හත්තක මහ විදුහලෙහි ආරම්භය.
බස්නාහිර පළාත හා දකුණු පළාත වෙන් කෙරෙන ස්වාභාවික මායිම බෙන්තර ගඟයි. එය ආරම්භ වන්නේ මත්තක දොල හා හත්තක දොල එක්වීමෙනි. හත් තැනකින් වක්ව ගලන දොල හත්තක දොල වූ බවත් ඒ ආශ්‍රිත ප්‍රදේශය හත්තක ගම වූ බවත් ජනප්‍රවාදී පිළිගැනීමයි.
ප්‍රවාහනය සඳහා ගංගා ඇල දොල ප්‍රධාන වශයෙන් යොදා ගන්නට වූ යුගයේ බෙන්තර ගඟට හිමි වූයේ වැදගත් තැනකි. බෙන්තර ගඟෙහි ඉහළම තොටුපල හත්තක දොල හා මත්තක දොල එක්වන ස්
ථානය ආසන්නයේ පිහිටා ඇත. වර්තමානයේ එම තොටුපල භාවිතා නොවෙතත් එම තොටුපල පිහිටා තිබූ ප්‍රදේශය තවමත් “තොටුපල” නමින්ම හැඳින්වේ.
වෙළඳාම පිණිස තොටුපලින් ඇතුළුව පිටිගල හා ඒ අවට ප්‍රදේශ වලට පැමිණි තැනැත්තන් නිසා එම ප්‍රදේශ ක්‍රමයෙන් ජනාවාස විය. හත්තක ප්‍රදේශයෙන් මිනිරන් හමුවීම නිසා එම ප්‍රදේශයට නව වටිනාකමක් ලැබිණි . මේ අවටින් හමුවන පතල් හා දෝනා ආදිය එකල මෙහි පැවති මිනිරන් කර්මාන්තයේ තත්ත්වය අපට පසක් කරනු ඇත. මිනිරන්පලේ ගෙදර නමින් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශයේ දෝනා සහිත විශාල මිනිරන් පතලක් දක්නට ඇත.
හත්තක ප්‍රදේශයෙන් හමුවන මිනිරන් පිටිගල තොටුපල දක්වා පාරු මගින් රැගෙන ගියේ හත්තක දොල උපයෝගී කර ගැනීමෙනි. හත්තක, මානම්පිට ප්‍රදේශයේ කුඩා තොටුපලක් මිනිරන් පැටවීම සඳහා භාවිතා විය. මිනිරන් කර්මාන්තය සඳහා හත්තකට පැමිණි පෑලිස් ආරච්චි නම් ව්‍යාපාරිකයාගේ ලිපිකරු වශයෙන් සේවය කළේ අගම්පොඩි පේද්‍රික් පෙරේරා මහතාය. එතුමා මානම්පිට තොටුපල ආසන්නයේ පැවති මඩුවක විවේක වේලාවල අවට නිවෙස් කීපයක දරුවන්ට අකුරු ඉගැන්වීම ආරම්භ කළේය.
ක්‍රි.ව. 1900 ආසන්න කාලයේ හත්තක මිනිරන් කර්මාන්තයේ බිඳවැටීමත් සමග මෙහි පැමින සිටි පිරිස් ද ප්‍රදේශය හැර දා යන්නට වූහ. මෙයින් දරුවන්ගේ අකුරු ඉගෙනීමද නතර විය. මේ සිදුවීමෙන් පසුව පාසලක අවශ්‍යතාව ගම්වැසියන්ට දැනෙන්නට විය. එවකට ගම් ප්‍රධානීන් වශයෙන් කටයුතු කළ පිරිස එකතුව හත්තක උපාසක ගෙදරවත්ත හෙවත් කඩේගෙදර වත්ත නම් වත්මන් විදුහල් බිම පවතින ස්ථානයේ කුඩා මඩුවක පාසලක් ආරම්භ කළහ. මෙය සිදුවන්නේ 1903 වර්ෂයේය. එය හත්තක මහ විදුහලෙහි ආරම්භයයි.
හත්තක ගමේ ඉතිහාසයෙන් බිඳක් ..
පෘතුගීසීන්ට හා සීතාවක මායාදුන්නේ රජුට එරෙහිව සේනා සංවිධානය කළ වීදිය බණ්ඩාර කුමරු 1555 දී පමණ පාළින්ද නුවර හෙවත් පැළෑඳ නම් ස්ථානයේ කළ සටනින් පරාජයට පත්ව තම සේනාවනුත් රැගෙන මාවතවත්ත හරන්කහපත හරහා බොරළුගොඩ මූකලාන මැදින් හෙවෙස්ස දොල දිගේ හිනිදුම්පත්තුවට පැමිණ ස්වල්ප කාලයක් එම ප්‍රදේශයේ සැඟව සිටිමින් සේනා සංවිධානය කොට ගෙන දෙවිනුවර බලා පිටත්ව ගිය බව ඉතිහාස කථාවන්හී සඳහන් වෙයි. එදා වීදිය බණ්ඩාර කුමරුන් සැඟව සිටියේයැයි සැළකෙන ගල්ලෙනක් හත්තක කඳුමුදුනේ පිහිටා ඇත. එය ජනවහරෙහි රාජ ගල්ලෙන නමින් හැඳින්වේ.
