Nagalakanda College ICT Club

Nagalakanda College ICT Club ආරම්භය- 2022.9.06

Happy Teachers' Day ! 💙🌍🌟
06/10/2026

Happy Teachers' Day ! 💙🌍🌟

05/10/2026

Randaom Moments of Children's Day 2026
Nagalakanda Maha Vidyalaya 💙

"මනසින් සවිමත් දරුවන් පොහොසත්" තේමාව  පෙරදැරි කොටගෙන 2026 ලෝක ළමා දිනය ඉතා අර්ථවත්ව නාගලකන්ද දරුවන්ට  සැමරීමට අවස්ථාව පා...
02/10/2026

"මනසින් සවිමත් දරුවන් පොහොසත්" තේමාව පෙරදැරි කොටගෙන 2026 ලෝක ළමා දිනය ඉතා අර්ථවත්ව නාගලකන්ද දරුවන්ට සැමරීමට අවස්ථාව පාසල් ආචාර්‍ය මණ්ඩලය විසින් උදා කර දුනි.

සිසු දරුවන්ගේ මානසික සංවර්ධනය ඉලක්ක කොටගෙන ගී රසවින්දන වැඩසටහනක් සංවිධානය කෙරිණි.ගිලිහී යමින් පවතින මානසික සුවපත් භාවය උදෙසා දරුවන්ට මග පෙන්වීම දිනයේ මූලිකම අරමුණ විය.

ඊට අමතරව විනෝද ක්‍රීඩා රැසක් , සංගීත වැඩසටන් හා ගුරු මණ්ඩලය විසින් සිසු දරුවන්ට පිරිනමනු ලැබූ සංග්‍රහයන් ද ඇතුළත්ව දිනය ඉතා අර්ථවත්ව හා වර්ණත්වත් ව නිමාවට පත් විය.

මේ සඳහා ඇපකැප වූ පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරු මණ්ඩලයට හා නන් අයුරින් සහයෝගය දුන් සැමට ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමු..! ♥️

ලොව සියලු දරුවන්ගේ ළමා ලෝකය සුන්දර වේවා!!💙සුබ ලෝක ළමා දිනයක් වේවා!! 🌍♥️
01/10/2026

ලොව සියලු දරුවන්ගේ ළමා ලෝකය සුන්දර වේවා!!💙

සුබ ලෝක ළමා දිනයක් වේවා!! 🌍♥️

සැප්තැම්බර් 07 වන දිනට යෙදී තිබුණු “නිල් අහස් තලයක් සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය” සහ සැප්තැම්බර් 16 දිනට යෙ...
19/09/2026

සැප්තැම්බර් 07 වන දිනට යෙදී තිබුණු “නිල් අහස් තලයක් සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය” සහ සැප්තැම්බර් 16 දිනට යෙදුණු “ජගත් ඕසෝන් දිනය” තේමා කරගනිමින් පො/නාගලකන්ද මහා විද්‍යාලයේ පරිසර නියමු කණ්ඩායම විසින් විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී.

• “නිල් අහස් තලයක් සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය” වෙනුවෙන් පරිසර නියමු සාමාජිකාවක් විසින් උදෑසන රැස්වීමේදී කතාවක් ඉදිරිපත් කිරීම.

• ඕසෝන් ස්තරය හා එහි වැදගත්කම අර්ථවත් ලෙස පාසල් ප්‍රජාවට ලබා දීම අරමුණු කරගනිමින් උදෑසන රැස්වීමේදී සංවාදාත්මක වැඩසටහනක් පැවැත්වීම.

• පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පාසලේ එක් එක් පන්තිවලට ගොස් ඕසෝන් ස්තරයේ වැදගත්කම පිළිබඳව සිසුන් දැනුවත් කිරීම.

• උදෑසන රැස්වීමේදී පරිසර නියමු කණ්ඩායම විසින් පරිසර ගීතය ගායනා කිරීම.

මේ සඳහා සිසුන් දිරිගන්වමින් පුරුදු පුහුණු කළ පරිසර නියමු භට කණ්ඩායම භාර දිනූෂා චන්ද්‍රතිලක ගුරුතුමිය හට අපගේ ගෞරවණීය ස්තූතිය! 💚

09/07/2026

මේ සතියේ පාසලේ බදාදා උදෑසන රැස්වීමේ තේමාව උනේ "ඩෙංගු මර්ධනය".

7 B ශ්‍රේණියේ සිසු දරුවො ඩෙංගු රෝගය ගැන ඔවුන්ගේ යහළු යෙහෙළියන් දැනුවත් කරන්න කරපු නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක්.

