Let's Talk - S E X Education

Let's Talk - S E X Education

Share

This page is created to empower the knowledge about sexual wellness among adolescents. Anyone can clarify any doubt through this.

13/07/2025

👧👶🏻දරුවන් ටිකෙන් ටික ලොකු වෙන විට තමන්ට නුපුරුදු අලුත් අත්දැකීම් ලබන්න, ඒ ගැන වැඩිපුර දැනගන්න උනන්දු වෙනවා එය සාමාන්‍යයයි. ඒ ගැන දෙමව්පියන්ගෙන් කුතුහලයෙන් විවිධ ප්‍රශ්න අහන්නත් ඔවුන් කටයුතු කරනවා.
💡ලිංගිකත්වය කියන්නෙත් ඔවුන්ට එවැනි අලුත් මාතෘකාවක්. යාළුවන්ගෙන්, අසල්වැසියන්ගෙන්, සමීපතමයන්ගෙන් හා සමාජ මාධ්‍යයෙන් ලිංගිකත්වය සම්බන්ධයෙන් අසන දකින කාරණා ගැන මතුවෙන කුතුහලය ඔවුන් නිරාකරණය කරගන්න පෙළඹෙන්නේ දෙමව්පියන්ගෙන්.
👀අද කාලයේ දරුවන් මුහුදෙන ඛේදජනක සිදුවීම් බහුතරයක් පිටුපස දරුවන් හට දෙමව්පියන්ගේ ඇහුම්කන් දීම,අවධානය අඩු වීම වැනි කාරණා හේතුවක් වෙලා තියනවා. ඉතින් ඒ නිසා දරුවන් ඔවුන් ගේ සිතිවිලි හැඟීම් ඔබ සමඟ බෙදා ගන්නට උත්සහ කරන විට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලෙස ඔබ බියට පත්වීමටවත් දරුවන් ගැන වැරදි වැටහීම් ඇති කිරීමවත් සුදුසු වන්නේ නෑ.
🙌🏻⭕️ඒ වගේ මොහොතක කළ යුතු වෙන්නේ ලිංගිකත්වය වැනි කාරණා සම්බන්ධයෙන් දරුවන් කියන, අහන දේ ගැන හොඳින් ඇහුම්කන් දෙන එක පමණයි. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස හෝ ප්‍රතිචාරය දක්වන්න ඉක්මන් වෙන්න එපා. විවෘත මනසින් එවැනි මොහොතක හැසිරීමටත් ප්‍රතිචාර දැක්වීමටත් ඔබ වගබලා ගත යුතු වෙනවා.
🚦ඒ වගේ වෙලාවට දරුවන්ට සැක සහිත මාතෘකා සැක හැර දීමටත් ඔබ දන්නා නිවැරදි තොරතුරු පමණක් දරුවන්ට කියා දීමටත් වගබලා ගන්න ඕනේ. දරුවා අහන ලිංගිකත්වය සම්බන්ධ මොකක්ම හරි කාරණාවක් ගැන පිළිතුරු දෙන්න ප්‍රමාණවත් තොරතුරක් ඔබ ළඟ නොමැතිනම් හෝ ඒ ගැන ඔබ දැනුවත් නැත්නම් දරුවාට මෙහෙම කියන්න ඔයාට පුළුවන්. “
⚡️පුතා මම මේ ගැන ඔයාට කියලා දෙන්න තරම් දෙයක් දන්නේ නෑ. මේ ගැන හොයලා ඔයාට මම අනිවාර්‍යෙන්ම උත්තරයක් දෙන්නම්” මෙන්න මේ වගේ පිළිතුරකින් දරුවා තුළ අම්මා ගැන තාත්තා ගැන ඉතා හොඳ ප්‍රතිරූපයක් ඇතිකරන්න ඔයාට පුළුවන්. එයින් දරුවා ඔබට වඩාත් සමීප වගේම ඔබ පිළිබඳ විවෘත මනසකින් දකින්නත් පෙළඹෙන බව අමතක කරන්න එපා

