ASSC - Astronomy & Space Study Center

ASSC - Astronomy & Space Study Center A leading institution for astronomy and science education at the iconic Subodhi Integral Education Center.

We inspire students and enthusiasts across Sri Lanka through immersive learning and cosmic exploration. Non profitable organization for the Astronomy,Space Studies & Researches.

🌌 SHADOWS OF THE FRONTIER: Journey to the Realm of Dwarf Planets 🪐Ready to venture past Neptune into the mysterious worl...
28/09/2026

🌌 SHADOWS OF THE FRONTIER: Journey to the Realm of Dwarf Planets 🪐

Ready to venture past Neptune into the mysterious worlds of Pluto, Ceres, and Eris?

Join ASSC for an exciting session packed with deep-sky telescope observations, interactive Kuiper Belt simulations, ice-world experiments, and a keynote on planetary classification!

✨ Event Details:

🗣️Speaker: Nethum Nanayakkara (Junior team member)
📅 Date: October 03, 2026
⏰ Time: 7:00 PM onwards
📍 Platform: Zoom
🏢 Organized by: Astronomy & Space Study Centre (ASSC)

🚀 Lock in your spot before it's too late!

🔗 Register Now: https://forms.gle/AZjDQtyEmA7MuyHFA

🛸 Is the Future of Space Exploration Unmanned? Join Us to Find Out! 🌌From exploring Mars to mapping the stars, Unmanned ...
25/08/2026

🛸 Is the Future of Space Exploration Unmanned? Join Us to Find Out! 🌌

From exploring Mars to mapping the stars, Unmanned Vehicles (UVs) - robotic probes, rovers and satellites - are our bravest pioneers, paving the way where humans cannot yet tread.

The Astronomy and Space Study Center (ASSC) is thrilled to present: UV's in Space: An Exploration of Robotic Frontiers. 🔭

📅 Date: 29th August 2026
⏰ Time: 7.30 PM – 9.00 PM (Sri Lanka Time)
📍 Platform: Zoom meetings

📣 Registration details are coming very soon! Make sure you’re following us to be the first to know.

👉 Stay tuned for updates on our page.

11/08/2026
🌌 THEORY OF RELATIVITY Ever wondered why time slows down, space bends and gravity shapes the universe?Join us for an ins...
02/08/2026

🌌 THEORY OF RELATIVITY

Ever wondered why time slows down, space bends and gravity shapes the universe?

Join us for an inspiring lecture on Theory of Relativity and explore one of the most revolutionary concepts in modern physics.

🎓 Lecturer:
Prof. Rohan Munasinghe
Department of Electronics and Telecommunication Engineering
University of Moratuwa

📅 Date: 8th August 2026
🕘 Time: 9:00 AM – 11:00 AM
📍 Venue: Subodhi Institute of Integral Education , Wewala, Piliyandala

Whether you're a student, educator, astronomy enthusiast or simply curious about the universe, this session will provide fascinating insights into the foundations of modern physics.

🚀 Organized by:
Astronomy and Space Study Center (ASSC)

📢 Registrations will open soon! Stay tuned to our page for the registration link and further updates.

🚀 SCIENCE VIEW OF OUR UNIVERSE 🌌✨ REGISTRATIONS NOW OPEN ✨Step into a universe of discovery, curiosity, and scientific i...
04/05/2026

🚀 SCIENCE VIEW OF OUR UNIVERSE 🌌
✨ REGISTRATIONS NOW OPEN ✨

Step into a universe of discovery, curiosity, and scientific insight.

Join us for an engaging and thought-provoking lecture on the science behind our universe, led by Dr. Kavan Ratnatunga — where knowledge meets the vastness of space.

Explore how science explains galaxies, cosmic phenomena, and the very nature of our universe. Whether you're a student or simply curious about space, this session will expand your perspective beyond the stars.

🗓️ Date :- 9th May
⏰ Time :- 7.30 PM – 9.30 PM
💻 Platform :- Zoom Meetings

🔗 Register now:
https://forms.gle/1YiMsRFCzWbnmmvGA

⚠️ Limited slots available — don’t miss out!

Hosted by Astronomy and Space Study Center (ASSC)

Be ready to explore and wonder ✨

ලක් වැසියන්ගේ නැකැත් භාවිතයට විද්‍යාත්මක පදනමක් තිබේද ?මා දන්නා පරිදි නැකැත් භාවිතයේ ඉතිහාසය  අනාදිමත් කාලයක් කරා දිවයන ...
30/04/2026

ලක් වැසියන්ගේ නැකැත් භාවිතයට විද්‍යාත්මක පදනමක් තිබේද ?