වීදිය බණ්ඩාර කුමරුන් හා ඔහුගේ පිරිවර හත්තක ගම ආශ්‍රය කරගනිමින් සැඟව සිටි බවට ඇති සාධක අතර අවට ගම්මානවලට යෙදී ඇති නාමයන් ද වැදගත් වෙයි. හත්තක ප්‍රදේශයට ඇතුළු විය හැකි පැරණි මාර්ගය පිහිටා තිබී ඇත්තේ වර්තමාන පහළ හෙවෙස්ස හා ඉහළ හෙවෙස්ස යාවන පරිදිය. මෙම නම් දෙක සැකසී ඇත්තේ ඉහළ හේවා විස්ස හා පහළ හේවා විස්ස යනුවෙන් වීදිය බණ්ඩාර කුමරුන්ගේ හේවායින් විසි දෙනා බැගින් රඳවා සිටි මුර පොළ දෙකක් ආශ්‍රයෙනි.
මාළිගාව සඳහා යොජිතව තිබූ බිම මාළිගාතැන්නය. රජු උයනක් ලෙස භාවිතා කළ ඕවිටක් වැනි පෙදෙස අද හැඳින්වෙන්නේ උහන්ඕවිට යනුවෙනි. ආරක්ෂක අගලින් පිට පෙදෙස පිට අගල නම් වූ අතර වර්තමානයේ එය පිටිගල නම් වෙයි. රාජකීයයන් වෙනුවෙන් සේවා සපයන පුද්ගලයින්ට ලැබෙන පෙලපත් නාම මේ ප්‍රදේශයේ පුද්ගලයන්ට ද ලැබී ඇති අතර වර්තමානයේ පවා ඒවා භාවිත වනු දක්නට ලැබේ. ගජනායක, සෙනෙවිරත්න, ඈපා ආදිය නිදසුන්ය. එසේම රජුට හා එම පිරිවරට සේවය කළ සේවා ගම්මානයන් අද පවා ඒ නමින්ම හඳුන්වනු දක්නට ලැබේ.මන්නගොඩ, ආචාරිගොඩ, බඩහැළවත්ත, අම්පිටියවත්ත ආදිය ඊට නිදසුන්ය.
මේ කරුණු අනුව යම් දිනෙක හත්තක මහා විද්‍යාලයේ නම වෙනස් කොට එය “වීර වීදිය බණ්ඩාර මහා විද්‍යාලය” ලෙස නම් කිරීම වඩාත් සුදුසු බව අපගේ හැඟීමයි.
හත්තක පාසලේ පිය සටහන් ෴...
1903 වර්ෂයෙහි එවකට විදානාරච්චි තනතුර හෙබ වූ උරනේරිස් අතුකෝරල මහත්මා (අතුකෝරල සමූහ ව්‍යාපාරයේ අධිපතිව සිටි ඩී.ඩබ්. අතුකෝරල මහත්මාගේ මුත්තණුවන් ) ආදී ගම් ප්‍රධානීන් කීප දෙනෙකුම එකතුව වත්මන් හත්තක මහ විදුහල පිහිටා තිබෙන උපාසක ගෙදර වත්ත හෙවත් කඩේ ගෙදර වත්ත නම් ස්ථානයේ පොල්අතු සෙවිළි කළ කුඩා මඩුවකින් පාසලක් ආරම්භ කළේය.
මෙම යුගය කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම මගින් රට පුරා බෞද්ධ පාසල් ආරම්භ කරමින් තිබූ යුගයයි. ඒ අනුව ඉහතින් සඳහන් කළ පාසල ද 1906 වර්ෂයේ දී පරම විඥානාර්ථ බෞද්ධ සමාගම යටතේ “හත්තක බෞද්ධ මිශ්‍ර පාඨශාලාව” යන නමින් ලියා පදිංචි පාසලක් බවට පත් විය. පාසලෙහි පළමු කළමණාකරු ලෙස පත් වූයේ ද උරනේරිස් අතුකෝරල මහත්මාමය. ගුරු වැටුප් ගෙවීමට හා අනෙකුත් වියදම් පියවීමට සමාගමෙන් ලැබුණු මුදල් ප්‍රමාණවත් නොවූ හෙයින් කළමණාකාරතුමාට තම ධනය පවා පාසල වෙනුවෙන් යොදවන්නට සිදු විය.