17/05/2023

කැලණිය විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨය, කැනඩාවේ ටොරොන්ටෝ සරසවිය සමග, වසර හතරක කාලයක් තුල නිපදවන ලද නව යොවුන්වියේ චරිත ශක්තින් සහ පෞරුෂත්ව ලක්ෂණ නැංවීමේ මොඩියුල දහය පහත දැක්වේ.
මොඩියුල: https://medicine.kln.ac.lk/leaps/index.html
ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් දහස් ගණනකගේ කරන ලද පර්යේෂණ අනුව චරිත ශක්තින් සහ පෞරුෂත්ව ලක්ෂණ දියුණු කිරීම සාර්ථකව මෙමගින් සිදුවන බව සොයාගෙන ඇත.
වැඩිදුර විස්තර: https://medicine.kln.ac.lk/depts/psychiatry/index.php/leaps
නව යොවුන්වියේ, අවුරුදු 10 සිට 19 දක්වා සියලු දරුවන්ට මොඩියුල සමග එක්වන්නට ආරාධනා!
මොඩියුල නිමකර ඔබේ අදහස් දක්වන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSeP6P3DP9z_ppoMavVROebEFEC0rhQHIIIfsQd6pBfKdGxYww/viewform?pli=1
LEAPS ව්‍යාපෘතිය සඳහා දායකත්වය: ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස, විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්ය ෂෙහාන් විලියම්ස්, විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්ය අරුන් රවින්ද්‍රන්, වෛද්‍ය සුවින් හේවගේ, ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී එස් සුමනසිරි මහත්මා, දිලාන් සංදනුවන් මහත්මා, මනෝ විද්‍යාඥ සින්දුජා සෙල්ලයියා මහත්මිය, හංසනී කරුණාරත්න මිය, තරුෂිකා අමරසේකර මිය සහ වෘත්තීය චිකිත්සක ප්‍රදීප් ගුණරත්න මහත්මා

13/05/2023

🙊

Cartoon by Shanika Somatilake

Photos 25/06/2021

ඔබ දුම් පානය කරයි නම්, එය නතර කිරීමට පවසමින් ඔබේ මිතුරන් හා පවුලේ සාමාජිකයන් කොතෙකුත් බලපෑම් සිදු කරනවා ඇත. ඔබ දුම් පානය කරනුයේ දුම් පානය නිසා හෘද රෝග, ආඝාතය, පිළිකා, නිදන්ගත පෙනහළු අවහිරතා රෝග (COPD), සහ වෙනත් ශාරිරීක අඩපණතාවන් ඇතුළු රෝග ඇති වීමේ ඉඩකඩ වැඩි බව හොඳ අවබෝධයකිනි.

එවැනි දිගු කාලීන අවදානම් පිළිබඳව දැන දැනත් විශේෂයෙන්ම තරුණ වයසේ පුද්ගලයන් ඉන් ඉවත් වීමට ස්වයං පෙළඹවීමක් සිදු කිරීමට තරම්වත් උත්සහ කරනවා විය නොහැක. නමුත් වසර ගණනාවකට පසුව ඉතා අවදානම්, වේදනාකාරී රෝග හට ගෙන ක්ෂණික මරණයකට හෝ සදාකාලික විඳවන්නෙකු බවට පත්වනවා යැයි දැන දැනම දුම් පානය කිරීමත් ඔබට සැබවින්ම අසීරු විය හැකිය.

smoking 1දුම් පානය කිරීමට කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් ද නැත. දුම් බීමේ දී සුරුට්ටු හෝ දුම් පයිප්ප යොදා ගැනීම දුම්කොළ නිෂ්පාදනවලින් ඔබේ සෞඛ්‍යට සිදුවන අවදානම වළක්වා ගැනීමට කිසිදු උපකාරයක් සිදු කරන්නේ නැත. දුම් පානය කරන්නා සිය කර්තව්‍ය සාධාරණීකරණය කිරීමට කොතෙකුත් වදන් ගොනු කළත් ලෝකයා පිළිගන්නා විද්‍යාත්මක හා අධ්‍යාත්මික (ආගමික) පරම සත්‍යය නම් දුම්බීම ඔබේ සෞඛ්‍යට බරපතලව හානි සිදුකරයි යන්නයි.

දුම් වැටියක අමුද්‍රව්‍ය 600ක් පමණ අඩංගු වේ. දුම් වැටිය දැල්වෙන විට 7000කට අධික රසායනික ද්‍රව්‍ය උත්පාදනය වන බව ඇමරිකානු පෙනහළු සංගමය පවසයි. එම රසායනික ද්‍රව්‍ය බොහෝමයක් උග්‍ර විෂ වර්ග වන අතර ඉන් අවම වශයෙන් විෂ 69ක් පිළිකා කාරකයන් විය හැක. ජාතික පිළිකා ආයතනය පවසන අයුරින් දුම් වැටියට වඩා සුරුට්ටුවක ඉහළ පිළිකා කාරක, විෂ හා තාර (Tar) ඇත.