මා දන්නා පරිදි නැකැත් භාවිතයේ ඉතිහාසය අනාදිමත් කාලයක් කරා දිවයන බැවින් එහි ආරම්භය කෙදිනක සිදුවූයේද යන්න කිව නොහැකිය. සුබ කටයුත්තක් සඳහා භාවිත කරන හෝ යොදාගන්නා කාලය හෝ කාල සීමාව ලක් වැසියන් නැකත හෙවත් සුභ වේලාව හෙවත් සුභ හෝරාව යනුවෙන් හැඳින්වෙයි. විද්‍යාත්මකව විමසා බැලීමේදී නැකත, කාලය හා සම්බන්ධවෙයි. භෞතික විද්‍යාවට අනුව පෘථිවියේ භ්‍රමණයත් (Rotation) හා පරිභ්‍රමණයත් (Revolution) කාලය නිර්මාණය කිරීමේ කාර්යයෙහි ලා ප්‍රධාන තැනක් ගනී. ඒ අනුව කාලයට විශාලත්වයක් පමණක් තිබෙන බැවින් එය අදීශ රාශියක්(Scalar quantity) ලෙස හැඳින්වෙයි. එනිසා නැකතට විද්යාත්මක පදනමක් තිබෙන බැව් පැහැදිලිය. පැරැන්නන් කිසියම් සුභ කටයුත්තකදි කළ නැකැත් භාවිතයට විද්යාත්මක පදනමක් මෙන්ම විද්යාත්මක වටිනාකමක් තිබෙන බැව් පැහැදිලිය. ඒ අනුව සිංහල අලුත් අවුරුද්දේ කෙරෙන නැකැත් භාවිතයට හෝ වේවා වෙන යම් සුභ කටයුත්තක සඳහා භාවිත කරන නැකතක හෝ වේවා විද්‍යාත්මක පදනමක් හා වටිනා කමක්ද තිබෙන බැව් පැහැදිලිය. එසේම සිංහල අලුත් අවුරුද්ද උදාවට කිසියම් නිශ්චිත කාලයක් හා සීමාවක් යොදාගැනීම ලක්වැසි සිංහල බෞද්ධයන් සියලු දෙනම එකම මොහොතක එකට එක්වී නව වසරේ වැඩ ඇරඹීම සඳහා යොදාගත් උපක්‍රමයක් බැව් පෙන්වා දිය හැකිය. නැකත විද්‍යාත්මක රාශියක් වන බැවින් ඒ සඳහා ජ්‍යොතිශාස්ත්‍රඥයකුගේ උපදෙස් ලබාගෙන හෝ නොගෙන හෝ කිසියම් වේලාව වෙන්කර ගැනීමට නිදහසක් තිබෙන බැව් ද කිවයුතුය. එසේනම් සිංහල අලුත් අවුරුදු කාල සීමාවේදී කෙරෙන සංස්කෘතික, ආගමික, සමාජයික කටයුතුවල විද්යාත්මක වටිනාකමක් හා පදනමක් තිබෙන බැව් කිවයුතුය
බුදු රජානන් වහන්සේ සුබ මුහුර්තයකින් වැඩකටයුතු කිරීම ප්‍රතික්ෂේප නොකළ බැව් සඳහන් කළ යුතුමය.
''නක්‌ඛත්ත යක්‌ඛ භූතානං - පාපග්ගහ නිවාරනා
පරිත්තස්‌සානු භාවේන - හන්තු තේසං උපද්දවේ"
යනු සෙත් පිරිත් දේශනාවන්හි අවසානයට ගායනා කරන, ග්‍රහ අපල, යක්ෂ දෝෂ, භූත දෝෂ සහ නපුරු සිහින දෝෂ දුරුකර සෙත සලසන ප්‍රසිද්ධ ගාථාවකි. මෙමගින් තරු පන්තිය, යක්ෂයින්, භූතයින් සහ පාපග්‍රහයින්ගෙන් වන උපද්‍රව පිරිත් බලයෙන් ඉවත් වේවායි ප්‍රාර්ථනා කෙරේ. බුද්ධ දේශනාවේදි නැකැත් භාවිතය නොකළ යුතු දෙයක් ලෙස සඳහන් වෙන්නේ නැත. නමුත් භික්ෂූන් වහන්සේලාට නැකැත් ශාස්ත්‍රය මුල්කර ජීවත් වීම නොකළ යුතු දෙයක් එය මිච්ඡා ජීවයක් ලෙස පෙන්වා දී තිබෙ.
රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ ධර්ම විනිශ්චය නම් පොතේ ජෝතිශය සහ බුදු දහම අතර තිබෙන සම්බන්ධතාව පැහැදිලි කරන්නේ මේ ආකාරයටය. ලෝකයේ තිබෙන නියාම ධර්ම වලින් එකක් ග්‍රහ වස්තු වලින් අපට කෙරෙන බලපැම නිසා වෙන හොඳ නරක. අනෙක් නියාම ධර්මයක් තමයි අප කළ විවිධ කර්ම නිසා ඇතිවන බලපැම්. පුරාණ ඍෂිවරු නැකත යන්න පෙරට අරගෙන නක්ෂත්‍රය නම් ශාස්ත්‍රයක් ගණිත ශාස්ත්‍රය සමග ගොඩ නැගුවා. බුදු රජානන් වහසේලා මෙයින් වඩාත් වැදගත් වන කර්මය පිළිබඳව දේශනා කර තිබෙන්නේ එයින් මිනිස් ජීවිතයට වඩාත් ප්‍රයෝජයක් වන නිසයි. නමුත් ථේරවාද බුදු දහමේ නක්ෂත්‍රය කියන දේ ප්‍රතික්ෂේප කෙරෙන්නේ නැහැ.
බුදුන් දවසත් ශ්‍රී ලංකාවේ රජ දවසේ සිටත් නැකැත් ශාස්ත්‍රයේ දක්ෂ විද්වතුන් සිටිබැව් පෙනේ. නැකැත් ශාස්ත්‍රය උගත් තැනැත්තා "නැකැත්තා" යනුවෙන් හැඳින්වු බැව් පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වලින් පෙනේ. අංක ගණිතය මුල්කරගත් ජ්‍යොතිශය පිළිබඳව පරතෙරට උගත් තැනැත්තා ගණිතයා යන නමින් හැඳින්වීය. බරණ ගණිතයා සහ කොත්මලේ ගණිතයා එයට කදිම නිදසුනකි. ගණිතයා යන්නේ අරුත වර්තමානයට අනුව ගණිතඥ යන වදනට සමානවෙයි.

