HAPPY KIDS PRE School

HAPPY KIDS PRE School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HAPPY KIDS PRE School, Nursery, 5/5, Doragamuwa Road, Udatalawinna, Polgolla.

04/06/2026
දවසක ඔයාගේ දුවට අනිවාර්යයෙන් කියලා දෙන්න , එයාගේ අකමැත්තෙන් කවුරැම හරි කෙනෙක් එයාව අනවශ්‍ය විදිහට “අල්ලන්න / සිප ගන්න / ...
03/06/2026

දවසක ඔයාගේ දුවට අනිවාර්යයෙන් කියලා දෙන්න , එයාගේ අකමැත්තෙන් කවුරැම හරි කෙනෙක් එයාව අනවශ්‍ය විදිහට “අල්ලන්න / සිප ගන්න / බදා ගන්න” එනවා වගේ නම් 🙌 , බය නැතිව ඊට විරැද්ධත්වය ප්‍රකාශ කරන විදිහ !!! 🩶

දවසක ඔයාගේ දුවට කියලා දෙන්න අම්මා / තාත්තා නැති තැනක , තමන්ට සිදුවන අකටයුත්තක දී ! තමන්ට එල්ලවන අනවශ්‍ය පීඩනයක දී ! තදින් ම ඊට විරැද්ධ ව , 🙌 එරෙහිව කතා කරන විදිහ !!! 🩶

දවසක ඔයාගේ දුවට කියලා දෙන්න අම්මා / තාත්තා ලග දී එයා ගොඩක් ආරක්ශිත යි කියලා වගේ ම , අම්මා / තාත්තා නැති තැනක දී එයාගේ ආරක්ශාව 🙌 එයා විසින් ම සපයා ගත යුතු විදිහ !!! 🩶

අනිවාර්යයෙන් ඔයාගේ දුවට කියලා දෙන්න තමන්ට එරෙහිව සිදුවන , අසාධාරනකම් !
අකටයුතුකම් !
අපයෝජන !
හිංසාකාරී , අවස්තා වලදී තමන් වෙනුවෙන් කතා කරන්න වගේම තමන් වෙනුවෙන් පෙනී සිටින්නත් බය විය යුතු නැති බව !!!! 🩶

ඒ වගේ ම ඔයාගෙ දුවට මේ ටික කියලා දෙන්න වයස 18 සම්පූර්ණ වෙනකන් බලන් ඉන්න ඕන නැති බවත් , ඔයා අනිවාර්යයෙන් මතක තියා ගන්න !! 🩶

03/06/2026
අපිට වගේ ම දරුවන්ටත් හොද දවස් නරක දවස් තියෙනවා..එයාලා හැමදාම හිනා වෙලා සතුටින් ඉන්නවට තමා අපි කැමති ඒත් අපි දන්නවා අපිට ...
27/05/2026

අපිට වගේ ම දරුවන්ටත් හොද දවස් නරක දවස් තියෙනවා..

එයාලා හැමදාම හිනා වෙලා සතුටින් ඉන්නවට තමා අපි කැමති ඒත් අපි දන්නවා අපිට එහෙම හැමදාම ඉන්න බෑ කියලා 😔

ඒ නිසා දරුවෙක් මූණ එල්ලගෙන දුකෙන් කලකිරිලා ඉන්න වේලාවක.. 😞

එකපාරට... 👇

❌මොකද ඔය මූණ එල්ලගෙන
❌මොකක් හරි නසරානි වැඩක් කරන්න ඇති
❌අනේ මන්දා මොකක් වේලා ද කියලා

වගේ දේවල් කියන්න එපා..

එහෙනන් අපි මෙහෙම කියනව ද? 🤔

❗️මොකක්ද වුනේ මට කියන්න
❗️කියන්න..කවුරුහරි මොනවත් කිව්වව ද?

නෑ නෑ එහෙම කියන්නේත් නෑ...

