ඇඟට දැනෙන Econ

ඇඟට දැනෙන Econ ආර්ථික විද්‍යාව මිනිස් සංහිතයට බලපාන අන්දම තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න

04/04/2022

🇱🇰 මේ මොහොතේ ආර්ථික අර්බුදය විසදා ගැනීමට ගතයුතු කෙටිකාළීන ක්‍රියමාර්ග,

⭕ විනිමය අනුපාතවල සැබෑ ස්වරූපයට ඉඩ හැරීම

⭕ මුදල් අච්චු ගැසීම වහාම නතර කිරීම

⭕ ඉන්ධන ගෑස් වැනි අත්‍යාවශ්‍ය දෑ මිලදී ගැනීමට ප්‍රතිපාදන සපයා ගැනීමට දේශීය මූලාශ්‍ර වෙත යාම

⭕ ඉන්දියාව, චීනය, බංග්ලාදේශය වැනි රටවලින් ණය ලබාගැනීම වහාම නතර කිරීම

⭕ ඉතුරුම් සදහා බැංකු පොළී වැඩිකිරීම

⭕ අපනයනකරුවන්ට සහන ලබාදීම සහ දිරිගැන්වීම

⭕ අත්‍යවශ්‍ය නොවන සියලු ආනයන සහ දේශීය වියදම්ක්‍රම තාවකාළිකව අත්හිටුවීම

⭕ විදුලිය, ජලය අඛණ්ඩව සැපයීමට ප්‍රමුඛතාව ලබාදීම

⭕ වට්ටම් පැකේජ හදුන්වාදී වැඩිපුර සංචාරකයන් ගෙන්වා ගැනීම

⭕ ආගමික ස්ථානවල ධනයෙන් අඩුආදායම්ලාභී පවුල් රැකීම (නිෂ්චිත කාලයක් සදහා)

⭕ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී සාර්ව හා සූක්ෂ්ම දත්ත නිසියාකාරව හඳුනා ගැනීම.

⭕ මාධ්‍ය ගුවන් කාලය ආර්ථික අර්බුදයෙන් ගොඩ එන මග කියාදීමට යොදා ගැනීම

⭕ ශ්‍රී ලාංකිකයින්ගේ ආකල්ප දියුණු කිරීමට වැඩපිළිවෙලක් සැකසීම

⭕ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම

To be Continued.............

(ආර්ථික විශේෂඥයින් සමඟ සාකච්ඡාකොට සැකසූවකි)

- Popularists (ජනසම්මතවාදීන්) -

අන්තර්ජාතික වෙළදාම (International Trade)අන්තර්ජාතික වෙළදාම යනු ජාතීන් දෙකක් හෝ කිහිපයක් අතර සිදු වන භාණ්ඩ හා සේවා හුවමාර...
30/03/2022

අන්තර්ජාතික වෙළදාම (International Trade)

අන්තර්ජාතික වෙළදාම යනු ජාතීන් දෙකක් හෝ කිහිපයක් අතර සිදු වන භාණ්ඩ හා සේවා හුවමාරු වීමයි. වර්තමානය වන විට ගෝලීය ආර්ථිකයේ පදනම සැපයීමට හේතුකාරකයක් වන මෙහි ඉතිහාසය සැකෙවින් මෙසේ ය.

අන්තර්ජාතික වෙළඳාමේ ඉතිහාසය ගංගා නිම්න ශිෂ්ටාචාර පැවතී යුගය දක්වා විහිදී යයි. එනමුත් අද මෙන් දියුණු නෞකා, යටිතල පහසුකම් එදා නොතිබූ බැවින් අන්තර්ජාතික වෙළඳාම ඉතා සීමිත විය. මේ නිසා බොහෝමයක් රාජ්‍යන්වල පැවතියේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකි. පසුකාලීනව ග්‍රීක, රෝම, චීන, අකීමෙනිඩ්, බයිසැන්තියානු, මොංගෝලියානු, ඔටෝමාන් හා මූගල් වැනි අධිරාජ්‍යය සමයන් හි දී අන්තර්ජාතික වෙළඳාම දියුණු තලයක පැවතිය ද, වර්තමානයේ පවතින අන්තර්ජාතික වෙළඳාම ආරම්භ වූයේ මෑත කාලවකවානුවේ දී ය.

