11/09/2025
රාමායණය පිළිබඳ ප්‍රශ්ණ කීපයක්!
01. වාල්මිකී කවියාගේ ‘රාමායණය’ කාව්‍යය ලංකාවේ මුලින්ම වාර්තා වෙන්නේ මොන කාලයේද?
02. ඊට පසුව ආ කාව්‍ය චක්‍රවර්තී කම්බාර් කවියාගේ රාමාවතාරම් කාව්‍යය ලංකාවට ආ වගට වාර්තා තිබේද, එසේ නම් කවර කාලයකද?
03. තුල්සිදාස් කවියාගේ ‘රාමචරිත්මන' කාව්‍යය ලංකාවට ආ වගට වාර්තා තිබේද? එසේ නම් කවර කාලයකද?
04. රාමායණ කාව්‍යය ඉන්දියානුවන් ම ලීවේ මන්ද?
05. රාමායණ ලංකාපුර, නූතන ලංකාව නම් ඉන්දියානුවන් රාමායණය ලියන තෙක් නොඉඳ හෝ යටත් පිරිසෙයින් ඊට පසුව හෝ ලංකාවෙන් රාවණ කේන්ද්‍ර කරගත් “රාවණායනයක්” නොලියැවුණේ මන්ද?