"අපෝ අපේ ළමයින්නන් අපිට කිසි දෙයක් හන්ගන්නේ නෑ..ඔක්කෝම කියනවා.." කියලා අපි හිතුවට…

ඇත්තටම

මේ ලෝකේ ඉන්න හොදම අම්මා, හොදම තාත්තා ඔයා වුනත්..

ඔයාගේ දරුවාට හිතුනොත් යම් දෙයක් හංගන්න ඕනේ කියලා එයාලා ඒක හංගනවා..

ඒ...

🔸 සමහරවිට ඔයාට දුක හිතෙයි කියලා
🔸 නැත්තම් තරහා ගනී කියලා
🔸 නැත්තම් කලකිරෙයි කියලා

මේ මොකක්හරි හේතුවක් නිසා 😔

මතක තියාගන්න..

දරුවා යමක් හංගනවනන් ඒක එයාගේ choice එක..

අපි choices වලට respect කරන්න ඕනේ..

ඒ කියන්නේ ගණන් ගන්නේ නැතුව ඉන්න ඕනේ ද?? 😳

අම්මෝ නෑ..😅

එහෙනන් මොකක්ද කරන්න ඕනේ..??? 🤔

ඔයාට ටිකක් උපක්‍රමශීලී වෙන්න වෙනවා..

ඒ මෙහෙමයි.. 👇

දරුවෙක් මූණ එල්ලගෙන 😞 දුකෙන් කලකිරිලා ඉන්න වේලාවක..

✅ඔයාට අද දවස එච්චර හොද දවසක් වෙලා නෑ වගේ
✅අද ටිකක් මහන්සි වගේ
✅ඔයා upset එකේ වගේ මට පේන්නේ..

මෙන්න මෙහෙම කතාව පටන් ගන්න.. 🌸

මෙතන දි සමහර දරු පැටවු open වෙනවා.. හැබැයි හැමෝම එහෙම නෑ..

ඊට පස්සේ.. 👇

✅එන්න අපි යමු කෑමක් හදන්න
✅අපි සිංදුවක් අහමු ද?
✅අපි චිත්‍රයක් අදිමු
✅අපි ඇවිදින්න යමු

වගේ එයාගේ mood එක වෙනස් කරන්න පුලුවන් එයා ආස වැඩ list එකක් ම යෝජනා කරන්න..☺

දරුවා කැමති දේ කරන්න ගන්න..

මේ අතරතුර හිමීට...

✅ඔයාට දුක හිතුන හේතුව ඔයා කියන්න කැමති ද? ඔයා කැමතිනම් විතරක් කියන්න.
✅අපි හැමෝන්ටම හොද දවස් නරක දවස් තියෙනවා..Its okay
✅මම ඔයා එක්ක ඉන්නවා..ඔයාට ඕන දෙයක් මාත් එක්ක share කරගන්න පුලුවන්

ඔයා මෙහෙම..

👉 දරුවාව judge කරන්නේ නැතුව
👉 force කරන්නේ නැතුව
👉 feelings notice කරලා..

කතා කරන එකෙන්..

දරුවා ටිකෙන් ටික තීරණය කරනවා 🥺

"මට ආරක්ෂාව තියෙන තැන මෙතන" කියලා

එහෙම හිතලා එයා ඔයාට හිමීට open වෙනවා..

මෙන්න මේ විදිහට,

ඔයාට දරුවගේ පළවෙනි choice එක වෙන්න බැරි වුනත්…

එයාගේ හොඳම choice එක වෙන්න පුලුවන් වෙනවා..❤️

🔴 ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ළමා අpayoජනයක් කර ඇප පිට හෝ සිර දduවම් ලබා පැමිණි අයගේ නම, ඡා...
27/05/2026

🔴 ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ළමා අpayoජනයක් කර ඇප පිට හෝ සිර දduවම් ලබා පැමිණි අයගේ නම, ඡායාරූපය සහ පදිංචි ලිපිනය ඇතුළත් පොදු වෙබ් අඩවියක් (Public Registry) පවත්වාගෙන යනවා. ඕනෑම මව්පියෙකුට තම නිවස අසල මෙවැනි අපraධkaරුවෙකු ජීවත් වෙනවාද කියා ඉන් බලාගත හැකියි.

