තාල් with පවන්

තාල් with පවන් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තාල් with පවන්, Education Website, Pinnawala.

16/05/2026

වයසට වඩා වැඩියෙන් තම දක්ශතා පෙන්වූ පුද්ගලයින් පිළිබද ඔබ අසා තිබෙනවා නේද? අද මේ කතා කරන්න යන්නේ එවැනි අති දක්ශ ගැටබෙර වාදනයේ ප්‍රවීණයකු සම්බන්ධවයි. එනම් සත් කෝරළයේ වදුරැස්සෙගම පරම්පරාවෙන් පැවත එන අසංක ජයරත්න Asanka Jayarathne නම් ප්‍රවීණ . අති දක්ශ වාදන ශිල්පියානන් ය. මෙතුමා තම කුඩා අවදියේ සිට සිරිල් වදුරැස්සෙගම නම් ගාන්ධර්වයානන් තුරුලේ නර්තනය හා ගැටබෙර වාදනය හැදෑරුවේය. කෙතරම් එය ප්‍රගුණ කලාද කිවතොත් කොහොඹා කංකාරි ශාන්තිකර්මයට අද වනවිට අත්‍යවශ්‍ය වාදන ශිල්පියෙකු බවට පත් වී ඇත. මෙතුමාගේ මා දකින සුවිශේෂීම දක්ශතාවය නම් මෙතුමා සතුව ඇති දැනුම් සම්භාරයයි. එය කෙසේද කිවහොත් බෙර වාදනයේ ඕනෑම ස්තානයක් පිළිබද හසල දැනුමක් මෙතුමා සතු වේ. තවද විශේෂම ලක්ශණය නම් ඕනෑම වාදන ශිල්පියෙකු වාදනය කරනා පදයක් ක්ශනිකව අවබෝධ කරගෙන එය එසැනින් වාදනය(බෙර ගෙවීම) කිරීමට මෙතුමාට හැකි වීමයි. අප අසා ඇති ආකාරයට එවැනි ශිල්පීන් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. සත් කෝරලයේ සිටි දැවැන්ත රුක්ශයන් බදු අදවන විට මෙලොවින් සමුගත් කලා ශිල්පීන් සමග පෙලෙහි අන්තිමට හෝ සිට බෙර වාදනය කිරීමේ වාසනාවද මෙතුමාහට හිමි වීම ඉතාමත් භාග්‍යවන්ත කරුණකි උදාහරණයක් ලෙස සිරි අහුගොඩ, සෝමදාස අහුගොඩ, සිරිල් වදුරැස්සෙගම ,රණවන මාටින්, සියඹලාවැහැර චාලි වැනි ශේෂ්ඨ වාදන ශිල්පීන් සමග මෙතුමා කුඩාකල සිට කංකාරි මඩුවේ ඇසුර ලබා ඇත. එසේම ගරායක් කංකාරිය, පන්දම් දොලහ ශාන්තිකර්මය වැනි ශාන්තිකර්ම වලට අදාල බෙර පද හා වාදන ශෛලිය පිලිබදව ද මෙතුමා සතු දැනුම් සම්භාරයක් ඇත. බෙර වාදනය පමණක් නොව තම්මැට්ටම් වාදනයෙහි ද මොහුට මනා හැකියාවක් හා දක්ශතාවයක් ඇත. සුවිශේෂීම කරුණ නම් මෙතුමා ශාස්ත්‍රපති උපාධිධාරියෙක් , බාහිර කථිකාචාර්ය වරයෙකු හා පර්‍යේශකයකු වැනි අධ්‍යාපනික වපසරියක් ගොඩනගා තිබීමයි. මෙතුමා කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබූ කීර්තිමත් ශිෂ්‍යයෙකි. මෙවැනි කලා ශිල්පීන් රටට ජාතියට මහා සම්පතකි.බෙර වාදන ශිල්පීන් ඇත,තවත් බිහිවේ මාගේ ඒකායන ප්‍රාර්ථනය ඔබවැනි ගාන්ධර්ව වාදකයින් මේ ධරණි තලයේ පහල වේවා. කලාවේ පිනට උපන් ඔබට තව තවත් කලාලොව බැබලෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!! උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඔබට ආදරණීය කලාකරුවානනී 💗🙏