අමල් උඩවත්ත
(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, විද්‍යා ලේඛක, පරිසරවේදී සහ කතුවර )

🚀 SCIENCE VIEW OF OUR UNIVERSE 🌌Step into a universe of discovery, curiosity, and scientific insight.Join us for an enga...
30/04/2026

🚀 SCIENCE VIEW OF OUR UNIVERSE 🌌

Step into a universe of discovery, curiosity, and scientific insight.

Join us for an engaging and thought-provoking lecture on the science behind our universe, led by Dr. Kavan Ratnatunga, where knowledge meets the vastness of space.

Explore how science explains galaxies, cosmic phenomena and the very nature of our universe. Whether you're a student or simply curious about space, this session will expand your perspective beyond the stars.

🗓️ Date :- 9th May
💻 Platform :- Zoom meetings

Hosted by Astronomy and Space Study Center [ASSC]

Be ready to Explore and Wonder ✨

☀️ සූර්ය වංශයේ තාරකා මංගල්‍යය පෘථිවිය තවත් වටයක් සූර්යයා වටා ගොස් අවසන් කළ  මීන රාශියෙන් මිදී මේෂ රාශියට සූර්යයා සංක්‍රම...
14/04/2026

☀️ සූර්ය වංශයේ තාරකා මංගල්‍යය

පෘථිවිය තවත් වටයක් සූර්යයා වටා ගොස් අවසන් කළ මීන රාශියෙන් මිදී මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය වන මේ තාරකා විද්‍යාත්මක හෝරාවේ,

නව ජවයකින් විශ්වය දිනන්නට ඔබට ශක්තිය ලැබේවා! 🚀

සූර්යයා මෙන් දීප්තිමත් වූත්, තරු පිරි අහස මෙන් සෞභාග්‍යමත් වූත් සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏻



සිංහල අලුත් අවුරුද්දේ තාරකා විද්‍යාවසෑම වසරකම අප්‍රේල් මාසේ මුල් සතිය තුළ ශ්‍රී ලාංකික සිංහළ බෞද්ධයන් ගේ හෙළ කලා මංගල්‍ය...
13/04/2026

