03/08/2026
"දිසා නායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන – 2026"
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මඟපෙන්වීම යටතේ වත්තල – ජා-ඇළ බාලදක්ෂ දිස්ත්‍රික්කය විසින් සංවිධානය කරන ලද "දිසා නායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන – 2026" 2026.08.01 වන දින ඉතා සාර්ථකව පැවැත්විණි.
දිස්ත්‍රික්කයේ බාලදක්ෂ නායකයන්ගේ නායකත්ව හැකියාවන්, පරිපාලන දැනුම, වැඩසටහන් කළමනාකරණය සහ සේවා ආකල්පය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහාය ප්‍රධාන කොමසාරිස් (පෝතක හා බාලදක්ෂ බාලිකා) චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය සහභාගි වූ අතර, මුලස්ථාන කොමසාරිස් සන්ජය පෙරේරා, උපුල් සම්පත් හා ප්‍රීයංකා ලක්මාලි යන මහත්ම මහත්මීන්ද, කොළඹ දිසාවේ සහාය දිසා කොමසාරිස් රවි රණසිංහ මහතා හා හෝමගම බාලදක්ෂ දිසාවේ සහාය දිසා කොමසාරිස් චන්ද්‍රිකා ලලනි මහත්මියද සහභාගී විය
එමෙන්ම වත්තල ජා ඇල දිසා ශාඛා සංගමයේ ගරු සභාපති නිපුණ වාහල්තන්ත්‍රිගේ මහතාද, වත්තල ජා ඇල දිසා බාලදක්ෂ සංගමයේ, විධායක සභාවේ සභාපති එස්.එස්.ඩී. වීරසේකර මහතාද, වත්තල ජා ඇල බාලදක්ෂ දිසාවේ දිසා කොමසාරිස් ඥානක සෙනවිරත්න මහතා ඇතළු සහාය දිසා කොමසාරිස්වරුන්, දිසා නායක නායිකාවන් හා ආචාර්ය මහත්ම මහත්මීන් රාශියක් සහාභාගි මෙම වැඩසටහන සමඟ සහභාගී වෙමින් නායකත්ව සංවර්ධනය, බාලදක්ෂ වැඩසටහන් සැලසුම්කරණය, කණ්ඩායම් කළමනාකරණය, සන්නිවේදන කුසලතා සහ බාලදක්ෂ ව්‍යාපාරයේ අනාගත සංවර්ධනය පිළිබඳ වටිනා දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු කරන ලදී.
#𝐖𝐚𝐭𝐭𝐚𝐥𝐚 #𝙟𝙖𝙚𝙡𝙖