🔴 ඉලෙක්ට්‍රොනික ට්‍රැකර් (GPS Tracking) සවිකිරීම.

ඇමරිකාවේ ප්‍රාන්ත බොහොමයක, විශේෂයෙන් ෆ්ලොරිඩා, කැලිෆෝනියා සහ ටෙක්සාස් වැනි ප්‍රාන්තවලත්, එක්සත් රාජධානිය , ද.කොරියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල් , මොවුන් සිරෙන් නිදහස් වුවද, ඔවුන් යන එන තැන් නිරීක්ෂණය කිරීමට පාදයට ඉලෙක්ට්‍රොනික වළලු සවි කරනු ලබනවා.

මෙය සාමාන්‍යයෙන් ඉතා ශක්තිමත්, කපන්න හෝ ගලවන්න නොහැකි ප්ලාස්ටික් සහ ලෝහ මිශ්‍රණයකින් නිපදවා ඇත. බලහත්කාරයෙන් ගැලවීමට උත්සාහ කළහොත් වහාම පොලිස් පාලන මැදිරියට Alarms නිකුත් වේනවා.

​ මෙය පැළඳ සිටින පුද්ගලයා දවසේ පැය 24 පුරාම, සතියේ දින 7 පුරාම චන්ද්‍රිකා තාක්ෂණය (GPS) ඔස්සේ බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වනවා.

​ඔවුන්ට යා නොහැකි සීමාවන් , උදාහරණ ලෙස පාසල් වටා මීටර් 500ක සීමාව පරිගණක පද්ධතිය මගින් ලකුණු කර ඇති අතර, එම සීමාව උල්ලංඝනය කළ සැනින් ඔවුන්ව නැවත අත්අඩංගුවට ගනු ලබනවා.

කොරියාවේ පද්ධතිය කෙතරම් දියුණුද යත්, අපradaකරු පාසලක් වැනි තහනම් කලාපයකට ඇතුළු වූ සැනින් අසල සිටින පොලිස් නිලධාරීන්ට සහ මව්පියන්ගේ දුරකථන apps වෙත ස්වයංක්‍රීයව අනතුරු ඇඟවීම් නිකුත් වෙනවා.

බ්‍රිතාන්‍යයේ නම් ඔවුන්ට නිවසින් බැහැර විය නොහැකි කාලසීමාවන් (Curfews) පැනවීමට සහ ඔවුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කිරීමට බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍යාංශය මෙම GPS තාක්ෂණය භාවිත කරනවා.

ඇමරිකාවේ මෙමගින් ඔවුන් පාසල්, ළමා උද්‍යාන හෝ වින්දිත දරුවා ජීවත් වන ප්‍රදේශවලට ළඟා වීම වැළැක්වීමට පොලිසියට තත්‍ය කාලීන (Real-time) දත්ත ලබා දෙනවා.

✅ ලංකාව වැනි රටක මෙවැනි ප්‍රබල නීතිමය සහ තාක්ෂණික පද්ධතියක් නැති තාක් කල්, නීතියේ සිදුරුවලින් වැරදිකරුවන් රිංගා යන තාක් කල්, අපිට ඉතිරි වෙන එකම විසඳුම මව්පියන් විදිහට අපි උපරිමයෙන් අවදියෙන් සිටීම පමණයි.

Address

5/5, Doragamuwa Road, Udatalawinna
Polgolla
20802

Telephone

0812493955

Website

Alerts

Be the first to know and let us send you an email when HAPPY KIDS PRE School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category