11/06/2025
ඔයාගේ පුංචි දුවට පුතාට අනාගත ලෝකයට ගැලපෙන විදිහේ ඉගෙනුම් අත්දැකීමක්.
ඔයාගේ දරුවටත් විද්‍යාවට ගණිතයට තාක්ෂණයට ඉංජිනේරුකරණයට කලාවට ආසාව ඇති කරන්න නිර්මාණශීලීත්වය හරි මාර්ගයට යොමු කරන්න එකතු වෙන්න අපිත් එක්ක.
SEAMO යනු කුමක්ද?
SEAMO යනු අග්නි දිග ආසියාතික ගණිත ඔලිම්පියාඩ් තරඟය වන අතර, ගණිතය පිළිබඳ දැනුම,තාර්කික බුද්ධිය,විභව්‍යතාවයන් වර්ධනය කිරීමේ අරමුණ ඇති අන්තර්ජාතික තරඟයකි.අග්නි දිග ආසියානු කලාපයේ පවත්වන විශිෂ්ඨ තම තරගය වේ.
මෙය 2016 දී සිංගප්පූරුවේදී ආරම්භ කර ඇති අතර, අද වනවිට රටවල් 42කට වඩා වැඩි ප්‍රමාණයකින් සිසුන් මෙම තරඟයට සහභාගී වේ.
වයස් කාණ්ඩ
තරඟය පළමු ශ්‍රේණිය සිට විශ්ව විද්‍යාල මට්ටම දක්වා වයස් කාණ්ඩ සදහා පවතියි
K කාණ්ඩය -පෙර පාසල් සහ 1 වසර 2 වසර දරුවන් සදහා
A කාණ්ඩය--3 වසර හා 4 වසර දරුවන් සදහා
B කාණ්ඩය --5 සහ 6 වසර දරුවන් සදහා
C කාණ්ඩය--7 සහ 8 වසර වල දරුවන් සදහා
තරඟ භාෂාව:
විභාගය ඉංග්‍රීසි ,සිංහල,දෙමළ යන භාෂා ත්‍රිත්ත්වයෙන් ම පවත්වනු ලැබේ.
තරඟය පැවැත්වෙන ආකාරය
තරඟය වාර්ෂිකව පැවැත්වෙන අතර,
SEAMO Regional Round මෙය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර.
SEAMO X
සුදුසුකම් ලැබූ සිසුන් SEAMO X (Global Round) සඳහා තේරි පත්වේ.SEAMO X තරගය මෙවර ඉන්දුනීසියාවේ බාලි නගරයේදි පැවැත්වේ
SEAMO හි වැදගත් කම
🔸තාර්කික බුද්ධිය, විභව්‍යතාමාන හැකියාව, බුද්ධි වර්ධනය
වඩා ඉහළ මට්ටමකට ලගා කර ගත හැකි වීම.
🔸ගණිතය සම්බන්ධ වඩා හොද අවබෝධයක් ලැබීම
🔸ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් ලබා ගැනීමට හැකි වීම
🔸ජයග්‍රාහී සිසුන්ට ජාත්‍යන්තර අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව හිමිවීම
🔸ජාත්‍යන්තර ශ්‍රේණී ගත වීම සදහා අවස්ථාව හිමි වීම
🔸ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ගැටළු සදහා පුහුණුවක් ලැබීම.
🔸ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානම් වන දරුවන්ට එම පුහුණුව තුලින්ම ජාත්‍යන්තර ජයාග්‍රහණ අත්පත් කර ගැනීමේ හැකියාව උදා වීම.
🔸SEAMO තරඟය ගණිතය සඳහා උනන්දුවක් ඇති සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ හැකියාවන් පරික්ෂා කිරීම සදහා මෙන්ම, ජාත්‍යන්තර ජයග්‍රහන අත් පත් කර ගැනීම සදහා ඇති ඉතා හොඳ අවස්ථාවක් වේ.
රටක සංවර්ධනයටත් ගණිතයේ විද්‍යාව තාක්ෂණය කලාව යන විෂයන්ගේ දැනුමෙන් බිහිවන නව නිර්මාණ අත්‍යවශ්‍යයි!
ඒවා බිහි කරන ඉදිරි පරම්පරාවයි මේ .
එයාලගේ නිර්මාණශීලීත්වය හරි විදිහට පාවිච්චි කරලා නව නිර්මාණ තුළින් ලස්සන රටක් බිහි කරන්නට ලස්සන පරම්පරාවක් බිහි කිරීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
*ඔක්තෝම්බර් මාසයේ පැවැත්වෙන තරගය සදහා දරුවන් සූදානම් කිරීමේ ඔලිම්පියාඩ් පදනම් පාඨමාලාව Online හා භෞතික පන්ති ලෙස පැවැත්වේ. ඔබේ දරුවා පන්තිය සදහා සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන්නේ නම්.
+94 76 017 7739 අංකයට දරුවාගෙ නම වයස සදහන් කර වට්ස් ඇප් පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න
එහෙනම් එකතු වෙන්න වන්න වර්ක්ස් ඇකඩමී එකේ ස්ටීම් ජූනියර් Journey එකට.මේක මාස හයක Journey එකක් ඒක ඇතුළෙදි හැම මාසෙකටම එක ස්ටීම් ව්‍යාපෘතියක් දරුවන් විසින් කරනවා ඒ ස්ටීම් ව්‍යාපෘතිය ඇතුලේ විද්‍යාව ගණිතය තාක්ෂණයය ඉංජිනේරුකරනය හා කලාව යන විෂයයන් එකතු කරලා ක්‍රියාත්මක කරන ලස්සන පුංචි නිමවුම් දරුවන්ගේ අතින්ම කරන්නට අවස්ථාවක් ලැබෙනවා.