MATHS Experts

MATHS Experts

Share

A/L Combined Mathematics - Sinhala & English Medium , London O/L and A/L ||**Home Visit Class can b

Photos from MATHS Experts's post 21/04/2026

Claude Tokens ඉක්මනට ඉවර වෙනවද? මේ GitHub Tools 10කින් 90%ක් Save කරගන්න

Company එකෙන් දුන්න Claude subscription එකක් වුණත්, තමන්ගේම සල්ලි දීලා ගත්ත Claude Pro හරි Max account එකක් හරි වුණත්, ටික දවසක් use කරද්දි හැමෝටම එන common problem එක තමයි token usage ඉක්මනට ඉවර වෙන එක.
විශේෂයෙන් debugging කරන වෙලාවට logs, test outputs, GitHub responses, Playwright screenshots, stack traces, huge files වගේ දේවල් Claude context එකට යනකොට token count එක හිතාගන්නත් බැරි වේගෙන් ඉහළ යනවා.

ඒත් worst part එක තමයි, sometimes useful answer එකක් ගන්න කලින්ම context usage එක 40%-50% විතර consume වෙලා ඉවර වෙන එක. එතකොට limits hit වෙනවා, sessions reset කරන්න වෙනවා, නැත්නම් තව usage ගන්න upgrade කරන්න වෙනවා.

හැබැයි good news එක තමයි, ඒ token burn එක ගොඩක් reduce කරගන්න පුළුවන් free open-source GitHub tools ටිකක් දැන් තියෙනවා.

1. RTK (Rust Token Killer)

GitHub: /github.com/rtk-ai/rtk

RTK කියන්නේ terminal output filter කරන tool එකක්. git status, npm install, cargo test, pytest, ls වගේ commands වල huge outputs Claude ට full එකම යවන්නේ නැහැ. Important summary එක විතරක් යවනවා.

උදාහරණයක් විදියට cargo test output එක lines 150+ තිබ්බොත් RTK ඒක 2-3 lines summary එකක් විතරට reduce කරනවා. Average විදියට 60% සිට 90% දක්වා token reduction එකක් ලැබෙනවා.

“cargo test: 155 lines → 3 lines”

කියලා Reddit user කෙනෙක් share කරලා තිබ්බා. Total 10 million tokens save කරගත්තා කියලාත් ඔහු කියනවා.

2. Context Mode

GitHub: -/github.com/mksglu/context-mode

මේක Playwright outputs, GitHub API responses, logs වගේ huge data SQLite database එකකට save කරනවා. Claude conversation එකට යවන්නේ clean summary එක විතරයි.

ඒ කියන්නේ screenshot එකක raw HTML, huge GitHub JSON response, browser snapshot එක full එකම context එකට යන්නේ නැහැ. Important parts විතරක් යනවා.

Developers ලා කියන විදියට 90% ට වඩා context save වෙනවා. සමහර cases වල 98% reduction එකක් දක්වා යනවා.

3. code-review-graph

GitHub:-/github.com/tirth8205/code-review-graph

Large monorepo එකක් review කරනකොට Claude ට entire codebase එකම දෙන්න ඕන නැහැ. මේ repo එක Tree-sitter use කරලා knowledge graph එකක් build කරනවා.

ඒ නිසා Claude ට relevant files, functions, dependencies විතරක් show කරනවා. Large projects වල huge reduction එකක් ලැබෙනවා. Reddit community එකේ users ලා කියන විදියට 49x reduction එකක් දක්වා ලැබෙනවා.

4. Token Savior

GitHub: -/github.com/Mibayy/token-savior

මේක MCP server එකක්. Full file content Claude ට දෙනවා වෙනුවට symbols, classes, methods, imports වගේ code references use කරනවා.

එතකොට Claude ට අවශ්‍ය method එක හරි class එක හරි විතරක් බලලා answer දෙන්න පුළුවන්. Full file 2000 lines load කරන්න ඕන නැහැ.

Large codebases use කරන අයට මේක ගොඩක් useful.