පූර්ව කාර්මික යුගයේ දී බටහිර අධිරාජ්‍යයන් ලොව යටත් විජිත ඇති කර ගැනිමේ සටනක නියැළී සිටී බව අප කවුරුත් දන්නා කාරණයකි. මෙම ක්‍රීඩාවේ බ්‍රිතාන්‍යය ඉදිරියෙන් ම සිටී අතර, ලෝක ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යය ඔවුහු බිහි කළහ. මෙහි දී ඔවුනට අවශ්‍ය තරම් සම්පත් ලබා ගත හැකි වුව ද, වේගයෙන් වර්ධනය වන එංගලන්ත ජනගහනයට අවශ්‍ය කරන භාණ්ඩ නිෂ්පාදනය ඉතා සීමා සහිත විය. මක්නිසා ද යත් එම කර්මාන්ත සියල්ලක් ම ගෘහ කර්මාන්ත වීම යි. මීට විසඳුම් සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස කාර්මීකරණය ඇති විය.

කාර්මීකරණයත් සමඟ නිෂ්පාදන ධාරිතාව වේගයෙන් ඉහළ ගියේ ය. මෙහි දී අවශ්‍ය කරන අමුද්‍රව්‍ය යටත් විජිතයන්ගෙන් ලබා ගෙන, අතිරික්ත නිෂ්පාදිත යටත් විජිතයන්ට ම අලෙවි කර විශාල ලෙස ධනය රැස් කර ගැනීමට යුරෝපීයයන්ට හැකි විය. එමෙන් ම භාණ්ඩ හා මිනිසුන් ප්‍රවාහනය පහසු වීම, නාගරීකරණය ආදිය හේතුවෙන් තවදුරටත් විදේශ වෙළඳාම ප්‍රසාරණය විය.

එහෙත් විසි වන සියවසේ දී ලෝක යුද්ධයන් හේතු කොටගෙන යුරෝපා ආර්ථිකය බිඳ වැටුන අතර, ඔවුන්ට තවදුරටත් යටත් විජිත නඩත්තු කිරීමට නොහැකි විය. මේ නිසා සියලු ම යටත් විජිතයන්ට නිදහස ලබා දීමට යුරෝපීය ජාතීන්හට සිදු විය. මෙහි දී රාජ්‍යන් ආරක්ෂණවාදය (Protectionism) අනුගමනය කිරීමත්, හේතුවෙන් අන්තර්ජාතික වෙළඳාම සීමා වීම සිදුවිය. මේ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක වෙළඳ සංවිධානය (WTO) වැනි ආයතන බිහි වූ අතර බාධක අවම කිරීම හරහා ගෝලීය වෙළඳාම ප්‍රවර්ධනය කිරීම ඇරඹී ය. එමෙන් ම 70-80 දශකයන් හී දී ව්‍යාප්ත වූ ගෝලීයකරණය හමුවේ වේගයෙන් අන්තර්ජාතික වෙළඳාම ප්‍රසාරණය විය. 2019 වන විට අන්තර්ජාතික වෙළඳාමේ සමස්ත වටිනාකම ඇ.එ.ජ. ඩොලර් ට්‍රිලියන 18 ද ඉක්මවාලී ය.