දුම්බීම භින්නෝන්මාදය (schizophrenia) වර්ධනය වීමට ප්‍රබල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකි බව පර්යේෂකයෝ පවසයි. භින්නෝන්මාදය යනු මනස තල දෙකක ක්‍රියාත්මක වීම නැතහොත් සන්නිවේදනය සහ ක්‍රියාව අතර සම්බන්ධය නැතිව ගොස් ඇති වන උමතුව නැතහොත් මනෝ විකාරය වශයෙන් විස්තර කළ හැක. පර්යේෂකයන් විසින් තවදුරටත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ද පවත්වන බව ලන්ඩන් නුවර ‘කිංග්ස් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව සහ ස්නායු විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ජේම්ස් මැක්කේබ් පවසයි.

දුම් පානයේ ප්‍රධාන සෞඛ්‍ය අවදානම පෙනහළු පිළිකා, හෘද රෝග හා ආඝාතය (Stroke) වේ. දුම් පානය නිසා හට ගන්නා පෙනහළු පිළිකා හේතුවෙන් සියයට 90ක් මිය යන අතර නිදන්ගත පෙනහළු අවහිරතා රෝග (COPD) හේතුවෙන් සියයට 80ක් පමණ මිය යයි. හෘද රෝග මරණ සියයට 17ක් පමණ සිදු වේ.

දුම් වැටියේ වඩාත් භයානක සංරචක කිහිපයක් පිළිබඳ මෙම ලිපියෙන් නිරාවරණය කරන්නේ දුම් පානය කරනා ඔබ වෙනුවෙනි.

තාර: දුම්කොළ දුම ආශ්වාස කරන විට, සමහර තාර පෙනහළුවල තැන්පත් වේ. විෂබීජ හා වෙනත් දේවල් පෙනහළුවලින් සම්පූර්ණයෙන් පිටතට ගෙන යාමට උපකාර වන ඉතා කුඩා කෙස් පෙනහළුවල පේළි ගැසී පිහිටා ඇත. දුම් පානය නිසා ආශ්වාසවන තාරවලින් මෙම කෙස් ආවරණය වීම හේතුවෙන් එම ස්වාභාවික ක්‍රියාවලිය හැසිරවීම දුෂ්කර වේ. සිගරට් දුම ආශ්වාස කර තාරවල පිළිකා සෛල වර්ධනය කරන පිළිකාකාරක රසායනික ද්‍රව්‍යයන් ද අඩංගු වේ.

කාබන් මොනොක්සයිඩ්: කාබන් මොනොක්සයිඩ් රුධිරයේ ඇති හිමොග්ලොබින් හා ආබද්ධව රුධිර සංසරණයේ දී ශරීරය පුරා අවශ්‍ය තරම් ඔක්සිජන් රැගෙන යාම වළක්වයි. ඒ අනුව පෙනී යන්නේ දුම් පානය කරන පුද්ගලයෙකු වාතය ඉක්මණින් ශරීරයෙන් බැහර කිරීමටත් ඉක්මණින් වෙහෙසට පත් වීමට ඉඩ ඇති බවයි. අවසානයේදී, ඔබට නිදන්ගත පෙනහළු අවහිරතා රෝග (COPD) නම් වු පෙනහළු රෝගය නොමිලයේ ලබා ගත හැක. ඔබටත් නොදැනීම දැනටමත් මෙම රෝගය වැළඳී ඇත්නම්, ඉදිරියට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම ඉතා බරපතල ලෙස අපහසු වනු ඇත.

ඔක්සයිඩ් වායුව: ඔක්සයිඩ් වායුව ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කරන වායුවකි. එය හෘදයාබාධයක් හෝ ආඝාතය වැළඳීමේ අවදානම වැඩි කරමින් ලේ කැටි තැන්පත් වීමේ ඉඩකඩ වැඩි කරනු ඇත.
smoking 2බෙන්සීන්: බෙන්සීන් වෙත නිරාවරණය වීමෙන් ජාන මට්ටමින් සෛලවලට හානි පැමිණිය හැකි අතර, එවැනි තත්ව ලියුකේමියාව, වකුගඩු පිළිකා වැනි විවිධ පිළිකා රෝග ඇති වීමට ප්‍රබල සම්බන්ධතාවක් දක්වයි. අතීතයේ දී බෙන්සීන් පෙට්‍රල් හා මිශ්‍ර කිරීමට භාවිත කළ නමුත් සෞඛ්‍ය පිළිබඳව වැඩි සැලකිලිමත්භාවය හේතුවෙන් මෙය ප්‍රායෝගිකව සිදු කිරීම නතර විය. යන්ත්‍රයක දැවෙන්නට හැරීමෙන් පිටවන දුමාරය නිසා සෞඛ්‍ය පිරිහීමේ ප්‍රවණතාව වැළකීමට ලෝකයම එක්ව ක්‍රියා කළත් දුම් පානය කරන්නන් තමන් විසින්ම තමන්ගේ ගෙල මිරිකා ගැනීමට දුම් වැටියෙන් බෙන්සීන් ලබා ගනියි.