5. Caveman Claude

GitHub: -/github.com/JuliusBrussee/caveman

මේක funny tool එකක්. Claude output එක short caveman-style English වලින් දෙනවා.

Normal response එක:

“Based on the provided error logs, it appears that the database connection pool is exhausted.”

Caveman version:

“Database tired. Too many connections.”

Technical meaning එක same. හැබැයි output tokens ගොඩක් අඩු වෙනවා. Around 65%-75% reduction එකක් ලැබෙනවා කියලා community එකේ users ලා කියනවා.

6. claude-token-efficient

GitHub: -/github.com/drona23/claude-token-efficient

මේක use කරන්න code changes ඕන නැහැ. Project root එකට CLAUDE.md file එකක් add කරනවා.

එකේ “keep answers short”, “avoid unnecessary explanations”, “show only required code” වගේ rules දානවා. Claude automatically concise answers දෙන්න පටන් ගන්නවා. RTK repo එකේත් CLAUDE.md file එකක් use වෙනවා.

7. token-optimizer-mcp

GitHub: -/github.com/ooples/token-optimizer-mcp

මේ MCP server එක repeated tool outputs compress කරනවා, cache කරනවා, duplicate context remove කරනවා.

Example එකක් විදියට same GitHub issue list එක හෝ same logs එක conversation එකේ 5 times යනවා නම්, ඒවා duplicate වෙන්නේ නැහැ. Repeated context compact කරනවා.

Large debugging sessions වල ගොඩක් useful.

8. claude-token-optimizer

GitHub: -/github.com/nadimtuhin/claude-token-optimizer

මේක setup prompt collection එකක්. Project එක start කරන වෙලාවේ concise response rules, file selection rules, debugging limits වගේ things pre-configure කරනවා.

ඒ නිසා Claude unnecessary files open කරන එක, too much explanation දෙන එක, repeated context use කරන එක අඩු වෙනවා.

9. token-optimizer

GitHub:-/github.com/alexgreensh/token-optimizer

මේ tool එක hidden token waste හොයාගන්න use කරනවා. Empty lines, repeated logs, duplicate outputs, unnecessary JSON fields, null values වගේ things remove කරනවා.

Reddit community එකේ developers ලා කියන විදියට huge quality loss එකක් නැතුව context compact කරන්න පුළුවන්.

10. claude-context by Zilliz

GitHub: -/github.com/zilliztech/claude-context

මේක BM25 + vector search use කරලා codebase එකේ relevant sections විතරක් Claude ට දෙන්න use කරන tool එකක්.

Full project එක load කරනවා වෙනුවට, relevant functions, files, dependencies විතරක් context එකට යනවා. Search accuracy maintain කරගෙන token usage 40% විතර reduce වෙනවා කියලා repo එකේ mention කරනවා.

අන්තිමට කියන්න තියෙන්නේ Claude token problem එක solve කරන්න එකම magic tool එකක් නැහැ. හොඳම approach එක තමයි RTK + Context Mode + concise CLAUDE.md rules + code search tools combine කරලා use කරන එක.

08/01/2026

IFS

මේ තියෙන්නේ ඊයේ Layoff කරපු Probation period එකේ ඉදපු කෙනෙක් Reddit එකේ දාපු Post එකක්.

Company එකට Join වෙලා එක පාට call කරලා මාස 2 ක Salary දීලා ගෙදර යන්න කිව්වම ඒක ලේසී නෑ දරා ගන්න.

Probation period, Contract base role වල ඉන්න අයට තමයි ලොකුම risk එක. මොකද එක පාරටම අයින් කරලා දාන්න පුලුවන් ඉතාමත් සුලු Compensation package එකක් එක්ක. ලංකාවේ Labour laws එහමත් හරියට Powerful නැති හින්දා මේ වගේ ඒවයේදී නිහඩව ඉන්න එක තමයි කරන්නේ.

මේ වගේ තත්ත්වයක් තමයි IT field එකේ ලංකාවේ උදා වෙලා තියෙන්නේ.

