15/12/2014
පන්සිල් සුරකින සමාජයක් බිහි කිරීම සදහා www.facebook.com/sadaham238 පිටුවට Like කරන්න.
සබ්බාසිවිසජාතිනං
දිබ්බමන්තාගදං විය
යං නාසෙසී විසං ඝොරං
සෙසං චාපි පරිස්ස යං
ආණක්ඛෙත්තමහි
සබ්බත්ථ් සබ්බදා සබ්බපාණි නං
සබ්බසොපි විනාසෙති,
පරිත්තං තං භණාමහෙ
එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ තෙන ඛො පන, සමයෙන සාවත්ථියං අඤ්ඤතරො භික්ඛු අහිනා දටෙඨා කාලකතො හොති. අථ ඛො සමබහුලා භික්ඛු. යෙන භගවා තෙනූපසංකමිංසු, උප සංකමිත්වා. භගවන්තං අභිවාදෙත්වා, එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචූං. ඉධ භන්තේ සාවත්ථි යං අඤ්ඤතරො භික්ඛු අහිනා දිට්ඨෙ කාලකතො. ති නහ නූන සො භික්ඛවෙ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන එරී. සචෙ හි සො භික්ඛවෙ භික්ඛු චත්තාරී අභි රාජකුලානි මෙත්තේන චිත්තේන එරෙය්යෙ. න හි සො භික්ඛවෙ භික්ඛු අහිනා දට්ඨෙ කාලං කරෙය්ය - කතමානි, චත්තාරි අහිරාජකුලානි - විරුක්පක්ඛං අහිරාජකුලං - එරාපථං, අහිරාජකුලං ඡබ්බ්යාචපුත්තං, අහිරාජකුලං- කණහාගොතමකං, අහිරාජකුලං - නහ නූන සො, භික්ඛවෙ භික්ඛු - ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තෙන එරි - සචෙහි සො භික්ඛවෙ භික්ඛු - ඉමානි චත්තාරි අහිරාජනකුලානි- මෙත්තේන චිත්තෙන එරෙය්යර, නහිසො භික්ඛවෙ භික්ඛූ - අහිනා දට්ඨෙ කාලංකරෙය්යා - අනුජානාමි භික්ඛවෙ ඉමානි චත්තාරි අහිරාජකුලානි - මෙත්තේන චිත්තේන එරිතුං - අත්තගුත්තියා, අත්තරකඛාය අත්තපරිත්තයාති ඉදමමොච භගවා - ඉදං වත්වා සුගතො අථාපරං ඒතදවොච සත්ථා -
විරූපකේඛහි මෙ මෙත්තං , මෙත්තං එරාපථෙහි මෙ – ඡබ්බ්යාඒපුත්තේහි මෙ මෙත්තං, මෙත්තං කණහාගොතම කෙහි ච. අපාදකෙ හි මෙ මෙත්තං, මෙත්තං දිපාදකෙහි මෙ – චතුප්පදෙහි මෙ මෙත්ත මෙත්තං බහුප්පදෙහි මෙ – මා මං අපාදකො හිංසි, මා මං හිංසි දිපාදකො - මාමං චතුප්පදො හිංසි මා මං හිංසි බහුප්පදො - සබ්බෙ සත්තා, සබ්බේ පාණා සබ්බේ භූතා ච කේවලා - සබ්බේ භද්රා නි පස්සන්තු මා කඤචි පාපමාගමා - අප්පමාණො බුද්ධෝ - අප්පමාණො ධම්මො - අප්පමාණො සංඝෝ පමාණවන්තාති සිරිංසපානි, අහි විචඡිකා සතපදි උණ්ණානාභි- සරබූ මූසිකා , කතා මෙ රක්ඛා, කතා මෙ පරිත්තා - පටික්කමන්තු භූතානි, සො හං නමො භගවතො, නමො සත්තාන්නං සම්මා සම්බුද්ධානන්ති
ඛන්ධො පරිත්ත සූත්ර් භාව සන්නය
මා විසින් මේ සූත්ර්ය මෙසේ අසන ලදී. හේ කෙසේද, එක් කාලයෙක් හි භාග්යටවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් ලද අනේපිඬු මහසිටුන් ආරම්භි වැඩ වාසයක කරන සේක. එසමයෙහි දී සැවැත් නුවර එක්තරා භික්ෂූ කෙනෙක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ කලුරිය කළේ වේ.
එකල්හි බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කරා එළඹ බුදුන් වැද එකත් පසෙක වැඩ උන්නාහුව එකත් පසෙකම උන්නා වූ ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කළාහුය. ඒ කෙසේද? ස්වාමින් වහන්ස, මේ සැවැත්නුවර එක් භික්ෂූන් වහන්සේ නමක් සර්පයෙකු විසින් දෂ්ඨ කරන ලදුව කලුරිය කළේය කියායි.
