Saliya Old Pupils' Association

Saliya Old Pupils' Association "United As one ;together with ...!"

සාලිය විදුහලේ ආදි සිසු සිසුවියන් වෙන ඔයාලා තවමත් ආදි ශිෂ්‍ය සංගමයේ whatsapp සමූහය වෙත එකතු වී නැතිනම් පහත ලින්ක් එක තුලි...
12/12/2023

සාලිය විදුහලේ ආදි සිසු සිසුවියන් වෙන ඔයාලා තවමත් ආදි ශිෂ්‍ය සංගමයේ whatsapp සමූහය වෙත එකතු වී නැතිනම් පහත ලින්ක් එක තුලින් සමූහයට එකතු වෙන්න

https://chat.whatsapp.com/LdABRKrhNFi7yYjuzVdFmk

23/11/2022

ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.

ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.

සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.

හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

#සිංහල කියලා භාෂාවක් තියෙනවා, #සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
ඒ තමා සිංහල භාෂාව
ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

සරලවම #සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.

(අකුරු කලේ තුසිත)

Copied...ස්තුතියි මුල් හිමි කරුට

17/09/2022

Thank you SriLankan 👌

22/08/2022
21/08/2022
04/08/2022

සොබාදහමේ අමිල සම්පත - මව්කිරි

රටක් විදිහට අපි මේ වෙද්දි බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී තියන බව හැමෝටම නොරහසක්.

මෙවැනි වාතාවරණයක, තෙල්,ගෑස් හිඟය සහ විදුලිය කප්පාදුව වැනි බලශක්ති අර්බුදයේ ප්‍රතිඵල වලට අමතරව අපිට මුහුණ දෙන්න වෙන තවත් ප්‍රධානතම ගැටලුවක් ලෙස පෝෂ්‍යදායී ආහාර පාන සපයාගැනීමේ දුෂ්කරතාවය සඳහන් කරන්න පුලුවන්.

මේ ආකාරයේ අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන් ලෝකයේ අනෙක් රටවල් බොහොමයක, සමබර ආහාර වේලක් සපයාගැනීමේ අපහසුතාවය නිසා විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ පෝෂණ තත්ත්වයන්ට ඇතිවුණු දැඩි බලපෑම පොදුවේ දකින්නට ලැබුණ කාරණයක්.

රටක් විදිහට සැළකීමේ දී මේ තත්ත්වය අපේ අනාගතයට විශාල බලපෑමක් එල්ල කරනවා. විශේෂයෙන්ම අඩු පෝෂණ තත්ත්ව නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදු වෙනවා වගේම, ඔවුන්ගේ උපරිම බුද්ධිමය ධාරිතාවට ළඟා වෙන්නත් නොහැකි වෙන්නට පුලුවන්. එය අපේ අනාගත ආර්ථික සමාජ සංවර්ධනයට අවශ්‍ය මානව සම්පතේ ගුණාත්මක බවට දැඩි බලපෑමක්.

මේ නිසාම දරුවන්ට, නිසි පෝෂණය ලබා දීමට හැකි උපරිමයෙන් කටයුතු කිරීම අප සියලුදෙනාම සතු වගකීමක් වෙනවා.

මේ පිළිබඳව කතාකරද්දී ළදරුවෙක් සඳහා සඳහා වැදගත්ම පෝෂණ ප්‍රභවයක් වන මව් කිරි අපට අමතක කරන්න බෑ. දරුවාට මුල් මාස හයේ මව් කිරි පමණක් ලබා දීමත්, ඉන් පසු අමතර ආහාර සමඟ අවුරුදු දෙක දක්වාත්, ඉන් නතුරුවත් මව් කිරි දීම නිරෝගී දරුවෙක් ඇති දැඩි කරගැනීමේ මූලික පියවරක්. විශේෂයෙන්ම රටක් විදිහට ලොකු ආර්ථික අර්බුදයක ඉන්න මේ වෙලාවේ මව්කිරි වල වටිනාකම අපට වැඩි වැඩියෙන් දැනෙනවා.

ලෝක මව්කිරි දීමේ සතිය යෙදී ඇති අගෝස්තු මාසය එළඹෙන්නට නියමිත මේ වකවානුවේ, මේ ගැන ඔබ හා කතා කරන්න අපි හිතුවා.

හොඳ සෞඛ්‍ය සාක්ෂරතාවයක් තියෙන ජනතාවක් විදිහට මව්කිරි වල තියෙන වටිනාකම අපි හැමෝම ඉතාම හොඳින් ම දන්නවා. ළදරුවෙකුට අවශ්‍ය කරන නිවැරදි පෝෂණය ලබාදීමට අමතරව දරුවෙකුගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න ඒ වගේම සමහර දීර්ඝ කාලීන රෝග වලින් වළක්වගන්න සහ දරුවා සහ මව අතර නිසි බැඳීමක් ඇති කරන්න මව්කිරි දීම ඉතාම වැදගත්. මේ නිසාම, කිරි දෙන වයසේ දරුවෙකු සිටින මවකට ඊට අදාළ සියලූම පහසුකම් සහිත වටපිටාවක් සකස් කිරීමට සමාජයක් ලෙස අපට වගකීමක් තිබෙනවා. මේ වනවිටත් ඇතැම් රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතන තම සේවිකාවන්ට මෙන්ම සේවා ලාභීන්‍ටත් , මව් කිරි දීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙනු දැකීම සතුටට කරුණක්. එය සියලූම ආයතන පරිශ්‍ර තුලට පැතිර යෑ යුතු යහපත් ප්‍රවණතාවක් බව සඳහන් කළ යුතුයි.

කිරි දෙන මවකට නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබීමත් වැදගත්. අපි මේ දිනවල අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය නිසා එවන් ආහාර වේලක් සපයා ගැනීම අපහසු බවක් අපට හිතෙන්න පුලුවන්. නමුත් මිලෙන් අඩු දේශීයව හොයාගන්න පුළුවන් සමහර පෝෂදායි ආහාර වර්ග අපිට අපේ ආහාරයට හැකි තරම් දුරට එකතු කරගන්න උත්සාහ කිරීමෙන් බොහෝ දුරට මේ අවශ්‍යතාවය සපුරාගන්න අපට හැකියාවක් ලැබෙනවා.

ඒ වගේම කිරි දෙන මවකට අවශ්‍ය කරන මානසික පසුබිම නිවසේදි වගේම සේවය කරන ස්ථානයේදිත් ලැබෙනවා නම් එයත් මවුකිරි දීම අඛණ්ඩව කරගෙන යෑමට ඇයට විශාල පිටුබලයක් වෙනවා.

ඉතින් රටක් විදිහට, පවත්නා තත්වයක් කළමණාකරණය කරගනිමින් ඉදිරියට යන අතරම අපේ දරුවන්ගේ පෝෂණය සහ නිසි වර්ධනය ගැන නිසි අවධානයක් සමාජයක් විදිහට ලබා දීම මේ අවස්ථාවේදී අපි හැමෝගෙම වගකීමක් .

28/07/2022

Address

Puttalam

Website

Alerts

Be the first to know and let us send you an email when Saliya Old Pupils' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category