මේ වගේ IT Company දැන් කරන්නේ Restructuring එකක්. ඒ කියන්නේ Cost එක අඩු කරන්න Employee ලව අයින් කරලා දානවා, ඊට පස්සේ AI workflow Automation දාලා පුලුවන් තරම් Cost එක අඩු කරගෙන Revenue එක වැඩි කර ගන්න එක තමයි Company වල අරමුණ වෙන්නේ. ඒ වගේම Old system තවදුරටත් Maintain කරන්නේ නැත්නම් ඒවගේ ඒවා sunset කරන්න ඉන්න Software Engineering Group පිටින් ම මේ වගේ අයින් කරලා දානවා. ඉතින් මේ වගේ සලකුණු එද්දීම අලුත් Job එක හොයන්න පටන් ගන්න. අලුතින් Join වෙන අය Stable comport zone එකට එන්න හිතන් Join වෙන්න එපා.

"මතක තියාගන්න Company එකට ඔයාව වැඩක් තියෙන්නේ ඔයාගෙන් ලොකු Profit එකක් (අවම ඔයාගේ Salary වගේ 10 ගුණයක්වත්) තියෙනකන් විතරයි. ඒ නැති වුණු ගමන් ඔයාට Tata Bye තමයි"

ඒ හින්දා හැම වෙලේම එක කකුලක් එලියේ තියන් ඉන්න. Permanent කියලා දෙයක් ආයී නෑ. මතක තියාගන්න ඒක.

18/12/2025

13/12/2025

අනුරාධ පෙරේරා ගේ ප්‍රකාශයත් සමඟ ඇතිවුණු කතාබහේදී, ඒ සඳහන් කළ Salary figure එක පසෙක තැබුවොත්, වර්තමාන IT ක්ෂේත්‍රයේ නවකයින් මුහුණ දෙන "Entry Level Job Crisis" එක ගැන බරපතල ඇත්තක් සැඟවී තිබෙනවා. මෙය මදක් ගැඹුරින් විග්‍රහ කර ගනිමු.

ලංකාවේ IT Job Market එකේ අද පවතින තිත්ත ඇත්ත මෙයයි:

1. Supply සහ Demand අතර ඇති අසමතුලිතතාවය:

සංඛ්‍යාලේඛන වලට අනුව, රජයේ විශ්වවිද්‍යාල, පුද්ගලික විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වලින් වාර්ෂිකව IT හා Computer Science උපාධිධාරීන් 17,000ක් පමණ (Massive Supply) ලංකාවේ වෙළඳපොළට නිකුත් වෙනවා. නමුත් මේ සියලු දෙනාටම සරිලන රැකියා ප්‍රමාණයක් (Demand) අපේ රට ඇතුලේ හෝ Remote opportunities හරහා නිර්මාණය වෙනවාද යන්න ප්‍රශ්නයක්.

2. "Unpaid" වැඩ කරන Associate Software Engineersලා:

මේ අධික සැපයුම (High Supply) නිසා සිදුවී ඇති කණගාටුදායකම තත්ත්වය නම්, ඇතැම් සමාගම් වල Associate Software Engineer තනතුරු සඳහා පවා වැටුප් නොගෙවා (Unpaid) සේවය ලබා ගැනීමයි. රැකියාවක් සොයා ගැනීමේ දැඩි තරඟකාරීත්වය නිසා සහ Experience එකක් සාදා ගැනීමේ අරමුණින්, වැටුපක් නොමැතිව හෝ වැඩ කිරීමට කැමති පිරිසක් බිහි වී තිබෙනවා. මෙය මීට වසර කිහිපයකට පෙර අප නොදුටු ඉතා අවාසනාවන්ත ප්‍රවණතාවයක්.

3. "Average" වී පැවැත්මක් නැත:

"Exceptional" විය යුතුය කියන කාරණය මෙතැනදී ඉතාම වැදගත්. නිකම්ම උපාධියක් (Paper Qualification) තිබූ පමණින් රැකියාවක් ලැබුණු යුගය දැන් අවසන්. අද වන විට කර්මාන්තයට අවශ්‍ය වන්නේ "වැඩ පුළුවන්" මිනිස්සුයි.