2025(2026)අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් ඔබ සැමට උසස් පෙළ සඳහා ඇරයුම්!බඳවා ගැනීම් ජූලි 01 වන් දා සිට..අනාගත ලෝකය ජය ගන්නට සුදු...
29/06/2026

2025(2026)අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් ඔබ සැමට උසස් පෙළ සඳහා ඇරයුම්!

බඳවා ගැනීම් ජූලි 01 වන් දා සිට..

අනාගත ලෝකය ජය ගන්නට සුදුසුම මාවත තෝරා ගන්න.

අප විද්‍යාලය මගින් මෙවර ද අ.පො.ස උසස් පෙළ පන්ති සඳහා සිසුන් බඳවා ගනු ලබයි.

✅ කලා විෂය ධාරාව (Arts Stream)
✅ වාණිජ විෂය ධාරාව (Commerce Stream)

අපේ විශේෂත්වයන්:

විෂය නිර්දේශය ආවරණය කරමින් නිසි කලට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

පළපුරුදු සහ කැපවූ ආචාර්ය මණ්ඩලයක්.

දැනුමෙන් මෙන්ම විනයෙන් පිරි දරුවෙකු බිහි කිරීම අපේ අරමුණයි.

ඉක්මණින් ලියාපදිංචි වන්න!

📍 ලිපිනය: නාගලකන්ද මහා විද්‍යාලය, මින්නේරිය.
📞 දුරකථන අංකය: 027 2247300

"ඔබේ ජයග්‍රාහී හෙට දවස වෙනුවෙන් අදම අප හා එක්වන්න."

2026 අති උතුම් පොසොන් පොහොය නිමිති කොටගෙන නාගලකන්ද විද්‍යාල පරිශ්‍රයේදී වැඩසටහන් කිහිපයක් පසුගිය ජූනි 26 වන දින  සංවිධාන...
27/06/2026

2026 අති උතුම් පොසොන් පොහොය නිමිති කොටගෙන නාගලකන්ද විද්‍යාල පරිශ්‍රයේදී වැඩසටහන් කිහිපයක් පසුගිය ජූනි 26 වන දින සංවිධානය කෙරිණි.

උදෑසන කාලයේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කිරීමෙන් අනතුරුව සිසු දරුවනට පොසොන් පොහොයේ වැදගත්කම පහදා දීම වස් "මහින්දාගමනය" චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලදී.

චිත්‍රපටය නැරඹීමෙන් පසු අප විද්‍යාලයේ මෙන්ම කන්නන්ගර ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් වෙනුවෙන් සව් දන්සැලක් විද්‍යාල භූමියේදී පවත්වන ලදී. අප විද්‍යාලයේ ගුරුභවතුන් හා දෙමාපියන්ගේ නොමඳ දායකත්වය හා සහයෝගය මේ සඳහා ලැබිණි.

දහවල් කාලයේදී එක් එක් ශ්‍රේණි වලින් ඉදිරිපත් කරන ලද සිසු දරු දැරියන්ගේ "භක්ති ගීත සංදර්ශනයක්" පැවැත්වීමට කටයුතු සලසා දෙන ලදී.

මේ සඳහා සහයෝගය හා මඟපෙන්වීම ලබා දුන් පාසලේ විදුහල්පත්තුමා ඇතුළු ආචාර්‍ය මණ්ඩලයට ද ,දෙමාපියන්ටද ගෞර්ව පූර්වක ස්තූතිය පුද කර සිටිමු!

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය විෂය හි ප්‍රතිඵල ඉහළ නැංවීමෙහි ලා විදුහල්පතිතුමාගේ මඟ පෙන්වීම යටතේ විද්‍යාලයීය ගණිත විෂය ...
23/06/2026

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය විෂය හි ප්‍රතිඵල ඉහළ නැංවීමෙහි ලා විදුහල්පතිතුමාගේ මඟ පෙන්වීම යටතේ විද්‍යාලයීය ගණිත විෂය ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුභවතුන් විසින් "ගණිත කඳවුර"මෙවරත් පසුගිය 2026.06.19වන දිනය පුරා පැවැත්විණ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සමඟින් දියත් වූ වැඩසටහන සමඟ සිසු දරුවන් ඉතා උද්‍යෝගීමත්ව සම්බන්ධ විය.

වැඩසටහන සංවිධානය කළ ගණිතය විෂයභාර මිහිරි නිෂාදි ,පියුමි චමෝදිකා හා සාරංගා බණ්ඩාර ගුරුමහත්මීන් හට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.

23/06/2026

Address

Nagalakanda College , Minneriya
Polonnaruwa
51410

Website

Alerts

Be the first to know and let us send you an email when Nagalakanda College ICT Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category