Siri Gunaruwan Dhamma School.Weihena

Siri Gunaruwan Dhamma School.Weihena සිරි ගුණරුවන් දහම් පාසල, වැයිහේන

01/01/2024
🙏
27/10/2023

🙏

දහම් පාසල් දරුවන්ට අනිවාර්යෙන්ම මේ මෘදුකාංග ස්ථාපනය කරගැනීමට උපදෙස් දෙන්න.සරළ සිංහල ත්‍රිපිටක පරිවර්තනය Web https://pita...
26/10/2023

දහම් පාසල් දරුවන්ට අනිවාර්යෙන්ම මේ මෘදුකාංග ස්ථාපනය කරගැනීමට උපදෙස් දෙන්න.

සරළ සිංහල ත්‍රිපිටක පරිවර්තනය
Web https://pitaka.lk/main
Android https://play.google.com/store/apps/details?id=lk.pitaka.saralatipitaka
iOS https://apps.apple.com/pk/app/sarala-sinhala-tripitaka/id1434955293

බෞද්ධ පොත්
Web https://pitaka.lk/books/app-index.html
Android https://play.google.com/store/apps/details?id=lk.pitaka.books
iOS https://apps.apple.com/pk/app/sinhala-buddhist-books/id1516496078

බුද්ධජයන්ති සිංහල ත්‍රිපිටක පරිවර්තනය, අටුවා සිංහල පරිවර්තනය
Web https://tipitaka.lk
Android https://play.google.com/store/apps/details?id=lk.tipitaka.main
Windows, MacOS, Linux පරිඝනක සඳහා අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකි මෘදුකාංග https://github.com/pathnirvana/tipitaka.lk/releases/

ඡ⁣ට්ඨසංගායනා ත්‍රිපිටක, අටුවා, ටීකා
(පාළි භාෂාවෙන් පමණක් ඇත..) සිංහල අකුරු ඇතුළු භාෂා ගණනාවක අකුරු වලින් තෝරාගත හැක..
Web https://tipitaka.app
Android https://play.google.com/store/apps/details?id=app.tipitaka.main
Windows, MacOS, Linux පරිඝනක සඳහා අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකි මෘදුකාංග https://tipitaka.app මුල් පිටුවෙන් ලබා ගන්න

පාළි සිංහල ශබ්දකෝෂය
(pali sinhala dictionary) පොල්වත්තේ බුද්ධදත්ත සහ සුමංගල ශබ්දකෝෂ දෙක
Web https://pitaka.lk/dict
Android https://play.google.com/store/apps/details?id=lk.pitaka.dictionary

චිත්‍ර සහිත ධම්මපද කතා
Web https://pitaka.lk/dhammapada
Android https://play.google.com/store/apps/details?id=lk.pitaka.dhammapada
iOS https://apps.apple.com/pk/app/illustrated-dhammapada/id1517198274

සෙත් පිරිත්
[audio, pali and sinhala] (අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහතෙරුන් වහන්සේ සජ්ජායනය කළ පිරිත් .. තේරුම් සහිතව)
Web https://pitaka.lk/pirith
Android https://play.google.com/store/apps/details?id=lk.pitaka.pirith
iOS https://apps.apple.com/pk/app/pirith-buddhist-chantings/id1503645003

බෞද්ධ පුස්තකාලය
Web site එකකි..
(විශාල බෞද්ධ පොත් 1000ක පමණ සංචිතයක් pdf ලෙස ඇත)
https://tipitaka.lk/library/

සිංහල-සිංහල ශබ්දකෝෂය
සිංහල වචන 50,000 කට අධික සංඛ්‍යාවක අර්ථය සහ අක්ෂර වින්‍යාසය සොයාගත හැකි වෙබ් අඩවියකි.
https://arutha.lk

All android apps https://play.google.com/store/apps/developer?id=tipitaka.lk&hl=en_US
All ios apps https://apps.apple.com/pk/developer/path-nirvana-foundation/id1434955292

අෂ්ඨපාන යනු කවරක් ද?🍃අෂ්ඨපාන යනු බුදුපාමොක් සඟරුවන පුදන්නට හැකි,විකාලයේ වැළදීම කැප යැයි බුදුරජාණන්වහන්සේ විසින් ම දේශනා ...
24/10/2023

අෂ්ඨපාන යනු කවරක් ද?