සිංහල අලුත් අවුරුද්දේ තාරකා විද්‍යාව

සෑම වසරකම අප්‍රේල් මාසේ මුල් සතිය තුළ ශ්‍රී ලාංකික සිංහළ බෞද්ධයන් ගේ හෙළ කලා මංගල්‍ය හෙවත් සිංහල අලුත් අවුරුද්ද සැමරෙයි. ජ්‍යෝතිශයට අනුව හිරු මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමෙන් සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වෙයි. මෙම සංසිද්ධිය සිංහල බෞද්ධයන් වන අප කා අතරත් පැතිරී තිබෙන මතයකි. ජ්‍යෝතිශයට අනුව එසේ වුවත් තාරකා විද්‍යාවට අනුව මෙම සංසිද්ධිය තුළ තිබෙන ක්‍රියාවලිය ඊට වඩා වෙනස්ය.

උදෑසනින් හිරු නැගෙනහිරින් පායා සවසට බටහිරින් බැස යන බව අපි දනිමු. දිනපතාම මෙම සංසිද්ධිය වන අතරේ තාරකා රාශි චක්‍රයේ මෙෂ, වෘෂභ, මිථුන කටක ,සිංහ ,කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ සහ මීන යන තාරකා රාශි 12 ඔස්සේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයවන හිරු ගමන් කරයි. මෙය ඇසට පෙනෙන රැවටිල්ලක් මිස ස්වාභාවික සංසිද්ධියක් නොවේ.

සංක්‍රාන්තිය

ලක්වැසි සිංහල බෞද්ධයන්ගේ ජාතික උත්සවයක් වූ සිංහල අළුත් අවුරුද්ද හිරු මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම මුල්කරගෙන පවත්වනු ලබයි.
ඒ අනුව සෑම වසරකම අප්‍රේල් මස 13 සහ 14 යන දිනවල මෙම උත්සවය පවත්වනු ලබයි.
මේ සඳහා නැකැත් හෙවත් සුභ හෝරාවක් භාවිතා කරයි.
සිංහල අවුරුදු උදාව අලුත් අවුරුදු සංක්‍රාන්තිය යනුවෙන් හැඳින්වෙයි.
අවුරුදු සංක්‍රාන්තියට දින 365, පැය 06 , විනාඩි 09 ක් හෙවත් ආසන්න වශයෙන් දින 365. 2564 ක් ගතවෙන බව පෙනේ.

පරිභ්‍රමණය

අහසේ තාරකා රාශි වලට සාපේක්ෂව හිරුගේ මෙම දෘශ්‍ය ගමන සිදු වන්නේ හිරුගේ භ්‍රමණය (Rotation), පරිභ්‍රමණය (Revolution), සහ පූර්වායනය (Presesion) යන සංසිද්ධි පදනම් කර ගෙනය.
හිරුවටා පෘථිවිය පරිභ්‍රමණය වන කක්ෂතලය ක්‍රාන්තිවලය (Ecliptic plain) යනුවෙන් හැඳින්වෙයි.
පෘථිවියේ කේන්ද්‍රය හරහා සිරස් රේඛාවක් ඇන්දොත් එම රේඛාව පෘථිවියේ භ්‍රමණ අක්ෂයට අංශක 23 1/2 ක් ඇලව පිහිටයි.

පූර්වායනය

අපි දැන් භ්‍රමණය වන බමරයක් ගැන සිතමු.
බමරයේ භ්‍රමණ අක්ෂය සිරසට කිසියම් ආනතියක් හෙවත් ඇලවීමක් ඇතිව වමට හෝ දකුණට හෝ කරකැවෙන අවස්ථාවක් සිතා ගනිමු.
බමරයේ භ්‍රමණ වේගය අඩුවී නැවතීමට ආසන්න වනවිට බමරය වටේට ඇලවෙමින් සෙමින් භ්‍රමණය වෙයි.
මෙම සංසිද්ධිය පූර්වායනය (Presesion) යනුවෙන් හැඳින්වෙයි.
පෘථිවි අක්ෂය මෙසේ පූර්වායනයට ලක්වෙමින් එක වටයක් සම්පූර්ණ කිරීමට වසර 25600 ක කාලයක් ගතවෙයි.
පූර්වායනය පෘථිවියේ භ්‍රමන දිශාවට ප්‍රථිවිරුද්ධ දිශාවට සිදුවෙයි.