15/03/2022

විදේශ වෙළදාම, විදේශ විනිමය, ගෙවුම් ශේෂය හා ලෝක ආර්ථිකය

රටේ විශාල වශයෙන් ඇමරිකානු ඩොලර් සංචිතයන්ගේ හිඟයක් පවතින බව බොහෝ දෙනෙකු දන්නා කාරණයක්. මේ හේතුවෙන් රටේ විශාල ගැටලු ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. මේ සියල්ලට ම හේතුව නම් රටේ ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව ඩොලර් සැපයුම ප්‍රමාණවත් නොවීම යි. මේ සඳහා අපනයනයට වඩා ආනයනය ඉහළ යාම ප්‍රබල හේතුවක් වී තියෙනවා. මේ ප්‍රවෘත්ති නැරඹීම හරහා බොහෝ දෙනෙකුට විවිධ ප්‍රශ්න මතු වී ඇති බව පෙනේ.....................................................................................
"මොකක්ද මේ ආනයනය. අපනයනය කියන්නේ?"
"ඇයි ඒ මත ලංකාව ඇතුළු ලෝකයේ ආර්ථිකය තීරණය වෙන්නේ?"
"ඇයි අපට ස්වයංපෝෂිත වෙන්න බැරි?"
"අපිට ඩොලර් ඇරෙන්න ලංකාවේ රුපියල් ගනුදෙනු කිරීමට භාවිතා කරන්න බැරි ද?"
"මොකක් ද IMF කියන්නේ?"
"සම්බාධක කියන්නේ මොනවා ද?"
"ගෝලීය ආර්ථික අර්බුධයක් (Global Economic Crisis) කියන්නෙ මොකක් ද?....................................................................................
මෙවැනි ප්‍රශ්න බොහෝ දෙනෙක් තුළ පැන නගින්නට ඇති. අපි මේ පිළිබඳ එකින් එක ඉදිරියේ දී විමසා බලමු.

පසුගිය සති කිහිපය තුළ කාර්යබහුල වීම හේතුවෙන් මා හට කිසිදු පෝස්ටුවක් පළ කිරීමට අපහසු වුණා. ඒ වගේ ම මේ දින කිහිපය තුළ ම ආර...
15/03/2022

පසුගිය සති කිහිපය තුළ කාර්යබහුල වීම හේතුවෙන් මා හට කිසිදු පෝස්ටුවක් පළ කිරීමට අපහසු වුණා. ඒ වගේ ම මේ දින කිහිපය තුළ ම ආර්ථිකමය වශයෙන් ලංකාව තීරණාත්මක සංදිස්ථානයන් කිහිපයක් ම පසු කළ බව ඔබ දන්නවාත් ඇති. ඒ නිසා මේ සිදු වූ සිදුවීම් පිළිබඳ සරල ආර්ථික විද්‍යාත්මක විග්‍රහයන් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා 😁

ඔබ ඉන්දියන් රුපියල් 25,000 ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකානු රුපියල් 67,900) මාසික ආදායමක් උපයන්නේ නම් ඉන්දියානු ජනගහනයෙන් 9...
07/02/2022

ඔබ ඉන්දියන් රුපියල් 25,000 ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකානු රුපියල් 67,900) මාසික ආදායමක් උපයන්නේ නම් ඉන්දියානු ජනගහනයෙන් 90% ගේ මාසික ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් ඔබ මාසිකව උපයයි.

🇮🇳 This chart breaks the population of by monthly income in 2021. Each column represents 1% of the population.

According to the chart, 5% of make 64,380₹, and 3% more than 100,000₹ while 60% live on just 9,500₹.

10,000 Indian rupees (₹) is worth around 188AUD, 170CAD, 133USD, 118EUR, 98GBP…

So, where is the middle class?

Data: World Inequality Database

Credit: Stats of India (Twitter)

26/12/2021

වර්තමානයේ අපේ රටේ පැන නැගී තියෙන ආර්ථික ගැටලුවලින් මිදෙන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද?
ඔබේ අදහස් දක්වන්න.

