Palugasdamana Maha Vidyalaya Alumni Association

Palugasdamana Maha Vidyalaya Alumni Association පලුගස්දමන මහ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය

01/01/2023
පලුගස්දමන මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අපේම සහෝදර සහෝදරියන් 25 දෙනෙකු වෙත පාසැල් උපකරණ කට්ටල 25ක් බෙදා දීම ඊයේ දින සිදුක...
31/12/2022

පලුගස්දමන මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අපේම සහෝදර සහෝදරියන් 25 දෙනෙකු වෙත පාසැල් උපකරණ කට්ටල 25ක් බෙදා දීම ඊයේ දින සිදුකරන ලදී. මෙම පාසැල් උපකරණ කට්ටල වල වටිනාකම රු. ලක්ෂ දෙකකට ආසන්න වේ. පලුගස්දමන මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම කටයුත්තට පූර්ණ දායකත්වය දක්වනු ලැබුවේ ශ්‍රීලංකා - චීන මිත්‍රත්ව සංගමය ( Srilanka - China Society ) විසිනි. එම සංගමයේ ගරු භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන අප විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය නිමල් ජයසුන්දර මහතාගේ පූර්ණ කැපවීම හා මැදිහත්වීම මත අප පාසල වෙත මෙම උපකරණ කට්ටලයන් ලබාගැනීමට හැකියාව ලැබිණි. මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පති අරුණසිරි මහතා, ජ්‍යෙෂ්ඨ ආදි සිසුන් කිහිපදෙනෙකු සහ දූ දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් රැසක් සහභාගි විය.

19/12/2022

පලුගස්දමන මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනට තවමත් තොරතුරු ලබා දී ඇත්තේ එක් වර්ෂයකින් සාමාජිකයින් 5 - 8 ත් අතර ප්‍රමාණයකි. හැකි ඉක්මණින් ඔබේ තොරතුරු ලබා දී සහයෝගය දක්වන්න. පහත WhatsApp අංකයට ඔබේ තොරතුරු අදම යොමු කරන්න.

📲 0777934787

🔴 මුලකුරු සමඟ නම
🔴 ලිපිනය
🔴 ජාතික හැදුනුම්පත් අංකය
🔴 ජංගම දුරකථන අංකය
🔴 WhatsApp අංකය

( උපන් වර්ෂය අනුව ලැයිස්තුගත කිරීමට අවශ්‍ය බැවින් ඉහත තොරතුරු සියල්ල සම්පූර්ණ කර එවීමට කාරුණික වන්න )

ඔබ දන්නා ආදි සිසුන් වෙත මෙම පණිවිඩය යවන්න.

මෙතෙක් තොරතුරු ලබා නොදුන් සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙතයි. පලුගස්දමන මහ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් 2023 වර්ෂය...
18/12/2022

මෙතෙක් තොරතුරු ලබා නොදුන් සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙතයි.

පලුගස්දමන මහ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් 2023 වර්ෂය තුල විද්‍යාලය වෙනුවෙන් සිදුකිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය ඔබව සම්බන්ධ කරගත හැකි ලිපිනයන් හා දුරකථන අංකයන් එකරැස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී. ඒ සඳහා පහත විස්තර හැකි ඉක්මනින් ලබාදී ඇති අංකය වෙත WhatsApp කරන්න.

+94 77 793 4787

මුලකුරු සමඟ නම
ලිපිනය
ජාතික හැදුනුම්පත් අංකය
ජංගම දුරකථන අංකය
WhatsApp අංකය

( උපන් වර්ෂය අනුව ලැයිස්තුගත කිරීමට අවශ්‍ය බැවින් ඉහත තොරතුරු සියල්ල සම්පූර්ණ කර එවීමට කාරුණික වන්න )

ඔබ දන්නා ආදි සිසුන් වෙත මෙම පණිවිඩය යවන්න

පොළොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලයීය ආදි සිසුන්ගේ සහෝදරත්වයේ හමුව 2022 ඔක්තෝම්බර් මස 30 වන ඉරිදා පෙ.ව. 09.00ට විද්‍යාලයී...
16/10/2022

පොළොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලයීය ආදි සිසුන්ගේ සහෝදරත්වයේ හමුව 2022 ඔක්තෝම්බර් මස 30 වන ඉරිදා පෙ.ව. 09.00ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. විදුහල් මාතාවගෙන් අකුරු කල සියලූම ආදි සිසුන්ට කෙරෙන ගෞරවණීය ආරාධනයයි මේ... 🙏

Subscribe & Share
10/10/2022

Subscribe & Share

පලුගස්දමන මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කල රථ පෙළපාලිය සහ සුහද ක්‍රිකට් තරඟාවලිය - 2022@palugasdamanaalumni

මෙම ජායාරූපයේ සිටින්නේ පලුගස්දමන මහා විද්‍යාල ඉතිහාසයේ තවත් එක් අමරණිය චරිතයක්. එතුමා නමින් දයා ජයසිංහ. පලුගස්දමන මහ විද...
02/10/2022