සමාගම විසින් 1911 වර්ෂයේ පළමු වරට පාසලට මුල්ගුරු මහත්මයෙකු පත්කර එවීමට ක්‍රියා කළ අතර තවත් අමතර එක් ගුරුවරයෙකු සඳහා වැටුප් ගෙවීම ද ආරම්භ කළේය. පළමු මුල්ගුරුතුමා බොහෝ දෙනා හැඳින්වූයේ පොල්දූගොඩ මහත්මා යනුවෙනි. එතුමාගේ සැබෑ නම දොන් පෙඩ්රික් ද කොස්තා දසනායක යන්නයි.
උරනේරිස් අතුකෝරල මහතාගෙන් පසු කළමණාකාර ලෙස පත් වන්නේ දොන් නේරිස් විජේගුණවර්ධන මහත්මාය. එතුමා හත්තක මහා විද්‍යාලයට තමා සතු ඉඩමක් ද පරිත්‍යාග කළේය. 1927 දී මුල්ගුරු තනතුර සඳහා බී.බී. පෙරේරා මහතා පත්ව පැමිණියේය. දිගු කලක් හත්තක බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙහි මුල්ගුරු තනතුර හෙබවූ එතුමා තවමත් ගමෙහි පැරැන්නන් විසින් සිහිපත් කරන්නේ ලොකු ඉස්කෝලේ මහත්තයා යන ගෞරව නාමයෙනි.
බී.බී.පෙරේරා මහතා පාසලට පත්ව එන විට මෙහි පැවතියේ 32 X 18 ප්‍රමාණයේ එක් තාවකාලික ගොඩනැගිල්ලක් පමණි. එතුමාගේ මූලිකත්වයෙන් එය 50 X 18 දක්වා ඉක්මණින් වර්ධනය විය. 1934 වර්ෂයේ ඇතිවූ මහා ගංවතුරෙන් එම ගොඩනැගිල්ල කඩා වැටුනු හෙයින් අසල පිහිටි මාළිගාතැන්න පුරාණ විහාරස්ථානයේ ධර්ම ශාලාවට තාවකාලිකව පාසල රැගෙන යාමට සිදුවිය. අවුරුදු 4ක් පමණ පාසල විහාරස්ථානයෙහි පවත්වා ගෙන එන ලදි. 1938-10-01 දින නැවත සුපුරුදු ස්ථානයේ ඉදිකළ තාවකාලික ගොඩනැගිල්ලකට පාසල රැගෙන ආවේය. ස්ථිර ගොඩනැගිල්ලක් ඉදි කිරීම ද මේ වන විට ආරම්භ වී තිබිණි. එම ස්ථිර ගොඩනැගිල්ලට ගෙවදීම 1941-04-07 දින සිදු විය. බී.බී.පෙරේරා මහතා අවුරුදු 28 ක් මෙහි මුල්ගුරුතුමා වශයෙන් සේවය කොට 1956-01-09 දින විශ්‍රාම ලැබුවේය. එතුමාගේ පාලන කාලයේම තවත් 60X20 ගොඩනැගිල්ලක් පාසලට හිමි වී තිබිණි.
1956 සිට කේ.ටී. ප්‍රනාන්දු මහතා ද 1958 සිට මුතුකුමාරණ මහත්මා ද මුල්ගුරු තනතුරට පත්ව පැමිණ ඇත. 1959-04-03 දින සිට මුල්ගුරු තනතුරට පත්ව ආ එච්.ඩී. ජේමිස් මහත්මා 1967-01-01 දක්වාම මෙහි සේවය කළේය. එතුමාගේ සේවා කාලය විදුහලට ඉතා වැදගත් කාල වකවානුවකි. 1962 – 12 - 01 දින මෙය රජයේ විදුහලක් ලෙස රජයට පවරා ගැනීමත්, 1963 – 04 - 08 පාසලෙහි භූමිය හා පාසලට අයත් ගොඩනැගිලි රජයට පවරා ගැනීමත්, 1965 – 02 - 01 දින මෙතෙක් “හත්තක බෞද්ධ මිශ්‍ර පාඨශාලාව” නමින් හැඳින්වූ මෙම පාසල “ගා/හත්තක මහා විද්‍යාලය” නමින් නම් කොට මහා විද්‍යාලයක තත්ත්වය ලබා දීමත් යන සියලු කරුණු එම විදුහල්පතිතුමන්ගේ යුගයේ දී සිදුවී තිබීම විශේෂයෙන් සිහිපත් කළ යුතුය.
