Wethara Maha Vidyalaya - National School

Wethara Maha Vidyalaya - National School Official page of Wethara Maha Vidyalaya (National School)

 #වෑතර_ජාතික_පාසල  #පෙර_පොහොය_වැඩසටහන ඔක්තෝබර් මාසයේ 17 වන බ්‍රහස්පතින්දා දිනට යෙදී තිබෙන වප් පුර  පසළොස්වක පොහොය දිනය න...
16/10/2024

#වෑතර_ජාතික_පාසල
#පෙර_පොහොය_වැඩසටහන

ඔක්තෝබර් මාසයේ 17 වන බ්‍රහස්පතින්දා දිනට යෙදී තිබෙන වප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අද දින විද්‍යාලයේ දී පෙර පොහොය වැඩසටහනක් පවත්වන ලදී.

මෙවර පෙර පොහොය වැඩසටහන සඳහා අප පාසලේ ආචාර්ය අතුරුගිරියේ පියනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් බුරුම හිමිවරුන් තිදෙනෙකු වඩමවා ධර්ම දේශනයක් සිදු කරන ලදී.

මේ සඳහා අප පාසලේ ගරු විදුහල්පති මේජර් ග්‍රේෂන් පෙරේරා මහතා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සියලුම ගුරුභවතුන් හා සියලුම සිසු සිසුවියන් සහභාගී වන ලදී.

14/10/2024
 #වෑතර_ජාතික_පාසල  #ලෝක_ළමා_දිනය 💫💫හදවතේ ඇති පිවිතුරු බව අව්‍යාජ සිනහවකින් සේම දෙනෙතින්ම විදහා පාන පුංචි පැටවුන් වෙනුවෙන...
01/10/2024

#වෑතර_ජාතික_පාසල
#ලෝක_ළමා_දිනය

💫💫හදවතේ ඇති පිවිතුරු බව අව්‍යාජ සිනහවකින් සේම දෙනෙතින්ම විදහා පාන පුංචි පැටවුන් වෙනුවෙන් වෙන් වුණු ලෝක ළමා දිනය අදයි!!!💫💫

අප පාසලේ දරු දැරියන් සඳහා ලෝක ළමා දිනය වෙනුවෙන් අප පාසලේ ගරු විදුහල්පති මේජර් ග්‍රේෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හා පාසලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් ක්‍රීඩා තරඟ රැසක් සංවිධානය කරනු ලැබූ අතර සියලුම ළමුන් මෙම ක්‍රීඩා සඳහා ඉතාමත් උද්‍යෝගිමත්ව සහභාගී වන ලදී. එමෙන්ම සිසුන් සඳහා සංග්‍රහයක්ද පාසල මගින් සූදානම් කර තිබුණි.

💫💫ලෝකයේ වටිනාම සම්පත සහ අනාගතය අනාගතය ද දරුවන් වේ. සුභ ලෝක ළමා දිනයක් වේවා!!!💫💫

 #වෑතර_ජාතික_පාසල මේජර් ග්‍රේෂන් පෙරේරා අභියෝගතා කුසලානවාර්ෂික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය - 2024මෙම තරගාවලියේ සමාර...
09/08/2024

#වෑතර_ජාතික_පාසල

මේජර් ග්‍රේෂන් පෙරේරා අභියෝගතා කුසලාන
වාර්ෂික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය - 2024

මෙම තරගාවලියේ සමාරම්භය මෙම වසරේ අගෝස්තු 09 වන දින රන්තරු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ කණ්ඩායම් 16 ක් මේ සඳහා තරග වැදුණු අතර එය අති සාර්ථක ලෙස රන්තරු ක්‍රීඩාංගණයේ දී නිමවන ලදී.

 #වෑතර_ජාතික_පාසල 2024 වර්ෂයේ වෙසක් උත්සවය නිමිති කොටගෙන සම්බුද්ධ පූජාව සහ අයිස් ක්‍රීම් දන්සලක් 2024.05.22 වන බදාදා දින...
22/05/2024

#වෑතර_ජාතික_පාසල

2024 වර්ෂයේ වෙසක් උත්සවය නිමිති කොටගෙන සම්බුද්ධ පූජාව සහ අයිස් ක්‍රීම් දන්සලක් 2024.05.22 වන බදාදා දින අප පාසලේ ගරු විදුහල්පති මේජර් ග්‍රේෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් භූමියේ දී පවත්වන ලදී.

 #වෑතර_ජාතික_පාසල 2024 අධ්‍යයන වර්ෂය සඳහා වූ අධ්‍යාපන චාරිකාව සඳහා මෙවර තෝරාගනු ලැබුවේ නුවරඑළිය ප්‍රදේශයයි. මෙම අධ්‍යාපන...
02/05/2024

#වෑතර_ජාතික_පාසල

2024 අධ්‍යයන වර්ෂය සඳහා වූ අධ්‍යාපන චාරිකාව සඳහා මෙවර තෝරාගනු ලැබුවේ නුවරඑළිය ප්‍රදේශයයි. මෙම අධ්‍යාපන චාරිකාව 2024.04.26 වන සිකුරාදා දින අප පාසලේ ගරු විදුහල්පති මේජර් ග්‍රේෂන් පෙරේරා මහතාගේ සහභාගීත්වයෙන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන් හා දරු දැරියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු වුණි.

 #වෑතර_ජාතික_පාසල 🙏ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබට සහ පවුලේ සැමට සාමය සතුට පිරුණු සියළු ප්‍රාර්ථනාවන් ඉෂ්ට...
14/04/2024

#වෑතර_ජාතික_පාසල

🙏ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබට සහ පවුලේ සැමට සාමය සතුට පිරුණු සියළු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වන නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

🙏May the Sinhala Hindu New Year be full of peace and happiness for you and your family and may all wishes be fulfilled.

🙏சிங்கள இந்து புத்தாண்டு உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் அமைதியும் மகிழ்ச்சியும் நிறைந்ததாக இருக்கட்டும், எல்லா விருப்பங்களும் நிறைவேறட்டும்.

-විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුලු පාසල් කාර්ය මණ්ඩලය-

Address

Wethara
Polgasowita
10320

Telephone

+94112170545

Website

Alerts

Be the first to know and let us send you an email when Wethara Maha Vidyalaya - National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category