03/10/2026
ශ්‍රී ලංකා - නේපාල කාව්‍ය නාද් වැඩසටහනේ තවත් එක් සුවිශේෂී ළවැඩමුලුවක් අද 2026.10.01 දින පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ රඹුක්වැල්ල ශාලාවේදී පැවැත් වුණා. නේපාලයේ
ප්‍රකට කවියෙකු, නවකතාකරුවෙකු හා විද්වතෙකු වන ආචාර්ය නිර්මාල් කුමාර් තාපා(Dr.Nirmal Kumar Thapa) මහතාගේ දෙසුම කින් ද මනස සුවපත් කිරීමේ අභ්‍යාසය කින් ද සමන්විත වූ මෙම වැඩමුළුවේ දී නිර්මාණකරණය හා ගුරු භූමිකාව යන මැයෙන් කවි හා
නාට්‍යමය නිර්මාණාවේශය පිළිබඳ ව අපූරු ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග ක්‍රියාත්මක වුණා. සාහිත්‍යයවේදී සබුද්ධි සංවිධානයේ සභාපති ආචාර්ය තමීර මංජු මහතා සහ සාහිත්‍යයවේදී අක්ෂාර ප්‍රකාශන ආයතනයේ අධිපති සුප්‍රි සමරසිංහ මහතා එක්ව සිදුකළ හ.
22 ගුරු ශික්ෂණලාභීන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලැබුණා.ආචාර්ය නිර්මාල් තාපා විසින් රචිත නවතම කෘතිය වූ 'එවරස්ට් හි සාරය' (Essence of the Everest) සහ gen Z කෘති දෙක පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයට ද පරිත්‍යාග කෙරිනි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලංකාවේ නේපාල වැඩබලන තානාපති විජේ කුමාර් රවෞට්( Dr.Vijay Kumar Raut) මහතා අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එකතු කිරීම ද විශේෂ විය.එතුමාගේ විශ්ෂ සුබ පැතුම් පණිවිඩය කථිකාචාර්ය කල්පනි රත්නායක මහත්මිය විසින් ඉදිරිපත් කළාය.
මෙම වැඩමුළුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති ගයනී හීන්කෙන්ද මහත්මියගේ උපදෙස් හා උප පීඨාධිපති (අධ්‍යන හා ගුණාත්මක තහවුරුව) කුසුම් බණ්ඩාර මහත්මියගේ මග පෙන්වීමෙන් ද උප පීඨාධිපති (පාලන)නිමල් පේමදාස මහතාගේ සහභාගීත්වයෙන් ද ශාස්ත්‍රීය සංගමයේ අනුශාසකවරුන් වන කථිකාචාර්ය සුභාෂිනි දිසානායක සහ ශ්‍රියා ජයසිංහ දෙපලගේ අනුදැනුම මත ශාස්ත්‍රීය සංගමය විසින් සංවිධානය කර තිබුණි.