මෙයින් පසුව විදුහල්පති තනතුරට පත්ව ආ අය අතර මෙම විදුහලෙහි ආදි ශිෂ්‍යයින් ද දක්නට සිටීම විදුහල් මාතාවට මහත් ගෞරවයකි. ඩී.බී. අතුකෝරල මහත්මා, ඩී.ඊ.ඒ අතුකෝරල මහත්මා (මහාචාර්ය දයාරෝහණ අතුකෝරල මහතාගේ පියාණන්), ඩී.එම්. අතුකෝරල මහත්මා (වෛද්‍ය විද්‍යා අතුකෝරල මහත්මාගේ පියාණන්) එච්.එච්. පියසිරි මහත්මා (විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ) එවැනි විදුහල්පතිවරු අතර වෙති.
විදුහලෙහි දියුණුව උදෙසා විශේෂ කැප කිරීම් සිදුකළ විදුහල්පතිවරු බොහෝ වෙතත් ඉන් කීප දෙනෙකු පමණක් මෙහි දී සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙනි. 1972 සිට 1977 දක්වා මෙහි විදුහල්පති තනතුර හෙබවූ එස්.ඒ.ඩී. අමරදාස මහත්මා හත්තක මහ විදුහල් ඉතිහාසයෙහි අමරණීය චරිතයකි. අප පාසලට වර්තමානයේ අයත්ව ඇති භූමියෙන් විශාල ප්‍රමාණයක් පාසලට පවරා ගෙන ඇත්තේ මෙතුමාගේ යුගයේදීය. එම කටයුතු වලදී එල්ලවූ ජීවිත තර්ජන ඉදිරියේවත් නොසැලුනු එතුමා පාසල මැදින් වැටී තිබූ අඩි පාර වසා දැමීමටද නොබියව ක්‍රියා කළේය.
1978 සිට 1984 දක්වා විදුහල්පතිනිය ලෙස සේවය කළ ලීලා හේවාගම මැතිණිය ගේ යුගය පාසලට නව ජීවයක් එක් කළ යුගයකි.ප්‍රදේශයේ සියලු පාසල් අභිබවා ශිෂ්‍ය සංඛ්‍යාව අතින් මෙන්ම අධ්‍යාපන මට්ටමින් හා ක්‍රිඩා වැනි ක්ෂෙත්‍රයන් තුළින්ද ඉදිරියට එන්නට හත්තක මහා විද්‍යාලයට හැකි වූයේ එතුමියගේ පාලන සමයේදීය. දැඩි නීති රීති අනුගමනය කළ එතුමිය පිළිබඳ වර්තමානයේ බොහෝ දෙනෙකු සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙනි. ඉන් අනතුරුව විදුහල්පති තනතුරට පත්වූ එච්.එච්. පියසිරි මහත්මා විදුහලෙහි ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම සඳහා මහත් කැපවීමකින් ක්‍රියා කළේය. ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමට ගත් උත්සාහයේ දී එතුමාට රැකියාව අහිමි වන තත්ත්වයකට පවා මුහුණ දෙන්නට සිදු විය. ක්‍රීඩා අංශයේ ජයග්‍රහන මෙන්ම අධ්‍යාපන අංශයේ ජයග්‍රහන රාශියක් ද මෙතුමාගේ යුගයේ පාසලට ලැබුණි. පළමු වරට මෙම විදුහලෙහි උසස් පෙළ පන්ති ආරම්භවීමත් උසස් පෙළ සමත් වූ සිසුන් කීප දෙනෙක් විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමත් මෙම යුගයේ දී සිදුවිය.
1994-11-23 දින සිට 2001-08-20 දක්වා මෙහි විදුහල්පති ධූරය හෙබවූ ජේ. වැරණියගොඩ මහත්මා පාසලෙහි අභිනව සංවර්ධනයේ නියමුවාණන් වෙයි. අර්බුදකාරී වාතාවරණයක් මැද විදුහලට පත්ව ආ එතුමා ඉතා කෙටි කලකින් බොහෝ දෙනා අතර මහත් ජනාදරයට පාත්‍ර විය. අංග සම්පූර්ණ විද්‍යාගාරයක්, කාර්යාලය සඳහා කාමරයක් සහිතව පළමු දෙමහල් ගොඩනැගිල්ල පාසලට ලැබෙන්නේ මෙතුමා ගේ යුගයේදීය. එසේම අංග සම්පූර්ණ ගෘහවිද්‍යාගාරයක් ස්ථාපනය වීමද සිදුවිය. මෙතෙක් පාසලට විශාල ගැටළුවක්ව පැවති පානීය ජල ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබාදීමට මෙතුමා මූලික විය. පාසල් ලාංඡනය හා පාසලේ ආදර්ශපාඨය නිර්මාණය වූයේද මෙම යුගයේදීමය. පාසලේ අනන්‍යතාවය හෙළිවන පාසල් නිල ඇඳුමට නිල ලාංඡනය එක්වීම ආදී සිසු විනයට අදාල පියවරයන් රාශියක් මෙතුමා විසින් ගනු ලැබිණි. වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයක් සංවිධානය කළ එතුමා දක්ෂතා දැක්වූ සිසුනට මෙන්ම ගුරුභවතුනටද සහතික හා ත්‍යාග පිරිනැමීම කළේය. විදුහලට ශබ්ද විකාශන පද්ධතිය ලබා ගන්නේ ද එතුමාගේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වූ ආදි ශිෂ්‍ය සංගමයේ උපකාරයෙනි.