වසන්ත විෂුවය

මෙනිසා ඛගෝල සමකය(Celestial equater) හරහා හිරු දකුණේ සිට උතුරට පැමිණෙන ස්ථානය වසන්ත විෂුවය (Vernal eqvinox) හෙවත් මේෂ රාශියේ ප්‍රථම පාදය (1st Point of Aries)යනුවෙන් හැඳින්වෙයි.
මෙය මේෂ රාශියේ ප්‍රථම බිංදුවේ සිට මීන, කුම්භ, මකර, ධනු, වෘශ්චික, තුලා, කන්‍යා, සිංහ, කටක, මිථුන, වෘෂභ සහ මේෂ යනාදී වශයෙන් ප්‍රථිවිරුද්ධ දිශාවට ගමන් කරයි.
මෙම ක්‍රියාවලියට අනුව මේෂ රාශියේ ප්‍රථම පාදය හෙවත් වසන්ත විෂුවය පිහිටා තිබුණේ අදින් වසර 25600 කට පෙරය.
එම යුගයේ දී හිරු මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණියත් අද හිරු පැමිණෙන්නේ කුම්භ රාශියේ සිට මීන රාශියටය.
මේ ආකාරයට හිරු ප්‍රතිගාමීව තාරකා රාශියෙන් රාශියට ගමන් කර වසර 25600 ක් ගිය තැන නැවත හිරු මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම ආරම්භ කරයි.
මෙය සොභාදහම විසින් පෘථිවියට ලබා දුන් අපූර්වතම ක්‍රියාවලියකි.

නැකැත් භාවිතය

පැරණි ලක්වැසියන් සිංහල අලුත් අවුරුද්ද සඳහා ඔවුන් සතුවූ තාරකා විද්‍යාත්මක දැනුම මැනවින් ප්‍රයෝජනයට ගත් බැව් පැහැදිලි වෙයි. මෙවසරේ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව මදක් සොයා බලමු. මෙවර එනම් 2026 අප්‍රේල් මස 14 අඟහරුවාදා පූර්ව භාග 3 විනාඩි 08 සිට එදින අපර භාග (සවස) 3 විනාඩි 56 දක්වා පුන්‍ය කාලය හෙවත් නොනගතයට වෙන් වී ඇත.
අප්රේල් 14 වන අඟහරුවාදා පෙරවරු 9 විනාඩි 32 තත්ත්පර 17 ට නව අවුරුදු උදාව සිදුවෙයි.

නොනගතය

පුන්‍ය කාලයට පැය 12 විනාඩි 48 ක කාලයක් වෙන්වෙයි.
පුන්‍ය කාලය හෙවත් නොනගතය, පූර්ව නොනගතය සහ අපර නොනගතය යනුවෙන් කොටස් දෙකකට බෙදේ.
මෙයින් පැය 6 විනාඩි 24 ක් පූර්ව නොනගතයට අයත් වෙයි. ඉතිරි පැය 6 විනාඩි 24 අපර නො නගතයට අයත් වෙයි.
ඒ අනුව හිරුගෙන් හරි අඩක් මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමට පැය 6 විනාඩි 24 ක් ගතවෙයි.
ඉතිරි හරි අඩක ප්‍රමාණය ගමන් කිරීමට පැය 6 විනාඩි 24 ක කාලයක් ගතවෙයි.