වෙනත් ටියුෂන් ගුරුවරුන් මෙන් "IT කරොත් ලක්ෂ ගණන් පඩි, මාර සැපයි" කියා සිහින ලෝක මවනවාට වඩා, අනුරාධ sir වැනි අයකු මේ පවතින තරඟකාරීත්වය ගැන සහ ඊට හැඩගැසිය යුතු ආකාරය ගැන අනතුරු ඇඟවීමක් කිරීම ඇත්තෙන්ම අගය කළ යුතුයි.

පොඩි උන්ට කියන්න තියෙන්නේ එක දෙයයි; Market එක saturated. තරඟය දරුණුයි. ඒ නිසා අද කාලේ ගොඩ යන්න නම් ඔයා නිකන්ම IT Degree එකක් තියෙන කෙනෙක් නොවී, දක්ෂතාවයෙන් පිරුණු "Skillful Engineer" කෙනෙක් වෙන්නම වෙනවා.

විමසුම: Maths Experts
(Sources:
IT Field එකේ අවුරුදු 10 කට වඩා පළපුරුදු අත්දැකීම් ඇති Specialists ලා ගේ Experience ඇසුරිනි.
Nimesha Jinarajadasa
Nuwan Kaushalya
)

10/12/2025

මේකනම් නියමම Advise එකක්. SE, IT degree කරලා එන අය තේරුම් ගන්නවනම් හොදයි Software Development තියෙන්නේ ලංකාවේ ලොකු ලොකු නම් තියෙන IT Companies වලයි දූපතේයි විතරක් නෙමෙයි කියලා.

08/12/2025

AI JOB DISPLACEMENT FORECAST 2026

1. Data Entry Clerk (දත්ත ඇතුළත් කිරීමේ ලිපිකරු)
• Replace ~90-100%
• විස්තරය: OCR තාක්ෂණය සහ AI දත්ත සැකසුම් මගින් පූර්ණ ස්වයංක්‍රීයකරණය සඳහා ඉහළ විභවයක් ඇත.

2. Telemarketer
• Replace ~85-95%
• විස්තරය: සංවාදාත්මක AI බොට්ස් (bots) මගින් පාරිභෝගිකයන් වෙත ළඟා වීම සහ විභව ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සිදු කරයි.

3. Bookkeeper
• Replace ~80-90%
• විස්තරය: AI මගින් ක්‍රියාත්මක වන ගිණුම්කරණ මෘදුකාංග මගින් මූල්‍ය ගනුදෙනු සහ ගිණුම් සැසඳීම ස්වයංක්‍රීය කරයි.

4. Proofreader (සෝදුපත් කියවන්නා)
• Replace ~75-85%
• විස්තරය: ව්‍යාකරණ, රචනා ශෛලිය සහ කරුණු පරීක්ෂා කිරීම සඳහා උසස් NLP (Natural Language Processing) මෙවලම් භාවිතය.

5. Customer Support Rep (Tier 1) (පාරිභෝගික සහාය නියෝජිත - 1 වන මට්ටම)
• Replace ~70-80%
• විස්තරය: AI චැට්බොට්ස් (chatbots) මගින් සාමාන්‍ය ගැටළු විසඳන අතර සංකීර්ණ ගැටළු පමණක් මිනිස් නියෝජිතයන් වෙත යොමු කරයි.

6. Market Research Analyst (Junior) (වෙළඳපල පර්යේෂණ විශ්ලේෂක - කනිෂ්ඨ)
• Replace ~65-75%
• විස්තරය: AI ඇල්ගොරිතම මගින් විශාල දත්ත සමුදායන් විශ්ලේෂණය කර වාර්තා ජනනය කරයි.