රාජ්‍ය ණය- I වන කොටස.......................................................................................................
30/10/2021

රාජ්‍ය ණය- I වන කොටස......................................................................................................................................
“ණය” කියන වචනය අපට කොහොමත් හුරුපුරුදු වචනයක්. ණයත් එක්ක එන අනෙක් වචනය තමා පොලිය. අපි කුටුම්භ විදිහට, ව්‍යාපාර විදිහට වගේ ම ජාතියක් විදිහටත් විවිධ වූ ණය අරන් තියෙනවා. අද මාතෘකාව තමා රාජ්‍ය ණය. මෙහි දී ජනයා විසින් බහුලව මේ සම්බන්ධ ව අසා තිබූ පැනයන්ට හැකි අයුරින් පිළිතුරු දීමටයි.
-------------------------------------------------------------------------
1. ඇයි අපි රාජ්‍ය ණය ගන්නේ?

දැන් හැම දෙනා ම පාහේ දන්න දෙයක් තමා අපේ හැම කැමැත්තක් ම නැත්තම් වුවමනාවක් ම සපුරාලන්න තරම් සම්පත් මේ ලෝකයේ ප්‍රමාණවත් තරම් නෑ කියලා. ඒ නිසා අපිට ඒ ඒ වුවමනාව ඉටු කරගන්න මේ වටිනා සම්පත් ටික බෙදාහරින්න වෙනවා. ඒ සඳහා කිසියම් යාන්ත්‍රණයක් ඕන කරනවා. මේ සඳහා යාන්ත්‍රණ කිහිපයක් තිබුණත් වර්තමාන ලෝකය තුළ බහුලව භාවිතා වෙන්න මිල යාන්ත්‍රණය. මේ මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක කරලා මිල මගින් සම්පත් බෙදා හරින ආර්ථික පද්ධති වෙළඳපොළ ආර්ථික පද්ධති නැතිනම් ධනවාදී ආර්ථික පද්ධති කියලා හදුන්වනවා.

න්‍යායානුකූල ව වෙළඳපොල ආර්ථික ක්‍රමය උචිත වුවත්, ප්‍රායෝගිකව එය බොහෝ විට අසාර්ථකයි. ඒකාධිපති ව්‍යාපාර හා කාටල සංවිධාන පාරිභෝගිකයා සූරා කෑම, පොහොසතා රජ සැප විඳින විට දුප්පතා පීඩාවට පත් වීම, මානව සුබසාධනය අත්‍යවශ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පහසුකම් පෞද්ගලික අංශය ප්‍රමාණවත් ව නොසැපයීම හා සාර්ව ආර්ථික අසමතුලිතා වගේ දේවල් නිසා මේ ක්‍රමය අසාර්ථක වෙනවා. පසුගිය කාලේ සීනි සඟවා පාරිභෝගිකයා පීඩාවට පත් කිරීම වගේ දේවල් මීට උදාහරණ ලෙස ගන්න පුළුවන්.

මේ අහිතකර දේවල් පාලනය කරලා මානව සුබසාධනය පැවැත්වීම තමා රජයක කාර්‍යභාරය. මේ සඳහා අපේ රජයන් යටිතල පහසුකම් (අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපොළ, පාසල්, රෝහල්, විශ්වවිද්‍යාල වැනි දෑ) සංවර්ධනය කිරීම, නොමිලේ සෞඛ්‍ය හා අධ්‍යාපනය ලබා දීම, රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාම, සහනාධාර ලබා දීම සිදු කළ යුතු වෙනවා. මේ සදහා දරන වියදම් රාජ්‍ය වියදම් ලෙස හඳුන්වනවා. මේ වියදම් පියවීම සදහා රජය බදු අය කිරීම, ලොතරෑයි, දඩ හා ගාස්තු, පොලී හා ලාභාංශ වැනි ක්‍රම හරහා මුදල් රැස් කරගනු ලබනවා. මේවා රාජ්‍ය ආදායම් ලෙස හදුන්වනවා. මෙම ආදායම් වියදම් සම්බන්ධව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය “ෆිස්කල් ප්‍රතිපත්තිය” ලෙස හදුන්වනවා.

