Sri Ananda Dhamma School,Niwanthidiya,Piliyandala.

Sri Ananda Dhamma School,Niwanthidiya,Piliyandala. මානිවත්ත අභික්ඛම - නොනැවතී ඉදිරියට

2026 වසරේ කැස්බෑව ශාසනාරක්ෂක මණ්ඩල සිසු නිපුණතා ඇගයීමේ දී, දහම් පාසල් 33ක් අතරින් සමස්ත අනුශූරතාවය දිනාගනිමින් පාසලට මහත...
14/09/2026

2026 වසරේ කැස්බෑව ශාසනාරක්ෂක මණ්ඩල සිසු නිපුණතා ඇගයීමේ දී, දහම් පාසල් 33ක් අතරින් සමස්ත අනුශූරතාවය දිනාගනිමින් පාසලට මහත් කීර්තියක් ගෙන දුන් නිවන්තිඩිය ශ්‍රී ආනන්ද දහම් පාසලේ සියලුම දරු දැරියන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

​මෙවර තරගාවලියේදී අපේ දරුවන් දැක්වූ විශිෂ්ට දක්ෂතා පහතින්:
​🥇 ප්‍රථම ස්ථාන - 06
🥈 දෙවන ස්ථාන - 08
🥉 තෙවන ස්ථාන - 06
🏅 සිව්වන ස්ථාන - 05
🏅 පස්වන ස්ථාන - 05

​🌟 සමස්ත ජයග්‍රහණ සංඛ්‍යාව - 30 කින් අපගේ දරුවන් ඉදිරියටම පැමිණ ඇත!

​මෙම ජයග්‍රහණය පිටුපස සිටිමින් දරුවන්ට නිසි මග පෙන්වූ ගෞරවනීය ආචාර්ය මණ්ඩලයටත්, දරුවන් දිරිමත් කරමින් නිරන්තරයෙන් සහයෝගය දැක්වූ ආදරණීය දෙමාපියන්ටත් අපගේ විශේෂ ප්‍රණාමය.

​අපේ දරුවන්ගේ අනාගතය තවත් දීප්තිමත් වේවා! යහපත් ගුණධර්ම පිරි සමාජයක් ගොඩනගන්නට මේ දරු දැරියන්ට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු. ඉදිරියටත් ජය වේවා! 🌸✨

​

80 දශකයේ අපි ♥️
09/09/2026

80 දශකයේ අපි ♥️

නිවන්තිඩිය ශ්‍රී ආනන්ද දහම් පාසලේ ප්‍රථම ශිෂ්‍යයා ලෙස , එවකට අප දහම් පාසල ආරම්භ කිරීමට පුරෝගාමියෙකු වූ උබේසිරි මහතාගේ පුත් අසේල මහතා ඇතුලත් කළ අවස්ථාව

Real 80s' look of us ♥️
09/09/2026

Real 80s' look of us ♥️

1986 පෙබරවාරි 16 දින නිවන්තිඩිය ශ්‍රී ආනන්ද දහම් පාසල කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මොහොත

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභායට හා අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ විභාග ජය අත් වේවායි ප්‍රාර්ථනා කරමින් පව...
31/07/2026

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභායට හා අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ විභාග ජය අත් වේවායි ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන,

​✨ අළුයම කිරිපිඬු පූජාව ✨

​🗓 දිනය: 2026 අගෝස්තු 01 (සෙනසුරාදා)

මෙම පූජාව අළුයම 5:00 ට විහාරස්ථානයේදී පැවැත්වේ.

​විභාගයට පෙනී සිටින සියළු දරුවන් අළුයම 5:00 ට පෙර විහාරස්ථානයට පැමිණෙන්න. එන විට මල් වට්ටියක් රැගෙන ඒමට කාරුණික වන්න.

