15/11/2025
🟥 ඊශ්‍රායලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකුගේ ගෙලකපා ඝාතනය කරයි.
ඊශ්‍රායලයේ සේවය කරමින් සිටි 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුගේ ගෙල කපා ඝාතනය කොට ඇතැයි වාර්තා වේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ, බටපොළ, දොරළ, කොණ්ඩගල ප්‍රදේශයේ පදිංචිව සිටි කොත්තිගොඩ තරිඳු ශානක නම් 38 හැවිරිදි දෙදරු පියෙක් බවට කරුණු අනාවරණය වී ඇත.
"ගුරා" ශානක යන ආදරණීය නාමයෙන් හඳුන්වනු ලබනවා යැයි කියන මොහු වාර්තාවන අන්දමට උද්‍යානයක රාත්‍රියේ මත්පැන් පානය කොට ඇති අතර මුත්‍රා කිරීමට යැයි කියමින් මදකට ඉවතට ගිය අතරතුර මෙම අවාසනවන්ත සිදුවීමට මුහුණ පා ඇත.
අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයෙකු තියුණු ආයුධයකින් මෙම ඝාතනය සිදුකර හිස කඳෙන් වෙන්කොට හිස ද රැගෙන ගොස් ඇති බවට එරට පොලිසිය කරුණු අනාවරණය කර ඇති බවට සඳහන් වෙයි.
පහත ඡායාරූපය ඔහුගේ පවුලේ සාමාජිකයින් සමඟ ගත් එකකි.
▫️️ නිවන් සුව සහෝදරයා 🙏
🔴 මොන රටේ හිටියත් කමක් නෑ,...කට්ට කන අපේ එවුන් කල්පනාවෙන්, පරිස්සමෙන් ඉඳපල්ලා 🙏