම සිහිපත් කරමින්, රට දැය වෙනුවෙන් අපගේ යුතුකම හා වගකීම නැවත සිහි කරමු.

162 වැනි ධර්මපාල ගුණ සමරු දිනය සහ 128 වන හේවාවිතාරණ පාසල් මාතා දින සැමරුම බැතිබරව සිහිපත් කරමු. 🙏

18/09/2026

13/09/2026

💐💐💐💐💐💐🏅🏅🏅🏅🏅🏅💐💐💐💐💐💐*සිංහල* *භාෂා* *හා* *සාහිත්‍ය* *තරගාවලිය* *-* *2026*  *කලාප* *මට්ටම*  *ලිඛිත* *තරග* *ප්‍රතිඵල* 💐පද්‍ය ...
26/08/2026

💐💐💐💐💐💐🏅🏅🏅🏅🏅🏅💐💐💐💐💐💐
*සිංහල* *භාෂා* *හා* *සාහිත්‍ය* *තරගාවලිය* *-* *2026*
*කලාප* *මට්ටම*
*ලිඛිත* *තරග* *ප්‍රතිඵල*

💐පද්‍ය රචනා හා අවබෝධය - ප්‍රථම ස්ථානය - සසිනි නෙත්සරණි ගුණවර්ධන (12/13 ශ්‍රේණි)

💐භාෂා භාවිතය හා අවබෝධය- ප්‍රථම ස්ථානය - සමාධි කාවින්ද්‍යා( 8 ශ්‍රේණිය)

💐කතන්දර නිර්මාණය - දෙවන ස්ථානය - සදසි අනාෂා (8 ශ්‍රේණිය)

💐 පද්‍ය නිර්මාණය හා අවබෝධය - තෙවන ස්ථානය - ඇසල සදයංගන( 6 ශ්‍රේණිය)

💐කෙටි කතා නිර්මාණය - තෙවන ස්ථානය - ටෙෂාරා දෙව්මිණි කුරේ (12/13 ශ්‍රේණි)

2026.07.11 පැවති සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ පද්‍ය ගායනා තරගයේ කලාප මට්ටමේ දෙවන ස්ථානය දිනා ජය ලැබූ6 ශ්‍රේණියේ කේ.ඒ...
14/08/2026

2026.07.11 පැවති සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ පද්‍ය ගායනා තරගයේ කලාප මට්ටමේ දෙවන ස්ථානය දිනා ජය ලැබූ
6 ශ්‍රේණියේ කේ.ඒ.දෙව්සිතු සේහිත පුතුණුවන්ටත් ඒ සදහා පුහුණුවීම් කළ ගුරුභවතුන්ටත් විද්‍යාලීය ගෞරවය හා ප්‍රනාමය පිරිනමමු.💐💐💐💐💐💐💐

🌟 Join the Official page of Hewavitharana Vidyalaya – Rajagiriya! 💙💛Stay connected with our school community an...
14/08/2026

🌟 Join the Official page of Hewavitharana Vidyalaya – Rajagiriya! 💙💛

Stay connected with our school community and never miss the latest updates, achievements, events, activities, and special moments of Hewavitharana Vidyalaya – Rajagiriya. 🏫✨

💙 Like & Follow our Official page 💛
📚 Celebrate our students’ achievements
🏆 Share in our school’s proud moments
🎭 Stay updated on events and activities
🤝 Be a part of our growing school community

Together, let’s celebrate our school, our children, and their journey towards a brighter future! 🌟

👉 Join us on our Official page and stay connected!

https://www.facebook.com/share/1E1EHLG9Y2/

💙💛

2026.08.06  දින පැවැත්වුණු ඉංග්‍රීසි දින තරඟාවලියේ (English Day Competition), කණිෂ්ඨ බාලිකා සමූහ ගායනා තරඟයෙන් (Junior G...
14/08/2026

2026.08.06 දින පැවැත්වුණු ඉංග්‍රීසි දින තරඟාවලියේ (English Day Competition), කණිෂ්ඨ බාලිකා සමූහ ගායනා තරඟයෙන් (Junior Girls Group Singing Competition) කොට්ඨාස ප්‍රථම ස්ථානය (1st Place) දිනා ගැනීමට අපේ පාසලේ දියණියන් සමත් විය.
එම ජයග්‍රගනය වෙනුවෙන් කැපවුණු ඉංග්‍රීසි අංශයේ ගුරුභවතුන්ට ගෞර්වනීය ස්වාමීන් වහන්සේලා,විදුහල්පතිනිය,නියෝජ්‍ය විදුහල්පති තුමිය සහකාර විදුහල්පති තුමිය ගේ උණුසුම් සුබ පැතුම් හා ස්තූතිය පළ කරමු.

Address

Hewavitharana Maha Vidyalaya, Rajagiriya Road
Rajagiriya
10107

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112867326

Website

Alerts

Be the first to know and let us send you an email when Hewavitharana Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hewavitharana Maha Vidyalaya:

Shortcuts

Share

Category