වැරණියගොඩ මහත්මාගේ ස්ථාන මාරුවෙන් අනතුරුව විදුහල්පති තනතුරට පත්වූයේ කලක් උපාධිධාරී උපගුරුවරියක ලෙසත් තවත් කලක් නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙසත් දීර්ඝ කාලයක් මෙහිම සේවය කළ එච්.එම්. කුසුමාවතී මැණිකේ මහත්මියයි. හතර අතින් විවිධ අභියෝග එල්ල වෙද්දී ඒ අභියෝග හමුවේ නොසැලුනු එතුමිය පාසල විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඉදිරියට ගෙනයාමට සමත් වූවාය. විද්‍යාව හා ගණිත තරඟවලදී කලාපයේ අනිකුත් පාසල් අභිබවා අපේ සිසුන් ඉදිරියට ඇදෙද්දී අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල වලින් ද ක්‍රීඩා තරඟවලින් ද කැපී පෙනෙන ජයග්‍රහන ද පාසලට හිමි වන්නට විය. නැවතත් දෙමහල් ගොඩනැගිල්ලක් හා පරිගණක ඒකකයක් ද ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයක් ද පුස්තකාලය සඳහා වෙන්වූ ගොඩනැගිල්ලක් ද වැසිකිලි - කැසිකිලි පද්ධතියක් ද එතුමියගේ යුගයේ විදුහලට එකතු විය.
විදුහලෙහි සියවස් සමරුව යෙදී තිබුනු 2003-03-03 දිනය මුල් කරගෙන පැවැත්වූ පිරිත් දේශනා පිංකම හා සියක් නමක් විෂයෙහි දානය පිරිනැමීමේ පිංකමත් ඊට සමගාමීව සංවිධානය වූ සියවස් සමරු උත්සව මාලාවත් එච්.එම්.කුසුමාවතී මැණිකේ විදුහල්පතිතුමියගේ යුගය ඔපවත් කළ සිදුවීම් අතර වෙයි. එතුමිය සිය විදුහල්පති ධූරයෙන් විශ්‍රාම ලබා යන්නේ 2010-12-21 දින දීය.
එතැන් සිට විදුහල අනාගතයට රැගෙන යාම පැවරී ඇත්තේ 1994-05-09 දින ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා බුද්ධ ධර්මය උපගුරුවරයෙකු වශයෙන් මෙම විදුහලෙහි පළමු පත්වීම ලබා වැඩම කළ පූජ්‍ය ඌරගහ සුදේව හිමියන්ටය.
මෙහෙවර ප්‍රකාශය
දැනුම හා දිනුම සොයා යන අතර අළුත් ලොවක් ගොඩනගන්නට සක්‍රීයව දායක වන නව පරපුරක් බිහි කිරීම.
පාසලේ දැක්ම
ප්‍රදේශයේ පාසල් අතර සෑම අංශයකින්ම විශිෂ්ටතම පාසල වීම.
අපේ අරමුණු............
1. ඉගෙනුම් පරිසරයක් විද්‍යාලයීය භූමිය තුළ ගොඩ නැගීම.
2. ප්‍රධාන විභාග සහ සියලු ක්ෂේත්‍රයන්හී ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ නැංවීම.
3. භෞතික හා මානව සම්පත් ගුණාත්මක ලෙස සංවර්ධනය කිරීම.
4. ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කළ හැකි ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීම.
5. වේගයෙන් වෙනස් වන සමාජ අවශ්යනතාවන්ට හා අභියෝගවලට සංයමයෙන් මුහුණ දිය හැකි ශිෂ්යැ ප්රයජාවක් බිහි කිරීම.
6. දැනුම හා දිනුම තරඟකාරීව ලබන එහෙත් සාමය හා සහජීවනය අගය කරන ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීම.
7. ශ්‍රී ලංකාව නව ලෝකයට කැඳවාගෙන යා හැකි නිර්මාණශීලී නායකයන් බිහි කිරීම.
8. “නොහැක්කක් නොමැත. ” යන්න තම ආදර්ශ පාඨය කරගත් ක්‍රියාකාරී වෘත්තිකයන් පිරිසක් අනාගතයේ රටට දායාද කිරීම.