පිළිකා: දුම් පානයේ වඩාත්ම භයානක එක් බලපෑමක් වන්නේ පෙනහළු පිළිකා හට ගැනීමේ අවදානමය. දුම්කොළවල දුමෙහි අඩංගු රසායනික ද්‍රව්‍ය පෙනහළුවල ඇති සෛලවලට හානි කර පිළිකා සෛල බවට පත් කරයි. පෙනහළු පිළිකා වර්ධනය කිරීමේ අවස්ථාව පුද්ගලයෙකු සිගරට් බොන ප්‍රමාණය සහ කාලය අනුව තීරණය කරයි.

ඔබ තවමත් ප්‍රමාද නොවූවා විය හැකියි. දුව යන කාලය ආපසු හැරවීමට ඔබට නොහැකියි. එබැවින් කෙටි කාලීන වින්දනයක් පතා දීර්ඝ කාලීනව විඳවීමක් අත්පත් කරගන්නේ ද යන තීරණය ඔබ සතුයි.

004
Supun Fernando
Faculty of Medicine,
University of Kelaniya

Photos 05/03/2021

සරු කාලය ගැන ඔබ දැනුවත්ද?

දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය
කාන්තාවකගේ ආර්ථව චක්‍රය තුල ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය සරු කාලය (Fertile period) ලෙස හඳුන්වනවා. එමෙන් ම ගැබ් ගැනිමෙන් වැලකීම ට සරුකාලය තුළ ආරක්ශිත උපක්‍රම යොදා ගත යුතු වනවා. දින 28කට වරක් ඔසප් වීම සිදු වෙන කාන්තාවකගේ නම් සරු කාලය වෙන්නෙ අවසන් වරට ඔසප් වීම ඇරඹුණ දිනයේ සිට දින 11 – 16 අතර දින 6ක කාලයයි. නමුත් මෙම කාල සීමාවෙන් පිටත වුවත් ගැබ් ගැනීමක් සිදු වෙන්න හැකියාව තිබෙනව.

ඔසප් චක්‍රය ආරම්භ වෙන්නෙ ඔසප් වීමත් සමගයි. එතැන් සිට ඩිම්බ කෝෂ වලින් ඊළඟ මාසය තුල පිට වීම සඳහා ඩිම්බ මේරීම ආරම්භ වෙනව. ඩිම්බයක් පිට වීමට සුදුසු තත්වයට මේරීම සඳහා සාමාන්‍යයෙන් දින 14ක් පමණ ගත වෙන අතර මෙය වෙනස් වෙන්න පුළුවන්. මෙලෙස ඩිම්බය පිටවූ දින සිට හරියටම දින 14කින් ඊළඟ ඔසප් වීම සිදු වෙනව. මෙම කාල සීමාව වෙනස් නොවන නිසා ඔසප් චක්‍රයේ දින ගණන එක් එක් කාන්තාවට වෙනස් වෙන්නේ ඇයගේ ඩිම්බ මේරීමට සහ පිටයවීමට ගත වෙන කාල සීමාව අනුවයි.

ශුක්‍රාණුවක් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල දින 5ක් පමණ සජීවී ව තිබීමට හැකියාව ඇති අතර ඩිම්බයක් පිටවු පසු එය දින දෙකක් පමණ සජීවී ව තිබෙනව. ඒ නිසා ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතුවී සංසේචනය ක් සිදුවීමට ඩිම්බ පිටවෙන දිනයට ආසන්න දිනක දී ලිංගික එක්වීම ප්‍රමාණවත්. නමුත් පරීක්ෂන මගින් සොයා ගෙන ඇති පරිදි ගැබ් ගැනීමට වඩාත්ම වැඩි සම්භාවිතාවක් තිබෙන්නෙ ඩිම්බ පිටවෙන දිනයට (සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ 14 වන දිනය) දින 3 කට පෙර සහ දින දෙකකට පසු දින දක්වා කාලය තුලයි. ඒ නිසා ඔසප් චක්‍රයේ ඩිම්බ පිටවන දිනයට දින තුනකට පෙර දින සිට ඩිම්බ පිටවන දිනයට දින දෙකකට පසු දිනය දක්වා කාලය සරු කාලය ලෙස සලකන් පුළුවන්.

ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් එයට හේතු වෙන්නෙ ඩිම්බ මේරීම සඳහා ගතවන කාල සීමාව වෙනස් වීම හෝ ඩිම්බ මේරීම සිදු නොවීමයි. එවිට ඩිම්බ පිටවෙන දිනය අනුමාන කරන්න අපහසු නිසා සරු කාලය ගණනය කරන්න හැකියාවක් නැහැ. ඔසප් වීම ක්‍රමාණුකූලව නියමිත දින ගණනකට වරක් සිදු වේ නම් නැවත ඔසප්වීමට නියමිත දිනයට දින 14කට පෙර ඩිම්බ පිටවීම සිදු වෙනව. ඩිම්බ මේරීමට සහ පිටවීමට ගතවන කාලය වෙනස් විය හැකි නිසා ඔසප් චක්‍රයේ දින ගණන එක් එක් කාන්තාවට වෙනස් වෙනව.

ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප්වීම ආරම්භ වූ දිනය පහත ඇතුළු කිරීමෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
https://www.webmd.com/baby/healthtool-ovulation-calculator

13/02/2021
12/02/2021

වැඩ්වියට පත් වීමත් සමඟ සිදුවන ශාරීරික වෙනස්කම් ගැන අපි මීට කලින් කතා කලා.ශාරීරිකව විතරක් නෙවෙයි මානසිකව පවා අපි වෙනස් වෙනවා වැඩ්වියට පත් වීමත් සමඟ.බලන්න ඔයාලටත් මේ වගේ වෙනස්වීම් දැනිලා තියෙනවාද කියලා.පහලින් ඒවගෙන් කිහිපයක් සදහන් කරන්නම්

~වඩා හැගීම්බර වීම
~විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන ආකර්ෂණය
~පිරිමි ළමුන් වඩා රළු ස්වාභාවයක් ගැනීම
~ගැහැණු ළමුන් තම ශාරීරිකව සිදුවන වෙනස්වීම් ගැන වඩා සිතීමේ ස්වාභාවය
~බුද්ධිමය හැකියාවන් වර්ධනය වීම
~වඩා තාර්කිකව සිතීම
~වඩා ගැඹුරින් සිතීම
~මතකය හා සිතීමේ වේගය වැඩිවීම
~අන් අයගේ අදහස් කෙරෙහි සවන් නොදීම
~යහළු මිත්‍රයන් සමඟ වැඩ් කාළයක් ගත කිරීම
~අනාගත අපේක්ෂා පිළිබඳව වැඩි වශයෙන් සිතීම
~තමාගේ හැකියාවන් හා දුර්වලතා හදුනාගැනීම

Photos 12/02/2021

ප්‍රජනන පද්ධති හා හෝමෝන

දෙවන කොටස - පුරුෂ ප්‍රජනන පද්ධතිය හා හෝමෝන

හයිපොතැලමස - Gnrh ශ්‍රාවය කරයි.එමගින් පිටියුටරිය මගින් Fsh හා Lh නිදහස් කිරීම යාමනය කරයි.

පිටියුටරිය - FSH,LH ශ්‍රාවය කරයි.FSH හා LH හෝමෝන වෘෂණ කෝෂ මගින් ශුක්‍රාණු නිෂ්පාදනය උත්තේජනය කරයි.

වෘෂණ කෝෂ - ටෙස්ටොස්ටෙරෝන් ශ්‍රාවය කරයි.එමගින් ශුක්‍රාණු නිෂ්පාදනය උත්තේජනය කරයි.

ටෙස්ටොස්ටෙරෝන් සෘණ ප්‍රතිපෝශී ලෙස හයිපොතැලමස හා පිටියුටරිය මත බලපා හෝමෝන නිකුත් කිරීම යාමනය කරයි.

Photos 12/02/2021

ප්‍රජනන පද්ධති නිසි ලෙස යාමනය කිරීමට,හෝමෝන විශාල ක්‍රියාවක් ඉටු කරයි.