🍃අෂ්ඨපාන යනු බුදුපාමොක් සඟරුවන පුදන්නට හැකි,විකාලයේ වැළදීම කැප යැයි බුදුරජාණන්වහන්සේ විසින් ම දේශනා කරන්නට යෙදුණ ගිලන්පසකි.

🍃පාන වර්ග අටකින් සමන්විත හෙයින් මේ සදහා අෂ්ඨපාන යන නම භාවිත කෙරේ.

🍃විනය පිටකයට අයත් මහාවග්ග පාළිය නම් උතුම් ග්‍රන්ථයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා මේ අයුරින් ඒ පිළිබඳ වදාළ බව සදහන් වේ.

🔅‘‘මහණෙනි,අම්බපානය,ජම්බුපානය,චෝචපානය,මෝචපානය,මධුපානය,මුද්දිකපානය,සාලුකපානය සහ ඵාරුසකපානය
යන අටවැදෑරුම් පැන් අනුදනිමි.”

🔅“මහණෙනි, ධාන්‍ය ඵල රසය හැර සියලු ඵල රස අනුදනිමි.”

🔅“මහණෙනි, පිසූ පලා කොළ රසය හැර දිය හා මුසුකොට මිරිකාගත් සියලු කොළ රස අනුදනිමි.”

🔅“ මහණෙනි, මීපුප්රසය හැර සියලූ මල් රස අනුදනිමි. මහණෙනි, උක් රසය (උක් ඉස්ම) අනුදනිමි”

ඉහත සදහන් කල පාන වර්ග පිළිවෙළින්,

1. අඹ පැන්,
2. ජම්බු පැන්,
3. ඇටිකෙසෙල් පැන්,
4. මස් කෙසෙල් පැන්,
5. මිදියුෂ පැන්,
6. වියළි මිදි පැන්,
7. ඕලූ ගෙඩි පැන්,
8. මසන් (උගුරැස්ස)ගෙඩි පැන්

✅දෙහි,දොඩම්,නාරන්,බෙලි,ආදී කුඩා පලතුරුවලින් සාදන ගිලන්පස ද කැපය.

❌පැපොල්,කොස් ආදී මහා පලතුරුවලින් සාදන ගිලන්පස අකැපය.

✅දෙහි ගිලන්පස සෑදීමේදී වතුර කෝප්පයකට දෙහි බෑයක ඇඹුල් ගැනීම ප්‍රමාණවත් ය.

🌸ගිලන්පස, පූජා කිරීම සඳහා පහසුවෙන් හා ක්ෂණිකව සාදාගත නමුත් ගිලන්පස සැකසීමේ දී සැලකිය යුතු කාරණා කිහිපයක් ම ඇත.🌸

🔅මෙම පානය සකසන්නේ මිනිස් සමාජයේ වෙසෙනා අග්‍ර වූ පිරිස වන තථාගතයන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සඟරුවන උදෙසා බැවින් පිරිසිදුකම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වේ.

🔅ගිලන්පස සකසන ස්ථානයෙහි උඩුවියන් බැඳ තිබීම යහපත් ය.

🔅පානය සකසන පිරිස බුදුගුණ මෙනෙහි කරමින් වැඩයෙහි නිරත වීම පානය මනා ලෙසත්, ගෞරවාන්විත ලෙසත් සකසා ගැනීමට උදව් වේ.

🔅බොහෝ පලතුරු කෘත්‍රිම ව ඉදවීම වර්තමානයේ බහුල ව සිදුවන බැවින් ස්වාභාවිකව ඉදුන නැවුම් පලතුරු තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.

🔅පානය සැකසීමට යොදා ගන්නා ජලය උතුරවා නිවා ගැනීමෙන් අනතුරු ව පෙරා භාවිතය සුදුසු ය.

🔅අවශ්‍යය පමණට සීනි සහ ලුණු යොදා ගැනීමෙන් පසු පලතුරුවල කෙඳි ආදි කැබලි සහිත දේ ඉවත්වීම පිණිස නැවත පෙරාගත යුතු වේ.මේ සදහා රෙදිවලින් මසා ගත් පෙරහන්කඩ භාවිතා කල හැකිය.

