02/11/2024
ක්‍රියාකාරකම් පාදක පෙර පාසල.
අපි හැමෝම එක වගේ නෑ. අපේ අත්ලේ රේකා එක වගේ නෑ වගේම අපි හැමෝගෙම අත් අකුරුත් එක වගෙ නෑ. අපි එකිනෙකාට වෙනස්.
පෙර පාසල් අවදියේ කුඩා දරුවන් විශාල ලෙසටම unic.
අද මට හමූඋනා හරිම හුරුබුහුටි පුතෙක්. පුතා ඉතාමත් නිරෝගි දරුවෙක් ලෙස මෙලොව එලිය දුටුවත් පස්සෙ නියුමෝනියා රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කරලා ඒ ප්‍රතිකාර overdose වෙලා පුතා disable වෙලා අවුරුද්දක්.
ඉතින් අවුරුද්දකට පස්සෙ පුතා physically ok උනත් පුතා nuro ඩිසේබල් තත්වයකට මුහුන දීලා .
ඉතින් පුතාගේ වයස අවුරුදු හතරක් වන කොට පුතා ගේ අම්මා අප්පච්චි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක පෙර පාසල් ඒකකයට ඇතුලත් කරලා.
ඔන්න දැන් තමයි ප්‍රශ්නය . පුතා අනෙක් දරුවන් ට වඩා වෙනස්. මොකද පුතා ට තාම දෙයක් ඇගිලි යොදා අල්ලන්න අමාරුයි.
පාට කූර පවා පුතාගේ අතින් ගිලිහෙනවා.
පුතා අද මගේ ලගට ආවා අකුරු ලියන්න ඉගෙන ගන්න. විනාඩි කිහිපයක් යන කොට පුතා ගේ ගැටලුව මම තේරුම් ගත්තා මම ලබපු පෙර පාසල් ක්‍රමවේදය තුලින් සහ මනෝවිද්‍යාත්මක අද්‍යාපනය තුලින්.
මම ඒ අම්මාට අප්පච්චිට පැහැදිලි කරලා දුන්නා. ඒ අය එම දරුවට සුදුසුම පෙර පාසල වෙත යොමු කලා.
Aunty Ama සෙනෙහස පිරුනු The Nest... AMI පෙර පාසල ( විශාරද නන්දා මාලනි ගුරුතුමියගේ දුව)
01.අපේ ලංකාවේ අවුරුදු තුනෙන් පෙර පාසල් යන්න, අවුරුදු 6න් ඉස්කෝලෙ යන්න, අවුරුදු 10 න් ශිෂ්‍යත්වය ලියන්න ලමයින්ගෙ ලමා කාලය ලඝු කරලා මානසික පීඩාවක් දුන්නට අපි හැමෝම එහෙම කරන්න අවශ්‍ය නෑ.
02.මගේ දරුවට පුලුවන් වපසරිය මම තේරුම් ගත යුතුයි. කිසිම විටක අනිත් දරුවන් හා මගේ දරුවා සන්සන්දනය නොකල යුතුයි.
03.අකමැති දෙයින් ඈත් වීමට මගේ දරුවට උදව් කල යුතුයි .
04.දරුවන් උපතින් දක්ශ හෝ අදක්ශ නෑ. අපි එයාලට දෙන දේ සරල නම් එයා ඒක නිසැකවම අවබෝධ කර ගන්නවා.
05. පොතට පතට වඩා එහා ගිය පාඩම් එයාට ස්වබාවදර්මයෙන් එදිනෙදා ජීවිතෙන් ගන්න තියෙනවා .
06. හැම දරුවෙක්ම විශේෂ දරුවෙක්.
07. අපේ දරුවන් අඩු බර උපත් නම් , නියමිත ගර්බනී කාලයට පෙර උපත් නම් සහ උපතින් පසු සංකූලතා ඇති දරුවන් නම් ඔවුන්ට ඕනේ වෙනත් රටාවක්.
💕💕💕💕💕💕
K.P.G.Rashika
El dorado international preschool - Ragama