පළමු කොටස- ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය හා හෝමෝන

හයිපොතැලමස - Gnrh ශ්‍රාවය කරයි.එමගින් පිටියුටරිය මගින් Fsh හා Lh නිදහස් කිරීම යාමනය කරයි.

පිටියුටරිය - FSH,LH ශ්‍රාවය කරයි.FSH හෝමෝනය නිසා ඩ්ම්බ කෝශයක සියුනිකා කීපයක් වර්ධනය වීමට පටන් ගනී.LH හෝමෝනය නිසා ඩිම්බකෝෂයකින් ඩ්ම්බයක් මුදා හරිනු ලැබේ.

ඩ්ම්බ කෝෂ - ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය කරයි.ඊස්ට්‍රජන් ගර්භාෂයේ ගණකම වැඩි කරයි. නිපදවයි.ප්‍රොජෙස්ටරෝන් ගර්භාෂයේ ග්‍රන්ති වැඩි කිරීම හා පවත්වා ගැනීම සිදු කරයි.

ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් මගින් සෘණ ප්‍රතිපෝශී ලෙස හයිපොතැලමස හා පිටියුටරිය මත බලපා හෝමෝන නිකුත් කිරීම යාමනය කරයි.

Photos 12/02/2021

ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවන මාසික ඔස්ප් වීම පිලිබඳ කෙටියෙන් දැනගනිමු.

ඔසප් චක්‍රය යනු ගැහැණු ප්‍රජනක පදධතියේ (විශේෂයෙන් ගර්භාෂය හා ඩිම්බ කෝෂ) ගර්භණීභාවයට පත්වන තෙක් සිදුවන නිරන්තර ස්වාභාවික වෙනසයි. ඩ්ම්බ නිපදවීම සහ ගර්භණීභාවය සඳහා ගර්භාෂය සකස් කිරීම සඳහා චක්‍රය අවශ්‍ය වේ.සාමාන්‍යයෙන් දින 28ක පමන කාලයකින් සමන්විත වේ. පිටියුටරිය මගින් ශ්‍රාවය කරන FSH හෝමෝනය නිසා ඩ්ම්බ කෝශයක සියුනිකා කීපයක් වර්ධනය වීමට පටන් ගනී.එයින් එක් සියුනිකාවකි පමනක් පසුව වර්ධනය වී ග්‍රාෆීය සියුනිකාවක් බවට පවේ වර්ධනය වන ග්‍රාෆීය සියුනිකාව මගින් ඊස්ට්‍රජන් ශ්‍රාවය කරයි.එයින් ගර්භාෂයේ ගණකම වැඩි කරයි. ඔසප් චක්‍රයේ දහහතරවන දින පමණ පිටියුටරියෙන් නිපදවන LH හෝමෝනය නිසා ඩිම්බකෝෂයකින් ඩ්ම්බයක් මුදා හරිනු ලැබේ.ඩිමිබ කෝෂයේ ඉතිරි වන් සියුනිකා සෛල මගින් ශ්වේත දේහය් නිපදවයි.එමගින් ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය කරයි.එමගින් ගර්භාෂයේ ග්‍රන්ති වැඩි කිරීම හා පවත්වා ගැනීම සිදු කරයි.ගැබ් ගැනීමක් සිදු නොවන්නේ නම්,ශ්වේත දේහයෙන් ප්‍රොජස්ටරෝන් ශ්‍රාවය කිරීම නැවතී ඔසප් වීම සිදුවේ.

Photos from Let's Talk - S E X Education's post 12/02/2021

ප්‍රජනන පද්ධති - දෙවන කොටස

පුරුෂ ප්‍රජනන පද්ධතිය පිළිබඳව දැනගනිමු.

පුරුෂ ප්‍රජනන පද්ධතිය කොටස් කීපයකින් සමන්විත වෙනවා.ඒවාගෙන් විවිධ ක්‍රියා ඉටුවෙනවා.

වෘෂණ කෝෂ - ශුක්‍රාණු නිශ්පාදනය කිරීම

අපිවෘෂණය - ශුක්‍රාණු ගබඩා කිරීම

වාස් ඩ්ෆරනස් - ශුක්‍රාණු ගමන් කරවීම

ශිශ්නය - ලිංගික සංසර්ගයට දායක වේ

පුරස්ථි ග්‍රන්තිය - ශ්‍රාව නිකුත් කර ශුක්‍රාණු සමග නිකුත් කිරීම

Want your school to be the top-listed School/college in Ragama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Ragama