31/05/2026
පින්බර වෙසක් මංගල්‍යය වෙනුවෙන්...
SHS 18 සහ OT 05 නංගිලා මල්ලිලාගේ දෑතින් හැඩවුණු, සිත් සනහන DDS වෙසක් අසිරිය! 🙏🪷
For this beautiful Vesak season...
Heartwarming Vesak creations, beautifully made by the hands of our SHS 18 and OT 05 juniors! 🙏🪷
30/05/2026
සුබ වෙසක් මංගල්‍යයක් වේවා..! 🙏🏻🌼
"සංසාර සාගරය රළ අතර කිමිදෙණා
ලෝ සතට පින්සාර නිර්වාණ සුව ගෙනා..."
උතුම් වූ තෙමඟුල සිහිපත් කෙරෙන මේ පින්බර වෙසක් සමයේ, සිත් තුළ ඇති ක්‍රෝධය, වෛරය දුරු වී මෙත් සිතින් හා ප්‍රඥාවෙන් ලෝකය දකින්නට සැමට ශක්තිය ලැබේවා!
ලෝවැසි සැමට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සිත සනසා ගන්නටත්, උතුම් ශ්‍රී සද්ධර්මයේ සිසිලසින් ජීවිත ආලෝකමත් කරගන්නටත් මේ උතුම් වෙසක් පොහෝ දිනය ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමු! 🙏🌸
"Bringing the meritorious bliss of Nirvana to the world..."
On this sacred Vesak season, may all hearts be filled with loving-kindness and wisdom, dispelling hatred and anger. Wishing everyone a peaceful life illuminated by the teachings of the Buddha! 🙏🌸
ආබාධිතතා අධ්‍යයන අංශ ශිෂ්‍ය සංගමය,
වෛද්‍ය පීඨය - කැලණිය විශ්වවිද්‍යාලය
Disability Studies Students’ Association
Faculty of Medicine -University of Kelaniya
Design - Durga (SHS Batch 17)
Caption - Malki (SHS Batch 15)
16/04/2026
World Voice Day 🗣️✨
World Voice Day reminds us of something we often take for granted, the incredible power of the human voice. It helps us express, connect, and be heard. This day also highlights the importance of caring for our vocal health and supporting those who face challenges in communication.
Let’s use our voices to uplift others, spread awareness, and build a more inclusive, compassionate world because every voice deserves to be heard 🤍
Disability Studies Students’ Association
Faculty of Medicine
University of Kelaniya
Design : Piraveen Jeyakumar
31/01/2026
Heartfelt congratulations to all who received the Colours Award. May your success inspire many more from our department to pursue excellence, break boundaries, and achieve greater heights in the years to come 💙✨
#2025シ
03/12/2025
International Day of Persons with Disabilities 2025
Fostering disability-inclusive societies for advancing social progress 🌍♿ — a call to build communities where equal opportunity, accessibility, and dignity empower every person to participate, contribute, and thrive 🤝✨.
In light of the recent impact of natural disasters occured to many countries 🌧️⚠️, let us raise awareness and strengthen preparedness to ensure that persons with disabilities receive inclusive support, safety, and protection in every emergency 🚨💙.
, , , , , , and
Disability Studies Students' Association
Faculty of Medicine
University of Kelaniya
___________________________
Design: Husna Muneer
Caption: Sabeeha Iqbal
29/10/2025
Frames of Understanding: Raising Awareness on Communication Disorders through Photojournalism
A student group from Department of Disability Studies, Faculty of Medicine, University of Kelaniya presents the first phase of the photojournalism project as part of their Electives Programme 2025.
Capturing real moments in therapy—highlighting strength, connection & progress in communication disorders.
Stay tuned for 3 impactful photo stories!
Please share your valuable ideas in the comment section.
ඔබගේ වටිනා අදහස් ඉදිරිපත් කරන්න
03/07/2025
කටහඬ ඇතිවෙන්නෙ, අපේ බෙල්ලෙ තියනවා ස්වරාලය කියලා කොටසක් ස්වරාලයෙ තන්තු දෙකක් තියනවා. ඒවාට අපි කියන්නෙ ස්වර තන්තු කියලා. ඒවා කම්පනය වීම මගින් තමයි කටහඬ නිපදවෙන්නෙ. එතකොට මේ ස්වර තන්තු වල ගැටිති, තුවාල, ආසාදන, පිළිකා, අංශභාග වගේ තත්තවයක් ඇතිවුනොත් අපිට කටහඬ ආශ්‍රිත ආබාධයක් ඇතිවෙන්න පුළුවන්. ඒකට බලපාන හේතු තමයි කටහඬ අධිභාවිතය/අවභාවිතය, මානසික ආතතිය වගේ දේවල්. ඒ අතරින් කටහඬ ආබාධ වැඩිවශයෙන්ම ඇතිවෙන්නෙ කටහඬ අධිභාවිත කිරීම මගින්. ඒ කියන්නෙ ඕනාවට වඩා මේ ස්වර තන්තු ක්‍රියාත්මක උනොත් ඒවාට හානිවෙන්න පුළුවන්. ඒ නිසා වැඩි වශයෙන්ම මේ වගේ ආබාධ ඇතිවෙන්නෙ ගුරුවරු, දේශපාලනඥයො, නීතිඥවරු වගේ කටහඬ වැඩිපුර භාවිත කරමින් රැකියා වල නිරත වන පුද්ගලයන්ට. මේ වගේ කටහඬ ආශ්‍රිත ආබාධයක් ඇතිවුනොත් අපිට ඒක හඳුනාගන්න පුළුවන් ලක්ෂණ තමයි නිතර නිතර කැස්ස ඇතිවීම, උගුර වියළීම, කටහඬ ගොරෝසු වීම, කතා කරන විට අනවශ්‍ය ලෙස හුස්ම පිටවීම වගේ දේවල්. මේ ලක්ෂණ අවම සති දෙකකට වඩා පැවතුනොත් ඒක කටහඬ ආශ්‍රිත රෝගාබාධයක් වෙන්න පුලුවන්. ඒ නිසා අපිට අපේ කටහඬ රැකගන්න නම් හැමදාම ප්‍රමාණවත් තරම් වතුර බොන්න වෙනවා, ඒ වගේම අනවශ්‍ය ලෙස කතා කරන එක, ඝෝෂාකාරී තැනක ඒ සද්දෙට වඩා උස් හඬින් කතා කරන්න උත්සහ කරන එක වගේම මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතය වගේ දේවලුත් අවම කරන්නම වෙනවා. ඔයාට හරි ඔයා හඳුනන කෙනෙක්ට හරි මේ තත්ත්වය තියෙනවා නම් ඉක්මනින්ම ළඟම තියන රෝහලට ගිහින් කථන හා භාෂා චිකිත්සක සායනයට යොමුවෙන්න..