7. Legal Assistant/Paralegal (Doc Review) (නීති සහකාර- ලේඛන සමාලෝචනය)
• Replace ~60-70%
• විස්තරය: නීතිමය ලේඛන සමාලෝචනය, තොරතුරු අනාවරණය කර ගැනීම සහ ගිවිසුම් විශ්ලේෂණය සඳහා AI මෙවලම් භාවිතය.

8. Retail Salesperson/Cashier (සිල්ලර විකුණුම්කරු/කැෂියර්)
• Replace ~55-65%
• විස්තරය: ස්වයං-පිරික්සුම් කියෝස්ක් (Self-checkout kiosks) සහ කැෂියර්වරුන් නොමැති වෙළඳසැල් වඩාත් සුලභ වෙමින් පවතී.

9. Graphic Designer (ග්‍රැෆික් නිර්මාණකරු)
• Replace ~50-60%
• විස්තරය: AI මාදිලි මගින් සැලසුම් නිර්මාණය සහ රූප සංස්කරණය ස්වයංක්‍රීය කිරීම.

10. Junior Software Engineer (කනිෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු)
• Replace ~40-50%
• විස්තරය: AI කේතන මෙවලම් මගින් මූලික කේතන සහ දෝෂ නිවැරදි කිරීම් සිදු කිරීම.

Disclaimer: Estimates based on various analyst reports.
Source: WEF, McKinsey, and other studies.

දැන්මAI එක්ක Smart වෙන්න ඉගෙන ගන්නෙ නැත්නම් Sorry තමයි....

24/11/2025

IT , Computer Science Degree කරලා එලියට එන අයට ඉතාමට් බයානක තත්ත්වයක් ඉස්සරහට එන්න පුලුවන්.

ගොඩක් අය ඉන්නවා Degree එක අරන් Job නැතිව.

අලුතෙන් Degree එකක් තෝර ගන්නවනම් IT, Computer Science Degree වලට යන එකෙන් වළකින්න කියන උපදෙස තමයි දෙන්න පුලුවන්.

18/11/2025

මෙන්න හැමෝටම Good News එකක්. මෙවර 2025 Physics MCQ paper එකේ 15 වෙනි ප්‍රශ්නයට නිවැරැදි පිලිතුරක් නැති නිසා එයට ALL ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ අනුව හැමෝට ම එක ලකුණ බැගින් හිමි වෙනවා

11/11/2025

2011 Pure Paper Part 1 විවරණයට Views 5000 ක් ලැබිලා තියෙනවා. ළමයි අති විශාල ප්‍රමාණයක් ප්‍රයෝජන අරන් තියෙන එක ගැන සතූටුයි.
Video link: https://youtu.be/eQP9hUlYDng?si=c8kVBKYBhTIIK9sz

05/07/2024

මෙන්න අලුත්ම වංචාව. Procare නැමැති ව්‍යාජ නමකින් පෙනී සිටිමින් වෙනත් රටවල Jobs online කරන්න හදලා දෙන බව පවසමින් මිනිස්සු රවටා එක් අයකුගෙන් 40,000 බැගින් එකතු කර ගන්න ජාවාරමක්.

මේ වන විටත් අහිංසක මිනිස්සු ලක්ෂ 2 ක් මේ ජාවාරමට අසු වී ඇති අතර මෙම ජාවාරම් කරුවන්ගේ Target එක වන්නේ ලක්ෂ 5 කි. ඒ අනුව මොවුන් රුපියල් බිලියන 20 ක මුදලක් හොරකන් කරනු ඇත.

මේ තියෙන්නේ දෙන Job ටික: Robot On / Off 🤣

මේවාට අසු නොවී බේරෙන්න හැකිතාක් දැනුවත් කරන්න

Scam

03/06/2024

A/L arts වලින් හොඳ රෑන්ක් ගත්ත,හොඳ Z එකක් තියන ළමයි ගොඩක් දැක්කා..

දෙන්න තියන එකම අවවාදය..