9.ක්‍රි.ව. 2025 දී දකුණු පළාතේ විශිෂ්ටතම පාසල බවට පත්වීම.
පාසල් ගීතය
දින දින දෙස බස රැස නංවා
මොහඳුර බිඳ විදු එළි දල්වා
අප හද ඔද තෙද බැති නැංවූ
හත්තක මහ විදුහල් මෑණී....
නිල් ලොව දුටු නෙත් ලොවම සරන්නට
වැලි කැට ගැරු අත් දෙරණ දරන්නට
දක්නට හැම මිනිසකු කය දුවනා
රතු ගණ රුධිරය එක වාගේ
අප නෙත් පෑදූ අප සිත් සෑදූ
ඔබ පා නමදිමු හද බැතිනී.......
යුගයෙන් යුගයට දරුවන් දිනු විට
ගුණයෙන් දැනුමෙන් හැඟුමෙන් පිරිපුන්
සුරුවන් විරුවන් පඬුවන් බිහි කොට
ඔබ අප දෙරණට සෙත දේවා...
අප නෙත් පෑදූ අප සිත් සෑදූ
ඔබ පා නමදිමු හද බැතිනී.....
දින දින................
අපේ පාසල් ලාංඡනයේ අරුත
“හිරුගේ ඔද තෙද හා
සඳුගේ සිසිලස ද උකහා ගනිමින්
තිර අදිටනින්,
සෞභාග්යට හා සශ්රී කත්වය සොයා
පිවිතුරු මඟක් ඔස්සේ
විදු නැණ පහන් දල්වා
අවිදු අඳුර දුරු කොට
දැහැමින් සෙමෙන්
දැනුම ලබා - දිනුම ගෙනෙමු.”
1. පළමු සීනුව නාද වීමට පෙර මම පාසලට පැමිණෙමි.
2. දිනපතා උදෑසන රැස්වීමට සහභාගි වෙමි.
3. රැස්වීම නිමවූ වහාම දින සටහන් අනුමත කරවා ගනිමි.
4. කාල සටහනට අනුව සිසුන් මා කැඳවා ගෙන යාමට පැමිණෙන තුරු නොසිට, සීනුව නාද වී විනාඩි පහක් ගතවීමට පෙර මම අදාල පන්තියට යමි.
5. වාර සටහනට අනුව දිනපතා දින සටහන් ලියමි.
6. ඉගැන්වීම සඳහා සැලසුම් අවශ්ය බව මම පිළිගනිමි.
7. වාර සටහන, ගුරු මාර්ගෝපදේශ සංග්රමහය හා දින සටහන අනුව සකස් කරගත් පාඩමට අදාල ඉගෙනුම් උපකරණ සහිතව මිස හිස් අතින් පන්තියට නොයමි.
8. මම ප්රසබෝධයෙන් පන්ති කාමරයට යමි. සැම දෙනාටම ප්රි.යශීලී පුද්ගලයෙකු වීමට උත්සාහ කරමි.
9. මගේ විෂයට ඉහළම ලකුණු ලබා ගැනීමට නිරතුරු සිසුන්ව පොළඹවමි.
10. මෙහි ඉගෙනුම ලබන සියලු දරුවන් මගේ දරුවන් යයි මම සිතමි.
11. ඉගැන්වීම යල් පැනගිය අධ්යාවපන ක්රයමයක් බව දන්නා මම සිසුන්ට ඉගැන්වීමට මහන්සි නොවෙමි. ඒ වෙනුවට ඉගෙනීම සඳහා මග කියා දීම මම ද තෝරා ගනිමි.
12. ඇගයීම අධ්යාීපනයෙහි අත්යාගවශ්යය ක්රිවයාදාමයක් බව දන්නා නිසාම සිසුන්ව ඇගයීමට ලක් කළ හැකි සෑම ක්රනමයකටම සෑම විටම ඇගයීමට ලක් කරමි.
13. අත්යාමවශ්යයම කරුණක් සඳහා පමණක් නිවාඩු ලබා ගනිමි.
14. මා නිවාඩු ලබා ගැනීමට පෙර අවශ්යණ පැවරුම් ලබා දෙමි.
15. නිවාඩුවෙන් පසු පැමිණි වහාම අතපසු වූ කාලච්ඡේද සම්පූර්ණ කිරීමට කටයුතු කරමි.
16. මගේ යුතුකම ඉටු කරන්නට අණ ලැබෙනතුරු බලා නොසිටිමි.
17. “මම නිදහස් චින්තකයෙක්මි. කිසිම මතයක වහලෙකු නොවෙමි.” නිදහසේ සිතා සෑම මොහොතකම ප්රෙයෝජනවත් යමක් කරමි.