මහණෙනි, ඒ කලුරිය කළ මහණ තෙම මේ සිව් සර්ප කුලයත් මෙත් සිතත් නො පැතිර විය. මහණෙනි ඉදින් ඒ මහණතෙම සතර නාරදි කුලයත් මෙත් සිතින් පහළ වී නම් මහණෙනි ඒ මහණතෙම නාරදහු විසින් දෂ්ට කරන ලද්දේ කලුරිය නො කරන්නේ ය. ඒ සිව්සස් රාජ කුලයෝ කවරහුද? යත් විරූපාක්ෂ නම් සර්පරාජ කුලය ඒරාවත නම් සර්පරාජ කුලය ඡභ්යා. පුත්ත නම් සර්පරාජ කුලය කණ්හා ගෝතවක නම් සර්පරාජ කුලය යන මොහු ය.
මහණෙනි, ඒ මහණ තෙම ඒකාන්තයෙන් මේ සප්රජ කුලයත් මෙත් සිතින් නො පැතිර විය. මහණෙනි ඉදින්ඒ මහණතෙම මේ සිව් සර්ප රාජ කුලයන් මෙත්සිත් පැතිර වූයේය.
මහණෙනි ඒ මහණතෙම නාරද වියන් ඔතන ලද්දේ කලුරිය නො කරන්නේ ය. මහණෙනි තමහට ආවරණය පිණිසද තමනට ආරක්ෂා පිණිසද තමන්හට මෙත් පිරිත් පිණිසද මේ සජ් සර්ප රාජ කුලයත් මෙත් සිතින් මතුරුවන්නට අනුදමිනි හෙවත් නියම කරමි. භාග්යේවතුන් වහන්සේ මේ ධර්මය වදාළ සේක.
සුගත නම් ලද ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත මතු මත්තෙහි ‘විරූපක්ඛෙහි මේ මෙත්තං’ යනාදී මේ පරිත්රා්ණ ධර්මය දේශනා කර වදාළ සේක.
විරූපාක්ෂ නම් නාගකුලයන් හා මාගේ මෛත්රිකය වේවා,
එරාපත නම් නාග කුලයන් හා මාගේ මෛත්රි්ය වේවා,
ඡබ්යා පුත්ත නම් නාග කුලයට මාගේ මෛත්රිවය වේවා.
කන්හාක ගෝතමක නම් නාග කුලයන් හා මාගේ මෛත්රිතය වේවා
මෙසේ මේ සිව් නාග කුලයන් දක්වා සාමාන්යියෙන් මෛත්රි. භාවනාව දක්වන්නහුට පා රහිත සත්ත්වයන් සමග මාගේ මෛත්රි්ය වේවා, දෙපා සහිත සත්ත්වයන් සමග මාගේ මෛත්රිඛය වේවා, සිව් පා සතුන් හා සමග මාගේ මෛත්රිෛය වේවා, බොහෝ පා ඇති සත්ත්වයන් සමග මාගේ මෛත්රිරය වේවා.
මෙසේ මෛත්රි් භාවනාවෙහි ස්වරූපය දක්වා දැන් භාවනා වශයෙන් රක්ෂා විධිය දක්වන්නාහු, පා නැත්තා වූ සත්වයෙක් මා නොපොළවා- දෙපා සහිත වූ සත්ත්වයෙක් මා නොපොළාවා, සතරපාද ඇත්තා වූ සත්වයෙක් හෝ බොහෝ පා ඇත්තාවූද සත්වයෝ මා නො පොළාවා සියලු සත්වහුද, සියලු ප්රාානීහුද සියලු භූතයෝ ද යන මේ සියල්ලෝ යහපත් කාරණයන් දකිත්වා, ඒ කිසි පුද්ගලයෙකුට දුකක් කරදරයක් නො පැමිණේවා, බුදු ගුණය ක්ලෙසාදිය නැති බැවින් පමණ නැත්තේ ය. දහම් ගුණය පමණ නැත්තේ ය.
සංඝ ගුණය පමණ නැත්තේ ය. දීඝ ජාති හුය සර්පයෝ ය. ගෝනුස්සෝ ය, පත්තෑයෝ ය, මකුළුවෝ ය, සිකනන්ලු ය, මීයෝ ය යන මොහු පමණ ඇත්තාහුය. මා විසින් ආරක්ෂා කරන ලද්දෝ ය. අභිත අදහස් ඇති සත්වයෝ පහ වෙත්වා ඒ මම භාග්යෝවතුන් වහන්සේට නමස්කාර කරමි. පෙර කාලයෙහි වූ විපස්සී ආදී සත් බුදුවරයන් වහන්සේලාට මම නමස්කාර කරමි.
තෙරුවන් සරණයි!
බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්ෂුණසම්පත්තිය සහිත උතුම් මනුෂ්ය්ය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අගරක න වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්යධකර්මයට ඔබත් දායක වන්න!