Christ The Healer's Church- Ragammulla

Christ The Healer's Church- Ragammulla This may not be the Official, But this is the First.

By the way where is the so called official page now?
මෙය නිල පිටුව නොව ප්‍රථම පිටුවයි.
දැන් නිල යැයි කියන පිටුව කෝ?

20/09/2026
20/09/2026
19/09/2026

සංවේගයෙන් දැනුම්දීමයි

කොළඹ අගරදගුරු පදවියේ සේවයේ නියුතු ගරු සෑම් කුවින්ටස් පෙරේරා පූජා ප්‍රසාදීන් වහන්සේ ස්වර්ගස්ථ වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.

උන්වහන්සේ මෙලොව තුළ කළ සේවයට තුති පුදමින් ගරු පියතුමනන්ගේ ආත්මය වෙනුවෙන් අපි දෙවිඳුන් යදිමු.

ගරු සෑම් ක්වින්ටස් පූජා ප්‍රසාදීන් වහන්සේගේ ආත්මය දෙව් මව් තුරුළේ සැතපේවා....

Update

FUNERAL ARRANGEMENTS

REV. FR. SAM QUINTUS PERERA

The mortal remains of Rev. Fr. Sam Quintus Perera will be brought to the Archbishop’s House Chapel on Sunday, 20th September, at 9.00 a.m. and will lie in state until 6.00 p.m. on Sunday.

At 6.00 p.m., his remains will be transferred to St. Sebastian’s Church, Maradagahamula (Batepola Parish Substation), where they will lie in state until Monday.

The Requiem Mass will be celebrated on Monday, 21st September, at 3.00 p.m. at the same Church, after which the interment will take place in the Church Cemetery.

May his beautiful soul rest in peace!

රාගම මීසම පරිවර්තනීය යුගයකට රැගෙන ගිය එඬේරාණන්.ස්වාමිනී නිත්‍ය සැතපීම මෙතුමන්ට දුන මැනව. නිත්‍යා ලෝකය මෙතුමාණන් තුළ බැබල...
19/09/2026

රාගම මීසම පරිවර්තනීය යුගයකට රැගෙන ගිය එඬේරාණන්.

ස්වාමිනී නිත්‍ය සැතපීම මෙතුමන්ට දුන මැනව.
නිත්‍යා ලෝකය මෙතුමාණන් තුළ බැබලුව මැනව.
මෙතුමාණන් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමෙන්.
fans

19/09/2026

අවමංගල්‍යය දැන්වීමයි

රාගම මීසමට අනභිභවනීය සේවයක් කළ හිටපු මීසම් පාලක පියතුමෙකු වන ගරු සෑම් කුවින්ටස් පෙරේරා පියතුමා ස්වර්ගස්ථ වී ඇති බව කනගාටුවෙන් දැනුම් දෙමු.

අවසන් කටයුතු පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.

එතුමන්ගේ ආත්මය දෙව් මව් තුරුළේ සැතපේවා....🙏

Obituary Notice

We deeply regret to inform you of the passing of Rev. Fr. Sam Quintus Perera, a former Parish Priest who rendered priceless service to the Ragama Parish.

Details regarding the final rites will be announced in due course.

May his soul rest in the loving embrace of our Blessed Mother. 🙏

17/09/2026
17/09/2026

සීදුව පාසල අසල ඉදිවෙමින් පවතින සිමෙන්ති කර්මාන්තශාලාවට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුක කොටගත් කතෝලික සභාවේ විරෝධය.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව, ජනතාවගේ සෞඛ්‍යය සහ පරිසර ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින්, අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් ප්‍රමුක කොටගත් කතෝලික සභාව සිය විරෝධය පළ කරයි.

17/09/2026

රත්නපුර පදවි රදගුරු අති උතුම් ඇන්ටන් වයිමන් කෲස් හිමිපාණන් අද දින සිය පූජක දිවියේ 26 සංවත්සරය (2000 -2026) සමරනු ලබනවා.

දෙවි සමිඳුන්ගේ මිදි උයනේ සේවය කරනට ලැබූ කැදවීමට සාක්ෂි දරමින් තම ධර්මදූතික මෙහෙවර ඉදිරියටම කරගෙන යාමට රදගුරු තුමන් හට ඇවැසි සුදතුම් ආසිරි බහුලව ලැබී මරිමව් රැකවරණය නොඅඩුව ලැබී, නිදුක් නිරෝගී සුවසම්පත ලැබ දේවජනතාව සමිදුන් කරා රැගෙන යන්නට වරම් ලැබේවායි ශ්‍රී ලාංකික කිතුණුවන් ලෙස අපි ප්‍රාර්ථනා කරමු.

ඒ වෙනුවෙන් අපගේ යාච්ඤා ඔප්පු කරමු.

Address

Kadawatha Road
Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when Christ The Healer's Church- Ragammulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Christ The Healer's Church- Ragammulla:

Shortcuts

Share