- රාජ්‍ය වියදම් වර්ග 2ක් පවතිනවා. ඒවා නම්,
1. වර්තන වියදම් - වර්ෂයක් පාසා රාජ්‍ය සේවා සැපයීමට දරනු ලබන වියදම්
2. ප්‍රාග්ධන වියදම් - ප්‍රාග්ධන සම්පාදනය දරනු ලබන වියදම්
- රාජ්‍ය ආදායම් ද වර්ග දෙකක් පවතිනවා. ඒවා නම්,
1. බදු ආදායම
2. බදු නොවන ආදායම්

සාමාන්‍යයෙන් රජයක් උපයන ආදායමෙන් අති බහුතරය බදු ආදායම් (T) වේ. මේ බදු හා බදු නොවන ක්‍රම හරහා බොහෝ විට පියවිය හැකි වන්නේ වර්තන වියදම් (G) හා ප්‍රාග්ධන වියදම්වලින් කොටසක් පමණී. මන්ද විශාල වශයෙන් බදු අය කිරීම තුළින් ආර්ථික වර්ධන අඩු වෙන බැවිනුත්, එමඟින් මානව සුබසාධනයට බලපාන බැවිනුත් ය. කනගාටුවට කරුණ නම් ලංකාවේ මුළු රාජ්‍ය ආදායමෙන් වර්තන වියදම්වත් පියවිය නොහැකි වීමයි. එම නිසා ලංකාවේ වර්තන ගිණුමේ ඍණ ශේෂයක් පවතිනවා. (ඒ කියන්නේ අපි කන්නත් ණය ගන්න රටක්) 💔

මේ නිසා රජයට එම හිඟ මුදල මූල්‍යනය කිරීම සදහා කටයුතු කළ යුතු වේ. මේ සඳහා රජය විසින් ණය ගනු ලබනවා.

පසුගිය 40 වසර තුළ දකුණු ආසියානු රටවල්වල ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය (ඇ.එ.ජ. ඩොලර්වලින්)https://public.flourish.studio/...
18/09/2021

පසුගිය 40 වසර තුළ දකුණු ආසියානු රටවල්වල ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය (ඇ.එ.ජ. ඩොලර්වලින්)
https://public.flourish.studio/visualisation/7294851/

ආර්ථික පද්ධති යනු මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසා විසින් පිහිටුවන ලද්දකි. ලෝකයේ විවිධාකාර ආර්ථික පද්ධති දක්...
17/09/2021

ආර්ථික පද්ධති යනු මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසා විසින් පිහිටුවන ලද්දකි. ලෝකයේ විවිධාකාර ආර්ථික පද්ධති දක්නට ලැබේ. මෙහි දී උසස් පෙළ ආර්ථික විද්‍යාව තුළ අධ්‍යනයට ලක් වන ආර්ථික පද්ධති පිළිබඳ කෙටි සටහනක් දැක්වේ. එමඟින් ඒවායේ සුවිශේෂතා හඳුනා ගන්න.

වසරේ වැඩි ම උද්ධමනය වාර්තා වේ 😶
26/08/2021

වසරේ වැඩි ම උද්ධමනය වාර්තා වේ 😶

වසරේ වැඩිම උද්ධමනය වාර්තා වෙයි

මේ වසරේ වැඩිම උද්ධමනයක් පසුගිය මාසයේදී වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව පසුගිය ජුලි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 6.8ක් වන බව වාර්තා වේ.

එය පෙර මාසයට සාපේක්ෂව සියයට 0.7ක ඉහළයෑමකි.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Address

322/3B, Kotte Road
Pita Kotte
10100

Telephone

+94721258660

Website

Alerts

Be the first to know and let us send you an email when ඇඟට දැනෙන Econ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ඇඟට දැනෙන Econ:

Shortcuts

Share

Category