18. සිසුන්ගේ හෝ පාසලේ ප්රතගතියට හේතුවන බාහිර කටයුතු වල යෙදෙමි.
19. සිසුන්ගේ හෝ පාසලේ ප්රතගතියට හේතුවන අළුත් දෙයක් ආරම්භ කිරීමට වෙහෙසෙමි.
20. “ගුරුවරයා යනු නායකයෙකි.” එනිසා විෂය සමගාමී කටයුතු වලදී ද මම සිසුන්ගේ නායකයා වෙමි.
21. විදුහලෙහි සිසුවෙකුගේ වරදක් දුටු විට නිහඬව නොසිටිමි.
22. විදුහලෙහි රැඳී සිටින කිසි විටක නිකරුනේ කාලය කා දැමීමට කිසිම සිසුවෙකුට ඉඩ නොතබමි.
23. බොහෝ දෙනෙක් මා දෙස නෙත් අයා, කන් යොමා සිටිති. ඔව්හු මා ආදර්ශයට ගනිති. එබැවින් ධනාත්මකව සිතීමත්, සිතු දේ කීමත්, කී දේ කෙරුමත් මගේ වගකීම බව සිතමි.
24. මම දෙවෙනියෙකු නොවෙමි. විදුහලේ දරුවන් පිළිබඳ විදුහල්පති හිමියන්ටත් වඩා වගකීමක් මා සතුව ඇත.
25. එබැවින් විදුහල්පති හිමියන්ටත් වඩා දරුවන් වෙනුවෙන් වෙහෙසෙමි. කැපවෙමි.
26. පාසල් ප්රිජාව අතර විදුහල්පති හිමියන්ටත් වඩා ජනප්රි ය වීමට මම උත්සාහ කරමි.
27. දිනපතා පාසල් කාලය නිමාවීමෙන් පසු සිසුන් පන්තියෙන් බැහැර වන තෙක් මම සිසුන් සමගම රැඳී සිටිමි.
28. පාසල් කාලය නිමාවීමෙන් පසු පවත්වන ගුරු මණ්ඩල සාකච්ඡා, දෙමාපිය රැස්වීම්.... ආදියට අනිවාර්යයෙන්ම සහභාගි වෙමි.
29. පාසල් කාලය පමණක් නොව මගේ නිවාඩු කාලයත් හැකි පමණින් පාසල හා එහි දරුවන් වෙනුවෙන් කැප කරමි.
30. නිතර අළුත් තොරතුරු ගවේශනය කරමි. බහුශ්රැෙතයෙකු වන්නට උත්සාහ කරමි.
31. “මම රජයේ පාසල් ගුරුවරයෙක්මි. මාගේ සේවය වෙනුවෙන් වේතනයක් මම ලබමි. වෙනත් ධනෝපායන මාර්ගයක් මට හිමි නැත.” යනුවෙන් නිතර සිතමි.
32. “නොහැක්කක් නොමැත” යන්න මාගේ ආදර්ශ පාඨය ලෙස ගනිමි.
33. මම සේවය කරන පාසල මගේ පාසලයි. මගේ පාසලට මම බෙහෙවින් ආදරය කරමි. මගේ පාසල මට ශක්තියකි. මම ද මගේ පාසලට ශක්තියක් වෙමි.
34. ගුරුවරුන් අතර ආදර්ශමත්ම ගුරුවරයා මම වෙමි.
පාසල පිළිබඳ සාමාන්ය තොරතුරු
01. නම:- දප/ගා/ඇල්ක/හත්තක මහා විද්යා ලය
02. ලිපිනය:- හත්තක, පිටිගල.
03. දුරකථන අංක:- 0718166129/0913921901/ 0776543289/
04. Email:- [email protected] / [email protected]
05. පාසල් සංගණන අංකය :- 06215
06. පාසල් හැඳුනුම්පත් අංකය:- 0712002
07. පාසල් අංකය :- 07141 (විභාග දෙපාර්තමේන්තුව)
08. පාසල් වර්ගය :- 1C
09. පාසලේ පන්ති පැවැත්වීම:- 1 ශ්රේගණියේ - 13 ශ්රේ/ණිය (කලා/වාණිජ)
10. දිස්ත්රි්ක්කය:- ගාල්ල
11. කලාපය:- ඇල්පිටිය
12. කොට්ඨාසය:- නියාගම
13. පාසලේ ආරම්භය:- 1903/03/03
14. වර්තමාන භූමි ප්ර:මාණය:- අක්: 03 රූඩ් 01 පර්: 20
15. විදුලි බිල් අංක:- 1. පාසලේ: 2892898617
2. පරිගණක ඒකකය 2806733006
16. පාසල් සංවර්ධන සමිති ගිණුම. 75660010 (BOC)
ගා/හත්තක මහා විද්‍යාලය.
