Wijaya Dhamma School

Wijaya Dhamma School

Share

Official page of Wijaya Dhamma School Sri Naga Viharaya Kotte

Photos from Wijaya Dhamma School's post 16/06/2026

සම්බුද්ධ තෙමඟුල නිමිති කොට ගෙන කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ විජය දහම් පාසල මඟින් සංවිධානය කොට ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ වෙසක් මස 30වන පුර පසළොස්වක පොහොය දිනයේදී පවත්වන්නට යෙදුණු විජය වෛශාක්‍ය බැති ගී සරණිය

09/06/2026

කාරුණික සිහිපත් කිරීමයි!

අප කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ විජය දහම් පාසල යනු දීප්තිමත් දහම් පාසලක් බව ඔබ සැම දන්නා කරුණකි. දහම් පාසලේ කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාමේදී ආචාර්ය මණ්ඩලය,දෙමාපිය සංගමය, සිසු දුවා දරුවන් ලබා දෙනුයේ මහගු ශක්තියකි. එයට තවත් ශක්තියක් ලෙස දහම් පාසලේ ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍ය,ශිෂ්‍යාවන් පිරිස් දෙස් විදෙස් වල සිටින බවද කිව යුතුය. එහිදී එම සියලු දෙනාද එකතු කොට 'ආදි ශිෂ්‍ය සංගමය' සක්‍රීය කිරීම සදහා බලාපොරොත්තු වෙමි. අතිගෞරවණීය විහාරාධිපති, පූජ්‍ය වතුරුවිල සිරි සුජාත නායක මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදය ඇතිව,

2026.06.14 වෙනි ඉරිදා දින ප.ව 01.00 ට ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන මහ සභා රැස්වීම කැදවීමට බලාපොරොත්තු වන අතර කේ.ඩී විජයපාල මැතිදුන් ආරම්භ කළ අප විජය දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ ආදි ශිෂ්‍ය ඔබ සැමට එම රැස්වීම් අවස්ථාවට සහභාගී වන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමි.

හුදෙක් මේ වෑයම ඔබගේ දරුවා/ ඔබ අධ්‍යාපනය ලැබූ විජය දම් පියස තුලින් විනයවත්, ශික්ෂාකාමී, ගුණ දහමින් හෙබි දරුපරපුරක් බිහි කිරීමේ දහම් පාසලේ අභිවෘද්ධිය පිණිස බවද වැඩිදුරටත් සිහිපත් කරමි.

උප ප්‍රධානාචාර්ය
ඇතිලිවැව සිරිරතන හිමි,
විජය දහම් පාසල,
ශ්‍රි නාග විහාරය, කෝට්ටේ.

Photos from නාග විහාරය කෝට්ටේ's post 03/06/2026
01/06/2026
30/05/2026

සිදුහත් උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධත්වය, ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් සමුදායක් සිදුවූයේ අද වන් පුන් පොහෝ දිනයකදීය..

වසරේ පස්වන පොහොය වන වෙසක් පොහොය දිනය, ඔබ සැමට ද ආමිස, ප්‍රතිපත්ති පුජාවන් සිදු කරමින් අජරාමර නිර්වාණ සුවය පතා කුසලයන් රැස් කරගැනීමට හැකි වන උතුම් වූ පුන් පොහෝ දිනයක් වේවා!!!

29/05/2026

අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ වාදීභසිංහ ආචාර්ය මාදුළුවාවේ ශ්‍රී සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අසූ හතර වැනි ජන්ම දිනය අදයි !
උන්වහන්සේට අජරාමර නිර්වාණ සුවයම සාක්ෂාත් වේවා !

14/05/2026

කෝට්ටේ ශ්‍රි නාග විහාරස්ථ විජය දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්‍ය ඇතිලිවැව සිරිරතන ස්වාමින් වහන්ස,

ඔබවහන්සේට, සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා තවත් චිරාත් කාලයක් සේවය කිරීමට හැකිවන,නිදුක් නීරෝගී දීර්ඝායුෂ සපිරි සුපින්වන්ත ජන්ම දිනයක් වේවා!!

~ශිෂ්‍ය නායක සංචිතය
2026/2027

Want your school to be the top-listed School/college in Pita Kotte?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Sri Naga Viharaya
Pita Kotte

Opening Hours

07:00 - 13:00