Mangala ealiya K.V

Mangala ealiya K.V

Share

ප්‍රශස්ථ අධ්‍යාපනය තුළින් විශිෂ්ධ දරැවන්.

Photos from Mangala ealiya K.V's post 10/04/2026

රංගාභිෂේක 2026
මංගලඑළිය කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ගේ සෞන්දර්ය කුසලතා වර්ධනය සදහා පාසල විසින් සංවිධානය කළ මෙම කළා උළෙල 2026/04/09 දින අතිසාර්ථකව සිදු කරන ලදී....

13/03/2026

Laying the foundation stone of the new computer laboratory at
Mangala Eliya College.

Photos from Mangala ealiya K.V's post 11/03/2026

PRDA ආයතනයේ පරිත්‍යාගයක් ලෙස පාසලට පරිගණක ඒකකයක් ඉදිකිරීමට 2026.03.11 දින මුල්ගල තැබීම....මේ සදහා PRDA ආයතනයේ කාර්යමණ්ඩලය ,පුත්තලමේ කලාප කාර්යාලයේ ,පාසලේ දෙමාපියන් හා දු දැරියන් මෙම අවස්ථාවට සහභාගි විය...

Photos from Mangala ealiya K.V's post 13/02/2026

මීට වසර 26ට පමණ ඉහත මංගලඑළිය ප්‍රදේශයේ පැවති දීප්තිමත් පාසලකි මංගලඑළිය විදුහල. 11ශ්‍රේණිය දක්වා පන්ති පැවැති එම පාසල කාලයාගේ ඇවෑමෙන් 1999
වසරේදී 9ශ්‍රේණිය දක්වා පහළ යයි.

නැවත වරක් එවකට රජය මගින් ක්‍රියාත්මක කළ පාසල් දහස වැඩසටහන යටතේ මෙමෙ විදුහල ප්‍රාථමික විදුහලක් බවට පත්වෙනවා.

කාලයක් ප්‍රදේශයේ පැවති දීප්තිමත් ම ප්‍රාථමික පාසල යන විරුදාවලිය ලැබුවත් ප්‍රදේශයට සාමාන්‍යපෙළ පාසලක් නොමැතිවීමේ අඩුව විදුහල්පතිවරුන්ටත්, ගුරුවරුන්ටත්, පියතුමන්ලාටත් ,පාසල් ප්‍රජාවටත් ,තදින්ම දැනෙන කාරණයක් විය.

එම නිසා 2020 වර්ෂයේදී පියතුමා ,විදුහල්පති ගුරුමණ්ඩලය හා පාසල් විධායක කමිටු සාමාජිකයන් එක්ව ද්වීතීක ශ්‍රේණි ලබා ගැනීමෙ සටන ආරම්භ කරනවා එම උත්සහය මල්ඵල දරමින් 2020 වසරේදී 9ශ්‍රේණිය දක්වා පන්ති වැඩි කර ගැනීමට අනුමැතිය හිමි විය ඒ අනුව ක්‍රමයෙන් 2020-6,2021-7,2022-8,2023-9 ආදී ලෙස පන්ති වැඩි කර ගැනීමට හැකි විය.

නමුත් එතැනින් නවතින්නට පියතුමන්ලා, විදුහල්පති, පාසල් විධායක කමිටු සාමාජිකන් එකග වූයේ නැත. කෙසේ හෝ සාමාන්‍යපෙළ දක්වා පාසල රැගෙන යාම සියලු දෙනාගේ පරමාර්ථය විය.

එම නිසා 11 ශ්‍රේණිය දක්වා පන්ති වැඩිකර ගැනීමේ සටන ආරම්භ විය. අවස්ථා තුනකදීම අපගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙද්දී. එයින් නොනැවතී සිව්වන අවස්ථාවේ දී අපි සටන ජයගත්තෙමු.

අද දින අප ලබාගත් ජයග්‍රහණයේ පළමු සාමාන්‍යපෙළ කණ්ඩායම විභාගයට ඉදිරිපත් වෙයි. ඒ පිළිබඳ අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. විභාගයට ඉදිරිපත් වන දූ පුතුන් 15 දෙනාට අපගේ උණුසුම් සුබපැතුම්.

මේ සදහා දායකත්වය දැක්වූ පියතුමන්ලාට,ස්වාමින් වහන්සේලට, දේශපාලන අධිකාරියට,හිටපු විදුහල්පතිනියට,ගුරුභවතුන්ට, අධ්‍යාපන නිළධාරීන්ට,පාසල් විධායක කමිටුව සාමාජිකයන්ට,පාසල් ප්‍රජාවට මාගේ ස්තූතිය.

29/01/2026

Wellcome grade 01 students 2026

Photos from Mangala ealiya K.V's post 29/01/2026

සතුට, සිනහව, ආදරය සමඟ පාසලට

1ශ්‍රේණිය පුංචි මල් කැකුළු පාසලට පිළිගැනීමේ උත්සවය...🌸

හෙට ලෝකයට පියනගන අපේ පුංචි පැටවුන්ට මංගලඑළිය විදුහල් මාතාවගේ ආශිර්වාදය නිතැතින්ම ලැබේවි....!!!

Photos from Mangala ealiya K.V's post 05/01/2026

2026 වර්ෂයේ නව පාසල් වාරය අරම්භය, ගුරු වන්දනාව වැඩසටහන.....

17/10/2025
Photos from Mangala ealiya K.V's post 17/10/2025

පාසලේ කාර්යාලය ඉදිකිරීම අරමුදල් ලබා ගැනීමේ පිණිස ප්‍රාථමික අංශය විසින් සංවිධානය කළ පොළ ...🫑🌽🥒🫛

Photos from Mangala ealiya K.V's post 16/10/2025

සමස්ත ලංකා වයස 14 පහළ යගුළිය දැමීම බාලිකා 🥈දෙවන ස්ථානය ලබා ගත් F.අමීශා ක්‍රිස්ටීන් ප්‍රනාන්දු ක්‍රීඩිකාව අද දින පාසලේ දෙමාපියන් ,ගුරු මණ්ඩලය හා සිසුන් විසින් සංවිධානය කළ පිළිගැනීමේ වැඩසටහන....
අපගේ උණුසුම් සුභ පැතුම් දියණියට💐

Want your school to be the top-listed School/college in Puttalam?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Mangalaealiya
Puttalam
61266

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30