‼️විශේෂයෙන් ම විකාලයේ දීත් පූජාවන බැවින් පානයේ කැබලි මුසු නොවීමට අතිශය විමසිලිමත් විය යුතු ය.‼️

🔅වර්තමානයේ පරිභෝජනයට ඇති ආහාරයන්ගේ ගුණාත්මක බව පහළ ගොස් ඇති බැවින් ගුණාත්මක අතින් උසස් පලතුරු හා කොළ යුෂ තෝරා ගැනීම සුදුසු වේ.

🔅පානය සකසා ගැනීමෙන් අනතුරුව ප්‍රසන්න වූ රසයක් තිබේදැයි පරීක්ෂා කිරීම වටී.
එයින් ගිලන්පස ඉඳුල් නො වේ.

🔅මුල සිටම මසුරු මල දුරුකරමින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතු ව අප විසින් සකසා ගන්නට යෙදුණ ගිලන්පස පූජාකරගන්නා මොහොතේදීත් ඒ සිත ඒ ආකාරයෙන් ම රැක ගතුය.

මෙසේ අෂ්ඨපාන පූජාව පූජා කල හැකිය.

“අධිවාසේතු නෝ භන්තේ - අෂ්ඨපානං පරිකප්පිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං”

ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ ගිලන් පස පිළිගනීවා!

🔅ලස්සන මල්කරුවෙක් ලස්සන ලස්සන මල් නෙළන්නා සේ ගෞතම බුදු සසුන තුළ අප විසින් කරන්නා වූ ආමිස පූජාවන් අතරට අෂ්ටපාන සහිත ගිලන්පස පූජාවෙන් ද පින් රැස්කර ගෙන, ධර්මාවබෝධය පිණිස ම එ් පිනත් උපකාරී වේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

ආශ්‍රිත ග්‍රන්ථ : රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේගේ පොහොය දිනය ග්‍රන්ථය සහ අන්තර්ජාලය ඇසුරිනි.

තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා

දහම් පාසලේ වටිනාකම අවබෝධ කරගත් නැගෙනහිර බලධාරීන් (ලංකාදීප - 2023/10/23)
23/10/2023

දහම් පාසලේ වටිනාකම අවබෝධ කරගත් නැගෙනහිර බලධාරීන් (ලංකාදීප - 2023/10/23)

🙏😍
14/04/2023

🙏😍

මේ එළඹෙන්නේ බක් මාසයේ පුර පසළොස්වක පොහොය දිනය යි. මේ බක් පුන් පොහොය දිනය තෙරුවන් සරණ ලැබූ සැදැහැවත් කෙනෙකුට පින්බර වූ අන...
04/04/2023

මේ එළඹෙන්නේ බක් මාසයේ පුර පසළොස්වක පොහොය දිනය යි. මේ බක් පුන් පොහොය දිනය තෙරුවන් සරණ ලැබූ සැදැහැවත් කෙනෙකුට පින්බර වූ අනුස්මරණීය දිනයකි. ශාන්තිනායක වූ අපගේ ගෞතම බුදු සමිඳාණෝ උතුම් සම්බුද්ධත්වයට පැමිණ ඒ වන විට වසර පහක් ගෙවී ගොස් තිබුණි. එකල එළඹුණු බක් පුන් පොහෝ දිනයේ මහා කරුණා සමවතින් ලොව දෙස බලනා සම්බුදු රජාණෝ මේ ලක්දිව සිදුවීමක් දැක වදාළ සේක. ඒ නා රජවරු දෙදෙනෙකු යුධයකට සැරැසී සිටිනා අයුරුයි.

එවකට මේ සිරි ලංකාද්වීපයේ සමුද්‍රෙය් යොදුන් පන්සියයක් දුරට අණසක පැතිරූ මහා බලසම්පන්න මහෝදර නම් නා රජෙක් විය. ඔහුගේ සහෝදරිය කන්වඩමන් නම් පර්වතයේ නා රජු හට පාවා දුන්නාය. ඒ දෙදෙනාට දාව උපන් පුත්‍රයා චූලෝදර නම් විය. චූලෝදර නාගයා ද මුහුදුවැසි නාගයන් මෙන්ම මහා බලසම්පන්න විය. ඉක්බිති මහෝදර ගේ පියා කළුරිය කරද්දී තමා පරිහරණය කළ අගනා මිණිපළඟ චූලෝදර ගේ මෑණියන්ට පවරා දුන්නේය. ඒ මිණිපළඟට ලෝභ වූ මහෝදර සුවිශාල නාග සේනාවක් සමග යුධයට පිවිසුනේය. චූලෝදර ද තම මාමණ්ඩියට එරෙහිව යුධයට සැරසුනේය. මේ මහා සංග්‍රාමය නාගදීපයේ දී සිදුවීමට තිබිණි.