වැරදි මතය

බොහෝ දෙනෙකුගේ අදහස නොනගතය යනු නැකැත් නැති කාලයක් යන්නය. එය වැරදි මතයකි. මෙහි අදහස පැමිණියේත් නොපැමිණියේ නොවේය යන්නය. අලුත් අවුරුද්ද ලැබීමට පෙර කාල සීමාව තුළ එනම් අවුරුද්ද ලැබීමට පෙර තිබන කාල සීමාවේ ලිප ගිනි මෙලවීම වැනි නැකැත් අපර නොනගතය තුළ යෙදීමෙන් වඩාත් පැහැදිලි වෙයි. එහෙත් විද්යාත්මක්ව විමසා බැලීමේදී නැතක කාලය හා සම්බන්ධ වෙන දෙයකි. කාලය යනු භෞතික විද්යාවට අනුව අදීශ රාශියකි(Scalar quantity ) කාලය පෘථිවියේ භ්රමණය හා පරිභ්රමණය නිසා හට ගන්නකි. එනිසා නැකතට විද්යාත්මක පදනමක් තිබෙන බැව් පැහැදිලිය.ඒ අනුව පැරැන්නන් කිසියම් සුභ කටයුත්තකදි කළ නැකැත් භාවිතය විද්යාත්මක පදනමකින් කළ දෙයක් ලෙස පෙනේ. එසේනම් සිංහල අලුත් අවුරුද්දට සංස්කෘතික, ආගමික, සමාජයික මෙන්ම විද්යාත්මක වටිනාකමක් තිබෙන බැව් පැහැදිලිය.
ඒ අනුව සිංහල බෳද්ධයන් නොනගත කාල සිමාව පුන්‍ය කටයුතු සඳහා යොදා ගැනීම නව වසර සාර්ථකව ඇරඹීමට ගත් යහපත් ක්‍රියාමාර්ගයක් බැව් පැහැදිලිය.

තාරකා රාශි චක්‍රය

නොනගතය ට අයත් කාල සීමාව තාරකා විද්‍යාවට අනුව ඉතාමත් වැදගත් කාල සිමාවකි.
හිරු තාරකා රාශි චක්‍රය වටා ගමන් කිරීමට ආසන්න වශයෙන් දින 365 ක කාලයක් ගතවෙයි. මෙම කාල සීමාව අංශක 360 කි. ඒ අනුව හිරු තාරකා රාශි වලට සාපේක්ෂව අංශක 1 ක් ගමන් කරන බැව් පෙනේ. නිවැරදිව ගනනය කළොත් දවසකට හිරු ගමන් කරන්නේ අංශක 0.98 කි .

ඛගෝලය

මේ අනුව හිරු දවසකට අංශක1ක ප්‍රවේගයකින් ගමන් කරන බැව් පෙනේ. අප හිරු දෙස පෘථිවියේ සිට බලන විට පෙනෙන විශාලත්වය හෙවත් කෝණික විෂ්කම්බය (Angular Diameter)අංශක 1/2 කි. මෙ නිසා හිරු ඛගෝලය(Celestear Spheare) හරහා තාරකා රාශිවලට සාපේක්ෂව අහසේ කිසියම් ලක්ෂයක් පසුකර යාමට අංශක 1/2 ක පරාසයක් ගමන් කිරීමට සිදුවෙයි .
මෙම අංශක 1/2 කාල පරසය ගමන් කරන හිරුගේ වේගය අනුව පැය 12 කි. නොන ගතයට පැය 12 ක කාල සීමාවක් අයත් වන්නේ එහෙයිනි. ජ්‍යෝතිශයට අනුව මෙම සංසිද්ධිය හිරු මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන සිංහල අලුත් අවුරුද්ද යනුවෙන් හැඳින්වෙයි.

Here are the 12 zodiac signs, listed in both English and Sinhala:
• Aries (Mesha): මේෂ
• Ta**us (Vrishabha): වෘෂභ
• Gemini (Mithuna): මිථුන
• Cancer (Karkata): කටක
• Leo (Simha): සිංහ
• Virgo (Kanya): කන්‍යාව
• Libra (Thula): තුලා
• Scorpio (Vrishika): වෘශ්චික
• Sagittarius (Dhanus): ධනු
• Capricorn (Makara): මකර
• Aquarius (Kumbha): කුම්භ
• Pisces (Meena): මීන

අමල් උඩවත්ත
(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, විද්‍යා ලේඛක, පරිසරවේදී සහ කතුවර )

18/03/2026

3... 2... 1... LIFT OFF! 🚀💦

There’s nothing quite like the sound of a high-pressure water rocket taking flight! Check out the highlights from our Single Stage Water Rocket Launch Camp held on March 7th at the Subodhi Institute.

From blueprinting to the final countdown, our junior team showed exactly what happens when curiosity meets physics.

✨ Highlights:

Hands-on building: Turning simple materials into aerodynamic machines.

The Launchpad: Seeing those rockets pierce the sky over Piliyandala.

The Tradition: Keeping the ASSC Saturday spirit alive with pure science and fun.

Did you miss this one? Comment "ROCKET" below to be the first to know about our next launch! 🛰️

Address

Subodhi Institute, Wewala
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when ASSC - Astronomy & Space Study Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ASSC - Astronomy & Space Study Center:

Shortcuts

Share