මෙම ජායාරූපයේ සිටින්නේ පලුගස්දමන මහා විද්‍යාල ඉතිහාසයේ තවත් එක් අමරණිය චරිතයක්. එතුමා නමින් දයා ජයසිංහ. පලුගස්දමන මහ විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍ය කණ්ඩායමේ කෙනෙක්.. ඒ වගේම තමා පලුගස්දමන මහා විද්‍යාලයේ නිල ලාංජයනයේ නිර්මාණකරු. අපේ ප්‍රවීන ආදිසිසුන්නම් මෙතුමා ගැන හොදින් දන්නවා ඇති. එතුමා අපේ ආදි ශිෂ්‍ය සංගමය එකකල අදහස් එතුමාගේ වචනයෙන්ම ඉදිරිපත් කරන්නම්.

" බොහොම ස්තුතියි පුතේ විදුහලේ කටයුතු අපටත් දන්වන්න .පලුගස්දමන විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍යයෝ අපි මගෙ ඇතුලත් වීමෙ අංකය 07 .
ගුරුවරයෙකු ලෙස 1974.වසරේදී පලුගස්දමන විද්‍යාලයට පැමිණ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම ආරම්භ කලා.පලමුවෙන්ම එම්.ජී.කරුණසේන මහත්මයා ඒ සදහා උදව්වුනා .පසුව රංජිත් රාමණායක මහත්මයා පොලිස් උපසේවා උප පරීක්ෂක වරයෙකු ලෙස පත්වීම් ලැබ ශිෂ්‍ය සේවයේ කටයුතු කලා පසුව 1977 දී මායා කඩුව මහතා අප පාසලට පැමිණ මා සමග පොලිස් ශිෂ්‍ය සේවයේ කටයුතු කලා 1976 වසරේ දිවයිනේ දක්ෂම කණ්ඩායම ලෙසට අප විදුහලේ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම තේරුණා .වසර තුනක් ම නොකඩවා ස්ටැන්ලි සේනානායක කුසලාන දිනාගත්තා.පුලගෙ දෙමව්පියෝ මාව දන්නවා ඇති .පලුගස්දමන විදුහල් මාතාවට අපි ආදරෙයි . පුතේ මම ඇන්ද පලුගස්දමන විද්‍යාලයේ විද්‍යාල ලාංජනය . පාසල්ගීය ලිව්වෙ පූජ්‍ය පල්ලත්තර සුමනජෝති ස්වාමීන් වහන්සේ එවකට සිටිය සංගීත ගුරුපියාණන්තමා ඉලෙයිපෙරුම ආරච්චි
මහත්මයා එතුමා විසින් පාසල් ගීතයේ තනුව නිර්මාණය කරනලදි පසුකලකදී සංගීත ආචාර්ය විජේකෝන් බංඩා මහත්මයා තනුවේ වෙනසක් කර ගීතය කෙටිකර නවහැඩයක් නිර්මාණය කරන ලදී .ස්තුතියි පුතේ තෙරුවන් සරණයි .
පසුව විස්තර දන්වන්නම් ඔබසැමට තෙරුවන් සරණයි .

ඔබතුමාට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථන කරනවා

පොළොන්නරුව, පලුගස්දමන මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු සියලුම ආදි සිසුන් තම තොරතුරු මෙම මාර්ගගත පෝරමය හරහා ලබා දෙන්න. පාස...
02/10/2022

පොළොන්නරුව, පලුගස්දමන මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු සියලුම ආදි සිසුන් තම තොරතුරු මෙම මාර්ගගත පෝරමය හරහා ලබා දෙන්න. පාසල වෙනුවෙන් සිදු කරන්නාවූ ඉදිරි කටයුතු පිළිබඳව දැනුවත් කිරීමට මෙය පිටුවහලක් වනු ඇත.

දශක හතකට එහා ගිය ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන පොළොන්නරුව පලුගස්දමන ජාතික පාසැල් ඉතිහාසයේ දැවැන්තම ආදි ශිෂ්‍ය සුහද ක්‍රි...
28/09/2022

දශක හතකට එහා ගිය ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන පොළොන්නරුව පලුගස්දමන ජාතික පාසැල් ඉතිහාසයේ දැවැන්තම ආදි ශිෂ්‍ය සුහද ක්‍රිකට් තරඟාවලිය සහ රථ පෙළපාලිය අති සාර්ථක ලෙස පසුගිය 24 සහ 25 දෙදිනේ පලුගස්දමන ජාතික පාසැල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීය. ඒ සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ සහ සහභාගි වූ සියලූම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ ගෞරවණීය ස්තූතිය 🙏

Address

Palugasdamana
Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when Palugasdamana Maha Vidyalaya Alumni Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Palugasdamana Maha Vidyalaya Alumni Association:

Shortcuts

Share

Category