සිදුවීමට යන විනාශය දුටු අනුත්තර පුරිසදම්ම සාරථීන් වහන්සේ ඍද්ධියෙන් නාගදීපයට වැඩම කොට අහසේ වැඩ සිටි සේක. ඒ ගමනට දෙව්රම් වෙහෙර අසළ විමානය කොටගෙන සිටි සමිද්ධි සුමන නම් දෙව්රජු ද කිරිපළ රුකක් ගෙන එය තථාගතයන් වහන්සේ හට ඡත්‍රයක් කොට දරමින් පැමිණියේය. විශාල නා පිරිසක් රැස් වූ ඒ නාගදීප භූමිය බුදුරජුන් ගේ ඍද්ධියෙන් ඝන අන්ධකාර වී ගියේය. එකිනෙකා නොපෙනෙන තරම් දැඩි වූ ඒ අඳුරට බියපත් නාගයෝ විලාප නගන්නට වූහ. එවිට ඒ අඳුර අතරින් ආලෝකධාරා විහිදුවාලමින් සම්බුදු රජාණන් වහන්සේ පෙනී සිටි සේක්, සියල්ලෝම ඒ බුදුරජ වන්දනා කළෝය.

දමනය වූ ඒ නාග පිරිස බුදුරජුන් ගෙන් අභය ඉල්ලුවෝය. මිහිරි සරින් කාකෝලුක ජාතකය, ථන්දන ජාතකය, වට්ටක ජාතකය, ලටුකික ජාතකය ඇසුරින් ගුණමකු බවේත් එකටෙක කිරීමෙත් ආදීනව පහදාලමින් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ දී නා පිරිවරට ධර්ම දේශනා කොට වදාළ සේක. සසරේ ආදීනව පෙන්වා දී වදාළ සේක. යුධයට සැරැසුණු නා පිරිස එය අවසානයේ සමගි වූහ. බුදුරජාණන් වහන්සේ අහසින් බිමට වැඩම කළ කල්හි චූලෝදර හා මහෝදර නා රජවරු දෙදෙනා විසින් ඒ වටිනා මිණිපළඟ පූජා කළේය.

ඒ මිණිපළඟ මත වැඩ සිටි සම්බුදු රජාණන් වහන්සේ අසූ කෝටියක් පමණ වූ ඒ නාග පිරිස තිසරණ සහිත පංච සීලයෙහි පිහිටුවා වදාළ සේක. අනතුරුව පාරිභෝගික වස්තුවක් ලෙස වැදුම් පිදුම් කිරීම පිණිස ඒ වටිනා මිණි පළඟත් කිරිපළු රුකත් නා පිරිසට ම ලබා දුන් සම්බුදු රජාණෝ එදින ම යළි දෙව්රම් වෙහෙර බලා වැඩම කොට වදාළ සේක.

ඉතින් සම්බුදු පියාණන් වහන්සේ ගේ දෙවැනි ලංකාගමනය සිදු වූ මේ පින්බර බක් පොහෝ දිනයේ අපිත් සැදැහැ සිතින් පෙහෙවස් සමාදන් වෙමු. සිත, කය, වචනය සංවර කර ගැනීමට මහන්සි වෙමු. දුර්ලභව ලද මිනිසත් දිවියේ පින් රැස්කර ගැනුමට උත්සාහවත් වෙමු.

ඒ රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයන් හී උපකාරයෙන් අප සියළු දෙනාම මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍යාවබෝධ කරන වාසනාවන්තයෝ වෙත්වා!

තෙරුවන් සරණයි!🙏

Address

Pitigala

Opening Hours

07:30 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Gunaruwan Dhamma School.Weihena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siri Gunaruwan Dhamma School.Weihena:

Shortcuts

Share

Category