​තෙරුවන් සරණයි! 🙏

ඊයේ දිනයේ මෙත්තා නිවාසය හා කරුණා නිවාසය අතර පැවති 2026 වීරප්පෙරුම අභියෝගතා විවාද ශුරතාවලියේ අවසන් මහා තරඟය ජයගත් කරුණා න...
22/06/2026

ඊයේ දිනයේ මෙත්තා නිවාසය හා කරුණා නිවාසය අතර පැවති 2026 වීරප්පෙරුම අභියෝගතා විවාද ශුරතාවලියේ අවසන් මහා තරඟය ජයගත් කරුණා නිවාසය විවාද ශූරතාවය ජය ගන්නා ලදි.

ඉතා උණුසුම් මුහුණුවරකින් යුතු වූ එම තරඟය විනිශ්චය මණ්ඩලයේ තීරණ තුනට දෙකක් ජය ගැනීමට මාතෘකාව ප්‍රතියෝජනා කළ කරුණා නිවාසය සමත් වූ අතර, ඒ අනුව මෙත්තා නිවාසය විවාද අනුශූරතාවය දිනා ගන්නා ලදි.

එසේම උපේක්ඛා නිවාසය හා මුදිතා නිවාසය අතර පැවති තෙවන ස්ථානය සඳහා වූ තරඟයේ දි විනිශ්චය මණ්ඩල විනිශ්චයන් තුනෙන් දෙකක තියුණු ජයක් ලැබීමට මාතෘකාව යෝජනා කළ උපේක්ඛා නිවාසය සමත් විය.

ඊයේ (ජූනි 21) දින පැවැත්වූ ඩෙංගු මර්දන විශේෂ ශ්‍රමදාන වැඩසටහන ඉතා සාර්ථකව පවත්වන ලදි.
22/06/2026

ඊයේ (ජූනි 21) දින පැවැත්වූ ඩෙංගු මර්දන විශේෂ ශ්‍රමදාන වැඩසටහන ඉතා සාර්ථකව පවත්වන ලදි.

18/06/2026

🌀🌀🌀

ආදරණීය දෙමව්පියන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි.

වැසිබර කාළගුණය සමඟ හිස ඔසවන ඩෙංගු මාරයා මර්ධනය කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදෙස් පරිදි විශේෂ ශ්‍රමදානයක් සංවිධානය කර ඇත.

එය එළඹෙන ජූනි 21 වන සෙනසුරාදා උදෑසන 8.30 ට ආරම්භ වීමට නියමිතය.

මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ඔබ සැමගේ සහභාගීත්වය කාරුණිකව අපේක්ෂා කරමු. කරුණාකර පැමිණෙන විට පහත සඳහන් පිරිසිදු කිරීමේ උපකරණවලින් හැකි දේවල් රැගෙන එන්න:

* රේක්ක
* කැති හෝ තණකොළ කපන උපකරණ
* පිරිසිදු කරන රෙදි කැබලි

ඔබගේ වටිනා සහයෝගයට කල්තියා ස්තූතියි!

🌀🌀🌀

2026 වීරප්පෙරුම අභියෝගතා විවාද ශූරතාවලියේ මූලික වටයේ තරඟ 2026 ජූනි මස 07 වන ඉරිදා පවත්වන ලදි. අවසන් මහා තරඟය 2026 ජූනි ම...
18/06/2026

2026 වීරප්පෙරුම අභියෝගතා විවාද ශූරතාවලියේ මූලික වටයේ තරඟ 2026 ජූනි මස 07 වන ඉරිදා පවත්වන ලදි. අවසන් මහා තරඟය 2026 ජූනි මස 21 වන දින පැවැත්වීමට නියමිත වේ.

31/05/2026

අයිස්ක්‍රීම් ♥️🍦

31/05/2026

අනඳ එරබදු වසන්තය 2026 සොඳුරු දසුන් එකතුව

Address

Niwanthidiya
Piliyandala
10300

Opening Hours

07:30 - 13:00

Telephone

+94763566478

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Ananda Dhamma School,Niwanthidiya,Piliyandala. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Ananda Dhamma School,Niwanthidiya,Piliyandala.:

Shortcuts

Share

Category