Law යන්න z මදි වුණොත් ,එහෙම නැත්තන් ඔයා Law යන්න අකමැති නම් හොඳ Rank එකක් තිබුණ පළියට Z එක වැඩියෙන්ම ඉල්ලන Arts ෆැකල්ටි එකකට යන්න එපා ..මල්ගස් බලන්න ආසාවේ, කඳු බලන්න ආසාවේ ඩිමාන්ඩ් නැති උපාධි වලට යන්නත් එපා.

මං මේ අපිට වෙලා තියන දේ කාටවත් නොවෙන්නයි කියන්නේ..

ඔයා Arts ඩිග්‍රි එකකින් first class එකක් ගත්තත් ලෙක්චර පෝස්ට් එකක් ඇරෙන්න ඔයාගෙ සුදුසුකම් වලට කරන්න පුළුවන් කිසිම රස්සාවක් නෑ. ටීචින් වලට ආස නම් අධ්‍යාපනවේදී උපාධියකට යන්න මහන්සි වෙන්න.

ඒ ඇරුණම හොයල බලන්න ඒ Degree එක කරපු සීනියර්ස්ල දැන් මේ වෙනකොට මොනාද කරන රස්සා කියලා...

මිනිස්සු එක එක සුරංගනා කතා කියයි.ඒත් තේරෙනකොට ආපහු හැරෙන්න බෑ. අපිට මේවා කියල දෙන්න කවුරුත් හිටියේ නෑ.

ඔයාගෙ English කොච්චර හොඳ වුණත්, IT කොච්චර හොඳට පුළුවන් වුණත්, HRM පාඨමාලා කොච්චර කරලා තිබුණත්

"Bachelor of Arts" කියන title එක ගොඩක් Job Advertisement වල නිකන් Blacklist වෙලා වගේ තියෙන්නේ .සමහර ජොබ් වලට ඇප්ලයි කරන Google form වල සිලෙක්ට් කරගන්න දෙන Degree list එකේ කවදාවත් ඕක හොයාගන්න හම්බෙන්නෙත් නෑ .

අපි මහන්සි වෙලා තමයි ඉගන ගන්නේ..ඇත්තටම මං කරපු ඩිග්‍රි එකෙත් අපිට වැඩි හරියක් තිබුණේ Statistics ,Maths ,ICT. ඒත් Bachelor of Arts හින්දා CV එකෙන්ම රිජෙක්ට් වෙන තත්වයක් තියෙන්නේ .

ඒ හින්දා 2030 විතර ඔයාලා Graduate වෙලා එළියට එනකොට Demand එකක් තියන උපාධියක් තෝරගන්න.ඒ පාඨමාලාව තියෙන්නේ යාපනේ වුණත් කමක් නෑ. හැබැයි ඔයා එක සබ්ජෙක්ට් එකකින් ඉස්සරහටම ඉගනගෙන පර්‍යේෂණ එහෙම කරන්න ආස,PhD එකක් වෙනකන් ඉගනගන්න ආස කෙනෙක් නම් ඔයා ආස ආට්ස් ඩිග්‍රි එක කරන්න ..

කොහොම වුණත්, ඔයාල රැකියා විරහිතව ඉන්නකොට කවුරුත් ඔයාගෙ Z එක අහලා රස්සාවක් දෙන්නෙ නෑ. ඔයාගෙ Skills ,Personality එක කොච්චර හොඳ වුණත් එයාලට ඔයාගෙ උපාධිය නිකන්ම නිකන් කලා උපාධියක් විතරයි.

ජොබ් තුන ,හතරක Experience තියාගෙන, Degree එකට 2 nd upper එකකුත් තියෙද්දී , ICT subject එකක් විදියට ඉගනගෙනත් මගෙ ජීවිතේ අද මෙහෙම හිරවෙලා තියෙන්නේ මට ඔය ටික තේරුම් ගන්න ගොඩක් පරක්කු වුණ නිසා.

ඔයාලට සුභපැතුම් ❤️

=ඉශූ

(උපුටාගැනීමකි)

Want your school to be the top-listed School/college in Pita Kotte?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Pita Kotte