ගුරුභවතුන් සඳහා වූ ආචාර ධර්ම පද්ධතිය.
[ ඔබ අනාගත පරපුරෙහි පෙරගමන්කරුවාය. එබැවින් සෑමවිටම, සෑම ආකාරයකින්ම ආදර්ශමත් වීමට වගබලා ගතයුතුය.]
1. හැකි සෑම දිනකම කල්වේලා ඇතිව පාසලට පැමිණීමට උත්සාහ දැරිය යුතුය.
2. පාසලට පැමිණි මොහොතේ සිට සිසුදරුවන්ගේ කටයුතු අධීක්ෂණය කරමින් අවශ්යම මගපෙන්වීම් කළ යුතුය.
3. උදෑසන ආගමික වතාවත් වලට දිනපතා සහභාගි විය යුතුය.
4. සීනුව නාද වී විනාඩි පහක් ගතවීමට පෙර තමන්ට කාලසටහනින් පැවරී ඇති පන්තියට යායුතුය. (සිසු දරුවන් අපට මතක් කරන්නට පැමිණෙන තුරු සිටීම වැරදි ආදර්ශයකි.)
5. එදිනෙදා සහන කාලසටහන අනුව යෙදෙන පන්තිවලට ද එසේම යායුතුය.
6. පන්තිවලට යායුත්තේ නිසි සූදානමකින් යුතුවය. (පන්තියට ගොස් සිසුන් ඉදිරියේ දී පාඩම කියවා ඉන්පසු ඉගැන්වීමට යාම නිසා ඇතැම් ගුරුභවතුන්ට සිසුන් සිනාසෙන බව ඔබ ද දන්නා කරුණකි.)
7. පන්තියට ගිය වහාම සියලු සිසුන් අසුන් වලින් නැගිටුවා ආචාර සමාචාර කරවීම කළ යුතුය.
8. සියලු සිසුන්ගේ අවධානය තමා දෙසට යොමු කරවා ගත යුතුය.
9. පාඩම ඉගැන්වීමට පෙර පන්තියේ පිරිසිදුකම හා පිළිවෙළ ගැන අවධානය යොමු කළ යුතුය.
10. සෑම සිසුදරුවෙකුටම ආමන්ත්රරණයේ දී දුව/පුතා යන විශේෂණ පද යෙදිය යුතුය.
11. පන්ති කාමරයේ සිට බාහිර පුද්ගලයන් සමග සිසුවෙකුට, පාඩමකට හෝ පන්ති කාමරයට අදාල නොවන දෙයක් ගැන කතා නොකළ යුතුය.
12. පන්ති කාමරයේ සිට දුරකථන සංවාදයන්හී නොයෙදිය යුතුය.
13. පන්ති කාමරය තුළදී පුටු ඇන්දේ හෝ මේසය මත වාඩි වීම කිසි විටකත් නොකළ යුතුය.
14. ඔබට නියමිත කාලච්ඡේදය තුළ සිසුන් පන්ති කාමරයේ හෝ බාහිර ස්ථානයක යම් කටයුත්තක යෙදී ඇතිවිට ඔබ ද සිසුන් ගැන අවධානයෙන් යුතුව එම ස්ථානයේම රැඳී සිටිය යුතුය.
15. ළමා අපයෝජනය වර්තමාන නීති පද්ධතිය අනුව බරපතළ දඬුවම් ලැබිය හැකි වරදකි. එබැවින් ළමා අපයෝජනය පිළිබඳ මනා අවබෝධයක් ඔබ ලබා සිටිය යුතුමය. එවැනි වරදකට හසු නොවීමට ක්රි යා කළ යුතුය.
16. උඹ, තෝ, පලයන් වැනි වචන පවා පුංචි දරුවන්ට කුණුහරුපය එබැවින් කුඩා දරුවන් ඉදිරියෙහි එවැනි සිත් රිදවන වචන පවා භාවිතා කිරීමෙන් වැළකිය යුතුය.
17. පාසල් ප්රැජාව (දරුවන්, දෙමාපියන්, ආදි සිසුන් හා සුබ පතන්නන්) සමග කිසි විටෙකත් පාසල් පරිපාලනය, විදුහල්පති හා ගුරු භවතුන්ව තනිව ගෙන හෝ වෙන් වෙන්ව විවේචනය නොකළ යුතුය.
18. ගුරු භවතුන් තම ඇඳුම, කොණ්ඩය හා වෙනත් විලාසිතාවන් සිසුන්ට ආදර්ශයක් වන පරිදි සකසා ගත යුතුය.
19. ඔබ මේ සියලු කරුණින් නිවැරදි නම් සිසුවෙකුගේ වරදක් දුටු තැන නිහඬව බිම බලා ගැනීමට තරම් බිය විය යුතු නොවෙන බව මතක තබා ගත යුතුය.