19/04/2026

ශේෂ්ඨ බෙරවාදන ශිල්පියෙකුගේ ශේෂ්ඨ කියමනක්.
පෝරම්මුල්ලේ රසික සේනාධීර ගුරුතුමා Rasika Senadheera 🙏
( රුවන් චන්ද්‍රාධිපති මහතාගේ art heart with chandradhipathi youtube චැනලයෙන් උපුටා ගත් වීඩියෝවකි) ස්තුති Ruwan J Chandradhipathi අයියෙ.🙏

16/04/2026
ආයුබෝ               වේවාකලසෙත මුදුන්    වේවාදෝශ දුරු             වේවා සක්‍ර මහබඹු ආයුබෝවාඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේ...
14/04/2026

ආයුබෝ වේවා
කලසෙත මුදුන් වේවා
දෝශ දුරු වේවා
සක්‍ර මහබඹු ආයුබෝවා
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!! ( #තාල්withපවන් )

I've just reached 3K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗...
12/04/2026

I've just reached 3K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

10/04/2026

#ගැටබෙර

04/04/2026

නොදන්නා අපි දන්නා අයුරින් 🙏.
ශිල්පය ඉගැන්වූ සියලුම ගුරු දේවෝත්තමයන් හට වයනා පදයක් පාසා පිං අත්වේවා💗🙏🙏
Madusha Pawan Jayarathne ,සසිදු රම්පිටිය , Dhananjaya De Silva
#ගැටබෙර

01/04/2026

සුනිල් තල්ගහගොඩ කලා නිකේතනයෙහි කලඑලි මංගල්ලය
#ගැටබෙර
With Asanka Jayarathne

22/03/2026

මුවරද සිදුනේ සත්සර ලමැදේ
බිගු නැත යලි ආවේ 💗
Thanks -: Sumith Karunathilaka lahiru (Chuti putha) , peshi dissanayake 💗🫂

18/03/2026

පිංවත් ආනන්ද මතකද ඒකාලේ
එක්ව ආ ගමන සම්බුදු දිවි කතරේ
නිමාකරත් සසරේ දුක කුසිනාවේ
රහත් නොවුන මුත් නෑ හැරදා වැඩියේ

මතු භවයකින් පිංකෙත වන් ලක්දීපේ
උපදී පෙරුම් පුරනා තෙද ගජ කුලයේ
දහසක් දනා වඳිනා සෙංකඬ පුරයේ
මාගේ වාම දළඳා වඩමයි බැතිනේ

ඒ භවයේ නුඹවන් මිතු ආනන්ද
වාගේ ඉපිද ඇත්පාලක ලෙසට තෙම
ගව්දුර ගෙවා පාගමනින් නුවර වෙත
පැමිණෙයි විශාලා වැඩියා ලෙසට අප

පිරිනිවනට මා වඩිනේ නුඹට පෙර
නිසැක රහත් වේයැයි නුඹ ඉන් පසුව
ඒ ලෙසටම බෝසත් ගජ නැදුන්ගම
හැරදා යාවි මිතු පාලක කඳුලු මත

මාගේ රුවට වඳිනා දන ආනන්ද
දවසක අඹයි නුඹගේ රුව ඒ අසල
බෝසත් දිවියෙ නිමවූ එක් කතාවක
බලා සිටිමු වීදුරුවක් දෙපස හිඳ

Lyrics -: Ushan Kumuditha
Singer -: Shashikala Charuni
Video creation-: lahiru madusanka
#නැදුන්ගමුවෙරාජා #හස්තිමිතුරෝ

19/02/2026

සන්තාන සුසුම්
Artist - singer of my heart 🙏
Thank you to all of you who supported by playing 💗🫂 Dilshan Hansaka, Laksh*tha Anuradha , Akila Kavishan , Hasala Tharuka , Lahiru Madusaka 🫂🫂

Address

Pinnawala

Website

Alerts

Be the first to know and let us send you an email when තාල් with පවන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share